ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන මම මේ පාර නම් ආවේ ඔයාලව ටිකක් විතර බය කරලා යන්න ඔයාලට මතක ඇතිනේ මම ඔයාලට කලින් ගෙනාපු The Conjuring චිත්‍රපටය ඒකෙන් පස්සෙ තවත් සුපිරි හොල්මන් චිත්‍රපටයක් මේ වසරෙ දි නිකුත් වුනා Insidious:Chapter 2 මේක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නේ නැහැනෙ…
ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන මම මේ පාර නම් ආවේ ඔයාලව ටිකක් විතර බය කරලා යන්න ඔයාලට මතක ඇතිනේ මම ඔයාලට කලින් ගෙනාපු The Conjuring චිත්‍රපටය ඒකෙන් පස්සෙ තවත් සුපිරි හොල්මන් චිත්‍රපටයක් මේ වසරෙ දි නිකුත් වුනා Insidious:Chapter 2 මේක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නේ නැහැනෙ මේක ඉතින් හොල්මන් චිත්‍රපට බලන රසිකයින්ට ලැබුන සුපිරි පහරක් නේ මේකට අපේ සමීර සහෝදරයා සබ් ලබා දුන්නනෙ ඔන්න එහෙනම් මම ඔයාලට ලබා දෙන්න යන්නෙ මෙකේ පලවෙනි චිත්‍රපටය මේකත් ඉතින් පට්ට පතුරු බයිස්කොප් එකක් තමයි මේකට සබ් එක දාමු කියලා මට වෙනදා වගේම දැනුවත් කලේ අපේ විකියා තමයි. මේ සුපිරි බයිස්කොප් එක ගැන ඔයලව කලින් දැනුවත් කල දනුක සහෝදරයට ස්තුතිය පල කර ගමන්ම අපි කතාව පැත්තට පොඩ්ඩක් ඔලුව දලා බලමු.
මේක අධ්‍යක්ෂනණය කරලා තියෙන්නෙ සුපිරි හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂක james wan මොහු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ The conjuring බයිස්කොප් එක අධ්‍යක්ෂනය කලෙත් මොහුම තමයි මේ බයිස්කොප් එකට IMDB මීටරයෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා ඒ 6.7ක් එහෙනම් අපි මේ පම්පොරි ගැහිල්ල නවත්තලා දලා කතාව ගැන පොඩ්ඩක් බලමුකො.
රේනි සහා ජෝෂ් කියන්නෙ සතුටින් ජිවත් වෙන කුඩා පවුලක් ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටිනවා ඔවුන් අලුත් නිවාසයකට යනවා නමුත් ඔවුන්ට එම නිවසේ සතුටින් සිටින්නට ඉඩ කඩ ලැබෙන්නෙ නැහැ ඔවුන්ට එක එක විදියෙ විකාර පෙනෙන්න ගන්නවා මේ සිදු වීම් මාලාව ආරම්භ වෙන්න ගන්නෙ ජෝෂ් සහා රේනි ගේ වැඩිමහල් දරුවා ඩෝල්ටන් හදිසියේම වගේ කෝමා තත්වයට පත් වීමත් සමගින් ඔවුන් ඩොල්ටන් සුව කිරිමට ප්‍රතිකාර කොපමන සිදු කලත් ඔහුට සුව වෙන්නෙ නැහැ ඒ මොකද කියලා දැන ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා ඒ විතරක් නෙමෙයි ඔවුන්ට ටික කාලයක් ගත වෙලා දැන ගන්න ලැබෙනවා ඩොල්ටන් ශරිරය තුල නපුරු ආත්මයක් සිටිනවා කියලා… අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට මුලු කතාවම කියනවා එහෙනම් ඩොල්ටන් සහා ඔහු ගේ පවුලේ අයට මොකද්ද වෙන්නෙ කියන එක ඔයාල මේක බලලම දැන ගන්නකෝ.
තවත් දෙයක් කියන්න ඕන මේක පවුලේ සැමට බලන්න පුලුවන් බයිස්කෝප් එකක් ඔයාල බලයි මම මොකද එහෙම කිව්වෙ කියලා මම එහෙම කිව්වෙ මෙකේ වැඩහිටියන්ට පමණක් දර්ශන ඇතුලත් නොවන නිසා, හැබැයි කුඩා ළමයින් නම් මේක පරිස්සමින් බලන්න ඕන කුඩා ළමයි විතරක් නෙමෙයි ලොකු බබාලත් ඔන්න එහෙනම් මම ගියා තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන ඔයාල හමුවෙනතුරු අයියෝ තව පොඩ්ඩෙන් මේක මට අමතක වෙනවා මේක බලලා යන ගමන් පොඩි කොමෙන්ටුවකුත් කොටා දාල යන්න හොදද. බයිස්කෝප් එකට ජය……..
මීට පෙර පළකල ලිපිය.
මේක මම ගෙනාවේ horror film රසිකයන්ටයි. 2010 ආපු සුපිරිම සුපිරි horror film එකක්. මගේ පලවෙනි ලිපිය විදියට මේ වගේ සුපිරි බයිස්කෝප් එකක් දෙන්න ලැබිච්ච එකත් මගේ ලොකු වාසනාවක්. මම කියන දේ තහවුරු කරන්න imdb ශ්‍රේණිගතකිරීම් පවා උපකාරි වෙලා තියෙනවා. 7.0 වැනි ඉහළ අගයක් මේ බයිස්කෝප් එක සදහා imbd වල වෙන් වෙලා තියෙනවා. තවත් පුරාජේරු ඔනේ නෑ, film එක බලලම තීරණය කරන එක ඔයගොල්ලොන්ගේ වැඩක්.
මේකේ කතාව යන්නේ මෙහෙමයි. Renai හා Josh Lambert (Rose Byrne හා Patrick Wilson) කියන්නේ ඉතා සතුටින් ජීවත් වෙන දරුවන් තිදෙනෙකු සිටින ප්‍රීතිමත් ජෝඩුවක්. මේ කට්ටිය අලුතෙන් එන ගෙදර නම් මේ අයගේ සතුටට අකුල්හෙලන භූත ගුහාවක් බව මේ ගොල්ලොන්ට තේරෙන්න ගොඩක් කල් යන්නෙ නෑ. මේ සිදුවීම් මාලාව ආරම්භ වෙන්නේ Renai (මව)ට විවිධ අද්භූත ශබ්ද ඇසීම මගින්. පසුව වැඩිමහල් දරුවා වන Dolton හදිසියේම සිහි නැතිවී යාමෙන් පසුව මේ ජෝඩුව අලුත් නිවසකට යන්නේ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන.
ඒත් මේ අද්භූත බලවේග මේ අහිංසක පවුලට …….. අය්යෝ අය්යෝ මම මේ මොකද කරන්නේ? මම මුලු කතාවම කියන්න යනවනේ. 😀 ඔයගොල්ලෝ බාගෙනම බලන්න. 🙂 හොඳටම බයවෙන්න පුලුවන් සුපිරි film එකක්. පොඩි අයත් එක්කනම් නම් බලන්න එපා!, මොකද දන්නවද? බයවෙන්න එපා මේකෙ කිසිම වැඩිහිටි දර්ශනයක් නෑ, ඒත් පොඩි අය මේක බැලුවොත් සති ගණනක් නින්ද යන එකක් නෑ. 🙂 පපුවෙ අමාරු තියෙන අය මේක නොබැලුවොත් තමයි හොඳ, මොකද හදිස්සියෙවත් රෝහල් ගත උනොත් මමනේ වගකියන්න ඕනේ. 😀
horror රසිකයන්ට තම පිපාසය නිවා ගන්න මීට වඩා හොදඳ film එකක් මම හිතන්නේ තවම හදලා නැතුව ඈති. මේකෙ අධ්‍යක්ශකවරයාම තමයි ලෝක ප්‍රසිද්ධ horror films වුන Saw කතාමාලාවේ සමහර කොටස් වල අධ්‍යක්ශක, නිශ්පාදක, වෙලා තියෙන්නේ. ඔහුගේ නම James Wan .
මෙච්චර මහන්සි වෙලා ලිපියක් ලියපුම ඔයගොල්ලොන්ගෙන් comments හැර වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. කරුණාකරලා film එක බාගෙන comment එකකුත් දාගෙනම යන්න. බොහෝම ස්තූතියි ඔය ගොල්ලො ඔක්කොටම.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දනුක යසුරන්ද බෙන්තරවිතාන සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
650 MB (720p) කොපිය මෙතනින් බාගන්න 293734A535A1820B4B4383DD4D15B1A2952675DB 700 MB (720p) කොපිය මෙතනින් බාගන්න 85C80FCE6FD240B2615FC0C3429880F106C646C9 1.5 GB (1080p) කොපිය මෙතනින් බාගන්න 9BB3B486252E8A77B5991522261FE384A208C0A1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,674 downloadsDownload Insidious-2010-www.baiscopelk.com-.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
173 comments
chamila
kte
අද මම 1........ ගොඩක් ස්තූතියි සහෝ ..මගෙන් උණුසුම් සුබ පැතුම් ...
kte
sorry.....මම 2...
CoolGuy
Thanks..!!!
Thush
Ela.....
නිෂූ
බොහෝම ස්තුතියි !
මම සාමාන්‍යයෙන් horror film බලන්නේ නෑ
ඒත් මේක බාන්න දැම්මා බාලම බලමුSub වල හරියටම හරියන සබ් සෙට් එකට ලින්ක් කරා නම් කට්ටියට තෝර ගන්න ලේසි වේවි නේ ද ?
Nimal
thanks dear...
හේමාල්
ONNA UDENMA BANNA DEMMA.THANK YOU ! !
cc
thankzz machan. dakka gaman asa hitila down wenna damma.
madusanka
ELA
mymate
thanks mate..
Madushanka Gamage
ඇති යන්තම් Horror ෆිල්ම් 1කක් දාලා....අදනම් අනිවා මේක බලන එක බලනවා...බෙන්තරවිතාන සහොදරයා ලිපියට ගොඩාක් ස්තූතියි .... :) :)
NuwanHunter
Horror නම් එල. මමත් බාන්න හදන්නේ.. Tnx යාලු 390MB එක බානව. ඒක හොදද?
Chinthaka
mama meka baluwa.. pattama patta film eka.
aththatama holman walata baya kattiya meka balanawanam aniwaryenma kauruhari laga thiyagena balanna.
mokada baya nathi kenek unath meka balapuwama thathiganwenawa.
meke thiyana dewal godak wenna puluwan dewal,
ekai pradana hethuwa..
balapu nathi aya aniwa balanna baya wennanam kaalekin hadapu hodama Film eka meka thamai....උදය J G
අද රැට නින්ද යන්නෙ නැති වේවිද දන්නේ නැ... බයේ බෑ... ස්තුතියි සහෝ....
Air Bender
elaaaaa,,,,Thaaanlzzz machan,,,,downloading,,,,,,
Viraj
Thank You Very much!!!
සුපුන්
390MB කොපි එකේ උපසිරැසි තියනවා. තව වැඩක් නැති ඒවාත් ගොඩක් තියනවා. ෆිල්ම් එකයි, English සබ් එකයි විතරක් Torrent එකෙන් තෝරගෙන බාන්න දැම්ම නම් හරි. ඒ වගේම ලිපියටත් ස්තූතියි. ඕක ටිකක් පරණ ෆිල්ම් එකක්. බැලුවේ නෑ හොඳ නැතුව ඇති කියල. බලන්න හිතෙන විදියට ලිපිය ලියල තියනවා. :) . බලමුකෝ කියන තරම් ඕක හොඳයිද කියල. :P
me
Thanks
osh
godaak thnx..denakam blan htapu film ekak
chathurabuddi
ko apita harry potter aluth eka dentako...
උදාර
thanks machan.
gishan
amma ela ela.! fattta movie eka ..! thankZ..!
radi
bawata xam asse balanna wenne na...
Enri
ela ela danuka saho.tnx dunnata.aniwa banawa.keep it up macho ;-)
sampath
man bayaaa..welaaaa...
NmL
එල එල
ඔන්න මමත් බාන්න යන්නේ.
බොහොම Thank you kiuwa.
:)lak
ela ela
haris
Bannana Demma. Balamu Reta Bawaweida Kiyala Film Aka Balala
Chamil
Ela kiri film ekak wage... Balama balamu...
Thanx bro..........uda
ඇයි මේ? මේක සිංහල සබ් එක්ක බලන්නනේ බලා හිටියේ? දැන් බලපංකෝ අමුවෙම්ම.
හරි හරි කමක් නෑ මොකෝ සබ් නැතිව දුන්නේ?Vimukthi Senavirathna
යසුරන්ද බෙන්තරවිතාන ගොඩක් ස්තූතියි සහෝ ..
lakshi
thanks onna mamath ba gaththa.....
iud
ela ela balamuko
Shashi Fernando
ela, ela onna mat download wenna damma, Thanx a lot. :-)
Nishantha
Thanx
Anonymous
tnxxxxxxxxxxxxxxxxxx
maxxa boy
maxxaaaaa machooo...manmeka enakan hitye.thanx...
yenushka
mama den down wenn dala thiyenne ela
හසිතා
කවුරු හරි මේකට සබ් දෙනවා කිව්වා වගේ මතකයි...ඒ නිසා බැලුවේ නෑ..එහෙනම් ෆිල්ම් එක බලලාම හිතන්න ඔන සබ් දැම්මොත් හොදද කියලා...තැන්ක්ස් ෆිල්ම් එක ගැන කිව්වට
deeps
මම නම් බයයි මේ වගේ ඒවාට
lahiru
ලගදි බලපු ලොවෙත් නැති හොල්මන් මෙව්වා එක.......... කුතුහලය බය කතාවේ අවසාන තත්පරය දක්වා.....
tikira
ela ela.! fattta movie eka ..! thankZ
rohan
onnnnnnnnaaaaaaa ;) api nam danne na. :)
bayaunoth thama wede. kamak na banna demma :)susantha
මේවගේ movies ටිකක් දාන්න.සිංහල sub තිබ්බානම් තවත් හොදයි.thnx මචෝ...
rohan
dannema nathiwa hits 25lak pahukarala neda biscope eka. subapethummmm
තිසර ප්‍රමුදිත
තැංකූ මතන්....
Piyumantha
එළ කිරි ෆිල්ම් එකක් වගේ...
මේක ගොඩක් බය හිතෙන එකක් ද...???
එහෙනම් මේක බාලා උදේ වරුවක බැලුවනම් සරීර සෞක්‍යට යෝග්‍යයි කියල හිතෙනවා.........*&@&^*%$^%$*$^
මොනව උනත් තෑන්ක්ස් අ ලොට් මෙහෙව් එකක් දුන්නටSanathK
menna maru film. kalekin horror ekak. thanx hode.
anupiya
thanks machan mamath ude pandarama damma download venna thanks apita mehema 1 dunnata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Insidious (2010) | ඔබේ නිවසත් මේ වගේද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Insidious-2010-555x250.jpg)

hora nam ithin thanks.....