Jamaica Inn (1939) with sinhala subtitles | ජැමෙයිකා තානායම [සිංහල උපසිරසි සමඟ]
1939 වසරේ තිරගත වූ ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ තවත් සිනමා සලරුවක් මා ඔබ වෙත ගෙන ආවා. ඩැෆ්නි ඩූ මොරියර් නම් බ්‍රිතාන්‍යය ලේකකයාගේ එනමින් වන නවකතාව පාදක කරගෙන මෙම සිනමා පටය නිපදවා ඇත. අන්තර්ජාලය වාර්ථා කරන අන්දමට මෙය හිච්කොක් මහතාගේ අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවේ ඉහලින්ම පවතින්නකි. එමෙන්ම ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට පෙර බ්‍රිතාන්‍යයේදී රූගත කරන ලද අවසාන චිත්‍රපටයද මෙම ජැමෙයිකා ඉන් ය. හිච්කොක් මහතා විසින් ඩැෆ්නි ඩූ මොරියර් ගේ නවකතා කිහිපයක්ම සිනමා පට බවට පත් කර ඇත.
18 වන සියවසේ එංගලන්තයේ කෝර්න්වෝල් වෙරළ තීරය පසුබිම් කරගෙන ලියවුන මෙම කතාව මුහුදු කොල්ලකරුවන් පිරිසක් වටා ගෙතී ඇත්තකි. කොර්න්වෝල් මුහුදු තීරය ගල්පර වලින් ගහන භයානක මුහුදු තීරයකි. නාවිකයන් සඳහා තබා ඇති ආලෝක සඥා නිවා නාවිකයන් රවටා, එම නැව් වෙරල කිට්ටුවට ගෙන ගල්පර වල හැපීමට සැලැස්වීම කොල්ලකරුවන්ගේ පහසුම උපායයි. පසුව ගිලෙන නැවේ සියලුම වටිනා වස්තුව ලබාගෙන සියලු නාවිකයන් මරා දමනු ලබයි.
ලොයිඩ් නාවික සමාගම මේ පිලිබඳ සෙවීමට නිළධාරියෙක් කෝන්වොල් වෙත එවන අතර ඔහුද වෙස් වලාගෙන මෙම කල්ලිය හා එකතු වේ. ඔහු සොයාගන්නේ මේ සියල්ල පිටුපස තවත් මහමොළකරුවකු සිටින බවයි. කල්ලිය තුල ඇතිවන ප්‍රශ්නයක් නිසා මොහුව එල්ලා මැරීමට තීරණය කර තනායමේම බාල්කයක ඔහුව එල්ලා දමනු ලැබේ. නමුත් එදිනම එම තානායමට පැමිණෙන එහි හිමිකරුගේ ලේලිය විසින් ඔහුව බේරා හරී.
මංකොල්ල කරුවන් ඔවුන් පසුපස ලුහුබඳින විට ඔවුන් සහය පතා දිව යන්නේ ප්‍රදෙශයේ නීතිය හා සාමය රකින පුද්ගලයාගේ නිවසටයි. නමුත් ඔවුන් දිවගොස් ඇත්තේ වෘකයකුගේ ගුහාවකට බව තේරුම් ගන්නාවිට ඔවුන් බොහෝ ප්‍රමාදය. නමුත් අවසානයේ කෙසේ හෝ තම රාජකාරිය ඉටු කිරීමට ටෙරන්ස් නම් වූ හමුදා නිළධාරියා සමත් වේ.
Yify torrent අඩවියෙන් චිත්‍රපටයේ පිටපත ලබාගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1220 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx………
බුද්ධික නුවන් සොයුර,
ඩවුන්ලෝඩ් කළාට අද තමයි ඔයා සබ් කරපු “Strangers on a train” බැලුවේ. සුපිරිම ෆිල්ම් එකක්. එත් කනගාටුවට කාරණය නව පරපුරට ඒවා රස විඳීමේ හැකියාවක් නැහැ. හේතුව අපේ රටේ මාධ්‍ය විසින් පරිගණක මායාවල් පිරුණ සිනමාපට පමණයි ඔවුන්ගේ ඔලුවට වක් කරන්නේ. කරන්න දෙයක් නැහැ. ඔහොම යමු! රටේ වැඩිදෙනා කැමති ක්‍රමයනේ. මේ සිනමාපටයත්
මා අනිවාර්යයෙන්ම නරඹනවා. ඔබගේ වෙහෙසට අවංක ස්තුතිය!!!
Thanks
Nort by northwest
Rebecca
Rope thiyenawa tikak parakku wei
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පරණ sub දෙන එකනම් බොහොම වටිනවා සහෝ…
පුංචි දෙයක්. අවසානය කුතුහලයක් ඇති කරන්න. ලිපියෙදි අවසානය කියන්න යන්න එපා. එතකොට කුතුහලයක් නැති වෙනව නෙවැ
මමත් ඔය දෙය මුලදි කළා..
ස්තුතියි සබට…
තවත් මබක් මෙහෙම ම වෙඩි වගේ ගේමු…
elama saho thanks
thnx bro…
ඔබට බොහෝම ස්තුතියි.
හැකිනම් KING KONG පරන ෆිල්ම් වලටත් සබ් ලබා දෙන්න.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
Thanks bro
niayamai…thanks saho..sub ekata..keep it up…jaya wewa……
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. මේකේ සිංහල පරිවර්තනය කියෙව්වට පස්සේ ෆිල්ම් එක බලන්නම ආසාවක් ආවා.. දැන් ඒකත් බලන්න පුළුවන් නිදහසේ.. බොහෝම ස්තූතියි…
ela
Link 1k danna barida… Direct
thanx Sub 1ta….