මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටහත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, චන්දා නමැති තරුණිය ඇ…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටහත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, චන්දා නමැති තරුණිය ඇගේ පියා තාකූර් ධරම් සිං සහ මව සමඟ ධනවත් ජීවන රටාවක් ගත කරයි. ඇගේ පියා, ඇය අකැමති ධනවත් පිරිමියෙකු සමඟ විවාහ කරවීමට සුදානම් වෙද්දී ඇය නිවසින් පලා යයි. එහිදී ඇයට, රාජ් නම් දුප්පත් තරුණයෙක් හමුවෙයි. රාජ් ඉදිරියේ ඇය අමුතු ලෙස හැසිරෙන අතර කොතරම් ඇසුවත් රාජ්ට ඇගේ පවුලේ විස්තර නොපවසයි. ප්‍රශ්න තිබුණත් රාජ් ඇයට ආදරය කරයි. පසුව ඔවුන් දෙදෙනා විවාහ වේ. ඔවුන් දෙදෙනා සතුටින් ජීවත්වන අතර නිවසින් පැමිණ මාස තුනකට පසුව චන්දාට නගරයේදී ඇගේ පියා හමුවේ. ඔහු දුටු චන්දා ගැලවීම සඳහා දිවයයි. එහිදී ඇය වාහනයක ගැටී සිහිසුන් වේ. පියා ඇයව රෝහලකට ඇතුළත් කර සුවවූ පසුව තම නිවසට කැඳවා ගෙනයයි. අනතුරෙන් පසුව චන්දාට පසුගිය මාස තුන ගැන මතකය අහිමි වේ. රාජ් සෑම තැනකම චන්දාව සොයයි. මෙතැන් සිට ගැටළු රාශියක් ඇතිවේ. රාජ් කපූර් සහ සද්නා ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවනා”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Dulha Dulhan (1964) | Full Hindi Movie | Raj Kapoor, Sadhana, Agha යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු විසි එකයි, තත්පර හතළිස් හතක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

1,068 downloadsDownload Dulha-Dulhan-1964.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,068 downloadsDownload Subtitles49 KB

12 comments

  1. W T Ajith

    Thanks for your subtitle, "Old is gold".I suggest Shagird 1967 film.

  2. D P Gamage

    Best Classic movie, Thank you for that great work!

  3. indika 75

    thanks..

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. ශාමල් මනෝජන්

    කාලෙකින් විදෙස් ෆිල්ම් එකක් සබ් කලේ නැති නිසා එකක් දෙන්න පුලුවන්ද?

    මේ ෆිල්ම් වලින් ඔබ කැමති ෆිල්ම් එකක් තිබේ නම් සබ් කරන මෙන් ඉල්ලමි.

    Khel Khel Mein - 1975
    Rocky - 1981
    Pyar Jhukta Nahin - 1985
    Mrigayaa - 1977
    Kasam paida Karne wale ki - 1984

    මිතුන් චක්‍රබෝති ගේ ඔබ කැමති චිත්‍රපට තිබේ නම් ඒවා සබ් කරන මෙන් ඉල්ලමි

    1. Priyantha Dayakeerthi

      "ෂාමල් මනොජන්" කියන නම මෙහි සබ්කරන සෑම දෙනාටම වැදගත් අමතක නොවන නමක්, ඒ මන්ද උපසිරසි කරුවන්ට කමෙන්ට එකක් දමා දිරිමත් කරන සුවිශේෂීම කෙනෙක් හැටියට මම ඒ සොයුරාට කවදත් ගරු කරනවා. ඔබගේ ඉල්ලීම මම ඉටු කරන්නම්. එසේම මම මේ හින්දි පරණ ෆිල්ම් සබ් කරන්නේ ලංකාවේ තිබෙන පැරණි හින්දි රසික සංගමය වෙනුවෙන්. කැමති කෙනෙකුට බලන්න තමයි මම බයිස්කෝප් එකට ඒවායින් සබ් එක බැගින් දමන්නේ. සමහරුන්ට හිතෙනවා ඇති මේවා නරඹන අය නැහැ කියලා. එහෙම නැහැ මේවාට කැමති වැඩිහිටි අය දහස් ගණනක් ඉන්නවා.

    2. ශාමල් මනෝජන්

      ඔබට බෙහෙවින් ස්තූතියි විතානගේ මහත්මයා. මා උපසිරැසි සමඟ නැරඹීමට බොහොම ආසාවෙන් ඉන්නා ෆිල්ම් දෙකක් තියනවා.
      Rocky 1981 සහ
      Taj Mahal 1963 යන ෆිල්ම් දෙක . විවේකී වේලාවක් තිබේ නම් ඒ ෆිල්ම් දෙකට සබ් දෙන්න. ස්තූතියි.

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  7. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  8. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.