අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Jujutsu Kaisen [S02 : E12] Sinhala Subtitles | අත් නොහළ සගයන් වෙනුවෙන්… [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 8 votes.
Please wait...

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 12 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි හත්වෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ.

අද කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. ගෝජෝ සතෝරුව සිර කළා කියන පුවත ආරංචි වුනු මන්තරකරුවන්ගේ කණ්ඩායමක් තමන්ගේ රාජකාරි නැවත ආරම්භ කරනවා. වයසක කාන්තාවක්, මැදි වියේ පිරිමියෙක් සහ තරුණ වියේ පිරිමියෙක්ගෙන් සමන්විත වුනු මේ කණ්ඩායම යම් අයෙක් ශරීරයට ගෙන්වන විදිහේ යාතු කර්මයක් කරනවා. ඒ විදිහට කරපු යාතු කර්මයෙන් තරුණ වියේ පසුවෙන කෙනාගෙ ශරීරයට එන්නේ සෙනින් වංශයේ බලවතා වෙන “ටෝජි සෙනින්”. ටෝජි ගෝජෝ අතින් මැරුම් කෑවානේ… කියන කාරණාව ඔයාට මතක් වෙන්න පුලුවන්. ඒ මැරුනේ ටෝජි සෙනින් නොව ටෝජි ෆුෂිගුරෝ කියන කෙනායි. ඒ කියන්නෙ ටෝජි සෙනින් ‘ෆුෂිගුරෝ’ කියන නම ගත්‍තායින් පස්සෙ ටෝජි ෆුෂිගුරෝ බවට පත් වුනා. පුද්ගලයාගෙන් ගත්තොත් මේ දෙන්නම එක්කෙනෙක්. හැබැයි ටෝජි සෙනින් ටෝජි ෆුෂිගුරෝට වඩා දරුණු ශක්තිවන්තයෙක්. මෙන්න මේ ටෝජිට එරෙහිව තකුමා ඉනෝ විසින් සටන අරඹනවා. ඒ වගේම ඉතදොරි යූජි සහ මෙගුමි ෆුෂිගුරෝ එක්ව මේ කණ්ඩායමේ අනික් සාමාජිකයා එක්ක සටන අරඹනවා. ඒ සටන දිනන්න යූජි සහ මෙගුමි සමත් වෙනවා. ඒකෙන් එතකොට තවත් ආවරණයක් ඉවත් වෙනවා.

මේ මන්තරකාර කණ්ඩායමේ අවසානය මේ කොටසෙදි සිද්ධ වෙනවා. ඒ කියන්නෙ දැන් මහත් දැඩි සිරුරක් එක්ක ටෝජි සෙනින් ඉන්නේ නිදැල්ලේ. ඒ වගේම නනාමි කෙන්ටෝ පවා දැන් ගෝජෝව මුද්‍රා තියපු පුවත සැලවුනු ගමන් ඉදිරියටම එනවා. තවත් පැත්තකින් මෙයි මෙයිත් ඉදිරියට එනවා. තවත් පැත්තකින් මාකි සෙනින් සමඟින් නොබරා කුගිසකි ඉදිරියට එනවා. මීළඟට මොකක් වේවිද?

නරඹන්න එහෙනම් මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි අටවන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 13 තුළින් මුණ ගැසෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Series Arc : Shibuya Incident
Episode Name : Dull Knife
Air Date : 2023.10.11
Runtime : 24 min.
IMDB Rating : 9.2

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

3 thoughts on “Jujutsu Kaisen [S02 : E12] Sinhala Subtitles | අත් නොහළ සගයන් වෙනුවෙන්… [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *