කොහොමද කට්ටියටම. මාව අමතක වෙලාද දන්නෙත් නෑ. කාලෙකට පස්සෙ ඔන්න චිත්‍රපටියකින් අපි හම්බවෙනවා. මේකෙ පළවෙනි කොටසත් Divergent (2014) මමම දුන්නා මතක ඇති කියලා හිතනවා. මේ තමා ඒ කථාවේ දෙවෙනි කොටස. හොඳ කොපියක් නම් ආවේ බ්‍රහස්පතින්දා දිහා. ඒත් ඉතින් අද තමා දෙන්න වුණේ. කොහෙද ඉතින් වැඩ අස්සේ සබ් දාන්න වෙලාවක්?…

කොහොමද කට්ටියටම. මාව අමතක වෙලාද දන්නෙත් නෑ. කාලෙකට පස්සෙ ඔන්න චිත්‍රපටියකින් අපි හම්බවෙනවා. මේකෙ පළවෙනි කොටසත් Divergent (2014) මමම දුන්නා මතක ඇති කියලා හිතනවා. මේ තමා ඒ කථාවේ දෙවෙනි කොටස. හොඳ කොපියක් නම් ආවේ බ්‍රහස්පතින්දා දිහා. ඒත් ඉතින් අද තමා දෙන්න වුණේ. කොහෙද ඉතින් වැඩ අස්සේ සබ් දාන්න වෙලාවක්? 🙂 මේ තමා Veronica Roth නම් උපාධි අපේක්ෂිකාවක් විසින් ලිවූ ප්‍රසිද්ධ නවකථා තුනක් ඇසුරෙන් තැනෙන චිත්‍රපට මාලාවක දෙවන චිත්‍රපටය. නවකථා තුනේ නම් තමා Divergent, Insurgent හා Allegiant කියන්නේ. Divergent එක බලපු අයට මේ ගැන අමුතුවෙන් කියන්න ඕනා නෑනේ…. කලින් චිත්‍රපටිය බලපු නොබලපු කාටත් එක්ක අපි පසුබිම් විස්තරයක් පොඩ්ඩක් මතක් කරගම්මු.
අපි කලින් කතාව පොඩ්ඩක් විතර මතක් කරගම්මු. භයානක යුද්ධයකින් ලෝකයේ බොහෝ දෙනා මිය ගිය පසුත් චිකාගෝ නගරට කේන්ද්‍ර කොටගෙන, අධි ආරක්ෂිත වැටකින් ආරක්ෂිතව එක්තරා මිනිසුන් කොටසක් වෙසෙනවා. සමාජය තවත් යුද්ධයකින් ආරක්ෂා වීම පිණිස එහි නිර්මාතෲ වරුන් විසින් සමාජයට කණ්ඩායම් පද්ධතියක් හඳුනවා දෙනවා. ඉතින් අවුරුදු 16 සපිරෙන හැම කෙනෙක්ම මුලින්ම එක්තරා විභාගයකට පෙනී සිටිය යුතුයි. මෙම ද්‍රාවණයක් පානය කොට ඔවුන් දකින දර්ශනයකට ඔවුන් මුහුණ දෙන විධිය අනුව ඔවුන්ව ගැලපෙන කණ්ඩායම තෝරාගන්න මඟපෙන්වීමක් ලබා දෙනවා. පසුදා ඔවුන් තම කණ්ඩායම තෝරාගෙන ජීවිත කාලයටම එයට අනුගතව සිටිය යුතු වෙනවා. මේ කණ්ඩායම් වලට ආවේණික ගති ලක්ෂණ උපතින්ම ලැබෙනවා වගේම ඔවුන්ට නියමිත යුතුකම් වගකීම් රාශියක් තියෙනවා. එම කණ්ඩායම් නම්
Abnegation – පරාර්ථකාමී කණ්ඩායම; (තමුන් ගැන නොහිතන නිසාම පාලකයෝ වීම)
Dauntless – නිර්භීත කණ්ඩායම; (ආරක්ෂක අංශය)
Erudite – වියත් කණ්ඩායම; (බුද්ධිමතුන්)
Amity – මිත්‍රත්ව කණ්ඩායම; (ගොවියන්)
Candor – නිර්ව්‍යාජ කණ්ඩායම; (අවංක අය)
ඉතින් මේ කණ්ඩායම් වලට අමතරව, තමුන් තේරෙන කණ්ඩායම් වලට අකමැති පිරිසකුත් ඉන්නවා. ඔවුන් එම වගකීම් වලින් බැහැර වෙලා ඉන්න හින්දා ඔවුන්ව සැලකෙන්නෙ රස්තියාදුකාරයන් ලෙසයි. ඔවුන්ව කිසි කෙනෙක් වද්දගන්න අකමැතියි වගේම ඔවුන්ට ඉන්න කියල ස්ථිර වාසස්ථාන හා අනෙකුත් පහසුකම් ලැබෙන්නෙ නෑ. සොරකමෙන් තමා ඔවුන් ජීවත් වෙන්නේ. හැබැයි ඔවුන්ව දඩයම් නොකළත් අපසාරී (ඩිවර්ජන්ට්) හෙවත් කණ්ඩායම් එකක ගති ලක්ෂණ වලට වඩා ලක්ෂණ පෙන්නුම් කරන අයව නම් දඩයමට ලක්වෙනවා. මොකද ඔවුන්ව පාලනය කිරීමට නොහැකි නිසා.
අපේ කතා නායිකා බියට්‍රිස් හෙවත් ට්‍රිස් ඒවගේ කෙනෙක්. ඔයාලට මතක නම් වර්තමාන පාලකයන් වෙච්ච ඇයගේ පවුලේ අයවගේ නැතුව අය තෝරාගන්නේ ආරක්ෂක භට කණ්ඩායමයි. මේ අතර පාලකයන් වීමට නියම සුදුස්සෝ තමුන් කියලා හිතන වියත් කණ්ඩායමෙන් නිපදවන බෙහෙතක් විදලා ආරක්ෂක කණ්ඩායමේ අයගේ සිහි විකල් කරලා තමුන් කියන විදියට වර්තමාන පාලකයන් වෙන පරාර්ථකාමී කණ්ඩායම ඝාතනය කරන්න හදපු වෙලාවෙ ට්‍රිස්ට ඒ බේත වැඩ කළේ නෑ. ඒ ඇය අපසාරී කෙනෙක් හින්දා. (ඔය හින්දා තමා අපසාරීන්ව සමාජයට තර්ජනයක් විදියට සලකන්නේ) කොහොමහරි ඒ වෙලාවේ ඇය තම පෙම්වතා වෙච්ච ෆෝවත් එම බලපෑමෙන් මුදාගෙන, පලා යන්න සමත් වෙනවා. ඒ වගේම එම බේතේ බලපෑමට අහුවෙච්ච ආරක්ෂක හමුදාවේ ඉතුරු සගයනුත් පැනල යනවා.
ඒ පැනල යෑමෙන් පස්සෙ තමා මේ චිත්‍රපටය පටන් ගන්නේ. එහෙනම් බලන්න බාරයි. හදිස්සියෙ ලිව්ව හින්දා ලිපියනම් රසවත් නැතුව ඇති. කමක් නෑ බාගෙන බලන්නකෝ.
ප.ලි.
මම සබ් දැම්මේ 852 කොපියටයි. ඒකට නම් සබ් එක හරියටම ගැලපෙනවා. තමුන්ගේ කොපියට සබ් එක ගැළපෙන්නෙ නැත්තම් මම දීලා තියෙන අනික් සබ් දෙකත් රීනේම් කරගෙන බලන්න. ඒත් ගැළපෙන්නෙ නැත්තම් පොඩ්ඩක් කියල එවන්න. මම හදල දෙන්නම්. BR කොපියෙන් හමුවෙමු එහෙනම්. 387
864 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
12833D8E2B2007B7E2C30490FC8892912FE8423F1.74 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
A429FCB77564824FF388460975E4B62C382DBD12 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
19,749 downloadsDownload Insurgent-2015-BR-UPDATE.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Divergent (2014)
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
141 comments
Deegayu
ඉසු ඩිපි (Isu DP)
කාලෙකට පස්සෙ පට්ට ෆිලුමක් ගෙනත් තියෙන්නේ. දැන් ලොකු අයියලා දෙන්නම හිට් වලට විතරයි වගේ සබ් දෙන්නේ. එල එල අවුලක් නැ. මෙවනම් ඉතින් Br තමා. තව එකක් ඉක්මනින් ගෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DNimal
maචන් මේකේ BR RIP එකක් ඇවිත් තියෙන්නේ......
එකට සබ් එක අප්ඩේට් කරන්න පුලුවන්ද?BhashithU
Niyamai :cool: BamIIIIIIIIIII :P
praveen manohara
Thnks sub1ta
රවිඳු තේනබදු
පට්ටයි රොයිලි අයියෝ... පළවෙනි එක බැලුවෙත් නෑ. වෙලාවක් සෙට් වුනාම දෙකම බලනවා. එල.!
තිසර නියෝ
හම්මේ බලන්න මග බලන් ඉන්න ෆිල්ම් එකක් තමයි මේකත්....
උපසිරැසියට තුති…
br එනකල්ම ඉන්නවා බාගන්න...
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
achi
බලාගෙන හිටපු ෆිල්ම් එකක්. ස්තුති රොයිලි සහෝ!!!
දුලිත රාජපක්ෂ
niyama gaana. bohoma sthuthii. jaya wewa
widuranga
thanx ayye....
S.K.Ruchiranga
Thz machoo sub ekata
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
අප්පට සිරි, රොයිලි අයියාව දැක්ක කල්.
සුපිරි ෆිලුමකින් ඇවිත් තියෙන්නේ එහෙනම් .
සුපිරියි සුපිරියි
පලමු එක බලපු නිසා, මේ දෙවැනි එක එනකන් බලන් හිටියා .
බලන්න වෙන්නේ කවද්ද කියලා කියන්න බෑ, මේ දවස් වල තත්වේ අනුව.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි අයියේ!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!TS
godak kal balan hitiya ennakam.hoda copyak apu gaman sub gahala dunnata thanx.
imasha
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි අයියේ!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!සමීර චතුරංග
නියමයි රොයිලි අයියා. ඔන්න මාත් ගන්නවෝ... හවස් වෙලා බලන්න ඕනේ. තැන්කූ....
nuwan
thans
Mahesh
sub ekata thanx aaaaaaaaaa
චාමික දිල්හාර (දිලා)
හම්මේ.........
මෙන්න බයිස්කෝප් එකේ......
අපේ ලොකු අයියා සුපිරි ෆිල්ම් එකක් බස්සලා.............
අනිවා බෑමක් තමයි ලොක්කෝ........
එල එක එල......Kulanjana Maduranga
ammo kalayak thisse sub denakm maga bala gena unnu filumak....banna dawa...subata thanks ROILY Aiye.digatama sub demu jaya wewa..........
සසිනිකා
පළවෙනි ෆිල්ම් එක ඔයාගෙ සබ්
එක්කම බැලුවා. දෙවෙනි එකත් බලමු.
කලින් එකටයි මේකටයි දෙකටම
ස්තුතියි .... ජය!tiron
divergent nan beluwa.niyama film eka. mekath a wagema athi kiyala hithanawa,thankzzzzzzzzzzzzzzzzzz
DSA
Do not download this one. this is a fake.
රවිඳු තේනබදු
අම්මට සිරි. මේක පේක් එකක් කියන්නෙ... :-D ෆිලුම වෙන්න ඇති පේක්... හිහ් හිහ්... :-D
රොයිලි
මම බලාගෙන සබ් දාපු එක කොහොමද අප්පා ෆේක් වෙන්නේ? :O :P :P
MIZZ
Thanks for the effort
MIZZ
Thanks for the effort to translate it
bee
tnx wewaaaa
Mizz
Thank you very much
Sudheera Peiris
මේ ෆිලුම හොද කොපියක් එනකන් මාත් බල බල හිටියේ sub නැතුවම හරි බලන්න... ස්තූති සහෝදරයා...
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් රොයිලි සහෝ!
මේක දෙනකම් හිටියේ!
ජයවේවා!janith dulanjana
thankz sub ekata
“චූටී මල්ලි”
aniwa balanawaa BR ekka
kalin eka bluwaa pattama patta
tnx
BR update krannaදහරා මුතු අමා
නියමයි රොයිලි අයියේ. මේක දෙනකම් හිටියේ සබට තුති
ns
බොහොම ස්තුතියි....
ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)
ඩයිවර්ජන්ට් වගේම මේක බලන්නත් පෙරුම් පුරාගෙන හිටියා.
මම හිතුවේ නම් තවත් ටික කාලයක් බලාගෙන ඉන්න වේවි කියලා.
මේක අනිවා බලන කතාවක් සහෝ.
උපසිරැසියට ස්තුතියි.මම අවුරුද්දක දෙකක නිවාඩුවක් ගන්නවා කියලා කිව්වට නොකියාම වගේ
රොයිලි අයියා තමයි නිවාඩු පාඩුවේ ඉඳගෙන අපිට සද්ද දාන්නේ නේ ද? ;) :) :) :) :)ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු හොඳේ....! :)
ආයු -බෝ -වේවා !!!
SHAN
THANK'S MACHO
Chamara Sampath
බොහොම ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට .......
මේක් ලොවෙත් සුපිරි ෆිලුමක් මග බලාගෙන බලන්න හිටිය
නමුත් BBRIP එනකම් ඉවසන්න ඕනි...........sanath indika
thx saho ela ela
pramuk
thanx macho meka denkam maga balagena hitiye................
kavi
sub ekata sthuthi sahoo.jesu pihitai !!!!!!!!!!!!
ishara
රොයිලි අයියා කරොත් ඉතින් සුපිරි වැඩක්නේ….
බොහොමත්ම ස්තුතියි සබ් එකට….
බානව හැබැයි දැන් බාලා තියෙන ටික බලලා ඕකේsam
thnkkss sahooo..elzzzzz..
ud@IDM
thanks machan asa film ekak
yasa
niyamai kollooooo.eeye mata film eka hambunata beluwe na umbala langadima sub daana nisa.tankii tankiiii....
sub 1k baragaththata thama karapu nathi eka
sub 300 kotapu dathata budu saranai!
sub 1k baragaththata thama karapu nathi eka
sub 300 kotapu dathata budu saranai! Davi pihitai
VisH
බොහොම ස්තුතියි අයියා... :)
Madusanaka Jayasooriya
සුපිරි ෆිලුමක් සුපිරි කොපියකින් බලන්න ඕන. තෑන්ක්ස් සබ් එකට. ජය වේවා
thisal
උපසිරැසියට තුති…
br එනකල්ම ඉන්නවා බාගන්න…අදිත ප්‍රවීන්
දෙනකම් බලාගෙන හිටියේ රොයිලි අයියේ.
අනිවා බෑමක් තමයි.
කලින් එක වගේම මේකත් සුපිරියට ඇතිනේ.
බොහොම ස්තුතියි සබට !
:Dkushan
thnqqu sahoo.............elama
Anushka
Br ආපුවම බලන්න බාගෙන ඉන්නවා
සබට බොහොම තුති සහෝ
තෙරුවන් සරණයි!!කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි..........
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
බලපු එකෙක් කියාපියව් මේ කොපිය සුපිරියි කියලා..අද රෑම ගන්න...
පුළුවන් නම් fb එකටම මැසේජ් එකක් දාන්නෝ...
මේ සබ් එක දීපු කෙනා නම් කවුද කියලා මම දන්නේ නැහැ..
අලුත් කෙනෙක් වෙන්න ඇති...
කලිනුත් ඔය නම තියෙන දෙන්නෙක් සබ් දුන්නා මේ සයිට් එකේ..
සබ් එක හම්බුණා නේ.. ඒ මදෑ..
කොහොම වුනත් සබ් එක දීපු ඒකනම් ලොකු දෙයක්...
එහෙනම් මෙන්න ගන්නවා කියන්න බැහැ නේ..
කෞවුරුහරි මැසේජ් එකක් දානකම් ඉන්න වෙනවා...
එහෙන්ම් ජය වේවා!!
කොහොම වුනත් මේ කෙල්ල මගේ විශ්වාසෙ නැති කරගත්තා අර වයිට් බර්ඩ් ෆිල්ම් එකෙන්,,,
හෙන ආදර්න් හිටියේ.,...
අපියි වැරදි..
මෙවුන්ව විශ්වාස කරන එකට..Jack
නියමයි රොයිලි අයියේ...
පට්ටම ෆිල්ම් එකක්.
සබ් එක දෙනකමයි හිටියේ.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama 1st