අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිපවුලේ සැමටබලන්නලහිරු ප්‍රසාද්සිංහල උපසිරැසි

Mortal Engines (2018) Sinhala Subtitles | ලෝක විනාශයකින් පසුව බිහි වූ විලෝපීය නගර [සිංහල උපසිරැසි සමඟ] *150*

Rating: 8.6/10. From 158 votes.
Please wait...

කාගෙන් හරි ඇහුවොත් ඔයාගෙ විනෝදාංශය මොකක්ද කියලා ගොඩක් දෙනෙක්ගෙන් අහන්න ලැබෙන්නෙ; මුද්දර එකතු කරනවා, කම්පියුටර් ගේම්, පරණ කාසි එකතු කරනවා, ඔය වගේ දේවල් නෙ. හැබැයි කවුරුහරි මගෙන් ඇහුවොත් උත්තරේ වෙන්නෙ “සිංහල උපසිරැසි නිර්මාණය.” ඒ තරමටම මේකට ඇබ්බැහි වෙලා කිව්වොත් මම හරි. අපෙ උපසිරැසි කරන හැමෝම වගේ මේකට එකඟ වෙයි කියලා හිතනවා. මොකද කොච්චර නවත්තන්න උත්සහ කලත් කී බෝඩ් එක තලන්නමයි හිත. ගෙදරට වෙලා නිකන් ඉන්න කාලෙ පටන් ගත්ත දේ මේ වෙනකොට අධ්‍යාපන කටයුතු අස්සෙත් කරගෙන යන තැනට ඇවිල්ලා තියනවා. ඇත්තටම මේ උපසිරැසිය කලෙත් මගෙ කරන්න තියන එසයිමන්ට් එක පැත්තකට දාලා. සමහරු හිතයි මොකට මේ නිකන් මහන්සි වෙනවද කාලෙ කාගෙන කියලා. සමහරුන්ට එහෙම හිතෙන්න පුළුවන් ඒත් මංදා මට අන්තිමේදී මේකෙන් ලැබෙන තෘප්තිය කියලා නිම කරන්න බැහැ. ඒක කියනවට වඩා එකක් කරලම බලන්න ඕන දෙයක්. ඉතිං ඔහොම කරගෙන ආපු මේ ගමනෙ අද මේ ලෑස්තිය මගේ තුන්වෙනි කඩයිම පහු කරන්න, ඒ කියන්නෙ 150 වෙනි උපසිරැසිය අරගෙන එන්න.

මේ උපසිරැසි 150 ඇතුලෙ චිත්‍රපට කිහිපයක් ඇරුනම අනික් සේරම රූපවාහිනි කතා මාලාවලට කරපු උපසිරැසි තමයි තියන්නෙ. කියන්න සංතෝසයි ඒවයිනුත් වැඩි හරියක් Marvel කතා මාලා (ෆිල්ම් නෑ). හැබැයි කෝක කලත් තමන්ට උපසිරැසියක් කරන්න චිත්‍රපටයක් වේවා රූපවාහිනි කතා මාලාවක් වේවා වෙන් කරගත්ත නම් ඒක සාර්ථකත්ව ඉවර කරන තෙක් ලොකු වගකීමක් ඒකත් එක්කම ඔටෝ ලැබෙනවා. එකක් තමයි තමන් බාරගත් උපසිරැසිය කලට වෙලාවට ලබාදෙන එක අනික ගුණාත්මක භාවය, මොකද වරදක් උනොත් ඒක කෙලින්ම බයිස්කෝප් කියන නමට තමයි හානියක් වෙන්නෙ. කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු ටිකක් හරි තියනවනෙ, ඒ වගේම පොඩි පොඩි වැරදි තියන්න පුළුවන් උපසිරැසි වලත්, එහෙම තියනවනම් බලන ඔයාලගෙ වගකීමක් ඒ පිළිබඳව උපසිරැසි කරුවා හෝ ඇඩ්මින්ලා දැනුවත් කරන එක. ඔය පහල කමෙන්ට් බොක්ස් එකේ කියන් ගියත් කමක් නෑ කුනුහරුප නොකියා. වැරදි වෙන්න පුළුවන් මොකද මේක තනි මහන්සියෙන් කරන දෙයක් මිස සෙට් එකක් එක්කහුවෙලා, ටයිප් කරන්න එකයි, සෝදුපත් බලන්න එකයි උපසිරැසි සංකලනය කියාන තව එකයි, ඔහොම නෑ. එහෙම කරන ඒවගෙත් වැරදි අනන්ත වෙනව අපි දැකලා තියනවනෙ. ඉතිං අපෙන් පොඩි හරි වරදක් උනොත් මුහුණු පොතේ වැලලෙන්නෙ නැතුව(සමහරක් හොදේ) කෙලින්ම අපිට කියන්න, බයින්නෙ නෑනෙ.

හැමදෙයක්ම පස්සෙන් තවත් කට්ටියක් ඉන්නවනෙ, ඉතිං අපේ උපසිරැසි ගානට වෙලාවට හදලා වෙබ් අඩවියෙ පබ්ලිෂ් කරන සහා අඩවිය වෙනුවෙන් මහන්සි වෙන අපේ ඇඩ්මින් මණ්ඩලයත් මතක් කරන්න එපැයි. හැමවෙලේම නොදන්න දෙයක් ඇහුවම බෑ නොකිය උදව් කරන හසන්ත අයියවත්, අපෙ මුල්ම උපසිරැසිකරුවා වෙන රොයිලි අයියවත්, අඩවියෙ මුලින්ම හමබවුන සමීර කරුණාරත්න අයියා, ශාන් විමුක්ති නොහොත් විමාවත්, සමීර චතුරංග අයියා, ප්‍රණීත් රණසිංහ සහෝ, යශෝධ ශ්‍රීමාල්, සුධීර මාලන් අයියා, චාමර සම්පත් සහෝ, ලෝගන් අයියා, සිසිල ප්‍රසාද් අයියා, වගේම මංසල ඇදගෙන යන තිසර අයියවත්, ඩවුන්ලෝඩ් සයිට් එක කරන් යන සදුන් ධනුෂ්ක අයියවත් මතක් කරනවා.

එහෙනම් මේ මදැයි මගෙ අටුවාටිකා කියෙව්වා නේද, ආයෙ කවදා ඉතිං මෙහෙම කඩයිමක් ගේන්න ලැබෙයිද දන්නෙ නෑ එන්න එන්න වැඩිවෙන වැඩත් එක්ක උපසිරැසිකරණයට තියෙන කාලය කෙමෙන් කෙමෙන් අඩූ වීගෙන යනවා. එහෙනම් පහල ලිපියත් කියවගෙන යන්නකො.

කතාව පැත්තට හැරුනොත් ඔයාලා මීට කලින් බලලා ඇතිනෙ lord of the rings, Hobbit කියන ෆිල්ම් සෙට් එක පීටර් ජැක්සන් මහත්තයා අධ්‍යක්ෂණය කරපු. ඒ වගේම ඔය ෆිල්ම් නිර්මාණය වුනේ ඔය ඇසුරෙන් ලියවුන නවකතා ආශ්‍රයෙන්. ඉතිං අන්න ඒ වගේ තමයි Mortal Engines කියන්නෙත් පොත් පෙළක පළමු පොත. ඉතිං ඒ ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. මේ සදහාත් පීටර් ජැක්සන් මහත්තයගෙ සහයෝගය ලැබිලා තියනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Christian Rivers විසින්.

මම කිව්වනෙ මේක පොත් පෙළක් කියලා, ඇත්තටම මේක පොත් හතරක සීරිස් එකක් කිව්වොත් හරි. මේක හදුන්වන්නෙ Mortal Engines Quartet කියලා. පොත් හතර නම් වශයෙන් සඳහන් කලොත්:

  1.  Mortal Engines (2001)
  2.  Predator’s Gold (2003)
  3.  Infernal Devices (2005)
  4.  A Darkling Plain (2006)

ඔන්න ඔය විදිහට තමයි පොත් ටික නිකුත් වෙලා තියෙන්නෙ.
මේ පොත් සේරම බ්‍රිතාන්‍යය ලේඛක Philip Reeve ලියපු පොත්. මෙහි පළමුවැන්න භාවිතා කරලා තමයි ගිය වසරෙ අවසානයට තිරගතවීම ආරම්භ කරපු Mortal Engines සිනමා පටය ප්‍රේක්ෂකයින් අතරට ආවෙ. ඒ වගේම තමයි Mortal Engines කෘතිය Nestlé Smarties Book Prize සම්මානය දිනාගෙන තියනවා වගේම Whitbread සම්මානය සඳහා යෝජනාවෙලා තියනවා. අපි හිතමු ඉතුරු පොත් ටික මීටත් වඩා හොඳ චිත්‍රපට තුලින් දැකගන්න ලැබේවායි කියලා.

අපි බලමු චිත්‍රපටයෙ කතාව මොකක්ද කියලා,

හිතන්නකො මුළු ලෝකෙම විනාශවෙලා ගිහින්, කෑම බීම විශේෂයෙන්ම ජලය, බොහොම හිගයි, හරියට ඉන්න තැනක් හොයාගන්න බැහැ. මිනිස්සු මොනා කරයිද? අනිවා මරාගන්න පටන් ගන්නවා, එක්කො හොරා කනවනෙ. ඔය අතරෙ බල පුලුවන්කාර එවුන් පොඩි එකාගෙන් හොරකම් කරගෙන කනවා. ඕක තමා වෙන්න පුළුවන් අවම දේ.

කතාවට අනුව ලෝකය කාලෙකට පෙර න්‍යෂ්ටික පිපිරීමක් හේතුවෙන් විනාශ වෙනවා. පස්සෙ ඉතුරු වුන අය විනාශ වුන පොලොව මත ජනාවාස ඉදිකරගන්නවා. හැබැයි සාමාන්‍ය ඒවා නම් නෙවෙයි. මේ නගර වලට එහා මෙහා යන්න පුලුවන්. තනිකරම යාන්ත්‍රික නගර. මේවට කියන්නෙ ට්‍රැක්ෂන් නගර කියලා. විවිධ ආකාරයෙ නගර තියනවා. ඒ අතරින් ලන්ඩන් කියන්නෙ ලොකුම නගරය. මේවා විලෝපික නගර. මොකද ලන්ඩන් වගේ විශාල නගර කරන්නෙ කුඩා නගර දඩයම් කරගන්න එක. ඒ අතරම පරණ තාක්ෂණය එක්කහු කරන එක.

මේ නගර වලට විරුද්ධ කට්ටියක් ඉන්නවා, එයාලව හදුන්වන්නෙ ට්‍රැක්ෂන් විරුද්ධවාදීන් කියලා. ඇනා ෆෑන්ග් කියන්නෙ එයින් කෙනෙක්. මෙයාලට වෙන්වුන වෙනම ලීගයක් තියනවා. මේ අය ජීවත්වෙන්නෙ එහා මෙහා ගිහින් දඩයම් කරගෙන යැපෙන නගර වල නෙවෙයි. ඒකයි මෙයාලව මේ නමින් හදුවන්නෙ.

කතාවට මුල් වෙන්නෙ, පැන්ඩෝරා ෂෝ කියන්නෙ ඉතිහාසඥවරියක්, එයා කාලෙකට කලින් කරපු ගවේශනයකදි පැරණි තාක්ෂණික මෙවලමක් හොයාගන්නවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා මේ දේවල් හොයන. ඒ තමයි වැලන්ටයින්. වැලන්ටයින් සහා පැන්ඩෝරා කියන්නෙ බොහොම ලගින් ආස්‍රය කරන දෙන්නෙක්. ඒත් පැන්ඩෝරා දැනගන්නවා වැලන්ටයින් මේ දේ හොයනවා කියලා. ඉතිං පැන්ඩෝරා වැලන්ටයින්ට තමන් හොයාගත්ත දේ නොදී ඉන්න තීරණය කරනවා. ඉතිං ඒ නිසාම පැන්ඩෝරා වැලන්ටයින් අතින් මිය යනවා. හැබැයි පැන්ඩෝරා මැරෙන්න කලින් තමන්ගෙ දුව වෙච්ච හෙස්ටර් ෂෝට යම් දෙයක් දෙනවා. ඒ මොකක්ද කියලා බලන්න නම් ෆිල්ම් එක අන්තිම වෙනකල් බලන්න වෙනවා. ඒ වගේම වැලන්ටයින් පැන්ඩෝරව මරලා එයාගෙන් අරගත්තෙ මොකක්ද, මෙයා මොකක්ද කරන්න සූදානම් වෙන්නෙ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න.

ඇත්තටම මේක මෙහෙම කෙටියෙන් කියන්න පුළුවන් කතාවක් නෙවෙයි, හෙන හෑල්ලක් වගේ දිගට ඇදන් යන්න පුළුවන් හරි රසවත් එකක්. ඒ නිසා බලලම ඉන්න. එහෙනම් මම ගිහින් එන්නම්.

ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

252 thoughts on “Mortal Engines (2018) Sinhala Subtitles | ලෝක විනාශයකින් පසුව බිහි වූ විලෝපීය නගර [සිංහල උපසිරැසි සමඟ] *150*

  • බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

    Reply
    • Prageeth methmika

      හොඳ වැඩක් කරල අවසානෙදි ලබන තෘප්තිය වෙන කිසිම දේකින් ලබන්න බෑ good luck

      Reply
  • Anonymous

    1080p [blu-ray] SUB OK [thanks]

    Reply
  • sub ekata thanks ayye.sub hadann mata nam amarui man short video deka thunak hadala thiyana nisa dannawa .thanks again

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති the ballad of buster scruggs (2018) sub dennako

    Reply
  • Farmchemie_Roshan

    Thanks bro…

    Reply
  • Weerasinghawijethilaka

    ස්තූතියි සහෝ

    Reply
  • Nuwantha Dulan

    සුභ පැතුම් ලහිරු සහෝ,
    ඊලඟ කඩ්යිම් වලටත් ඉක්මණටම යන්න ලැබේවා,
    සියළු කටයුතු සාර්ථක වේවා,
    ජයෙන් ජය 🙂

    Reply
    • vihanga_raveen

      උපසිරැසියට ස්තුති සහෝ. ජය වේවා. දිගටම කරන් යමු!

      Reply
  • AshanChathuranga1997

    Thanks
    &
    150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්

    Reply
  • එහෙම හිතන්න එපා ළහිරු මල්ලි.අපි හිතන්නෙ නෑ මේක පිස්සුවක් කියල.sub නැත්නම් මන් film එක බලන්නෙත් නෑ කොච්චර ආස එකක් වුනත්. Sub එනකල්ම ඉන්නවා.ඉගන ගන්න වැඩයි sub හදන වැඩයි දෙකම සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ඔයාට මන් හදවතින්ම සුභ පතනවා.
    පුලුවන්නම් naanu ki janu movie එකට sub දෙන්න.

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    ලේසි පහසුවෙන් හැමෝටම කරන්න බැරි කතාමාලා කීපයක්ම ඇදගෙන
    යන සයිට් එකේ ඉන්න තවත් හිත හොඳ මිත්‍රයෙක් තමයි ලහිරු කියන්නෙ…
    එහෙනම් ඉතින් 150* වැනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා මචං…
    කරන කියන වැඩත් සාර්ථක කරගෙන ඉස්සරහටත් උපසිරසි ලබාදෙන්න
    හැකියාව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා…

    ~~ඔබට ජය~~

    Reply
  • මොළ කකුලුස්

    ගුණාත්මක බව ඉහළ subtitles දෙන හැමෝටම ගොඩක් ස්තුතියි……

    Reply
  • Thilankadissanayake

    Thank you

    Reply
  • Tharindu07

    Thanks Machoo…..!!! Jayaweva…!!!

    Reply
  • Dragonwhite

    පට්ට සලරුවක් සබට බොහොම පිං

    Reply
  • shenal stefan

    තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • Thushara Sanjeewa

    thanks bro

    Reply
  • මොළ කකුලුස්

    Film එක,නම් පට්ට…subtitles නියමයි..හොදයි…ජය වේවා…

    Reply
    • Good job bro…..congratulations…..go head

      Reply
  • thank you,,,,,,,,,, jaya weewa

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    Thanks bro.
    And congratulation for 150th.
    Good luck.

    Reply
  • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි! ජයවේවා සහෝ!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
    • Sandunadikari

      Thanks brother

      Reply
  • Maxxnavindu

    කාලෙකින් සබක් බාන්නේ..සුභ පැතුම් මිත්‍රයා..

    Reply
  • Great work machan go a head..

    Reply
  • Thanks mchn … ❤️

    Reply
  • Hasantha_Sajeewan

    Thanks, bro.

    Reply
  • Bohoma sthuthi malli. Bluray eka enakanma hitiya balanna…nethnam wedak nee…ela.Bs

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    ලහිරුගේ උපසිරසි බොහොමයක්ම වගේ බලල තිබුණත් ඒවයින් මං කැමතිම සීරීස් දෙක වුණේ ශීල්ඩ් එකයි සික්ස් එකයි…
    ඒ වගෙම තමයි ශීල්ඩ් එක එපියක් හරි බලපු කෙනෙක්ට තේරෙනවා ඒකට උපසිරසි ගන්වන එක ලේසි පහසු වැඩක් නොවෙන විත්තිය..
    ඉතින් ඒ වගේ සීරීස් ඇදන් යන කෙනෙක්ගෙ උපසිරසි ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නොවැ…
    ඔන්න බ්ලුරේ එනකන්ම හිටියා ෆිල්ම් එක බලන්න. කතාව නම් සුපිරි ඒ වගෙම සබ් එකත් නියමෙටම තිබුණා…
    එහෙනම් 150* වැනි උපසිරසියට මගෙනුත් උණුසුම් සුබපැතුම් ලහිරු මලේ…
    ඉදිරියටත් උපසිරසි ලබාදෙන්න හැකිවෙන්න කියල ප්‍රාර්තනා කරනවා…
    ~~ ඔබට ජය~~

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Madushankatast

    ස්තූති සහෝ ඔබට ජයෙන්…. ජය

    Reply
  • සබ් එකට ස්තුතියි .ජය වේව!

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • 150 වන උපසිරැසි කඩයිමට සුබ පැතුම් ලහිරු සහෝ! උපසිරැසියට තුති, ජය!

    Reply
  • ThusharaIndunilRathnayaka

    Sub ekata thanks….!

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • Sajithlakshan

    thanks …………………

    Reply
  • BRupdate plz…………

    Reply
  • Supun Preemal

    උණුසුම් සුභපැතුම් සහෝ . උපසිරැසියට බොහොම ස්තුතියි …

    Reply
  • ELA BOKKA DIGATAMA KARAN YAMU

    Reply
  • Janithsapugoda

    Thanks hamadatama jaya

    Reply
  • 150’වැනි කඩයිමට සුභපැතුම් මචං.
    මෙතැනින් නොනැවතී තවත් කඩයිම් වලට ලගාවෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා වගේම ඉදිරි වැඩ කටයුතු වලටත් සුභ පතනවා.
    වෙලාවක් ලැබුනම මේ ෆිල්ම් එකත් අනිවාර්යයෙන්ම බලනවා.
    ජය!

    Reply
  • neyama movie ekak thama

    thanks

    Reply
  • thanks sub ekata.tawa denna.jaya wewa

    Reply
  • Nimesha Abhishek

    thanks saho… keep it up

    Reply
  • උපැසිරැසියට ස්තුතියි෴෴

    Reply
  • Ishani ayeshika

    Ay bro meke hc hd copy eke subtitle eka ain kale.mage laga thiyana copy eka hc hd ekak.eth den eka sub ekka ballana widiyak ne.puluwannam parana hc hd copy eke sub ekath ayeth add karala tiyanna.thank you bro

    Reply
    • Sandun sri

      Oyage player eka mokakda kiyanna.agest karanna puluwan sub eka oyage laga thiyena copy ekata

      Reply
  • සුබ පැතුම් මචෝ
    දැනුයි බං නිදහසක් හම්බුනේ බලන්න
    200 විගහට එමු.
    එහෙනම් ජය වේවා…!!!

    Reply
  • විමා

    සමාවෙයන් සුභපතන්න පමා උනාට
    අද තමා ෆිල්ම් එක බැලුවේ
    පට්ට කන්සෙප්ට් එක
    ඉස්සරහට ඉතුරු ටිකටත් ෆිල්ම් ආවොත් හොඳයි
    අපරාදේ මේක ෆ්ලොප් උනේ නම්
    සයිට් එකේ ඉන්න හොඳම උපසිරසිකරුවන්ගෙන් කෙනෙක් කියල ආයේ බය නැතුව කියන පුළුවන්
    ඒ වගේම තමන්ගේ වගකීම අකුරටම ඉටුකරන කෙනෙක්
    ඔක්කොටම වඩා එකම වෘත්තියේ සඟයෙක් නොව 😀
    එහෙනම් මචෝ
    ඊළඟ කඩයිමට පමා නොවී සුභාපතන්නම් අමතක නොකරම
    කරන කියන සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා
    ජයෙන් ජය වේවා 😀

    Reply
  • CMpvtltd12345

    Thankx bro and congratulations..

    Reply
  • Sub ekata Thanks
    A wagema 150 kada ima sampoorna kalata suba pathum
    jaya wewa sahoo…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
    ඒ වගේම 150 වෙනි කඩඉමටත් සුබ පැතුම්…..!

    Reply
  • Thank you very much Lahiru Prasad…

    Reply
  • isuru dilshan

    අඩෝ 150ට සුභ පැතුම් ලහිරුවා..ඊලග ඒවටත් විගහට යමු…ජයවේවා..!!

    Reply
  • sandunsanjeewa52

    ස්තූතී සහෝ…

    Reply
  • Saranga J. Liyanagama

    Thanks bro…

    Reply
  • Binara Waduge

    150 ට සුභ පැතුම් සහෝ… කියන්න දෙයක් නෑ පට්ටෙටම වැඩේ කරගෙන යනවා… දිග ගමනකට ජය වේවා❤

    Reply
  • Downloadpathirana

    Suba pethum kollo.thawath me wage nirmana karanna yodha bala yodha shakthiya lebenna kiyala prarthana karanawa

    Reply
  • Krishanthab

    ලිපියවත් කියවන්නෙ නැතුව සබ බාගෙන ගියා මමත් ඉස්සර.. එත් පස්සෙ කාලෙක අපි මේ දාන එක comment එකත් උඹලට කොච්චර වටිනවද කියල තේරුනා.. ඔබට ජය..

    Reply
  • chathurikadias

    uyala nomile me karana sewawa mama ithamath agaya kota salakanawa…film ekak asawen balanna puluwan ogollongre me sewawa nisai…kattiyatama jaya wewa hadawathinma….

    Reply
  • RuwanLakshan93

    බොහොම ස්තූතියි සහෝ…ජය වේවා !

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • djtharindu397

    elama bro mamat hithenawa subtitel ekak hadanna kohomada hadanne kiyala kiyala denna puluwanda

    Reply
    • ලහිරු ප්‍රසාද්

      [email protected] ඕකට මේල් එකක් දාන්න උපසිරැසි හදන එක ගැන විස්තර අහලා.
      ඇඩ්මින්ලා උදව් කරාවි.

      Reply
  • Jerome Valeska

    150 වෙනි උපසිරසියට සුභ පැතුම් කොල්ලෝ…!!!

    Reply
  • Lahiru Lakshan

    thanks bro…..

    wish u all the best…..

    Reply
  • Kasunabayasekara

    Thanks machan

    Reply
  • 150 weni upasirasiyata subapathum oyata…..bohoma sthuthi me film eka dunnata….

    Reply
  • 150‌ වැනි උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් සහෝ! උපසිරැසි ගැන්වීමට ‌බො‌හොම ස්තූතියි! ජය!

    Reply
  • 1997avishka

    Thanks macho…elama

    Reply
  • sachiravihanga

    බොහොම ස්තූතියි මචො..

    Reply
  • Channa Anuruddha

    Thnk sub Ekata

    Reply
  • Susantha1979

    Thank you for your commitment

    Reply
  • මචෝ බ්ලූ රේ එකටත් අප්ඩේට් කරනවද ❤️

    Reply
    • ලහිරු ප්‍රසාද්

      බ්ලු රේ තාම නෑ බං. ආවම අප්ඩේට් කරලා දෙන්නම්

      Reply
  • Congrtz And Thanx Bro

    Reply
  • nipuna_sahani

    thanks bro……

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…………..!

    Reply
  • Nandana_kumara

    සුභ පැතුම් සහෝ

    Reply
  • Rumesh dhanushka

    ස්තුතියි සහෝ….

    Reply
  • 150 වැනි උපසිරසියට සුභ පැතුම්
    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • charithbaiscope

    Suba petum sahodaraya…

    Reply
  • Pramukmili

    subapathum bro……..thanxx…………..

    Reply
  • 150 වැනි උපසිරැසි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා සහෝ.
    බාහිර වැඩ කටයුතුත් සමබරව කරගෙන යනගමන්, උපසිරසි ගැන්වීමෙ වැඩ කටයුතුත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය, ධෛර්‍යය ලැබෙවා කියලා ප්‍රාර්තනා කරනවා.
    ජයවේවා!

    Reply
  • Congratulations bro, u did it.
    Thank u too..

    Reply
  • jayanga jeewana

    sub ekata Thx bro……

    Reply
  • Anoj dinuranga

    Sub eka dunnata gdk tnx

    Reply
  • DilanDilshan

    thankz broo..jayen jyama wenda ooni..

    Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • කවිනු වීරක්කොඩි

    හම්බවෙලා කතා කරලා නැතත් දීපු සබ් තොගෙන්ම තේරෙනවා ඒසේ මෙසේ පොරක් නෙමෙයි කියලා… ජය වේවා ළහිරු අයිය‌ේ!! ඔයා වෙනුවෙන්ම මාවල් රනවේස් සීරීස් ඒක සීසන් 5-6ක්ම රිනීව් වෙන්න කියලා ඒක හිතින් ප්‍රාර්ථනා කොරනවා..

    Reply
  • Congratz an thank you for the sub bro…!!!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks
    bluray awma balamu saho

    Reply
  • Dilshan rajitha

    Nice work keep it up

    Reply
  • thilinaasiri

    Congratulations…!!! @ thanks.. puluwannam POLAR(2019) MOVIE ekatath sub.. denna…. jayawewa…….!!!!

    Reply
  • sampath n perera

    oyaala karanne ithaamath watinaa sewayak
    150 ta suba pethum…..

    Reply
  • sampath n perera

    oyaala pissuwen wage sub danawa
    api pissuwen wage ewa balanawa neda ?
    honda lipiyak …..thanks very much….

    Reply
  • බොහෝම සතුටුයි ලහිරු ප්‍රසද් 150ක් උප සිරසි අපවෙත ගෙන ආවාට. මේ විනොදාංශය බොහෝම උතුම් එකක්. හුඟ දෙනෙකුගේ විනොදාංශ වලින් වෙනත් පාර්ශවයකට ප්‍රතිලාබ ලැබෙනවා අඩුයි. ඒ අතින් අපි වාසනාවන්තයි. ඒ වගේම ඔබ ගේ සියලු කටයුතු සාර්තක වේවා. ඔබට ජයම වේවා

    Reply
  • Shehan putha

    thanks bro !
    suba pathum obata ikmaninma 200 th gahamu….
    jaya wewa !

    Reply
  • Sahan Sulakkhana

    150 weni upasirsiyata hadawathinma sub pathnawaa saho…….!

    Reply
  • nimesh_herath

    බොහොම ස්තුතියි සහෝදරයා බොහොම හොඳයි හැමදාම වගේ අදත් අපි වෙනුවෙන් වෙලාව වෙන් කරලා සබ් ඒක දුන්නට

    Reply
  • damith_janaranjana

    Thanks bro

    Reply
  • Pradeep Pasqual

    උප සිරසියට ගොඩක් ස්තුතියි….!

    Reply
  • 150 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Ayesh Prashan

    150ta subha pathum

    Reply
  • Rasitha Pradeep

    150 වැනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් සහෝ….
    ඉක්මණින්ම ඊළග කඩයිම පහුකරන්න වෙලාව ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා….
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි….

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

    Reply
  • well done…hat off respect BRO….really appreciate your work… & lot of thanks LAHIRU saho….wish u’r great future…

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    150 වෙනි උපසිරසියට සුබ පැතුම්!
    දිගටම සබ් දෙමු…200ත් ඉක්මනටම ගහමු….
    මේ ෆිල්ම් එකත් එනකම් බලන් හිටියේ….
    Bluray copy එකක් අවහමම බලනව..

    Reply
  • Achintha Udayanga

    150වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනව ලහියෝ…
    ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ 3වෙනි කඩයිමට ආව කියන්නෙ උඹ ඇවිල්ල එසේ මෙසේ පොරක් නෙවේ කියල දැනටම ඔප්පු කරල හමාරයි..මේකට හැකියාව වගේම සෑහෙන්න කැපවීමක් තියෙන්නෝන..අධ්‍යාපන වැඩ කටයුතුත් අස්සෙ උඹ ගහන ගේම මට නං හිතා ගන්න බෑ..
    වෙලාවකට හිතෙනව මූ යකෙක්ද කියලත්..
    හරි එහෙනං අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, මේ හපංකම දිගටම කරගෙන පලයං… ඉස්සහරට උඹ තවත් බිසී වෙයි ඒත් උඹ මේක කීයටවත් අතාරින්නෙ නෑ කියල හොඳටම දන්නවා..ඉක්මනින්ම 200 වෙනි උපසිරැසියෙන් හමුවෙමු..උඹට වරදින්නෙ නෑ කොල්ලො ජය වේවා..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො. 150 වගෙ අනිත් කඩඉම් ටිකත් ඉක්මනින්ම පහු කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
    150වෙනි උපසිරැසියට මගේ උණුසුම් සුබපැතුම් සහෝ.
    උත්සාහය සහ කැපවීම අගෙයි.
    ජයෙන් ජය.

    Reply
  • Dhanushkadill

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • nuwan_lakmal_thilakasiri

    thanks godaak.budu saranai

    Reply
  • 150ට හෘදයාංගම සුබපැතුම්!!
    හම්මේ ඉතින් එලටම සබ් දෙන පොරක් නෙව..
    ඒක ඉතින් පේනවා එසයින්මන්ට් අස්සෙත් සබ කොටන එකෙන්..
    කවුරු මොනා කොහොම කිව්වත් ඉතින් දැන් මේක අතැරගන්න බැරි
    සීන් එකක් නෙව යන්නේ කාට කාටත්. එහෙනම් ඉතින් ඔය අධ්‍යාපන වැඩ
    අස්සෙම හනිහනිකට 200ත් ගහමු ඈ.. ජයම වේවා.

    Reply
  • Kantha_DLA

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    මෙම චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Can You Ever Forgive Me? (2018)
    If Beale Street Could Talk (2018)
    King of Thieves (2018)
    Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018)
    Polar (2019)

    Reply
  • Super saho oyage adhasa hari mamat baiscop.lk film sub akk blan natuwa nenda yanaa baiscop.lk tawa awurudu ganak wagaa banaa ona

    Reply
  • ඔන්න ගත්ත..ජයවේවා සහෝ…

    Reply
  • බොබී

    නියමයි, නියමයි. ආයෙත් මාවල් කතාවක් අරන් එනකම් අපි බලාගෙන ඉන්නවා, සහෝ. එසයින්මන්ට් එකට A+ ලැබෙන්න ඕනි, අපිට කරන සේවයට. 200 වෙනි කඩයිමටත් ඉක්මනටම යන්න හැකිවේවා කියලා සුභ පතනවා!

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Sanjeewa2010

    Congtzzzzzzzzz…Thnxxxxxxxxxxxxx

    Reply
  • Hasitha Madush

    ළහිරු සහෝ ජය වීවා..!!!

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ජය වේවා මිත්‍රයා.. යකෝ මේක එපා වෙනවනෙ.. හැම එකාම කඩයිම් ගහගෙන යනව..
    රිපීට් නම් මොනවද බං.. සබක් ගහගෙන ගෙදරට වෙලා ඉඳිං… 200 ගහමු ගැම්මට.. ජය වේවා… ❤️❤️

    Reply
  • තුන්වෙනි කඩඉම වෙනුවෙන් මගෙනුත් සුබපැතුම් කිව්වා…
    අපේ සයිටේ ඉන්න තවත් ෆිට් එකේ කතා බහ කරලා ඉන්න ඩෑල් එකක් තමයි.
    දැන් ඉංගිරිසියක් කොරන් හිටියට මුලදි දෙමළ, හින්දි, මලයාලම් සබ් දීපු එල කොල්ලෙක්.
    දැන් ආපහු වෙනසකටත් එක්ක හින්දි, තෙලුගු,දෙමළ,මලයාලම් එකක් කරමු ඈ… 😛
    දිගටම සබ් දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඔබට ජය!

    Reply
  • Kantha_DLA

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් අඩවියට නම් දැන් “කඩයිම් වසන්තයක්” ඇවිදින් වගේ. ඉතින් මේ වෙලාවේ 150 වෙනි කඩයිම පසු කරන ළහිරු මල්ලිටත් ඉක්මනින් වසන්තය උදා වේවා යි ප්‍රාර්ථනා කරනවා. මල්ලි උපසිරැසි ගන්වපු චිත්‍රපට කිහිපයක් ම මං බලලා තියනවා. ඒ සියල්ල ගුණාත්මක බව අතින් ඉහළින් තියන්න පුලුවන් බව මම බය නැතුව කියනවා.
    අවසාන වශයෙන්, ඉතා ඉක්මනින් මීලඟ කඩයිමට යන්න අවශ්‍ය ශක්තිය, ධෛර්‍ය් ලැබේවා යි පතනවා.

    Reply
  • darshana100

    thanks saho budusaranai

    Reply
  • very very thanx bro sub ekta

    Reply
  • උණුසුම් සුබ පැතුම් ලහිරු මලේ. සියළු කටයුතු සාර්ථක වෙන්න කියල පතන ගමන්ම වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • Hirueranga

    Ela thanks bn sub ekata❤️❤️

    Reply
  • 150 වෙනුවෙන් සුබ පතනවා ලහිරු මල්ලි. අසයින්මන්ට් අස්සේ සබ් කරන තරම් විබහග ෆේල් වෙන විදිහේ විනෝදාංශ කරන අය හැම තැනම නැහැ. අධ්‍යාපන කටයුතු වලට සුබ පතනවා කියල කියමනට කිව්වට යටිහිතෙන් සුබ පතන්නේ ඉදිරියේ තව තවත් උපසිරසි කරන්න හිත පහල වේවා කියල. එහෙනම් ඉදිරි හැම වැඩකටම ජයෙන් ජය!!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • jerrydissanayake98

    subapathum bn

    Reply
  • harshani11112

    ස්තුති සහො ….මේ වගෙ චිත්‍රපටයක් නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනා…මහන්සියට අපෙන් තුති සහො…

    Reply
  • හරිම සතුටුයි.
    සුබ පතනවා 150ට.
    ජයෙන් ජයම වේවා.

    Reply
  • Thank you very much bro………..

    Reply
  • tnx sub ekata.puluwannam bohemian rhapsody film ekata sub dennako

    Reply
  • Kdviraj94

    එල මචන්..

    Reply
  • Gathsara Umesh

    Congratulations ❣️
    Bhooooooooom Sthuthi ❤️

    Reply
  • Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

    Reply
  • Gathsara Umesh

    Ettma sathuti ayyee..❤️
    Suba pathnava hadawathinm..❤️
    200n aith hamuwemu ayyeeee…..❤️
    Bhooooooooom Sthuthi ❤️

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…150 ට උණුසුම් සුභ පැතුම් සහෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා. .

    Reply
  • thanks……………. 150 ta suba petum macho…….

    Reply
  • උණුසුම් සුභ පැතුම් එකතු කරනවා 150 වැනි කඩයිම වෙනුවෙන්…
    මෙතනින් නවතින්නේ නැතුව දිගටම උපසිරැසි ගැන්වීම් කරන්න
    ඊළඟ කඩයිමටත් ඉක්මණින්ම යමු
    ඒවගේම ස්තුතියි උපසිරැසියට
    ජයෙන් ජය.. ෴

    Reply
  • lahirumax

    Congratulation Bro,good luck

    Reply
  • Ravindu Rukshan

    සුභ පැතුම් ලහී 150 වෙනි උපසිරැසය වෙනුවෙන්.
    බලාගෙන හිටපු චිත්‍රපටයක් හැබැයි ඉතිං බ්ලුරේ එනකම් ඉන්නව බලන්න. ඉතිං මෙතනින් නොනැවතී ඉදිරි කඩයිම් වලටත් යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.
    ඒවගේම සබ් එකට තුති 🙂

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    150 වැනි උපසිරැසියට එහෙම නැත්තම් 3වැනි කඩයිමට මගේ උණුසුම් සුභ පැතුම් අයියේ…. දිගටම එහනම් 200ත් අල්ලමු…. ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා පතනවා. එනකල් බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමා.. එහෙනම් උපසිරැසියට තුතිවේවා… ජයවේවා…!!

    Reply
  • ඉස්සෙලාම 150 සුබ පැතුම්.

    මේකට මෙච්චර ඉක්මනට සබ් දෙයි කියලා හිතපු නැති නිසා ඩවුන්ලෝඩ් කලේ නෑ. දෑන් ඉතින් ඩවුන්ලෝඩ් කරන්න එපැයි.

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා

    දාපු ගමන් ටිං ගාලා සබ් දෙයි කියලා හිතලා ඇක්වා මෑන් ඩවුන්ලෝඩ් කලා. තාම සබ් නෑ. මේ දුක කාට කියන්නද අප්පා.

    Reply
  • malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ එවගෙම 150 උපසිරසට මගෙන් සුබ පැතුම්

    Reply
  • Rashiiddamalgoda

    Supergirl n flash .. sub damu bro.. bs

    Reply
  • 150 කඩයිමට හදපිරි සුබ පැතුම් මලේ. මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්න සුබ පතනවා.
    මේකනම් කාලයක් තිස්සෙම එනකල් බලන් හිටිය ෆිල්ම් එකක්. හෝල් එකේම බලන්න හිටියත් මෙහෙට ආවේ නෑ මේක.. ඉතින් br ආවමම බලන්න ඉන්නවා..
    මාර්වල් කතා මාලා වල සබ් තමයි ඔයාගේ මම වැඩියෙන් බලලත් තියෙන්නේ. ශීල්ඩ් සබ් කරද්දිනේ අඳුගන්නත් ලැබුනේ…ඉක්මනටම 200 සබ් එකෙනුත් හමුවෙමු. මාර්වල් tv සබ් ටික කරද්දීම නිකන්ම 200 පහු වේවි ඉතින්…
    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
    #Hail_Hydra.

    Reply
  • Madura Lakshan

    Thanks bro good luck!!!!

    Reply
  • Saman sanjaya

    suba pAthum ahh 150ta ..

    Reply
  • madhawa_max

    150 උපසිරසට සුබපැතුම් !!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
    150 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

    Reply
  • dsdkavishka

    150 ට සුභ පැතුම් සහෝ.. thenks for the sub

    Reply
  • චානක ඉඳුනිල්

    150 වෙනි කඩයිමට මගෙන් උණුසුම් සුභ පැතුම්,
    තෑන්ක් සහෝ සබ් එකට,
    එනකම් බලාගෙන හිටියෙ සබ් එක,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *