අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBANDULA KFeatured ArticlesSinhala Subtitleඅමුතුයිචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයමලයාලම්සිංහල උපසිරැසි

Kutty Srank (2010) Sinhala Subtitles | යාත්‍රිකයා [සිංහල උපසිරැසි]

Rating: 9.1/10. From 11 votes.
Please wait...
Kutty Srank (2010) Sinhala Subtitles

මේ අවුරුදු සමයේ අපේ රසිකයෝ ප්‍රේමාලු සහ බයිස්කෝප් නිකුත් කරපු විශේෂ අනිකුත් චිත්‍රපට රසවිඳිනවා ඇති, ඒ අස්සෙ අපිට හිතුන ටිකක් පරණ මලයාලම් කතාවකට උප සිරැසියක් සපයන්න. මලයාලි සිනමාවෙ 2010න් පස්සෙ හොඳ චිත්‍රපට හැම එකකටම වගේ සිංහල උපසිරැසියක් තියෙන එකේ 57 වන ජාතික ඉන්දියානු සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 5ක්ම කේරළයට දිනා දුන්න මේ චිත්‍රපටයට උප සිරැසියක් නැති එක අඩුවක් කියල හිතුනා. ඇරත් මේ චිත්‍රපටය ටිකක් ලාංකික අපට සම්බන්ධයි. චිත්‍ර පටයෙ මුල් හරියෙ ලංකාවෙ ඉඳල එන නැවක්, හමුදුරුවරු, සිංහල කටහඬවල් අහන්න පුලුවන්. ඊට පස්සෙ මැදක් යන කොට ඔබට හුරු පුරුදු මුහුණක් දකින්න ලැබෙයි. ඒ මේකෙ ප්‍රධාන චරිත හතරෙන් එකක්.

Kutty Srank (2010) Sinhala Subtitles

මේක අර සරල මලයාලි චිත්‍රපටයක් නම් නෙමෙයි. ටිකක් ගැඹුරු ප්ලොට් එකක් සහිත චිත්‍රපටයක්. සාජි එන් කරුන් නැමැති සම්මානනීය අධ්‍යක්ෂක වරයාගේ වැඩක්. මම්මුටි රඟපාන ස්‍රාන්ක් නම් බෝට්ටු කරුවා සිය ජීවිතේ අවධි තුනක් කාන්තාවන් ත්‍රිත්වයක් ඇසුරේ ගෙවන ජීවිතය පිළිබඳ කතාවක් මෙය. ඔහුගේ යැයි සැක කෙරෙන මළ සිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී එය හඳුනා ගැනීමට පැමිණෙන එකී කාන්තාවන් තිදෙනා විසින් ඔහු සමග සිය ඇසුරේ ආවර්ජනයන් ලෙස මේ චිත්‍රපටය ගලා ගෙන යනවා. මුල් කාන්තාව බෞද්ධ මෙහෙණියක්. දෙවැන්නිය කතෝලික තරුණියක්, තෙවැන්නිය සමාජයේ ගර්හාවට ලක් වූ ගොළු ගැහැණියක් නැතහොත් ඔහුගේ බිරිඳ. මේ තෙවැනි චරිතය රඟපාන්නේ අපේ සිංහල නිළියක් වන මීනා කුමාරි.

ජීවිතයේ එක් එක අවස්ථාවල ඔහු ක්‍රියාත්මක වන ආකාරය ඒ ඒ අවස්ථාවන්ට අනුව ඔහු ගන්නා විවිධ තීරණ ඔහුට බලපාන ආකාරය තුල මේ කතාව ඇදී යනවා. ඒ අනුව එකම පුද්ගලයා තුල චරිත තුනක් මැව්වත් ඔහු අභ්‍යන්තරයෙන් එකම මිනිසායි.

අනෙක් ප්‍රධාන කාන්තා චරිත දෙක කමලිණී මුඛර්ජී, පද්මප්‍රියා රඟන අතර සිද්දික් විසිනුත් අපූරු පියතුමෙකුගෙ චරිතයක් රඟපානවා. මීට වඩා කතා කරනවා නම් බලල ඒ ගැන විචාරයක් දෙන්න. ටිකක් තේරුම් ගන්න අපහසු වේන්න පුළුවන්. ඒත් හොඳට බැලූවාම ඉතාම ලස්සන කතාවක්. එහෙනම් ඔන්න මගේ යුතු කම ඉටු කලා

ආයුබෝවන්, නැවත හමු වෙම්

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Kutty Srank (2010) Sinhala Subtitles

4 thoughts on “Kutty Srank (2010) Sinhala Subtitles | යාත්‍රිකයා [සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා…..
    ……………………………………….

    Reply
  • රංගික සිනෙත් කාරියවසම්

    අපිට ලොකු අඩුවක් තිිිබුණු සබක් තමා මේක. නියම වැඩක් සහෝ .ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *