ආයුබෝවන් යාළුවනේ ඔන්න ආයෙත් ඉක්මනින්ම ෆිලුමක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා. නම අහපු ගමන් ඔයාල දන්නව මේක Horror චිත්‍රපටයක් කියන්න, මොකද මේ ඇවිල්ල තියෙන්නෙ අරන්මනෙයි කතා මාලාවේ 3 වෙනි කොටස. ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ, දිගින් දිගට චිත්‍රපටයක් හරි සීරියස් එකක් හරි ඇදෙන්නෙ ඒකෙ තියෙන ජනප්‍රියත්වය නි…

ආයුබෝවන් යාළුවනේ ඔන්න ආයෙත් ඉක්මනින්ම ෆිලුමක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා. නම අහපු ගමන් ඔයාල දන්නව මේක Horror චිත්‍රපටයක් කියන්න, මොකද මේ ඇවිල්ල තියෙන්නෙ අරන්මනෙයි කතා මාලාවේ 3 වෙනි කොටස. ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ, දිගින් දිගට චිත්‍රපටයක් හරි සීරියස් එකක් හරි ඇදෙන්නෙ ඒකෙ තියෙන ජනප්‍රියත්වය නිසා කියන්න. තාමත් පළමු හා දෙවන චිත්‍රපට බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් පහත ලින්ක් වලින් ගිහින් උපසිරැසිය ලබාගන්න අවස්ථාව තියෙනව.
Aranmanai (2014)
Aranmanai 2 (2016)
ඉතින් පළමු චිත්‍රපටයෙන් අවුරුදු දෙකකට පස්සෙ දෙවන චිත්‍රපටය ආවත් එයින් අවුරුදු 5කට විතර පස්සෙ තමයි 3 වන චිත්‍රපටය නිකුත් කරල තියෙන්නෙ. සුන්දර් සී. විසින් තමයි මේ කොටස් 3ම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.සුන්දර් සී. ත් මෙම චිත්‍රපට වල ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. පළමු හා දෙවන චිත්‍රපට ගැන මම හැදින්වීමක් කරන්න යන්නෙ නෑ, මොකද ඔයාලට මම දීල තියෙන ලින්ක් එකෙන් ඒ විස්තර බලාගන්න පුලුවන්. කොවීඩ් කතන්දරය අස්සේ ඉන්දියාවේ සිනමාහල් විවෘත කළාට පසුව ඔක්තෝබර් මස 14 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Comedy, Drama, Horror වර්ගීකරණය යටතේ පැය 2 කුත් විනාඩි 30ක් පුරා දිවෙන මුත් IMDb අගය 4.3/10 ක් තමයි ලිපිය ලියන අවස්ථාව වන විට ලැබිල තියෙන්නෙ. පළමු හා දෙවන චිත්‍රපටවලට අමතරව මෙහි ප්‍රධාන චරිතය කරන්නෙ ජනප්‍රිය නළු ආර්යා විසිනුයි, රාසි කන්නාට අමතරව ඉන්දියාවේ විකට රජු කියල කියන්න පුලුවන් යෝගි බාබුත් 3 වන චිත්‍රපටයෙන් දැක ගන්න පුළුවන්. ඉතින් අටුවා ටීකා නැතුව චිත්‍රපටය ගැන පොඩිවට හැදින්වීමක් කරන්නම්.
අරන්මනෙයි බංගලාවේ උරුමක්කාර සමින්දාර් රාජසේකර් කෝවිලේ තිබ්බ රහස් කාමරේ බලෙන්ම වාගේ යම් කිසි හේතුවක් නිසා වහල දාල තිබ්බේ. ගමේ අය කොච්චර ඉල්ලුවත්, පංචායත රැස්වීමේ තීරණය කළත් ඒ රහස් කාමරේ අරින්න අවස්ථාව සමින්දාර් ලබා දුන්නෙම නෑ. කොහොම වුණත් මේ ගැන අමනාපෙන් හිටිය ගමේ අය ඉහළ උසාවි නියෝගයක් අරගෙන මේ රහස් කාමරේ අරින්න කටයුතු කරනවා. එදාට කෝවිලේ උත්සවේකුත් තියෙනව, ඒකට වල්ලිමලේ ස්වාමිලත් එන්න නියමිත වෙලා තිබ්බා. කොහොමින් හරි ඒ කාමරේ අරින අවස්ථාවේ සමින්දාර් බයවෙලා ඉන්නෙ එයාගෙ දෙයක් තමයි ඒ රහස් කාමරේ රහසක් විදියට තියෙන්නෙ. කොහොම හරි සමින්දාරුත් බයවෙලා එයාගෙ වැඩ කරගන්න සාමි හම්බවෙන්න කැලේට යනවා. ඔය අතරතුර අර රහස් කාමරේ උසාවි නියෝග මත අරින්න කලෙක්ටර් මහත්තයත් ඇවිල්ලා වල්ලිමලයි ස්වාමි වරුත් එතනට ඇවිලා කාමරේ අරිනවා. ඒ අරිනවත් එක්කම ඒකෙන් විශාළ කලු පාට සමනල රෑනක් කාමරෙන් එළියට පියාසර කරගෙන යනව, එතකොටම අර මහත් බලයක් තියෙන වල්ලිමලයි ස්වාමි දැනගන්නව මෙතන මොකක් හරි අත්භූත දෙයක් වෙලා තියෙනව කියන්න. ඊට පස්සෙ ඔන්න සමින්දාර්ගේ ළගම ඉන්න එයාගෙ රියදුරුගෙ මරණය සිද්දවෙනවා. එයින් පටන් ගන්න මරණයත් එක්ක අරන්මනෙයි බංගලාවේ අභිරහස හොයන්න ඔයාලත් එකතු වෙන්න. එහෙනම් ආයෙත් මුණ ගැහෙමු
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
13,318 downloadsDownload Aranmanai-3-2021.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
28 comments
Anonymous
Naveen
උපසිරසියට තුති
Anonymous
Filuma nm bluwa
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Samith
Thanks brother
Redrux
Thnkz bro
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
thanks
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Patta
Anonymous
Too late bro
Anyway thanksSasindu
thank you
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
තැන්කු වේවා
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kushan
Sub akta thanks
Anonymous
Thanks machi
Eranda
Thanks brother
Manoj
උපසිරසියට ස්තුතියි
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Idunil Weerasinghe
Thanks brother
L.Y
thank you
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!දහරා මුතු අමා
උපසිරැසියට බොහොම ස්තූතියි.
Anonymous
Annaatthe – 2021 Sub Please
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanks for sub