අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඋදය සමන් කුමාරචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළසිංහල උපසිරැසි

Kadhalil Vizhunthen (2008) Sinhala Subtitles | මම ආදරය කරමි – ආදරවන්තයන්ට පිදෙන තිළිණයකි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 10 votes.
Please wait...

අද ඉතින් ආදරවන්තයන්ගේ දවසේ ලස්සන ආදර කථාවක් අරගෙන ආවා ආදරය කරන ඔයාලා හැමෝම වෙනුවෙන්. ඔයාට මතකද ඔයාගේ ආදරයණීය පෙම්වතා? පෙම්වතිය? හම්බවුනේ කොහොමද කියලා?..හැමෝටම එක එක විදිහට ඒ හමුවීම තියෙයි. ඒත් ඔයාල කාටවත් ඔයලගේ ආදරය හමුබවුනේ අනතුරකින් (accident) එකකින් ලැබුන කෙනෙක් ඉදීවිද? හැබැයිි මේකෙ කෙනාටනම් ඒක ලැබුනේ අනතුරක් නිසා..අප ජීවිතේ එකතුවෙන්නෙත් කේන්දර බලල, නැකත් බලල නෙමෙයි, ඒ වගේමයි අපි ජීවිතෙන් වෙන්වෙන්නෙත් කේන්දර බලල නැකත් බලල නෙමෙයි? මං හිතන්නේ ජීවිතේ හමුවීමත්, වෙන්වීමත් හරිම පුදුම දෙයක් කියලා? අපි ප්‍රාර්ථනා කරන කොටනම් හිතනවා අපි එකතු වෙලා , මේ සංසාරේ එකට ගිහිල්ලා එකට වෙන් වෙමු කියලා… ජීවිතේ අතරමැදදි කොහොමද පුන්සද මැරුණොත් එහෙම…

අපි කැමති හැමදාමත් තමන් ආදරය කරන කෙනා ලගින්ම ඉන්න, ආදරය කරමින්, ඒත් නොසිතූ වෙලාවක තමන්ගේ ආදරය අහිමිවුනොත් තමන්ට මොනව වගේ නම් දෙයක් දැනේවිද?

ඇරඔුමම කදුලක් වෙලා..
මා බලා ඉද්දී ඒ දිහා…
ආ දුරත් දුර වැඩි නිසා…
අවසානයට පෙර ඈ ගියා…

ඔන්න ඉතින් ඉක්මනටම තවත් උපසිරසියක් අරගෙන ආවා..ඉස්සර වෙලාම බයිස්කෝප් කණ්ඩායමට ස්තූතිය පල කරනවා මේ ෆිල්ම්එකට උපසිරසි කරන්න අවස්ථාව ලබා දීම පිළිබදව, ඒ වගේම මේකට අවස්ථාව වෙන් කරල දුන්න සිසිල අයියටත් බෙහෙවින් ස්තූතියි. 2008 සැප්තැම්බර්  26 වෙනිද තිරගත  වුන Romance | Thriller  කියන categories එකට අයත් වෙන මේ ෆීල්ම් එකට IMDB මීටරේ 5.5/10 අගයක් හමුවෙලා තියෙනවා. මේක  Nakul සහ Sunaina යන දෙපලගේ රංගන දායකත්වයෙන් හැඩ වෙන බොහොම ලස්සන දුක හිතෙන ආදර කථාවක්. KANDHAKOTTAI (2009), BRAHMA.COM (2017), SEI (2018), Masilamani යන චිත්‍රපට වල මොහු රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයකි.

අධ්‍යක්ෂණය – එස් උමපති
කථාව රචනය – පී.වී. ප්‍රසාද්
රංගන ශිල්පීන – Naku, Sunaina, Sampath Raj
IMDB අගය – 5.5/10
ධාවන කාලය – මිනිත්තු 188
විකාශණය – 26 September 2008

එහෙනම් මේකෙ කථාව ගැන පොඩි හැදින්වීමක් කැන්නම්, සබාපති(නකුල්) පාපන්දු ක්‍රීඩාවට ලැදිව සිය මව අහිමිව පියා සමග ඉතා දුක්බර ජීවිතයක් ගත කරනු ලබන , මත්පැනට අබ්බැහි වූ පුදගලයෙකි.දිනක් මොහු පාපැදියෙන් ගමන් කරන අතර තුරදී රිය අනතුරකට ලක්වේ. එය ඔහුගේ වරදකින් සිදුවන්නක් නොවන අතර, එයට හේතුව වන්නේ ඒ අසලින් ගමන් කරමින් සිටි මීරා (සුනයිනා) ගේ සළුව සුලගට ගසා ගොස් සබාගේ මූණෙහි වැදීම නිසා ඔහු අනතුරකට ලක්වේ. මෙයින් බොහෝ බියට පත්වන මීරා ඔහුව රෝහලට ඇතුලත් කරනු ලබයි.ඔහුගේ තත්වය අසාධ්‍ය බව පවසන වෛද්‍යවරුන් ඔහුව බේරාගත හැක්කේ දෙවියන්ට පමණක් බව පවසයි.ඇයගේ මවද මියගෝ සිටින අතර ඇය ඔහුව බේරා දෙන මෙන් සිය මියගිය මවගෙන් ඉල්ලා සිටියි. කෙසේ හෝ ඇය ඔහුව බේරා ගැනීමට සියළු වෙහෙසන් දරමින් ඔහුව රැක බලා ගනී. අවසානයේ සබා හොද තත්වයට පත්වන අතර සබා සහ මීරා ඉතාම සුහද මිතුරන් බවට පත්වේ. මීරා යනු පොහොසත් පවුලක එකම හිමිකාරිණිය වේ.

සබා කෙමෙන් කෙමෙන් මීරාට ආදරය කිරීමට පටන් ගත්තද, ඇය පොහොසත් කෙල්ලක් නිසා තම ප්‍රේමය ඇය හට පැවසීමට බියවේ.කෙසේ හෝ පසුව ඔහු තම ආදරය ඇයට ප්‍රකාශ කරයි, පසුව ඇය ඔහුගේ ආදරය පිළිගනී. සබා දිනක් ඔහුගේ විද්‍යාලයේ පාපන්දු තරග සදහා පිටත් වන අතර , ඔහු නැවත මීරාව දැකීමට පැමිනෙන්නේ කුසලානයද දිනා බව පවසමිනි. සබා කුසලානයද දිනා ප්‍රීතියෙන් පැමිනෙන්නේ තම ආදරවන්තිය දැකීමේ නිමිත්තෙනි.නමුත් ඔහුගේ බලාපොරොත්තුව ඔහුට සිදු වන්නේ සිහිනෙකින්වත් නොසිතූ දෙයකි, මීරාට සිදු වන්නේ කුමක්ද? පොලීසිය සබා පසුපස පැමිනෙන්නේ කුමකටද? ඔවුන්ගේ ආදරයට සිදුවන්නේ කුමක්ද? කියලා දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් ලස්සන ආදර කථාවකින් හමුවෙන තුරු සියළු දෙනාටම ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

20 thoughts on “Kadhalil Vizhunthen (2008) Sinhala Subtitles | මම ආදරය කරමි – ආදරවන්තයන්ට පිදෙන තිළිණයකි. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • film eka baiscope download site eke nane..

    Reply
  • Rumesh dhanushka

    BOhoma sthuthiy

    Reply
  • malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Madhura prasad

    තුති වේවා සහො

    Reply
  • liyanage89

    Baiscopedownloads eka download link ekak nehe. Hash ekak hari torrent link ekak hari danawada?

    Reply
  • ඩොක් අයියා

    ඔන්න එහෙනම් බාගත්ත හොඳේ

    Reply
  • harshani11112

    Happy valantine day…

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක් යූ මචං සබ් එකට..
    Kadhal Solla Vandhen (2010) ෆිල්ම් එකත් මේ වගේම පට්ට ලව් ස්ටෝරියක් මචං පුලුවන් නම් ඒකටත් සබ් එක කරමු ෆිල්ම් එක හොයාගන්න පුලුවන් නම්..
    ජය වේවා!

    Reply
  • Anuradha Rathnasiri

    Thanks
    torrent file dala na ne. hoyaganna ba movie eka

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන්

    Reply
  • ආදරය ජීවිතය සහ වෙන්වීම. හැමෝම බැලිය යුතු පිලුමක්. උපසිරැසියට ස්තුතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *