Watch Trailer

Life is Beautiful (1997) | කඳුළු සපිරි ප්‍රහසනය [සිංහල උපසිරසි සමඟ]

මගේ පළමු උප සිරැසිය පල කිරීම සම්බන්ධයෙන් එහි ඇඩ්මිනිස්ට්‍රේටර් සහෝදරවරුන්ටත්, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සම්බන්ධයෙන් බයිස්කෝප් වෙබ් අඩවියට සම්බන්ධ හැමෝටමත් ස්තුති කරනවා. මගේ දෙවැනි නිර්මාණය විදිහට මං අරගෙන ආවේ ලෝකයේ බොහෝ විචාරකයින් මෙන්ම, රසිකයන්ගේද නොමඳ ගෞරවයටත්, පැසසුමටත් ලක් වුන ඉතාලි සිනමා න…

මගේ පළමු උප සිරැසිය පල කිරීම සම්බන්ධයෙන් එහි ඇඩ්මිනිස්ට්‍රේටර් සහෝදරවරුන්ටත්, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සම්බන්ධයෙන් බයිස්කෝප් වෙබ් අඩවියට සම්බන්ධ හැමෝටමත් ස්තුති කරනවා. මගේ දෙවැනි නිර්මාණය විදිහට මං අරගෙන ආවේ ලෝකයේ බොහෝ විචාරකයින් මෙන්ම, රසිකයන්ගේද නොමඳ ගෞරවයටත්, පැසසුමටත් ලක් වුන ඉතාලි සිනමා නිර්මාණයක්. සිය අමාත්‍යාංශයේ නිලධාරීන්ට ප්‍රදර්ශනය කිරීමට මෙම නිර්මාණය සඳහා සිංහල උපසිරැසි යොදා දෙන ලෙස මට ඉල්ලීම් කළේ, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ටී. අශෝක පීරිස් මහතා. එතුමාටත් මෙහිදී ස්තුතිය පල කිරීමට කැමැතියි. මෙම නිර්මාණය, බයිස්කෝප් වෙබ් අඩවියේ සහෝදර සහෝදරියන් සමග බෙදා හදා ගත යුතු යැයි සිතුනු නිසා මෙසේ යොමු කරමි.

 මේක 1997 වර්ෂයේ, 71 වැනි ඇකඩමි සම්මාන උළලේ හොඳම නළුවාට හිමි සම්මානයත්, Academy Award for Best Original Dramatic Score සම්මානය මෙන්ම හොඳම විදේශ භාෂාවෙන් නිපදවුනු සිනමා කෘතියට හිමි ඇකඩමි සම්මානයත් දිනා ගත්තා. IMDb රේට් එක 8.6 ක් වන මෙම නිර්මාණය හා තරඟ වැද ඒ අවුරුද්දේ සම්මානය අහිමි වුනේ, බයිස්කෝප් වෙබ් අඩවියේ සිංහල උපසිරැසි පල කරපු විශිෂ්ට සිනමා නිර්මාණයක් වන ඉරාන ජාතික මජීඩ් මජිඩිගේ Children of Heaven කෘතියට. ඒ වගේ නිර්මාණයක් පවා දෙවැනි තැනට දාන්න නම්, මේක කෙතරම් උසස් නිර්මාණයක්ද යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නෑ නේද? Roberto Benigni ගේ, එනම් මෙහි අධ්‍යක්ෂවරයාගේ පියාගේ ජීවිතය හා සම්බන්ධ සත්‍ය කතා ප්‍රවෘත්තියක් පදනම් කරගනිමින් මෙය රචනා කරන ලද්දේ Vincenzo Cerami හා Roberto Benigni විසින්.

මේ චිත්‍රපටිය ඉතාලි භාෂාවෙන් La Vita E Bella ලෙස හඳුන්වනවා. ඒකේ ඉංග්‍රීසි තේරුම වෙන්නේ Life is Beautiful  (ජීවිතේ සුන්දරයි) යන්නයි. මේ නමින්ම තියෙන තෙළිඟු චිත්‍රපටික් එක් සහෝදරයෙක් මෙම වෙබ් අඩවියේ පල කරලා තිබුණා. මෙහි ප්‍රධාන චරිතය වන ගිඩෝ ලෙස රඟපාමින් මෙම සිනමා කෘතිය නිර්මාණය කරලා තියෙන්නේ රොබෙර්ටෝ බෙනිග්නි (Roberto Remigio Benigni)  කියන නළුවා. මේ නළුවගේ රූපයෙන් නම් බොහෝ දෙනෙක් හඳුනනවා. මෙම වෙබ් අඩිවිය ඔස්සේම බොහෝ දෙනෙක් බාගත කරගෙන නැරඹූ ඇටරික්ස් හා සීසර් (Astérix et Obélix Contre César)  කියන චිත්‍රපටියේ ඩෙට්‍රිටස් හෙවත් ද්‍රෝහී රෝමන් සෙන්පතියාගේ චරිතය නිරූපණය කරන්නේ ඔහුයි.

 මෙම කතාවට පසුබිම 1939 වර්ෂයයි. ඒ ඉතාලිය, ජර්මණිය හා එක්ව ලෝක යුද්ධය ආරම්භ කළ කාලය. ගිඩෝ ඔරෙෆීස් නම් යුදෙව් තරුණයා නව ජීවිතයක් ඇරඹීමේ අදහසින් ගමේ සිට නඟරයට පැමිණෙනවා. ඔහු බොහෝ සෙයින් විනෝදකාමී, විහිළුකාරී කෙනෙක්. ඒ අතර තුර, ඔහුට ඩෝරා (Nicoletta Braschi) නම් ආර්ය, ඉතාලි ජාතික තරුණිය හමුවෙනවා. මේ පළමු හමුව ඉතා හාස්‍ය ජනක එකක්. ඒ නිසාම මේ දෙන්නට දෙන්නා ආකර්ශනය වෙනවා. ඉතින් නඟරයට එන ගිඩෝට, අහඹු සිදුවීම් සමග නැවත නැවතත්, නැවත නැවතත් ඩෝරාව හමුවෙනවා. මේ අතර ගිඩෝ, ඩෝරාට ආදරේ ප්‍රකාශ කරනවා. ඒ අතරේ රැඩොල්ෆ් කියන බෙනීර්ටෝවාදී (බෙනිර්ටෝ මුසලෝනි යනු එවකට ඉතාලියේ සිටි ආඥාදායක පාලයාය) නිලධාරියා ඩෝරා විවාහ කර ගන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ ගිවිස ගැනීමේ උත්සවය වෙලාවේ, ඉතාමත් හාස්‍යජනක ආකාරයෙන් ගිඩෝ, ඩෝරා රැගෙන ගොස් විවාහ කර ගන්නවා.

 චිත්‍රපටයේ දෙවන කොටස ඇරඹෙන්නේ ඔවුන්ගේ දරුවා වන ජෝෂුවා (Giorgio Cantarini) ගේ පසුවන උපන් දිනයට ආසන්න දවසකින්. ඉතින්, උපන් දිනය දවසේ නාසි හමුදාව විසින් යුදෙව්වන් වන ගිඩෝ, ඔහුගේ පුතා හා මාමා අත් අඩංගුවට ගෙන දේශපාලන සිර කඳවුරකට රැගෙන යනවා. ඩෝරා ඉතාලි-ආර්ය කාන්තාවක් නිසා ඇය අත් අඩංගුවට ගැනීමේ වුවමනාවක් නාසි හමුදාවට නෑ. කෙසේ වෙතත්, දේශපාලන සිරකරුවන් රැගෙන දුම්රිය පිටත් වීමට ආසන්න අවස්ථාවේදී ඩෝරා ස්ව කැමැත්තෙන්ම සිර කඳවුරට යනවා. සිය පවුල හා එක්වීමට සිතාගෙන යන ඩෝරාට එහිදී සියළු සිරකරුවන් පිරමි හා ගැහැණු වශයෙන් බෙදා වෙන් කිරීමෙන් සැමියා හා දරුවා මඟහැරෙනවා.

මේ කඳවුරේදී වැඩ කළ හැකි යුදෙව්වන් පමණක් ඉතිරි කරගෙන මහළු හා බාල දරුවන් ගෑස් කාමරය තුළ සමූහ ඝාතනය කරනවා. මෙහි කෙන්ද්‍රීය චරිතවලින් දෙදෙනෙක් ඒ කාණ්ඩවලට අයත්. එනම්, ගිඩෝගේ මාමා මහළු මිනිසෙක් වන අතර, ජෝෂුවා කුඩා දරුවෙක්. මෙහිදී, සැහැල්ලු, විනෝදකාමී ගිඩෝගේ එකම අරමුණ සිය දරුවා බේරා ගැනීමයි. ඒ සඳහා ඔහු ජෝෂුවා එක්තරා ආකාරයේ “සෙල්ලමකට” යොමු කරයි. මේ සෙල්ලමෙන් ලකුණු 1,000ක් ලබා ගැනීම ජොෂුවාගේ ඉලක්කය බවට පත් කරයි. පියා ඒ වෙනුවෙන් ලබාදීමට පොරොන්දු වන තෑග්ග කුමක්ද? ජෝෂුවාගේ සෙල්ලම් යුද්ධ ටැංකිය වෙනුවට, “Brand New” ඇත්තම ඇත්ත යුද්ධ ටැංකියක්!

 මෙම කෘතිය බෙහෙවින්ම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයක්. ඒත්, වැඩිහිටි ජෝෂුවා පවසන්නේ, “මෙය වෙනත් කෙනෙකුට කියා දීමට ඉතාමත් අපහසු, විහිළු කතාවක්” බවයි. දරුවෙක් කෙරෙහි, පියෙකුගේ වගවීමේ(Accountability) සීමාව, ග්‍රීක දාර්ශනික ඇනෙක්සිමෙන්ඩර් විසින් ගණිත විෂයට හඳුන්වා දුන් infinity (අනන්තය) යන්නට සමාන බව මැනවින් කියාපාන මෙම කෘතිය සම්බන්ධයෙන්, ලාල් හෑගොඩ මහතා සිය ලෝකය තනි යායක් කෘතියේ සඳහන් කළ වැකියකින් හඳුන්වා දෙමින් මෙම සටහන නිමා කරමි. “ඔබ  La Vita E Bella- Life is Beautiful නරඹා නොමැති නම්, ඔබේ සිනමා ජීවිතයෙන් භාගයක් අසම්පූර්ණ බව” අවධානයට ගන්න.

කලින් පළ කල ලිපිය.

බලලා ඇති නේද Schindler’s List චිත්‍රපටිය …
ඒ වගේම හදවතට කතා කරනා තවත් අපූරු නිර්මාණයක් තමයි මේ…

IMDb හි 76 වෙනි තැන ගන්නා මෙය 8.4 ක රේටින් එකක් අරන් තියනවා.ඒවගේම 1999 දී ඔස්කාර් සම්මාන 3ක් (හොඳම නළුවා,හොඳම විදේශීය චිත්‍රපටිය,හොඳම සංගීතය ) දිනාගෙන තියනවා.එම උළෙලේම තවත් සම්මාන 4ට නිර්දේශවෙලා තියනවා.දිනාගෙන තියන සම්පූර්ණ සම්මාන ගණන 52ක්.හිතාගන්න පුළුවන්නේ කොහොම එකක්ද කියලා.

සම්මාන ගැන කිව්වා ඇති.
කුරිරු වූ නාසි වධකාගාරයක් තුළදීත් තමන්ගේ පුතාව සතුටින් තියන්න අප්‍රමාණ වෙහෙසක් ගන්නා තාත්තා කෙනෙකුගේ හරිම හැඟීම්බර කතාවක්….

මේකේ මුල් අර්ධය සම්පූර්ණයෙන්ම කොමඩි ස්වරූපයෙන් තමයි දිග හැරෙන්නේ.කම්මැලියි කියලා බලන එකනම් නවත්තන්නනම් එපා.මම කියනවට බලන්න.

ඉතාලි යුදෙව්වෙක් වන Guido Orefice විහිළුවෙන් කාලය ගතකරනා පුද්ගලයෙක්.ඔහු මාමාගේ හෝටලයේ වේටර්වරයෙක් ලෙස සේවයට පැමිණෙනවා.ඒ එන අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් Dora නැමති ඉතාලි කාන්තාවක් වන නමුත් යුදෙව්වේක් නොවන සුරූපී තරුණිය මුණගැහෙනවා.Guidoත් දන්න සෙල්ලම් සියල්ල දාලා කොහොමහරි ටික කාලයකින්ම ඇගේ හිත දිනාගන්නවා.මවගේ විරෝධය මතම ඈ Guido සමඟ විවාහවෙනවා.ඔවුන්ගේ පුතා Joshua වන අතර මේ තුන්දෙනා ඉතාම සතුටින් කාලය ගත කරනවා.

යුද්ධය ඇරඹීමත් සමඟ යුදෙව්වන් සොයා කරනා මෙහෙයුමකදි Guidoත් අත්තඩංගුවට ගන්නා අතර ඔහු සහ Joshua ඩොරා නිවසේ නොමැති අවස්ථාවක වධකාගාරයක් කරා රැගෙන යනවා.මෙය දැනගන්න ඩොරා ඔවුන් නිදහස් කර ගැනීමට දුම්රිය ස්ථානයට ගියද නිළධාරීන් පවසන්නේ එම පුද්ගලයන් රැගෙන නොආ බවයි.නමුත් ඇය දන්නවා ඔවුන් මේ දුම්රිය තුළ සිටින බව.එමනිසා තමන්ද මෙහි ගමන් ගන්නා බව පවසා ඇයද එයට ගොඩවෙනවා.

මින් පසු තමා කතාවේ සංවේදීම හරිය තියෙන්නේ.ඒ ටික මම කියන්න යන්නේ නෑ.

මේක අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Guido ලෙස රඟපාන Roberto Benigni මයි.ඔහුගේ රංඟනයනම් විශිෂ්ඨයි.ඒ වගේම ඩෝරා ලෙස රඟපාන්නේ Roberto ගේ බිරිඳ වන Nicoletta Braschi.
Joshua ලෙස Giorgio Cantarini රංඟනයෙන් දායක වෙනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය චමිදේවා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Life Is Beautiful (1997) on IMDb

 

 

796 MB (BR) කොපිය මෙතනින් බාගන්න

3AEC1A91F111FE4ACE21636889C9FCCBD085D38D

814 MB (BR) කොපිය මෙතනින් බාගන්න

DAD15D817B73A644E51B4D3FDABD8DD2AC7814A3

1.75 GB (BR) කොපිය මෙතනින් බාගන්න

7C0599C6B2202DD5B8DC2F35CE2A27CC7DA9D54F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,887 downloadsDownload Life-is-Beautiful-1997.zip161 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කපිල ජනක බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කපිල ජනක

Subtitles

8,887 downloadsDownload Subtitles161 KB

94 comments

  1. shoot3r

    Me film 1 kanam loweth ne...
    mama balapu hodama film 1 k..
    "Nawa Gilunath Band choon" wage porakage story 1 k.
    ANIWA HAMOMA BAGENA BALANNA...

  2. :::SLaPp3r:::

    කවුරුත් ප්‍රතිචාරයක් තාම දක්වල නැති නිසා මුලින්ම මම බයිස්කෝප් එක ගැන කියන්නම්...මම බලපු බයිස්කෝප් වලින් ජීවිතේ බලපු හොදම බයිස්කෝප් එකක් කියන්න පුළුවන්.බලලා නැතිනම් අනිවා බලන්න ගොඩක් ලස්සන වෙනස්ම කථාවක්...
    චමිදේවා (වාසල) සහෝදරයට හදවතින්ම ස්තුති කරනවා බයිස්කෝප් එක එකතුකලාට...

  3. chamila

    ELA......

  4. Rotiya

    ෆිල්ම් එක එල වගේ..බාලම බලමු..මට අල්ලලා යයිද දන්නේ නෑ...
    ස්තූතියි මචන් :D

  5. h

    ෂහ්.. ‍ඒ තරම් හොඳයිද මේක? මේක මට යාළුවෙක්ගෙන් ලැබුණ චිත්‍රපටි එකතුවක තියෙනවා. තාම බලල නෑ. ඒ ගොනුව කිසිම ප්ලේයර් එකකින් බලන්න බෑ වගේ. උත්සාහයක් දරන්නම් ආයෙත් :)

  6. චමිදේවා

    @shoot3r,
    ඔය ඉන්නෙ බලපු අය...තවත් මොනාද...ස්තූතියි සූට්.

    @:::SLaPp3r:::අනිවා වෙනස්ම ලස්සණ කතාවක්... ස්තූතියි කමෙන්ටුවට...

    @chamila,
    ස්තූතියි...

    @Rotiya,
    ඔව්.ඔව්...එළ ෆිල්ම් එකක්...අනිවා අල්ලලා යනවා..ස්තූතියි මචෝ...

    @h,
    හොඳයිදත් කියලා අහනවා...ඒක බැරිනම් මේක බා ගෙන බලන්න...ස්තූතියි සහෝ...

  7. Asantha C

    ela ela ....onna mamath baaawenna damma.....thank u weeeewaaa....

  8. සුභාෂ් ගුණවර්ධන

    මේක මැක්සා ෆිල්ම් එක.

    පට්ට කියන්නේ උපරිම පට්ට . . .

    වැඩි දෙයක් කියන්න ගියෝත් මේ ෆිල්ම් එකට පාඩු වෙයි කියලා බයයි. හැමෝම මේක බලන්න . ..

    අතහරින්න එපා වැරදිලාවත් . . .

  9. ෂෙලින්ක - කටාර්

    අදත් නිදිමරන්න වෙයි වගේ...
    මොනව කරන්නද..? අපේ එකෙක් දෙයක් දෙනකොට නොබල ඉන්නේ කොහොමද..?
    ඔන්න මමත් බාන්න දැම්මා....

  10. පැතුම් පුංචිහේවා

    මේ චිත්‍රපටිය ගැන කියන්නා නම් වචන නැඅති තරමයි. අතිශයින්ම සංවේදී සුන්දර කථාවක්... අපිව අන්තිම මොහොත දක්වාම හාස්‍ය රසයෙන් පිරි කථා රේඛාවක අරන් ගිහින් අන්තිමට කම්පනයකට ලක් කරනවා...ඒ වගේම Roberto Benigni කියන්නේත් විශිෂ්ට නළුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්... හැමෝම අනිවා මේ චිත්‍රපටය බලන්න... ජීවිතය දිහා අළුත් ඇහැකින් බලන්න හැකියාව ලැබේවි...

  11. තිසර

    ඇත්තටම ජීවිතේ සුන්දරයි. ජීවිතේට එල්ල වන ඕනෑම කරදරයක් කොහොමද සුන්දරව විදින්නේ කියලා ඉගෙන ගන්න. අනිවා බලන්න.

    ඒ වගේම දරැවන්ගේ සතුට වෙනුවෙන් දෙමාපියන්ගේ කැපවීම කොයි තරම්ද කියලා දරැවන්ට හොදට තේරැම් ගන්න පුළුවන් චිත්‍රපටයක්.

    ඒ වගේම Stephen King ගේ චිත්‍රපට වල වගේම මෙහි අවසානයත් අප බලාපොරොත්තු නොවන්නක්.

  12. ashan kandy

    ela a... loku loku cmnt thiyana flm 1k ne mt dnawa.. balalath cmnt ekak dannam ko... :)

  13. San J

    කට්ටියම ලස්සනයි කියනවනෙ.. ඔන්න එහෙනම් මමත් බානවා. කොහොමත් මම ඩ්‍රාමා ටයිප් එකේ ඒවට කැමතියි...ඒවගේම වාසලටත් තැන්කූ කිව්වා ලිපියට.. :)

  14. මලිත්

    baalama balamukoo

  15. චමිදේවා

    @Asantha C,
    බාන්න...බාන්න..ඒවගේම අමතක නොකර බලන්න...ස්තූතියි කමෙන්ට් එකට.

    @සුභාෂ් ගුණවර්ධන,
    ආයේ ඉතින් කියන්න දෙයක් නෑනේ ඕන්...මෙයත් පට්ටයි කියලා තියන එකේ...හික්ස්...ස්තූතියි දුකෝ...

    @ෂෙලින්ක - කටාර්,
    පාඩුවක් නෑ ඕන් නිදි මැරුවට...ඒකනේ,ඒකනේ.හොඳ දෙයක් දෙනකොට නොබලා කොහොමද? ස්තූතියි සහෝ...

    @පැතුම් පුංචිහේවා,
    අනිවාර්යෙන්ම, මෙහෙමත් කට්ටිය අනුමත කරනකොට කව්ද නොබලා ඉන්නේ..ස්තූතියි පැතුම්...

  16. සුභාෂ් ගුණවර්ධන

    thank u chamee me wage lassana films daana eka gana . . oyaatth team eke hamotamath thnx . . . !

  17. අරවින්ද

    මම බලපු හොඳම චිත්‍රපටියක්. අනිවා බලන්න. මම

  18. විදුර ඉමේෂ්

    පට්ට ෆිල්ම් එකක්.තෑන්ක්ස් අයියා.

  19. රොයිලි

    කමෙන්ට් වලින් පේන විදියටනම් පට්ටම ෆිල්ම් එකක් වගෙ ඈ. ස්තූතියි වාසල සහෝ ලිපියට :)

    ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා. බලලත් කියන්නම් කෝ :)

  20. තිස්ස දොඩන්ගොඩ

    මේවා බාගෙන බලන්න තියන තදියම නිසා කොමෙන්ට් දාන අමතක වෙනවා... ශික් කළගුණ නොදත් අපි... වාසල, රොයිලි සොයුරනට මගේ ස්තූතිය ඈ....!

  21. රොයිලි

    @ තිස්ස දොඩන්ගොඩ,

    අනේ තිස්ස අයියේ මට අහවල් එකකට ස්තූති කරනවද මන්දා :P

    වාසලට තමා ස්තූතිය යන්න ඕනා :)

  22. චමිදේවා

    @තිසර,
    ඔය ලියලා තියෙන්නේ මට වැඩියේ හොඳට..ස්තූතියි තිසර...

    @ashan kandy,
    අනිවා...පේනවනේ උඩ මේක ගැන කියලා තියන ඒවා...ස්තූතියි අශාන්...

    @San J,
    ඒකනේ...ටිකක් හිනා වෙන්නත් පුළුවන්....ස්තූතියි සහෝ...

    @මලිත්,
    ඔව්...ඔව්..බාගෙන බලන්නකෝ.බොරුද කියන්නේ කියලා...

  23. චමිදේවා

    @සුභාෂ් ගුණවර්ධන,
    ස්තූතියි දුකෝ...මම බලන ෆිල්ම් වලින් මගේ හිතට හොඳට දැනෙන ඒවා තමා මේ දෙන්නේ...

    @අරවින්ද,
    ඔන්න තවත් රෙකමදාරුවක්..හික්ස්..ස්තූතියි සහෝ...

    @විදුර ඉමේෂ්,
    ස්තූතියි මල්ලියෝ...

    @රොයිලි,
    හිහ්...මම හිටියේ බලලත් ඉවරයි කියලා...හා...හා...බාගෙන බැලුවනම් කාරිය..

    @තිස්ස දොඩන්ගොඩ,
    ආ පික්ෂුද තිස්ස අය්යා...දෙන එක බලනවනම් කමක් නෑ...හිත් හොඳ මිනිස්සුන්ට පස්සේ හරි මතක් වෙනවනේ...

    @රොයිලි,
    අනේ මේ මගේ කට...!

  24. පිස්සා

    ස්තූතියි වාසල...
    හොදයි වගේ...
    බාමි...

  25. පිස්සා

    අඩේ, බාන්න දැම්මාම අවුලක් පෙන්වනවා..
    සොරි. කොම්.

  26. wath සොඳුරු සිත

    අනේ ඉතින් අපට කොහෙද මේව බලන්න වාසනාවක්..... අපි ඉතින් ලිමිටඩි නේ.......

  27. Supun

    Bamu
    Hoya hoya hitapu film ekek

    Balala Kiyannam

  28. චමිදේවා

    @පිස්සා,
    ස්තූතියි පිස්සෝ...ඒත් මොකෝ මේ අවුල...මම ටැස් කොරලා බැලුවා අවුලක් නම් නෑ...මක්කෙයි දන්නේ නෑ කාරණාව...

    @wath සොඳුරු සිත,
    අඩේ අම්මෝ....මෙන්න,මෙයත් ඇවිත් ...සන්තෝසයි සන්තෝසයි...
    මක්කොරන්නද ඒකට...මේ ලඟකනම් දෙන්න තිබ්බා...

    @Supun,
    බගෙන බලලා කියන්නකෝ...

  29. Anju

    nice movie

  30. මධුරංග ප්‍රභාත්

    මම මේ චිත්‍රපටිය මුලින්ම බැළුවෙ කැම්පස් එකේදි. මෙතුවක් කාලෙකට මම බලල තියෙන හොඳම චිත්‍රපටය.

    පට්ට කියන්නෙ උපරිමයි. හැමෝම ජීවිත කාලය ඇතුළත එක පාරක් හරි බලන්න ඔනෙනෙ චිත්‍රපටියක් කියල තමයි මම විශ්වාස කරන්නෙ.

  31. nishantha

    Mama Godaaak kamathi me wage films walata.Thanks

  32. buddhika

    බොහොම පින් අනේ

  33. Supun

    MAXXXXXXXXXA attatama kiyanna wachana madi

    godak rasavinda jeewthayata arthyak ekathukaragatta

    Chamideva sahodarayata godak isthuthi...

  34. Suvin

    mechcharatama hondai da???? ehenam baannama wenawa wage!

  35. Uraj Deemantha

    බානවෝ බානවෝ.... :D රවුටරේට අබ සරණයි .....!! :P

  36. නදී

    පට්ටම චිත්තරපටියකි... බාල බලන්න..

  37. Supun

    godak rasavinda
    mara sensitve film ekak
    godak isthuthi me wage film ekak dammata

  38. Randi

    i am new to the show. anyway tnks guys. vl give a comment after watch

  39. prami

    නියම film එකක්.ජිවිතයට වටිනා දේයක් ගන්න පුලුවන් විදිහේ film එකක්.තැන්කු වාසල ‍සහෝ.....

  40. Nirmal

    Thanx macho thanx a lot
    Shindlers List eka beluwanam meka nobala kohomada ban....

  41. mahen

    එල එල මමත් අද මේක බානවා නියමයි
    චමිදේව අයියා

  42. Gemba

    meke sinhala subtitles nadda?

  43. Bimz

    Meke sinhala sub eka denna baida?

  44. Mayura Suraj

    Meke sinhala sub eka denakam goda kalayak balan hitiya. kawuruth dei kyl hithuwe naha. bohoma sthuthiy saho.

  45. richi

    onna mama 1 oya lipiya liyala thiyana vidiya hithata wadinawa aiye sub ekata thanks hode....!

  46. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  47. Kulanjana Maduranga

    ELAZZZZZZZZZ.subata thanks KAPILA saho.digatama sub demu.jaya wewa............

  48. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  49. Givantha Arshakularathne

    Thank you.

  50. Jack

    ස්තුතියි සහෝ සබ් එකට.
    දිගටම සබ් දෙන්න.

Load more comments