MENU

AllBox-office HitsFeatured ArticlesSinhala Subtitleඅභිරහස්ඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නවිද්‍යා ප්‍රබන්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිළමයින්ට

Jurassic World: Fallen Kingdom (2018) with Sinhala Subtitle | දැවැන්තයින්ගේ විලාපය. [සිංහල උපසිරැසි සමඟ] *200*

Rating: 8.6/10. From 301 votes.
Please wait...

 

The Martian (2015)

උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට නිකම් ආසාවට කරලා බලන්න ගත්ත සබ් එක 2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතිං කියන්න කණගාටුයි ඒ කාලේ වගේ සහයෝගයක් නම් දැන් ලැබෙන්නේ නෑ අපිට. මගේ පලවෙනි උපසිරසිය 2001 ෆිල්ම් එකක් වෙලත් ඒ කාලේ කමෙන්ට් 100+ වැටුනා. ඔයාලගේ ඒ අදහස් තමා මට අද මේ වෙනකම් එන්න ඉන්ධන උනේ. දැන් 2018 වසරේ ෆිල්ම් එකක් දුන්නත් ඒ ෆිල්ම් එක ඇක්ෂන් එකක් නෙමේනම් කමෙන්ට් 30+ ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. උපසිරසිකරුවන්ට මේ වැඩෙන් ඈත් වෙලා යන්න හිතෙන දෙයක් ඒක ඇත්තටම. අපේ අයගේ පැත්තෙන් කෙරෙන වැරදි අඩුපාඩු පෙන්වාදෙන ගමන්, අපේ අයට ලැබෙන්න ඕන අගය කිරීමත් ලැබිලා උපසිරසිකරුවන් සහ අපේ රසිකයින් අතර සන්නිවේදනය ආයේ හැදෙනවානම් මං හිතනවා වෙබ් අඩවියේ ඉදිරි ගමනටත් ඒක ලොකු රුකුලක් වෙයි කියල. ඉතිං විශේෂයෙන්ම කියන්න ඕනා කාරනා දෙක තුනක් තියෙනව ඒ ටික අද කියන්නම ඕන කියල හිතනවා මං. මොකද ආයේ කවදහරි කඩයිමක් පහු කරන්න අවස්තාවක් ලැබෙයිද කියල කිසිම විස්වාසයක් නෑ ඇත්තටම ඒ නිසා කියන්න ඕන දේවල් ටික කියන්න මේක අවස්ථාවක් කරගන්නවා.මම මෙතනින් එහාට කතා කරන්නේ සමස්තයක් ගැන හැමෝම ගැන නෙමේ.

1. සමහරු හිතනවා මේ උපසිරසි ලබාදෙන එක උපසිරසි කරන අයගේ ජොබ් එක, එහෙම නැත්නම් උපසිරසි කිරීම තමා ඒ අයගේ උසස් අධ්‍යාපනය හැදෑරීමේ ක්‍රමය කියල. උපසිරසිකරුවන්ගෙන් බහුතරය තවම උසස් අධ්‍යාපනය හදාරන අය. ඉතිං ඒ සහෝදරයින් තමන්ගේ අධ්‍යාපනික වැඩ අස්සේ ලැබෙන විවේකයෙන් තමා ගොඩක් වෙලාවට මේ උපසිරසි අරගෙන එන්නේ. මං පෞද්ගලිකවම දන්න අය ඉන්නවා හවස ලෙක්චර්ස් ගිහින් බෝඩිමට ඇවිල්ලා රෑ එක දෙක වෙනකම් සබ් එක කරලා පහුවදා උදේට ආයේ ලෙක්චර්ස් යන්න තියාගෙනත් නිදිමරාගෙන තමන්ගේ වගකීම ඉටු කරන. සහෝදරවරුනි විනාඩි හතළිහෙන් ටීවී එපිසෝඩ් එකක් බලනවා වගේ නෙමේ සබ් එකක් කරනකොට පැය ගානක් යනවා. සමහරවිට විට දවසකට එහා කාලයක් යනවා අනිත් වැඩ ටිකත් එක්ක මේක කරන්න. ඉතිං එහෙම වෙලවක වෙන පමාවකට ලැබෙන පිළිතුර ” උඹට කරන්න බැරිනම් වෙන කෙනෙක්ට දීපං” කියන එක නම්. ඔයාලම තමන්ගෙන් අහගෙන බලන්න ඒ දේ හරිද කියල. මොකද මේක අපේ විනෝදාංශය මිසක් වෘත්තීය නෙමේ. ඔයාලට සබ් දෙන උදවිය තමන් කරන කතා මාලාව ඇරුනම වෙනත් කතාවක් ෆිල්ම් එකක් බලන්නෙත් කලාතුරකින්. මොකද තමන්ගේ සම්පුර්නම විවේක කාලය කැප කරන්නේ ඔයාලට උපසිරසි ලබාදෙන්න. එහෙව් උදවියට මෙහෙව් අයුරින් ගුණමකු වෙන්න එපා

2. සිංහල සබ් එක්ක ෆිල්ම් බලන නිසා අපේ උන්ට ඉංග්‍රීසි බැරිවෙනවා. මෙන්න මේ කාරණේ සෑහෙන තැනක දැකල තියෙනව මං. විශේෂයෙන්ම ෆේස්බුක් එකේ. එක අතකට මේක ඇත්ත හැබැයි හොඳට ඉංග්‍රීසි දන්න මිනිස්සු ඉන්නවා සයිට් එකට ඇවිල්ල උපසිරසි අරගෙන ඒවායේ තියෙන අඩුපාඩු පවා පෙන්නවා දීලා ඒවා නිවැරදි කරවන බොහොම වැදගත් උගත් මිනිස්සු. පෞද්ගලිකව මගේ අත්දැකීම මං කියන්නේ මේ, මගේ ඉංග්‍රීසි බාශාව වැඩියෙන්ම පෝෂණය උනේ සබ් එක්ක ෆිල්ම් බලල. ෆිල්ම් එක බලනකොට හැම වෙලේම සබ් එකම කියවගෙන කියවගෙන යන්නේ නැතුව ෆිල්ම් එක බලන ගමන් හොඳට අවධානයෙන් ඇහුම්කන් දීගෙනම තමයි මං බලන්නේ. එහෙම කරනකොට ටික කාලයක් යද්දී විද්‍යාප්‍රබන්ධ ඇරුනම වෙන ඕනම වර්ගයකට අයිති ෆිල්ම් එකක සබ් එකක් ෆිල්ම් එක පුරාවටම කියවන්න ඕනකමක් වෙන්නේ නෑ.ඒ වගේම ඉංග්‍රීසි බාශාවට අදාළ වොකැබුලරි (vocabulary) එක එහෙම නැත්නම් වචන මාලාව පෝෂණය වෙනව. ඉතිං ඒ නැණවත් මහත්වරුන්ට කියන්න ඕනා සයිට් එකෙන් දෙන සබ් එක ෆිල්ම් එක බලන්න ආධාරකයක් කරගන්නවා මිසක් සබ් එක කරේ තියාගෙන ගිහින් සබ් එක්ක බැලුවම ඉංගිරිසි බැරි වෙනවා, අනිත් කොල්ලොත් ඉංග්‍රීසි බැරි උන් වෙනව කියන්න එපා ඉතිං. අනික මේක කැමති කෙනෙක්ට ගන්න නොමිලේ දෙන දෙයක් මිසක් ඔලුවට පිස්තෝලයක් තියල දෙන දෙයක් නෙමේනෙ. සබ් එක්ක බැලුවම අදාළ බාශාව බැරි වෙනවා කියන උදවියට මං කියනවා ලංකාවේ හින්දි බාෂාව දන්න  අය බහුතරයකින් අහල බලන්න ඉස්සර සබ් එක්ක දවල් 1.30ටද කොහෙද (මතක විදියට) ටීවී එකේ පෙන්නපු හින්දි ෆිල්ම්ස් නිසා නෙමේද කියල ඒ අයට හින්දි පුළුවන් උනේ. අපේ සයිට් එකේ ඉන්න හින්දි කරන හැම කෙනෙක්ම වගේ එහෙමයි හින්දි ඉගෙනගෙන තියෙන්නේ. සබ් එක්ක බැලුවම ඒ බාසාව බැරිවෙනවා කියන එක බොරුවක් කියන්න  ඒ සාධකයම ඇති කියල තේරෙනව මොලේ තියෙන කෙනෙක්ට.

3. අනිත් කාරණේ තමා එකවුන්ට් එකක් හදලා රෙජිස්ටර් වෙන එක. හැමෝගෙම පහසුවට ඉතාම සරල ආකාරයට හදාගන්න තියෙන එකවුන්ට් එකවත් හදාගන්නේ නැතුව සැහෙන බැනුම් ප්‍රමාණයක් එක්ක ඊ මේල් එනවා දවසකට අපිට. එකවුන්ට් එකක් හදන විදිය සරලව මුල ඉඳලම තියෙන වීඩියෝ එකක් පවා තියෙනකොට මට තේරෙන්නේ නෑ ඒ උදවියට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්නවටත් වඩා පහසුයි බයිස්කෝප් එකවුන්ට් එකක් හදාගන්න එක. ඒ වගේම මේකත් එක්ක කියන්න ඕනා තවමත් සමහරු දෙන සබ් ගැලපෙන කොපිය බලන්නේ නැතුව වෙන වෙන ටොරන්ට් කොපි ඩ්ව්න්ලෝඩ් කරගෙන බැනල මේල් එවනවා. හතිලව්වේ බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් කියල සයිට් එකක් වෙනම හදල තියෙන්නේ මේකේ ලින්ක් දෙන්න බැරි නිසා තමා. මේකෙන් සබ් එක අරගෙන ඒකෙන් ලින්ක් එක ගනිල්ලා. ටොරන්ට් / ඩිරෙක්ට් දෙකම තියේ ඒකෙ. ආයේ අහුමුලු ගානේ රිංගන්න ඕන නෑ.ඒ වගේම පලවෙනි පාර බයිස්කෝප් එකවුන්ට් එකට ලොග් වෙනකොට රිමෙම්බර්බ්‍ මි ටික් එක දාල ලොග් වෙලා බ්‍රව්සරෙන් ඔටෝ අහනවා පාස්වර්ඩ් මතක තියාගන්න. ඒ විදියට බ්‍රව්සර් එකට ඒවා සේව් කරගන්න දුන්නම ආයේ ආයේ ලොග් වේවි ඉන්න දෙයක් නෑ. ඒ වගේම ෆිල්ම් එකක මොන කොපියක් ආවත් සිංහල සබ් එක්කනම් බලන්න ඉන්නේ. අපි සබ් එක දෙනකම් ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරගෙන්න නැතුව ඉන්න. අපි සබ් එක දුන්නට පස්සේ ඒ සබ් එකට ගැලපෙන ෆිල්ම් එකේ කොපිය ඩව්න්ලෝඩ් කරගන්න. මං හිතනවා ඒ විදියෙන් සැහෙන දෙනෙක්ට ඔය හරියට සබ් එක ගැලපෙන්නේ නැති ගැටලුවෙන් මිදෙන්න පුළුවන් වෙයි කියල.

4. සබ් කරන්නේ නිකම් නෙමේ දැන් උන් සල්ලි හොයනවා, සබ් එකක් කරනවට කියක් ලැබෙනවද? ඔන්න ඔය වගේ කතා ටිකකුත් මට අහන්න ලැබුනා මේ අවුරුදු පහ පුරාම. ඉතිං සරලවම කියන්නේ හැමදාම වගේ සබ් එකකට සත පහක් ලැබෙන්නේ නෑ. එහෙනම් ඇඩ් දාලා ඩිවිඩි විකුනලා ලැබෙන සල්ලි කො. ඔව් එහෙම සල්ලි හොයනවා තමා ඒ හැම සතයක්ම සයිට් එකේ වැඩ වලටත් සමාජ සත්කාර වලටත් යොදවනවා ඇරුනම තවම අද වෙනකම් මාසිකව පෙන් දෙකක් ලබාදීම හැරෙන්න වෙනත් කිසිම ආකාරයකට කිසිම කෙනෙකුට ගෙවීමක් වශයෙන් ලබා දීලා නෑ. ඒ බව සබ් කරන කට්ටිය හොඳටම දන්නවා. ඒ නිසා කිසිම වෙලාවක හිතන්න එපා මේ සබ් කරන කට්ටිය සබ් කරන්නේ මුදල් බලාගෙන කියල. ඒ හැමෝටම ලැබෙන්නේ මේ ෆිල්ම් එක ටීවී සිරිස් එක බලන්න කවදාවත් නොදැකපු නොහදුනන කෙනෙක්ට උපකාරයක් උනා කියන ආත්ම තෘප්තිය විතරයි. අමුවටම කියනවනම් මේ සබ් කරන උන් තමන් ආස කරන ෆිල්ම් එකක් ටීවී සිරිස් එකක් බලලා ඒක තව පිරිසකට බලන්න පහසු වෙන්න කියලා පස්ස පැත්තේ ඉත්තෑවෝ දුවනවට කාලේ කාගෙන කරන වැඩක් මේක. 😀

ඉතිං ඒ කාරනා එක්කම මේ වෙනකම් උපසිරසි කරන්න තිරය පිටුපස හයිය වෙච්ච ගෙදර කට්ටියවත්, තවමත් මට ගෙවාගන්න බැරි උනාම ඉන්ටර්නෙට් බිල් එක ගෙවල දෙන අම්ම තාත්තටත් බොහොම ස්තුතියි මේ වැඩේට දෙන සහයට. ඒ වගේම ඇඩ්මින් සෙට් එකටමත්, බයිස්කෝප් අමධ්‍යප සංගමයේ චැට් එකේ සෙට් එකත්, බයිස්කෝප් උපසිරසි කරුවෝ චැට් එකේ සෙට් එකත් එකි-මෙකි-නොකී, වචනෙකින් හරි උදව් වෙච්ච, දිරිමත් කරපු සෙට් එකත් ආදරෙන් මතක් කරන්න කැමතියි මේ ප්‍රීතිමත් අවස්ථාවේ. එහෙමනම් ඉතිං මට නන් අයුරින් උදව්-උපකාර කල හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි නැවතත්. නම් වශයෙන් මතක් නොකළේ 2013 වසරේ ඉඳලා අද වෙනකම් බයිස්කෝප් එක නිසා අඳුනගත්තු විශාල පිරිසක් ඉන්නවා මං හිතන්නේ වචන විසි දාහක විතර ලිපියක් ලියන්න වෙනවා ඒ හැමෝම ගැන සඳහන් කලොත් ඉතිං කාවවත් මග නොහැරෙන්න හැමෝවම එක එක තැන් වලින් කොටු කරලා සාමුහිකවම ස්තුතිය පල කලේ ඒකයි.. ඒ වගේම කැමති නම් ලයික්එකක් දාගෙන යන්න ඔන්න ඕකටත් 😀 මොලේ කුලප්පු උනාම මං සිනමාව පැත්තෙන් ලියන, කියන, කරන හැම ආත බුත වැඩක්ම ඕකෙන් ශෙයා වෙනෝ දැන් හැරෙමු ෆිල්ම් එක පැත්තට. 

vima 100

ඩයිනසෝර්ලා කියන්නේ මිට වසර මිලියන 240 කට විතර එහා යුගයක මිහිතලය මත රජ කරපු දැවැන්තම ජීවින් කොටස.. තවමත් හරියටම හොයාගන්න බැරිවෙච්ච යම් හේතුවක් නිසා ඒ උරග දැවන්තයින්ට මිහිමතින් සමුගන්න වුණා. මොවුන් ජිවත් උනේ ට්‍රයෑසික් යුගයේ අග භාගයේ ඉඳලා (වසර මිලියන 230 කට පමණ පෙර) ක්‍රිටේසියස් යුග‍යේ අග භාගය අතර (වසර මිලියන 65 කට ප්‍රථම) කාල පරාසයේ. දැනට වෙසෙන ජීවින්ගෙන් ඩයිනසෝර්ලට ලඟම නෑයෝ වෙන්නේ කිඹුලා සහ පක්ෂීන් කියලයි සත්ව විද්‍යාඥයො කියන්නේ. තේරෝපොඩ් ඩයිනෝසෝරසයන් මගින් පක්ෂීන් ඇතිවුනා කියල ඔවුන් යම් සාධක හොයාගෙන තියෙනව.ඉතිං කතාව ඇරඹුණේ 1912 දී ඊජිප්තුවෙන්, ඒ දැවැන්ත ඩයිනොසෝරයෙකුගේ ශේෂයන් සොයා ගැණුනායින් පසුවයි. පිට මතින් මීටර දෙකක් දික්ව වැඩුණු කොඳු ඇට සහිත විලෝපිකයෙක් 2005 වසරේදී සම්පූර්ණ උඩු ඇන්දක් හමු වූ විට පමණයි අපට හැකි වුණේ මේ විස්මයාකාර ජීවියා නිසි අයුරින් ප්‍රතිනිර්මාණය කරන්නට. මීටර දෙකක් තරම් දිගැති හිස්කබලක් තිබූ මේ ඩයිනොසෝරයා මහා යෝධයෙක්. මීටර 17ක් නාසයේ සිට වලිගයට. ටී-රෙක්ස්’ට වඩා මීටර 4ක් දිගයි. ඉතිං එදා මෙදාතුර  මිහිතලයේ වෙසුන දැවැන්තම ජීවියා වෙන ස්පයිනොසෝරස් මීටර 17ක් පමණ වෙනව. මිහිතලය මතපය එසවූ විශාලතම මාරයා වන මොහු ටොන් 21ක දැවැන්ත යෝධයෙක්. මතකද ජුරාසික් වර්ල්ඩ් 2015 සිනමාපටයේදි ජල තටාකයක හිටිය කිඹුලෙක් වගේ දැවැන්තයා. ඒ තමා  මොසාසෝරස්ලා ඒ යුගයේ හිටිය මීටර් 15 විතර දිග  ජලජ දැවැන්තයෙක්. ටොන් 14ක් විතර බරයි. අපි ජුරාසික් පාක් එකේදී දැක්ක තදයා කෘර T-Rex කෙනෙක් එයා මේකෙත් ඉන්නවා ඒ ඉන්නෙත් තදයා විදියටම තමා. ඒ වගේම ජුරාසික් වර්ල්ඩ් එකේ ඔවන්ගේ හුරතලී “බ්ලු” කියන්නේ රෙප්ටර් කෙනෙක්. ජුරාසික් පාක් එකේදී නියම දුෂ්ටයා උනේ මෙන්න මේ රෙප්ටර්ස්ලා ඒත් ජුරාසික් වර්ල්ඩ් එකේදී චරිතය වෙනස් වුණා. සිනමා නිර්මාණවල අපිට දැකගන්න පුළුවන් උන සෝරස්ලා ටික මං කියන්නම් උනන්දු කට්ටිය ඒ ගැන හොයල බලන්න. 

Apatosaurus, Pachycephalosaurus, Gallimimus, Parasaurolophus, Stegosaurus, Triceratops, Ankylosaurus, Velociraptor, Dimorphodon, Pteranodon, Mosasaurus, Dilophosaurus (හොලෝග්‍රෑම් ආකාරයට) Indominus Rex හෝ Giganotosaurus වර්ගයේ කෙනෙක්, T-Rex, Spinosaurus (ඇට සැකිල්ල), Baryonyx (වෙබ් සයිට් එකේ), Edmontosaurus (වෙබ් සයිට් එකේ), Metriacanthosaurus (වෙබ් සයිට් එකේ), Microceratus (වෙබ් සයිට් එකේ), Suchomimus (වෙබ් සයිට් එකේ), Baryonyx, Edmontosaurus, Metriacanthosaurus, Microceratus, සහ Suchomimus, නමුත් මේ අතරින් Dimorphodon, pteranodon, mosasaurus කට්ටිය ඩයිනසෝර්ලා ඝණයට වැටෙන්නේ නෑ. මේ වචන ගූගල් කලාම ඉතිං ඕන විස්තරයක් හොයාගන්න හැකියි. ඒ වගේම අපේ උදා සහෝ හරි අපුරු කතාමාලාවක් දුන්නා Planet Dinosaur කියලා. උනන්දු ඇත්තෝ එව්වා නරඹත්වා. මං දන්නවා වැඩි දෙනෙක්ට එව්වා ගානක් නෑ කියල. ඒකමයි වැඩි විස්තරයක් නොලියා ඕන අය හොයාගෙන බලන්නෙයි කියන්නෙත්. 😛

ඉතිං මේ පොසිල හමුවුණාට පස්සේ මිනිස්සුන්ට පුදුමාකාර කුතුහලයක් ඇතිවෙනවා මේ දැවැන්ත ජීවින් ගැන. මේ ජිවින්ගේ පොසිල අප්‍රිකාවෙන් යුරෝපයෙන්, ආසියාවෙන් විතරක් නෙමේ ඇන්ටාක්ටිකාවෙන් පවා හොයාගෙන තියෙනව. නිකම් නෙමේ ශාක භාක්ෂකයින්ගේ. ඉතිං හිතාගන්න මේ දැවැන්තයින් වසර මිලියන ගානකට කලින් මුළු ලෝකේ පුරාම විසිරිලා විහිදිලා ඉඳල තියෙන විදිය ගැන. ඒ වගේම සමහරු හිතනවා මේ ඩයිනසෝර්ල තමා පොසිල ඉන්ධන විදියට ලැබෙන්නේ කියලත් නෑ නෑ පොසිල ඉන්ධන කියන්නේ මුලික වශයෙන් මැරිච්ච ගස්, ගල් අඟුරු කියන්නෙත් ගස් ස්භාවික ගෑස්වල ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ ජලජ ඇල්ගී වලින්. ඒවා දැවන්තයින්ටත් පෙර කාලයකදී පොලවට යටවුණ එව්වා. නිකමට ඒ ටික කිව්වේ ඉතිං. 😛

ඉතිං කලින් කිව්වා වගේ 19 වැනි ශත වර්ෂයේ අවසානය වෙනකොට මිනිස්සු මාර උනන්දුයි මේ දැවැන්ත ජීවින් ගැන. ඉතිං ඒ දේවල් උනේ මේ දැවැන්තයින් ගැන සත්‍ය විස්තර අඩංගු කතා ජනතාව අතරට පත්වීමත් එක්ක. ඒ දේට මුලික උනේ  Michael Crichton කියන ලේඛකයා. අපි කවුරුත් දන්න ජුරාසික් පාක් එක මෙන්න මෙයාගේ හිතේ මැවුන සංකල්පයක්. ඉතිං මෙයා 1990 දි ලියනවා Jurassic Park කියල පොතක්. ඉතිං ස්පිල්බර්ග් 1993 දි ඒ කෘතිය ඇසුරින් මිහිමතින් වඳවෙලා ගිය දැවන්තයින්ව පුළුල් තිරයට අරගෙන එනවා ජුරාසික් පාක් නමින්ම. ඒ ආගමනය ලෝකයක් මුසපත් කරනවා. ඊට පස්සේ   The Lost World: Jurassic Park (1997) සහ  Jurassic Park III (2001) නමින් දැවැන්ත සිනමා නිර්මාණ තුනක් අපිට අරගෙන එනවා. ඒ ආගමනය එතනින් නවතින්නේ  නෑ. 2015 දි නැවතත් ජුරාසික් උද්‍යානය එලි දකිනවා ඒ  අති සාර්ථක Jurassic World (2015)නමින්. එහි දෙවැන්න මේ අවසරේදී එලි දකිනවා. ඒ Jurassic World: Fallen Kingdom (2018) නමින්. බලන්න මුල් ෆිල්ම් තුනේ නම් තුනෙයි අලුත් ෆිල්ම් තුනේ නම් දෙකයි සමානකම. (Jurassic Park 1993 සහ Jurassic World 2015 / The Lost World: Jurassic Park 1997 සහ Jurassic World: Fallen Kingdom 2018 ) ඔව් ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒ පිළිවෙල අනුව Jurassic World III කියල එකක් එන්න ඕනා. ඔව් එනවා 2021 දි ජුරාසික් පාක්හි දිගුව ජුරාසික් වර්ල්ඩ් III නිකුත් වෙනවා. පළමු සිනමා නිර්මාණයේ නිමැවුම්කරුවා, ස්ටීවන් ස්පිල්බර්ග් මෙහි විධායක නිෂ්පාදනයෙන් දායක වෙනව. ඉතිං මේක රි-මේක් එකක් නෙමේ, මුල් කතාවේම දිගුවක්. ජුරාසික් පාක් එක විනාශ උනාට පස්සේ තමා ආරක්ෂිතව ජුරාසික් වර්ල්ඩ් එක පටන් ගන්නේ. ඒ අවුරුදු 20කට පස්සේ. ගිය සැරේ දකින්න ඇතිනේ ආරක්ෂාවට මොකෝ උනේ කියල. ඉතිං මෙදා සැරේ කතාව වෙන්නේ  ඒ දේ වෙලා අවුරුදු හතරකට පස්සේ ජුරාසික් ලෝකයෙ ඉතුරු වෙලා ඉන්න සත්තු ටික ආරක්ෂිතව බේරගන්න එක. ජුරාසික් පාක් එකේ හිටිය විද්‍යාඥයෙකුත් මේකේ නැවත කල එලි බහිනව  දැකගන්න ලැබෙයි. [ඩොක්ටර් හෙන්රි වූ]. හරියටම කිව්වොත් ජුරාසික් පාක් 1993 ෆිල්ම් එකේ මුල් පැය බාගය ඇතුලේ අනාගතේදී වෙයි කියල කතාවෙන දේ තමයි මේ වෙන්නේ 😀

ඇයි ඩයිනෝලව බේරගන්න වෙන්නේ ? මේ දුපතේ තියෙනව ගිනි කන්දක්, දැන් ඒක සක්‍රිය වෙන්න අරගෙන තියෙන්නේ. ඉතිං ඒ යමහල විදාරණය උනොත් දැනට මේ ලෝකේ ඉතුරු වෙලා ඉන්න හැම ඩයිනසෝරයෙක්ම විනාශ වෙලා යනවා ආයේ.මෙදා සැරේ ක්ලෙයාර් සමග ඔවන් ග්‍රේඩි දෙන්න ඉදිරිපත් වෙනවා මේ දැවැන්තයින් වෙනුවෙන්. හැබැයි මෙදා සැරේ ඔබ මේ දැවැන්තයින්ගේ සිනමා නිර්මාණය බලන්න හරිබරි ගැහිලා වාඩි වෙන්නේ සාම්ප්‍රධායිකව මිනිහෙක් පස්සේ ඩයිනසෝර්ලා එලවනවා බලන්න නම්, නොසෑහෙන්න කලකිරේවි. මෙදා සැරේ සංවේදී බවකින් මේක බලන්න හරිබරි ගැහෙන්න. මිනිසා වෙනුවෙන් ඩයිනෝසරයින්ට එරෙහිව ඩයිනොසරයින් ඒ වගේම ඩයිනෝසරයින් වෙනුවෙන් මිනිසාට එරෙහිව මිනිසා සටන් වදිනවා දැකගන්න ලැබේවි ඔයාලට. කතාව පුරාවටම එක් ශක්තිමත් කාරනාවක් කියනවා. ඒ කාරනාව පෘථිවිය ඇරඹි දවසෙ ඉඳලා මේ වෙනකම් ඉතිහාසය පුරාවටම සත්‍යයක් බව ඔප්පු උන දෙයක්. එක යුගයක මිහිමත රජකරපු මේ දැවැන්තයින් මිනිසාගේ ආගමනයට ඉඩ දීලා තුරන්වෙලා යනවා. ඊට පස්සේ මනුසතා තමන්ගේ සුපිරිතම ආයුධය වෙන පරිනාමයෙන් ලැබුන දියුණු මොලය භාවිතා කරලා මිහිමත වෙසෙන ප්‍රබලයා බවට පත්වෙනවා. ඒත් ඊට පස්සේ මිනිසා සොබාදහම ඉක්මවා යනවා. ඉතිං ඔබට අන්තිමේදී දකින්න ලැබේවි අප්‍රිකානු සිංහයෙකුට අභියෝග කරන ටි-රෙක්ස් කෙනෙක්.. ඒ තමා යුග දෙකක ප්‍රබලන්ගේ මුහුව සමග මතුවන ගැටුමක ඇරඹුම. ඊළඟට සමීරගේ වචන වලින් ඔන්න මේකේ ආදායම ගැන කියන්නම්.

හොඳයි එහෙනම් මෙහෙම ලොකු සත්තු තිරයෙන් එලියට එනකොට ඒ එක්කම ගලාගෙන එන තවත් එක දෙයක් තියනවා ඒ තමයි ආදායම, මෙහෙම සත්තු නිර්මාණය වෙන්න නම් එහෙම ආදායමකුත් තියෙන්න ඕන… අපි කලින් ලොකු හප්පෝ එක්ක එහෙම අදායමක් දැක්ක එකේ පොඩ්ඩක් මේ වතාවේ ලොකු හප්පෝ කඩාගෙන ගිය වාර්තා බලමු… ඇමරිකා එක්සත් ජනපදය තුල මේ සතියේ නිකුත් වුන චිත්‍රපට අතරින් වැඩිම අදායමක් ආරම්භක සතියේ උපයා ගන්න මේ සලරුව සමත් වුනා ඒ ඩොලර් මිලියන 145 හැටියට, මේ මිලියන 145 ඇතුලේ තියන විශේෂත්වය වෙන්නේ මින් 56% අදායම ගලා ඇවිත් තියෙන්නේ වයස අවුරුදු 25 අඩු ප්‍රේක්ෂක ජනතාවගෙන්… මේ තමයි යුනිවර්සල් ස්ටුඩියෝ ඉතිහාසයේ හොඳම ආරම්භක සතියක් හිමි සිනමා නිර්මාණ අතර දෙවැන්න මෙය දෙවැනි වන්නේ 2015 පැමිණි මුල් චිත්‍රපටයට පමණයි, ඉතින් කාවද මේ වතාවේ පහුකර ගියේ වැඩිය හිතන්න එපා බොහොම වේගයෙන් යන කාර් ටිකක් තමයි තලාගෙන පහුකරගෙන ගියේ ඒ තමයි F 7.. තවත් ටිකක් අභ්‍යන්තර වාර්තා එහෙම බලනවා නම් ඇමරිකාව තුල විකාශය ආරම්භ වෙලා දවස් 3 ක් ඇතුලත මේ නිර්මාණය “ඩයිනෝසෝරයින්” පිලිබඳ නිර්මාණය වුන සිනමා නිර්මාණ අදායම් ලේඛනයේ 6 වැනි ස්ථානයට ඇවිත් තියනවා… එතනින් ගියාම ඇමරිකාව තුල පහුගිය දවස් 365 ඇතුලත නිකුත් වුන නිර්මාණ අතර ආදායම් ලේඛනයේ 17 වැනි ස්ථානයත්… ලොව පුරා තිරගත කිරීම් වල 26 වැනි ස්ථානයත් (ඒ මිලියන 298 + හැටියට) හිමිකරගෙන තියනවා… මුදල් පැත්ත එහෙම වෙනකොට මේ නිර්මාණය තවත් අපූරු වාර්තාවකට හිමිකම් කියන්නත් සමත් වෙනවා ඒ එදා මෙදා තුල PG 13 සහතිකය ලබාගත් නිර්මාණයක් තිරගත වුන වැඩිම සිනමා ශාලා ගන්නේ වාර්තාව… මේ වෙනුවෙන් සිනමා ශාලා 4475 ක ලොව පුරා මේ නිර්මාණය තිරගත වීම ආරම්භ වෙලා තියනවා… කොටින්ම මේ ලගදි ආව වැඩිය ප්‍රසිද්ධ නොවුන Avengers Infinity War නිර්මාණය පවා නිකුත් වුනේ සිනමා ශාලා 4474 වෙනුවෙන් පමණයි…ඉතින් මොකද මේ තවමත් ඩොලර් බිලියනයක් පසුකර යන්නට බැරි වුනේ ? මොකක් හරි කතාවේ වරදක් ද? මේකට උත්තර නම් ටිකක් සංකිර්ණයි… දන්නවද දන්නේ නැහැ මේ වෙනකොට ලෝක ජනගහනයෙන් සෑහෙන පිරිසක් නරඹන කුසලානයක් පැවැත්වෙන බව, ඔන්න ඔය කරණය නිසා හොලිවුඩය මේ ටිකේ බොහොම අමුතු හැටියට තමයි වැඩ කරන්නේ… ඉතින් මේ අමුත්තා වෙනුවෙන් අපි මේ කතා කරන සලරුව සමාදම් වුනේ ඇමරිකාව තුල තිරගත වීම ආරම්භ කිරීමට මත්තෙන් ලොව පුරා තිරගත කිරීම සිද්ධ කරලා, නරකම නැහැ ඉතින් එතනින් දැනට මිලියන 560 + වගේ මුදලක් උපාය ගන්නත් සමත් වෙලා තියනවා… විශේෂයෙන්ම චීනයෙන් ලැබුන මිලියන 200 ත් මේ මොහොතේ අමතක කරන්නම බැහැ…. ඒ දේවල් එක්ක මේ අවුරුද්දේ ආව ෆිල්ම් වලින් ලොව පුරා වැඩිම අදායම් අතර 3 ස්ථානය දිනාගන්නවා මේ වෙනකොට. හොඳ කොපියක් එන කාලෙකදී බිලියනය පන්නාවි. 😀

ඒ වගේම මේ කතාවේ නිල හිමිකරුවා හසන්ත අයියා, ඒත් ඉතිං මේක 2015දි මුලින්ම බාරගෙන තිබ්බේ මං ඒ කාලේ යෙදුන වැඩක් නිසා මට සබ් එක කරන්න බැරිවුනා ඉතිං ඒ විදියට මගෙන් ගිලිහුන කතාව අන්තිමේදි ඉතිං උරුමක්කාරයටම ලැබුනා, ( දුන්න කිව්වට සැහෙන්න අමාරු උනා ගන්න 😛 ඒ වගේම එකට වෙච්ච හානියත් සුළුපටු නෑ 🙁 ) කොහොම නමුත් කඩයිම වෙනුවෙන් මේක ලබාදීම වෙනුවෙන් බොහොම ස්තුතියි හසෝ. ඒ වගේම නලින් අයියා සුපුරුදු පරිදි ගිනි ගින්දර වගේ පික් එකක් හදල දුන්නා ඒකටත් බොහොම ස්තුතියි. මෙවර කතාව ජුරාසික් වර්ල්ඩ්හි අධ්‍යක්ෂකවරය Colin Trevorrow සහ Derek Connolly විසින්.. ඉතිං පළමු නිර්මාණයේ සිංහල උපසිරසි කරුවා වගේම අධ්‍යක්ෂකවරයාත් මෙවර මාරු වෙනවා. මෙවර අධ්‍යක්ෂණයෙන් J.A. Bayona එකතු වෙනවා. ඒ විතරක් නෙමේ මං  දකින ආකාරයට උඩහ කීව කරුණු අනුව මේ පිරිස සමත් වෙනවා සාර්ථකව මෙහි තෙවැන්නට පාර කපන්නත්. ඉතිං එහෙමනම් මෙවරත් imdb 6.7 ක අගයක් ලබාගෙන ආදායම් අතින් සාර්ථකව ලොව පුරා තවමත් තිරගතවන මේ ලොකු හප්පන්ගේ වික්‍රමය ඔබට බාරයි.

 

“ The planet has survived everything
in its time
It will certainly survive us ”

~ Michael Crichton – Jurassic Park ~ 

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

HDTS / HC-HD  / WEB / HD / BluRay

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා පමණක් ලබා දි ඇත

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 66617 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

<< Jurassic World (2015)

Jurassic World III (2021) >>

601 thoughts on “Jurassic World: Fallen Kingdom (2018) with Sinhala Subtitle | දැවැන්තයින්ගේ විලාපය. [සිංහල උපසිරැසි සමඟ] *200*

  • Sonal Sasmitha Kulasekara

    බොහොම ස්තූතියි බ්‍රදර්.❤️

    Reply
  • Anonymous

    thanks for the sub bro…

    Reply
  • jurassic-world-dominion sinhala sub danno

    Reply
  • Senuth Hansana

    jurassic world dominion sub eka kawadda denne. eka ikmanata daannako

    Reply
  • Sub ekata Thanks saho
    Jaya wewa

    Reply
  • 3D walatath sub wada [THANKS]

    Reply
  • thank you very much bro….

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…

    Reply
  • D G R R SRINATH

    Great job ❤️

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි විමා අයියේ.❤️❤️❤️

    Reply
  • patta thanks sub ekata

    Reply
  • හසිත

    සබ් එක දුන්නට තැන්ක්ස් බ්‍රෝ.

    Reply
  • Ela a sub kata godak thanx

    Reply
  • අනේ කවුරු හරි මට මේ උපසිරැසිවලට අදාල film එක ඩවුන්ලෝඩ් කරගන්න link එකක් කියන්නකො

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa….!!!

    Reply
  • THARINDUMATHARAGE

    Thanks bro…♥️

    Reply
  • Janaka Palipana

    Thank you brother

    Reply
  • presanjana

    thanks…………….!

    Reply
  • මොළ කකුලුස්

    Film එකත් නියමයිපට්ට…සිංහල subtitles නම් හොදටම හොඳයි…..

    Reply
  • chirathdevan

    supiri wedak!!!!

    Reply
  • Digatama nirmana karanna shakthiya labewa kollo

    Reply
  • Ishakhya Bandara

    සබ් එක නියමයි අයියේ. ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලබෙවා!! ඒ වගෙම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!

    Reply
  • kavindu_sandesh

    ado sub hadala apita movies pennanna enne me sahola tika witarai,, unwanam parlimennt geniyanna epa bro…

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා සබ් එකට. තව තවත් මේ වගේ ෆිල්ම් අපිට සිංහල සබ් ගේන්න. ජය වේවා………

    Reply
  • bannaggedara

    විමෝ උබලටනම් හෙන පිස්සු.නිකන් ඉන්න වෙලාව කැපකරලා films බලන උන්ට sub හදනවා කියන්නේ හෙනම පිස්සු කියන එක.උබලා වගේ පිස්සො ටිකක් පාර්ලිමේන්තුවේ හිටියනම මේ රටම ගොඩ බං.මේ රටටම කෙලවෙලා තියෙන්නේ උබලා වගේ උන් නැති හින්දා තමා.හැම මිනිහෙකුටම මෙහෙම කැපවීමක් කරන්න බැ.උබලට ජය වේවා.
    god speed bro

    Reply
  • Nimesha Abhishek

    thnq verry much

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • godak thanks ayye.. oyala wgee aya tama issarahata apiwa idiriyata genna inna udau karana ekama kattiya. Meka digatama karagena yanna, oyata waradinne… JAYAWEWA!!!.

    Reply
  • All the best!
    thank you Bro!
    jaya sri!

    Reply
  • tnx bn sub walata
    spitfire ekatath puluwannm sub hadandooo

    Reply
  • prasanga sanjeewa

    sinhala sub ekata godak sthuthy…

    Reply
  • Thanks a Lot Brooo….

    Reply
  • chanuka_rox

    Sinnhala subtitle ekata thanks

    Reply
  • Kasun Nisansala

    Ela… Thanks

    Reply
  • thanks sahoo…….

    Reply
  • LahiruTharanga1

    Thanks bro…

    Reply
  • හම්මෝ විමා පුළුල් විස්තරයක් කරාට ස්තූතියි. එහෙනම් ජය වේවා විමෝ. චියර්ස්. බාර ගත්තු සබ් ටිකත් එවනවෝ. බිය වන්න එපා.. 😀

    Reply
  • Anuradha lakshan

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට….
    ඉදිරි වැඩ කටයුතු වලටත් සුබ පතනවා….
    දිගටම කරගෙන යන්න….

    Reply
  • smartboySL

    thanks for your dedications for us,,,,, elama….

    Reply
  • Supun Preemal

    උණුසුම් සුභ පැතුම් .. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …….!

    Reply
  • Thank you for the sub

    Reply
  • Rasadara Dhanushka

    godak thank machan…. Jaya wewa…

    Reply
  • akhila upendra

    bohoma sthuthiy vima sub ekata. waradi thiyenawanam ewath hadagena issarahata yamu.

    Reply
  • sub ekata thanks , “200” WOW …

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • Deshan wijesinghe

    thank you brother proud of you

    Reply
  • Deshan wijesinghe

    thank you brother

    Reply
  • Niyamai Niyamai.. Mulinma Hadawathinma Suba Pathanaqa Aiye Oyage Kada imak Pasu kara yama gena.. Oya wage aya me site eke inna nisa thama nokadawa ena Films walata sub enne Sinhaa.

    Anika Oyage Wisthareth Patta. Film eka beluwatama Madi, Eke wistarth denagena inna epei. E karunu kiwwatath Thanks…

    Sub Eka Supiri…!
    Jaya Wewa Aiya !
    Digatama Inna Baiscopelk ekka

    Reply
  • awantharehan

    Thank u very much….this is a outstanding effort no one can accomplish easier

    Reply
  • Dasunudayanga

    200 it’s not easy thank u wery much

    Reply
  • Thank you very much & well done…..

    Reply
  • Dammika Siriwardana

    Thanks a lot bro. really appreciated.

    Reply
  • Congratulations bro. Thank you for the SUB.

    Reply
  • Shanaya black2

    Thanks aiye…

    Reply
  • nipuna adikari

    thx bro,…
    kawru monwa qwwath wadiya hithata gnna epa
    “GEDI THIYENA GAHATA THAMAI HAMOMA POLU GAHANNA TRY KRANNE”
    keep in touch bro…

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…..!

    Reply
  • 200ට සුභ පැතුම් සහෝ! උපසිරැසි ගැන්වීමට ‌‌බො‌‌හොම ස්තූතියි! ජය!

    Reply
  • McMillanStyles

    ස්තුතියි බ්රෝ

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • filmsinhalasub

    salenda epa brooo … kastiya nokeewata therenawane me paara coments walin umbala karana wade great kiyala……………………….

    Reply
  • filmsinhalasub

    salenda epa brooo … kastiya nokeewata therenawane me paara coments walin umbala karana wade great kiyala

    Reply
  • 200 ට සුභපැතුම් අයියෙ..
    සබට ස්තූතියි ..
    ඉක්මනින් 250ත් ගහමු…
    ජය වේවා

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
    ජය වේවා……❣️❣️

    Reply
  • Thanks bro subata. Digatama karagena yanna

    Reply
  • Prageeth Gaya

    thank uuuuu godaaaaaaaaa

    Reply
  • yomalravindu

    Thanks For Sub…!!!

    Reply
  • br update kalata thanks

    Reply
    • Udayangasunanda

      Machan ubala hinda thamai bn film eka hariyatama rsa widinne tks bro.. machan donate ekak daanna function ekak tibbot udaw karana kenek podiyata hari udawwak krai neda

      Reply
  • ruchiralakmal

    thanks for the sub

    Reply
  • Mevandhanushka

    Thanks & All The Best…

    Reply
  • Ishan Buddhika Sandaruwan

    Machan mee sinhala sub dana eka lokuuuu deyak. Godaaaaaaak thanks machan. Umbala nisa api film eka hariyatama rasa windinawa. Digatama karagna yamu.

    Reply
  • sampath530

    thank you.good job!!!!!!!!!!!!

    Reply
  • Prageeth Gaya

    thankkkkkkkkkkkkkkkkkkkkkkk
    uuuuuuuuuuuuuuuuuuuu

    Reply
  • thanks bro 200ta suba pathum …!!

    Reply
  • super bro 200 subta SUBAPATHUM

    Reply
  • Ishan Madusha

    නියමයි.200 ට සුබපැතුම් සහෝ
    බොහොම ස්තූතියි.

    Reply
  • Rumesh dhanushka

    Thanks brother

    Reply
  • AsithaDilruwan

    200 ta suba pathum
    Jaya wewa..!!!

    Reply
  • kavishka_malitha

    supiriytama sub eka hadala thibuna obta godaak sthuthiy me vage minissunta sevavak sapayana eka gana

    Reply
  • Cngrtaz machn.. thanx for your sub vima

    Reply
  • thanks bro sub ekata

    Reply
  • malithzzzzzzzzz

    elaaaaaaaaaaaaaaahhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh

    Reply
  • Hiran Senanayaka

    Thanks සහෝ.. ජයෙන් ජය..

    Reply
  • kumara_silva

    tnxxxxxxxxxxxxxx,,,,,,,,,,,,,,,,,

    Reply
  • Lasantharathnasirirox

    Tnx Tnxx Tnxxx ශාන්…….good luck..!!

    Reply
  • sanduniweerarathne

    Mke bluray enkn bln htye
    Thnx mka dunnta
    Luv u boiscopelk

    Reply
  • Pasindu liyanage

    Thank you bro…

    Reply
  • sahangayantha

    thanks a lot saho

    Reply
  • Sajithlakshan

    200 sub ekata thanks machan …………………………………

    Reply
  • heshanakalanka

    Ela ela yaluwane

    Reply
  • madhushi1.amarasinghe

    Danne nee kauru moda kathaa kioyanawada kiyala…ewa ganan gannba epaa…jaya wewa!

    Reply
  • Bhathiyawijesundara

    Thankssss…….macho sub ekata .jaya wewa…….!

    Reply
  • madusanka sanjaya

    subha pathum vima saho. idiriyatama yanna suba pathanawa

    Reply
  • thanks sahoooo……….
    great work…
    keep it going

    Reply
  • Thank you Thank you Thank you

    Reply
  • sub ek ikmnt update krt thnx

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි……………….. ජය වේවා………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Kapila4499

    thanks for sub ………………

    Reply
  • M. T. Ashen

    oh now its ok. thanks

    Reply
  • M. T. Ashen

    friend page not found error msg ekak enne ei dowenload kaanna giyama

    Reply
  • thanx sahoo..suba pethum …

    Reply
  • prasadmalaka

    Thank you………….

    Reply
  • sandyaliyange

    ara uda kiyal athibba tika nam hugak watinawa
    Suba pathum

    Reply
  • Ela bro…Congrats….!!!
    subata Thanks…
    Jaya wewa…!!!

    Reply
  • Congratulations විමා 250ත් ඔහොම්මම කරමු

    Reply
  • බොහොම ස්තූතියි ලොක්කා

    Reply
  • 200 වැනි උපසිරැසි කඩයිමට උණුසුම් සුබ පැතුම් ශාන් සහො! ඉදිරියටත් තව තවත් ගුණාත්මක උපසිරැසි නිර්මාණය කිරීමට අවශ්‍ය හැකියාව, ශක්තිය, ෙෙධර්යය, වාසනාව සහ කාලය ලැෙබ්වා! උපසිරැසියට තුති, ජය!‍

    Reply
  • Thank u ………….!

    Reply
  • lahiru_sanda

    ela ela saho….

    Reply
  • 200 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • lahiru_sanda

    Raththaran Wasthuwe .. Bluray ooooone

    Reply
  • lahiru_sanda

    KO broo Bluray ……..

    Reply
  • Web dl එකට සෙට් වෙනවවද මචන්?

    Reply
  • Jeevan Suraj

    Thanks for the sub bro

    Reply
  • Sandeepa fernando

    YTS br copy eke sub ekat dennako ikmanata

    Reply
  • සබ් එකට ස්තූතියි.
    අපි ෆෝන් එකෙන් ෆිල්ම් බලන්නෙ.එතකොට පටන් ගත්ත වෙලේ ඉඳන්ම තියන අර බොරු හැල්ල එක්ක බලපුවාම දැක්ක ජරාම සබ් එකක් මේක.

    Reply
    • විමා

      බොරු හෑල්ල මොකක්ද කිව්වා නම්, සබ් එකද?
      බොරු හෑලි නැති සබ් තියනවා සබ්සීන් එකේ අන්න ඊකෙන් ගන්න අනිත් දවසේ
      ගොඩක් ස්තුතියි 😀

      Reply
  • Greatest Lord

    Thanks! විමා

    Reply
  • අපේ රසාස්වාදය වෙනුවෙන් ඔබලා සිදුකරන මෙම වටිනා කාර්යය මිල කල නොහැක බොහෝම ස්තූතියි ජයවේවා

    Reply
  • udayamadhushanka

    හැම තිස්සෙම ලොග් වෙන්න ඔනනෙ…. ඒක තමය් ඒපා වෙන්නෙ…….

    Reply
  • MudithaDissanayaka

    vima හරියටම අවුරුද්දකට පස්ස‍ෙ

    Reply
  • Thanks machn sub akta jaya wewa….

    Reply
  • ArunaMadugeeth

    okkoma hoade login wela ediyata psseth nawatha nawtha login denna unam epa wenaw brother
    plz fix this problem….

    Reply
  • kaweesha kalyana

    sub ekata thanx
    200 weni upasirasiyata suba pathum…

    Reply
  • ChamathRulz

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝදරයා

    Reply
  • vishwanathmadhushanka

    Elaaaa machannnnn. Thanks

    Reply
  • Tharindu Katuwawala

    Thanks sahodaraya sub ekata..

    Reply
  • kusal lakindu

    ස්තූතියි.

    Reply
  • thank you very much.. (Ron rocky_Ronish)

    Reply
  • dilan_dimuthu

    WEB DL සදහ සබ්ටයිටල් එක යවත්කාලින කෙරුවේ නැත්ද සහෝදරයා .???

    Reply
  • Chamalpriyadarshana

    Sub ekatah wada coment eka watinwa..ekakiyawana onama kenkta jurassicla gana soyagena balana hitenwa

    Reply
  • Buddika.suranjith

    sub title walata thnx brother.ogollo mahansiwela tamange watina welawa kepakaran mehema subtitle denakota eekata comment ekak daalama download karana eka ape yutukamak…e widiyata hitana minissu innawanam rata hadanna aapahu wenasak ooniwenne ne.thnx bro

    Reply
  • CaptainPasinduDJ

    Niyama wadak.Thank you!

    Reply
  • ඇයුබොවන්!! බොහොමත්ම ස්තුතියි! ඉතාමත්ම මහන්සිවෙලා කරන මේ උපකාරයට. කවදාවත්ම දැකලානැති අයට තමන්ට උපකාරයක් නැති අයට මෙහෙම මහන්සිව්ලා කරන එකට නැQවත ස්තුතියි.
    පොඩි අදහසක්! සින්හලෙන් වගේම ඉන්ග්‍රීසියෙනුත් සබ් දෙන්ට පුලුවන් නම් වඩාත් හොඳයි කියලා හිතනවා. ඒක අපේ අයට ඉන්ග්‍රීසි වැඩි දියුනු කරගන්ට උපකාරයක් වෙන්ට පුලුවන්. මම ඉන්ග්‍රීසියට වඳින කෙනෙක් නෙවෙයි. ඉන්ග්‍රීසියෙන් උපකාර ගන්න කෙනෙක් විතරයි.

    Reply
  • chinthaka_shiwantha

    great work..

    Reply
  • please bn kawruhari IKMANATA HOTEL TRANSLEVENIA SUMMER VACATION,THE INCREDIBLES 2,ANT MAN AND THE WASP SUB HADAPALLACO BN.hdts copy walata unath kamak na.br enakan hitiyoth septhember wei bn.plzzzzzzzzzz broooooooooooooo

    Reply
  • nalindaslv

    Thanks.. & Congrats…

    Reply
  • 50 ට උනුසුම් සුබ පැතුම් මල්ලි.
    දිගටම කරගෙන යමු.

    Reply
  • Thanks machan.subha pathanava digatama karagena yanna shakthiya lebenna kiyala

    Reply
  • Bad404Company

    Thanks Bro 🙂

    Reply
  • YesithaSathsara

    Thanks bro…

    Reply
  • Supiri wadan tika bro♥️Hbai ubala me karana wadenm nawattana e ap machanla mokada mn wge flm pissonta ubla ntuwa me eka flm ekkwat blala terum gnna amarui wisheshaynma mulholland drive,lost highway,gone girl wage flm khmtwt ublage sub eka ntuwa terum gnna ba.itn ublata gdak pin bn kwadawat hmbela ntiunata adarei palenna

    Reply
  • thanks for the subtitle

    Reply
  • malithmadhushan45

    නියමයි අයියේ මෙච්චර කාලයක් සුපිරි ෆිල්ම් සෙට් එකක් අරන් ආවට

    Reply
  • torrent lnk ekak nadda

    Reply
  • janith_vimukthi_kahagalla

    sub ekata thanks bro. oyala karana vade aththatama samaja sevavak. JAYAWEWA

    Reply
  • nilangajeewan

    thanx set ektamm, lankawe kattiyt nikan denkot age ne mcn

    Reply
  • thnx bro awankawama oyalage me wede agaya karanawa.sorry mita kalin comment nokarapu ekata.digatama me weda karagena yan.good luck.

    Reply
  • gihanniroshana

    Thnx sahoo.. jaya

    Reply
  • adoo tnx mchn.ubala podi wdk nme bn me krnne kochra kalayak me wenuwen kapa krnwada tnx kollo

    Reply
  • wow 200 weni ekd … niyamaiii good luck broo

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • kaprasanna

    I watching the film with your brain and keeping your name in my heart.
    I wish all the best to you and baiscope site.

    Reply
  • kushan malaka

    vima pattaaaaaaaaaaa

    Reply
  • kushan malaka

    vima elaaaaaaaaaaaaaa

    Reply
  • DilanDilshan

    thankz sahoo..elama.wistharetat godak sthuuthi.jaya wewaa.

    Reply
  • Many Thanks Bro, Go ahead ….

    Reply
  • Sachintha Kalhara Benet

    200 වන සිඃහල උපසිරැසියට සුභ පැතුම් සහෝ.
    බොහෝම ස්තූතියි!

    Reply
  • ස්තුතියි!200 වෙනි සබ් එකට සුභ පැතුම්!!
    ජයවේවා……

    Reply
  • ela kollek.. idiriyatath me wage honda film wla sub krnna labewa ekenm. congratulation 4 ur future

    Reply
  • Amilaprasad814

    Supiri broooo ela……….

    Reply
  • dilshan_tharaka

    ස්තුතියි සහෝ….

    Reply
  • thanula D

    200 වෙනි සබ් එකට සුභ පැතුම්.ඒ වගේම සබ් එකට තෑන්ක්ස්.ජයවේවා……

    Reply
  • සුභපැතුම් සහෝ 200වන කඩයිමට.

    ඩයිනසෝර් කියන්නෙ ආසම මාතෘකාවක් පොඩි කාලෙ ඉදන්ම. ආසාව ආවෙත් ඉතින් rs100ක් දීලා බලලා ගෙනිහින් දෙන්න කඩෙන් ගෙනාපු VCD පීස්වලින් ජුරාසික් පාර්ක් 1 බලලා තමා. දිග විස්තරයක් දාන්න තිබුනේ මචන්, කියවන් නැති අයට ඕක ස්ක්‍රෝල් කරන්න බැරියැ . අපි වගේ කියවන අයත් ඉන්නවනේ

    Reply
  • dsdkavishka

    Me sub eka mata dawonload karanna beheni

    Reply
  • gimshanhimash

    Thnks sahoo sub 1a supiri

    Reply
  • Thank you…
    kavada sub eka deida kiyala balagena hitiye.

    Reply
  • nadushanguruge

    Thanks a lot brdr..

    Reply
  • THanks for sub bro…

    Reply
  • gihan perera

    Thanks bro….update එක දෙනකන් හිටියේ….avengers ekei deadpool 2 update එකත් දෙන්න බලන්න සහෝ….ලබන මාසේ 14 21 ඒ දෙකේම bluray එනවලු….එහෙනම් ජය වෙිවා….දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..

    Reply
  • chamallakshan

    obalage me utum karyayata ape hadawatinma stuti kara sitimi

    Reply
  • hammo dena kam hitiye..thanks bro..jaya wewa.

    Reply
  • kavindu122

    Thank you very much bro !!!

    Reply
  • Thank you very much bro. Even when you cant find the English SRT you have done a great job.
    All the best.

    Reply
  • Waruna Dasun

    Awurudu gananawak thisse Moves niyama lesa rawidhinna awasthawa labadhima gena Sthuthiya……..

    Jaya wewa…..

    Reply
  • uditha123han

    Jurassic.World.2018.V2.HC.HDRip.XviD.AC3-EVO machan mekata sub eka wada na poddak balapanko thnx hode

    Reply
  • Hdrip eka enakan balagena hitiye mechchara dawas .thanks bro

    Reply
  • kkasthurisinghe

    thanks..bro…elama.

    Reply
  • Thanks… 200 ta suba pathum…

    Reply
  • Thanks… 200 ta unusum subapathum…

    Reply
  • Thanks bro. Jaya wewa

    Reply
  • චාමර වීරසේකර

    thanx bro sub ekata …………………jayen jayama wewa!!!!!!

    Reply
  • M.W. Dilhani

    සබ් ඒකට ගොඩක් ස්තුතියි. ,ලිපියේ අංක 2 යටතේ තියෙන කාරණය ගැන කියන්න ඕනමයි. සිංහල සබ එක්ක බලද්දී ඉංග්‍රීසි බැරිවෙනවා කියන එකනම් වැරදියි. ඇත්තටම සබ එක්ක බලද්දී බාෂා දැනුම වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැ. වචන නොදැන සබ එකකුත් නැතුව බලද්දී කතාව තේරුම් ගන්නත් බෑ. ලිපියේ කියලා තියෙනවා වගේ සිංහල සබ් එක්ක හින්දි ෆිල්ම් බලලම මට දැන් සබ් නැතිව හින්දි ෆිල්ම් බලන්න පුළුවන්. ඉංග්‍රීසි ෆිල්ම් බලනකොට මම සමහර තැන pause කර කර ආපහු බලනවා ඒ ඒ තැන් වල තියෙන වාක්‍ය සහ වචන මතක තියාගන්න. ඒ විදියට මට දැන් ඉංග්‍රීසි භාෂාව ගොඩක් දුරට හුරු පුරුදු දෙයක් වෙලා තියෙනවා. ඉතින් සිංහල සබ් වලින් භාෂා දැනුමට හොඳක් මිස නරකක් නම් වෙන්න විදිහක් නෑ.

    Reply
  • virajinduka

    Thanks bro enakam hitiya filumak deadpool,avengers ahemath a gaman dapan

    Reply
  • darshana100

    niyamai saho suba patum tawa tawath shakthiya labewa

    Reply
  • subapetum . methek dunna sub siyallatama thanks

    Reply
  • onna download krnnath kalin coment krnne
    ogollo krn me subtitlling wadeta hadawathinma subapatahanw

    Reply
  • cijjasuriya

    hoda copiya awaaa…

    Reply
  • dilandevan

    HDRip Update eka dunnata thanks.. namuth Subtitle ekath HDRip udate ekata hariyana widiyata update karanna. HDRip ekata hari yana widiyata subtitle yanne ne

    Reply
  • GL Darshana Harsha Kumara

    Jaya wewa 200ta 🙂 🙂 🙂
    #Handiya 😛

    Reply
  • නියමයි machan .දිගටම වැඩෙ කරන්න

    Reply
  • HDRIP update dennako plzzzzzz

    Reply
  • ramesh shalitha

    Update aka dennakoo sub akata

    Reply
  • lipiyama kiyewwa… good work.

    Reply
  • GihanRangana

    hdrip ekaka avilla ikamnta sub eka update krnnako

    Reply
  • ටැන්කිව් යාලූවා

    Reply
  • Hd rip akata sub update karanna

    Reply
  • dskdilshan

    IKMANATA HD RIP EKATA SUB UPDATE KARANNAKOOOOOOO

    Reply
  • chandika1975

    first, I like to congratulation for your achievement of the 200 subtitle boundary
    this is not easy work to do
    thank you very much…

    Reply
  • Kasun Malinga077

    200 ට සුභ පැතුම්. තව තවත් වැඩි වැඩියෙන් සබ් කිරීමට