අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala SubtitleUD Shehanඅමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නබියජනකවික්‍රමාන්විතවෙනත් භාෂාසත්‍ය කතාසිංහල උපසිරැසි

Kid Cannabis (2014) Sinhala Subtitles | ගංජා විකුණලා ප්‍රකෝටිපතියෙක් වුන පොඩි බතල කොල්ලා. [සිංහල උපසිරසි සමඟ]18+

Rating: 8.0/10. From 23 votes.
Please wait...

Kid Cannabis (2014) Sinhala Subtitles

ආයුබෝවන්, ඔන්න මේ පාර වෙනස්ම වුන ඔයාලට මඟ ඇරුන නියම ‍ෆිල්ම් එකකට උපසි‍රැසි අරගෙන ආවා. අද මම ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ 2014 වසරේ නිකුත් වෙච්ච පැයයි විනාඩි 50ක කාල සීමාවක් ධාවනය වෙන Comedy/Crime ගනයේ Hollywood සිනමා පටයක්. ඇමරිකාවේ කොල්ලෝ කට්ටියක් හොරෙන් කැනඩාවේ දේශ සීමාව හරහා පැනලා ඇමරිකාව ඇතුළට ගංජා අරගෙන ආපු ඇත්ත කතාවක් තමයි මේකට පාදක වෙලා තියෙන්නේ. මීට කලිනුත් මම බයිස්කෝප් එකට ‍ෆිල්ම් එකක් දීලා තියනවා මීට සමාන ගංජා සම්බන්ධ එකක්. ඒක තමා මේක Baked in Brooklyn (2016) මේකත් බලන්න. එහෙනම් අපි මේ කතාව මොකක්ද බලමු.

Kid Cannabis (2014) Sinhala Subtitles
The Boy and the Beast (2015) aka Bakemono no ko Sinhala Subtitles

(ස්පොයිලර්ස් අඩංගු වන බැවින් මෙතනින් එහාට කියවීමේ සම්පුර්ණ වගකීම ඔබ සතුයි)

ඇත්තටම සිද්දවෙච්ච සිද්දියත් මේකම තමයි,

Kid Cannabis (2014) Sinhala Subtitles

නේට් නෝර්මන් ඇමරිකාවේ අයිඩහෝවේ සුන්දර නගරයක් වෙන කෝඩලේන් වල ළාමක තරුණයෙක්. මෙයා තමන්ගේ පාසල් ගමනත් අතරමඟ නවත්තගෙන පීසා විකුණන රස්සාවක් තමා කරගෙන ඉන්නේ. මෙයා ගංජා බොන්න හුඟක් ආසයි, නිතරම මත් ගතියෙන් ඔහේ කාලය ගෙවන එක තමා කොල්ලා කරන්නේ. ඒ වගේම මෙයා මෙයාගේ අම්මට හරිම ආදරෙයි, අම්මා කරන වැඩකට නැති රස්සාව ගැන මෙයා හුඟක් වද වෙනවා. මෙයාට තද උවමනාවක් තියනවා තමන්ගේ අම්මට සැප ජීවිතයක් ලබාදෙන්න. දවසක් මෙයාට අදහසක් එනවා තමන් ඉන්න නගරයට හුඟක්ම කිට්‍ටුවෙන් කැනඩාවේ දේශ සීමව භූගෝලීයව පිහිටලා තියන නිසා කැනඩාවෙන් ගංජා ඇමරිකාවට හොරෙන් අරගෙන ඇවිල්ලා විකුණන වැඩක් කරන්න. තමන්ගේ හොඳම යාළුවා ටෝෆර් එක්ක තමා මුලදි කැනඩාවට ගිහින් වැඩේ කරගෙන යන්නේ. පස්සේ නේට් මේ වැඩේ මහ පරිමාණයෙන් කරන්න තව කොල්ලෝ සෙට් එක්කම බඳවගන්නවා.

Kid Cannabis (2014) Sinhala Subtitles

වැඩේ ඉක්මනින්ම අල්ලගෙන සාර්ථක කරගන්න නේට්ට තේරෙනවා කැනඩාවෙන් කුණු කොල්ලෙට තමන්ගේ රටට මේවා තොග පිටින් අරගෙන ඇවිල්ලා මෙහෙම විකුණවම බර ගාණක් හොයන්න පුළුවන් බව. ඉතින් මෙයාලා රට ඇතුළට හොරෙන් අරගෙන එන ගංජා රත්තල් ප්‍රමාණය තව තව වැඩි කරනවා. නේට්ගේ මේ ජයටම කරගෙන යන ගුණාත්මක අතින් උපරිම අලුත් ගංජා මත්ද්‍රව්‍ය වර්ගය නිසා ඒ පාළාතෙම මේ බිස්නස් එකේ හිටපු වැන්ග් කියන හාදයට උපරිම මළ පනිනවා නේට් මේ කරගෙන යන වැඩේට. ඒ වගේම ඇමරිකාවේ FBI, DEA වගේ ආයතන වලටත් මේ පොඩි කොල්ලෝ සෙට් එකක් එකතුවෙලා කරන මේ මහා මත්දව්‍ය ජාවාරම ගැන ආරංචි වෙනවා.

Kid Cannabis (2014) Sinhala Subtitles

ඇමරිකාවේ රජය ඇතුළු සියලුම නීතිය ක්‍රියාත්මක කරන ආයතන අවසානයේ විශාලා අපහසුතාවයකට පත්වෙනවා මේ පොඩි නේට් ඇතුළු කොල්ලෝ කුරුට්ටෝ ටිකක් විතරක් එකතුවෙලා මේ වෙනකන් රට ඇතුළට අරගෙන ඇවිත් තිබුන සමස්ථ ගංජා රාත්තල් ප්‍රමාණය හා එහි වටිනාකම තක්සේරු කළ විට. මේ සියල්ල මෙසේ සිදු වුනේ වසර 2000ත් 2001ත් අතර කාල සීමාව තුළයි. දෙන්නෙක් එකතුවෙලා වැවක ගිලිච්ච බෝට්‍ටුවක් විකුණලා ඩොලර් 1400ක් හොයාගෙන පටන් ගත්ත මේ පුංචි මත් ව්‍යාපාරය අවසානයේ කෙළවර වුනේ 30කුගෙන් සමන්විත පිරිසක් මේ වටා බඳවාගෙන හා ඇමරිකාව තුළට ටොන් 7ක ඩොලර් මිලියන 38ක් වටිනා දැවැන්ත සමස්ථ ගංජා ප්‍රමාණයක් ගෙන එමිනුයි.


සැබෑ නේට් නෝර්මන්ගේ ඡායා රූපයක්

Kid Cannabis (2014) Sinhala Subtitles
(ෆෙඩරල් සිරගෙයක පොදු සමාවක්වත් ලබා ගැනීමට නොහැකි ලෙස
නේට් නෝර්මන් හට වසර 12ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා )
Kid Cannabis (2014) Sinhala Subtitles

නේට්ගේ හොඳම මිතුරා හා දෙවෙනියා වූ ටෝෆර් ක්ලර්ක්ගේ සැබෑ ඡායා රූපයක්

(මොහු 2019 වසරේ දී වෙඩි තැබීමකින් මියගොස් ඇත)
Kid Cannabis (2014) Sinhala Subtitles

ආසන්න වශයෙන් නේට් විතරක් මේ ජාවාරමෙන් හම්බකරගෙන තියන මුළු මුදල කොච්චරක්ද කියලා කියන්න හරියටම අමාරුයි, මොකද මේක නීති විරෝධී වැඩක් නිසා හා මේ සම්බන්ධව තියන වාර්ථා එච්චර විශ්වාසදායක නොවෙන්න පුළුවන්. හැබැයි අන්තර්ජාලයේ තියන තොරතුරු සේරම අපි එක්රැස් කරලා බැලුවොත් අපට හොඳ අනුමානයක් කරන්න පුළුවන්.

නේට් ඇතුළු පිරිස ‍රැගෙන පැමිණි ගංජා ඇසුරුම් සමඟ සිටිනමනඃකල්පිත ඡායා රූපයක්

Kid Cannabis (2014) Sinhala Subtitles
මුලින්ම අපි ගණිතමය විදියට අරන් බලමු මිනිහා කොච්චර සල්ලියක් හම්බකරගත්තද කියලා,
ආදායම ඇස්තමේන්තු කිරීම
මෙහෙයුමේ ප්‍රමාණය: නේට් නෝර්මන් ඇතුළු පිරිස කැනඩාවේ සිට එක්සත් ජනපදයට ගංජා රාත්තල් දහස් ගණනක් රැගෙන ගියා.
● රාත්තලක
 මිල: ඒ කාලේ, ගුණාත්මක අතින් ඉහළ ගංජා සාමාන්‍යයෙන් එක්සත් ජනපදයේ රාත්තලක් ඩොලර් 1,500ත් ඩොලර් 2,000ත් අතර ගාණකට විකිණිය හැකිය.
පරිමාව: නේට් ඇතුළු පිරිස වසර ගණනාවක් පුරාවට රාත්තල් දස දහස් ගණනක් ගෙනා ඇති බවට විශ්වාස කෙරේ.
ඉපැයීම් ගණනය කිරීම
1. සාමාන්‍ය මිල: අපි කියමුකෝ රාත්තලක් ඩොලර් 1,750ක් වගේ වුනා කියලා.
Kid Cannabis (2014) Sinhala Subtitles

2. ඇස්තමේන්තුගත පරිමාව: මෙයාලා ගංජා රාත්තල් 20,000 විතර අරගෙන ඇවිල්ලා තියෙන්න ඇති. (පරිමාණයට අනුව හොඳ අනුමාන කිරීමක්)

ඉතින්, මේ කාරණා අනූව ගත්තම මුළු ආදායම වෙන්නේ,

මුළු ආදායම = රාත්තලක මිල × පරිමාව
මුළු ආදායම = 1,750 × 20,000
මුළු ආදායම = 35,000,000

Kid Cannabis (2014) Sinhala Subtitles
 
සලකා බැලීම්
මෙහෙයුම් පිරිවැය: ප්‍රවාහන ගාස්තු, අල්ලස් ලබා දීම් හා වැය වුන වෙනත් වියදම් ගණන් අරන් නොගෙන තමා මේ ඩොලර් මිලියන 35ක ගාණ කිව්වේ.
● අල්ලා ගැනීම් සහ පාඩු: පොලිසිය විසින් ඇතැම් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් හා මුදල් නීතිය ‍රැහැණට කො‍ටු කරගත් නිසා මේ උපයපු මුළු මුදලෙන් ලොකු කොටසක්ම අහිමි වුනා වෙන්න පුළුවන්.

ලාභ බෙදාගැනීම: නේට් නෝර්මන් මුදල් ඔහුගේ සහචරයන්ටද බෙදා දී ඇත.

 

Kid Cannabis (2014) Sinhala Subtitles
“මෙම සාධක අනුව, දළ ආදායම ඩොලර් මිලියන 35 ක් පමණ විය හැකි අතර, නේට් නෝමන් පුද්ගලිකව උපයාගත් සැබෑ මුදල ඔහුගේ කොටස සහ වියදම් මත පදනම්ව අඩු වනු ඇත. මේ කාරණා නිසා ඔහුගේ පුද්ගලික ඉපැයීම් ඩොලර් මිලියන කිහිපයක පරාසයක තැබිය හැකිය.”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Kid Cannabis (2014) Sinhala Subtitles

8 thoughts on “Kid Cannabis (2014) Sinhala Subtitles | ගංජා විකුණලා ප්‍රකෝටිපතියෙක් වුන පොඩි බතල කොල්ලා. [සිංහල උපසිරසි සමඟ]18+

  • සුපිරි. සබ් එකට බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ado thank ban
    Pahaharak

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි
    ආතල් ෆිල්ම් එකක් වගේ ❤️

    Reply
  • ස්තූතියි මචං මේවගේ මගඇරුනු හොද මූවි වලට සිංහල සබ් ගේනවට….
    ජයවේවා……….

    Reply
  • Me film eka baiscope downloaded eke nane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *