අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Merry Christmas (2024) Sinhala Subtitles | නත්තල් දින හමුවූ නාඳුනන්නී… [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 23 votes.
Please wait...

Merry Christmas (2024) Sinhala Subtitles

Merry Christmas (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලගදි බොලිවුඩ් සිනමාවෙන් බිහිවුණ සුපිරිම ත්‍රිලර්/මිස්ටරි චිත්‍රපටයක්. ගොඩක් අය නම් මේ චිත්‍රපටය ගැන දන්නවා ඇති. මොකද මේක සුපිරිම අධ්‍යක්ෂකවරයෙක්ගෙ අතින් නිමවුණු සුපිරිම නළු නිළියො රැසක් ඉන්න ෆිල්ම් එකක් නිසා. එහෙනම් ෆිල්ම් එක ගැන වැඩි විස්තර කතා කරමුකො,

Merry Christmas (2024) Sinhala Subtitles

Andhadhun, Badlapur වගේ පට්ට නිර්මාන දායාද කරපු ශ්‍රී රාම් රාඝවන්ගෙ අලුත්ම වැඩේ තමා මේ මෙරි ක්‍රිස්මස්. පහුගිය නත්තල් කාලේ එන්න තිබ්බට ටික ටික පහු වෙලා පහුගිය ජනවාරියෙ තමා එලි බැස්සෙ. බලාපොරොත්තු තියන් හිටියා වගේම නියමම අත්දැකීමක් වෙනවා මේ චිත්‍රපටිය. IMDb දර්ශකේ මේ වෙනකොට මනාප 20,000 අධික ප්‍රමානයකින් 7.3 ඉහල අගයකුත් කුණු තක්කාලි 89% කුත් ලබාගන්න හැකිවෙලා තියෙනවා. රංගනයෙන් එකතු වෙන්නේ විජේ සේතුපති, කට්‍රිනා කයිෆ්, රාධිකා අප්තේ යන අය. ශ්‍රීරාම්ගෙ චිත්‍රපටවල මුල්ලක හෝ රාධිකා ඉන්න එකෙන් හිතෙනවා දෙන්නා අතර මොකක්හරි තියේදෝ කියලත්.

Merry Christmas (2024) Sinhala Subtitles

කතාව ගැනත් පොඩි මතක් කිරීමක් කළොත්, ඇල්බට් අවුරුදු හතකට පස්සෙ එයාගෙ ගෙදර වුණ බොම්බායි වලට එනවා. එයා ගෙදර නැති කාලෙදි එයාගෙ අම්මා එහෙමත් නැතිවෙලා. ඉතිං මෙයාට ඒ ගැන ලොකු පසු තැවීමකුත් තියෙනවා අම්මා ලග ඉන්න බැරි වුණ එකට. ඒවා ඇරිල යන්නත් එක්ක මෙයා හවස ඇවිදින්න යන්න තීරණේ කරනවා. මොකද මේ නත්තල් දවසට කලින් දා. ඇල්බට් එහෙ මෙහේ ඇවිදලා යනව අවන්හලකට. ඒකෙදි තමයි මෙයාට මරු වැඩක් වෙන්නේ. ඒ තමයි මරියා කියලා දරුවෙකුත් ඉන්න හැඩකාර ගැහැණු කෙනෙක්ව මුණු ගැහෙනවා. මෙයාල ඉතිං නොසිතූ විදිහට ටිකක් හාද වෙලා, කොහොම හරි මරියා ඇල්බට්ට ගෙදරටත් කතා කරනවා. එතනින් පස්සෙ තමා අමුතු දේවල් වෙන්න අරන් කතාව උඩු යටිකුරු ගහන්නේ. ඉතිං කවුද මේ මරියා? කවුද මේ ඇල්බට්? එයාලට මේ ගේ ඇතුලෙදි මොනව සිද්ධ වෙයිද? මොනා සිද්ධ වුණත් බලන ප්‍රේක්ෂකයාට නම් කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලලා දාන්න පුළුවන්, ඒක විශ්වාසයෙන් කිව්ව හැකී.

Merry Christmas (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් එච්චරයි ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නේ. හැබැයි අන්තිම වශයෙන් ස්තූති කරන්න කීප දෙනෙක් ඉන්නවා. ඇත්තම කිව්වොත් මං මේකට උපසිරැසි කරන්න ආසාවෙ හිටියෙ ෆිල්ම් එක එන්නත් කලින්, Andhadhun, Badlapur වගේ සුපිරිම චිත්‍රපට කරපු අධ්‍යක්ෂකවරයගෙ වැඩක්නෙ මේක. හැබැයි මේ ෆිල්ම් එක උපසිරැසි කරන්න බාරව තිබුනේ දහරා අක්කට. ඒත් එයාගෙ කොම්පියුටර් එක කැඩිල තිබුන නිසා රවින්ඳු හේෂාන් සහෝදරය මගෙන් ඇහුව මේක කරමුද කියලා. ඉතිං ඒ දෙන්නට ස්තූති කරනවා මට මේකට උපසිරැසි කරන්න බාර දුන්නට. ඒ වගේම මේකෙ නොදන්න දේවල් කියල දීල ලොකු සහයෝගයක් දුන්න මයුර අයියටයි, මේකෙ හිංදි සින්දු ටික කරල දෙන්න පුළුවන්ද ඇහුවාම බෑ නොකියා ඒ වැඩෙත් ලස්සනට කරලා දුන්න ආසිරි ප්‍රියන්ත අයියටයි බෙහෙවින් ස්තූති. එහෙනම් ඔච්චරයි කියවන්න යන්නේ, හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

Merry Christmas (2024) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HQ HDRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Merry Christmas (2024) Sinhala Subtitles

13 thoughts on “Merry Christmas (2024) Sinhala Subtitles | නත්තල් දින හමුවූ නාඳුනන්නී… [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *