අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Jay Jay (2003) With Sinhala Subtitles | දෛවය හා බැඳුණු සොඳුරු ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Jay Jay (2003)

සුභ දවසක් හැමෝමටම. Nayaki (2016) ෆිලුමට උපසිරැසි ලබා දීලා පැය 24 ක් යන්න කලින්ම මගේ පස්වන උපසිරැසියත් අරගෙන ආවා [ 2016/11/09 ] – 10.20 PM. මේ වතාවෙ අරගෙන ආවෙ, දෛවය සහ ආදරය පදනම් කරගෙන නිර්මාණය වුණු, දකුණු ඉන්දීය සිනමා නළු  Madhavan රඟන ලස්සන සලරුවක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය  Saran විසින් සහ සංගීත අධ්‍යක්ෂණය Bharathwaj විසින්  සිදු කරලා තියෙනවා. 2003 නොවැම්බර් 14  වනදා තිරගත වීම ආරම්භ උනු මේ චිත්‍රපටිය Romance ගණයට අයත් වෙන අතර IMDB දර්ශකයේ 5.3 ක අගයක් ලබා ගැනීමටත් මේක සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපි හැමෝම දන්න කියන, අපි හැමෝම ආදරය කරන, සරාගී ශ්‍රී ලාංකික නිළි Pooja Umashankar ඇතුලුව  Priyanka Kothari, Manobala, Kalabhavan Mani, Delhi Ganesh, Thalaivasal Vijay හා Charlie යන අය මේ සඳහා තම රංඟනයෙන් දායක වෙනවා. මෙය 2001 දී තිරගතවුනු  Serendipity කියන හොලිවූඩ් චිත්‍රපටියෙ ප්‍රතිනිර්මාණයක්.

අද නම්, කතාව ගැන ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ. පොඩිම පොඩිම පොඩි විස්තරයක් කියන්නම්.මුලු චිත්‍රපටයම ගලාගෙන යන්නෙ දෛවය සහ ආදරය පදනම් කරගෙන. ඒ වගේම තුන්කොන් ප්‍රේමයක් වටා. ජේ ( Madhavan ) , ජමුනා ( Priyanka Kothari ) සහ සීමා ( Pooja Umashankar ) යන ප්‍රේම කිරිල්ලියන් දෙදෙනෙක් සහ එක් ප්‍රේම කුරුල්ලෙකුගේ ප්‍රේමණීය ජීවිතය සමඟ දෛවය කොහොමද සෙල්ලම් කරන්නෙ කියලා ඔයාලට මේකෙදි බලාගන්න පුලුවන්. චූටි චූටි ෆයිට් කෑලි කිහිපයක් ඇරුණම සම්පූර්ණ කතාවම රොමෑන්ටික් පැත්තට බරයි. ඒ වගේම සතුටුදායක විදියට තමා කතාවෙ අවසානය සිදුවෙන්නෙ. මම හිතන්නෙ මේ ටික ඇති නේ… ඉතුරු ටික එහෙනම් ඔයාලට බාරයි.එසේ නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම සමු ගන්නවා.තවත් මේ වගේ ලස්සන සලරුවකින් හම්බවෙමු.

~~~ ජය වේවා ~~~

Jay Jay (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම DVD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආධිත්‍ය ගිම්හාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

12 thoughts on “Jay Jay (2003) With Sinhala Subtitles | දෛවය හා බැඳුණු සොඳුරු ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තුති මල්ලියෝ, හොඳ ලින්ක් එකක් හොයාගෙන ඩවුන්ලෝඩ් දාගෙන බලන්නම්

    Reply
  • Jay Jay Download Karaganna Link 1k Deepallako Machanla…
    TamilRockersla 1n Ganna Baha

    Reply
    • මේ කමෙන්ට් එකේ තියෙන නම ක්ලික් කරලා මගේ ෆේස්බුක් ගිණුමට ගියා නම්, ටොරන්ට් එක බා ගත කරන්න පුලුවන්.

      Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niayamai…parana unath lassana filumak…thawa tamil film denn.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • සබට තුති. දීලා තියෙන ලින්ක් එකේ ෆිල්ම් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොටම සබ් දෙනවද?

    Reply
    • ඉදිරියේදි ලබා දෙන්න උත්සාහ කරන්නම් සහෝ.

      Reply
  • මෙම comment එකෙහි නම මත click කර මාගේ ෆේස්බුක් ගිණුමට log වීමෙන්
    ලබා දී ඇති උපසිරැසියට ගැළපෙන පිටපත බා ගත කරන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!