ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාට. කවුරුත් මග බලාගෙන හිටපු 2022 වසරේ දැවැන්තම සහ අති සාර්ථකම තෙලුඟු චිත්‍රපටය අරගෙන තමයි මම අද වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ. ඉන්දියන් සිනමාවට රසිකත්වයක් දක්වන කෙනෙක් නම් අනිවාරෙන්ම මේ චිත්‍රපටය ගැන මේ වනවිටත් හොඳටම දැනුවත් ඇති. පහුගිය දවසක Line Audio පිටපතක් මෙම චිත්‍රපට…

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාට. කවුරුත් මග බලාගෙන හිටපු 2022 වසරේ දැවැන්තම සහ අති සාර්ථකම තෙලුඟු චිත්‍රපටය අරගෙන තමයි මම අද වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ. ඉන්දියන් සිනමාවට රසිකත්වයක් දක්වන කෙනෙක් නම් අනිවාරෙන්ම මේ චිත්‍රපටය ගැන මේ වනවිටත් හොඳටම දැනුවත් ඇති. පහුගිය දවසක Line Audio පිටපතක් මෙම චිත්‍රපටය සඳහා නිකුත් වුනත් එහි ගුණාත්මකබාවය බෙහෙවින්ම අවම නිසා සහ ඒ වනවිටත් උපසිරැසිය සිදුකර අවසන් නොවූ නිසා ඔරිජිනල් භාෂාව වන තෙලුඟු භාෂාවෙන්ම චිත්‍රපටයේ හොඳ Web-HD/Proper HD පිටපත්නි කුත් වූ උපසිරැසි ලබාදෙන්න මා හට සිදු වූවා. මෙම චිත්‍රපටයට Line Audio පිටපත් නිකුත් වූ දිනයේම K.G.F. චිත්‍රපටයත් නිකුත් වූ නිසාවෙන් එය ඔබ වෙත ගෙන එන්නට මා තීරණය කළා. ඉතින් KGF පහුගිය ටිකේ රස විඳින්නට ඇතැයි සිතනවා. එහෙනං තවත් පරක්කු කරන් නැතුව RRR චිත්‍රපටය ගැන කතාවට බහිමු.

තෙලුඟු සිනමාවේ බිහිවූ ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂකවරයෙකු වන S.S. රාජමෞලි පසුගිය එකහාමාරක තුල තෙලුඟු සිනමාව තුල වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ සහ තෙලුඟු සිනමාවේ නාමය ඉන්දියාව පුරා පමණක් නොව, මුළු ලොව පුරා රැගෙන යන්නට සමත් වූ අතිදක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක්. Baahubali, Magadheera, Eaga, Chathrapathi, Vikramarkudu ඇතුළු චිත්‍රපට 12ක් තෙලුඟු සිනමාවට අධ්‍යක්ෂණයෙන් දායාද කල ඔහු එකදු අසාර්ථක(Flop) චිත්‍රපටයක්වත් නොමැති අති සාර්ථක සිනමා ගමනකට හිමිකම් කියන S. S. රාජමෞලි මහතා එතෙක් මෙතෙක් ඉන්දියානු සිනමාව තුල නිපදවුණු දැවැන්තම සහ අතිසාර්ථකම යුධමය චිත්‍රපටය වන බාහුබලි චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව තමාගේ මීළඟ චිත්‍රපටය ප්‍රධාන නළුවන් දෙදෙනෙකු සිටින (MultiStarrer) චිත්‍රපටයක් බව 2017 වසරේදී නිවේදනය කරනු ලැබුවා. තෙලුඟු සිනමාවේ ජනප්‍රිය අතිදක්ෂ නළුවන් දෙදෙනෙකු වූ Jr NTR සහ රාම් චරන් සමගින් එය සිදුවන බවට එහිදී සමාජමාධ්‍ය වෙත ඡායාරූපයක් එක්කරමින් එය ප්‍රකාශ කල අතර පසුව එයට #RRR ලෙසින් තාවකාලිකව නම් කරනු ලැබුවේ නළුවන් දෙදෙනාගේ සහ රාජමෞලිගේ නම් වල අකුරු හඟවන ලෙසිනි. නමුත් චිත්‍රපටයේ වැඩ ආරම්භ වීමත් සමග #RRR රසිකයින් සහ සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර පසුව චිත්‍රපටයේ නම RRR ලෙසින්ම තබන්නට රාජමෞලි විසින් තීරණය කරනු ලබනවා. පසුව ඔවුන් RRR වෙත Telugu – Raudram Ranam Rudhiram සහ English – Rise Roar Revolt යන ටැග් ලයින් එක එක් කරනු ලැබුවා. මෙහිදී මුල සිටම රාම් චරන්ගේ චරිතය ගින්නට ආදේශ කල අතර, NTRගේ චරිතය වතුරට ආදේශ කරනු ලැබුවා. එයට හේතුව උඩ රාජමෞලි සඳහන් කර තිබෙන ආකාරයට ගින්දර සහ වතුර යන දෙකම එකිනෙක විරුද්ධ පදාර්ථයක් වන තර එකකින් අනෙක විනාශ කල හැකි තරම් බලවත්ය. නමුත් ඒ දෙකම එකට පැමිණි විට ඇතිවන බලය තවත් බලවත් බැවින් ඔහුගේ ප්‍රධාන නළුවන් දෙදෙනා ගින්දර සහ වතුරට ආදේශ කරනු ලැබ තිබෙනවා.

චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වන්නේ 2018 මාර්තු මාසයේ. චිත්‍රපටයේ කතාව සහ පිටපත නිර්මාණය කරනු ලබන්නේ රාජමෞලිගේ පියා වන අතිදක්ෂ පිටපත් රචක V. විජේන්ද්‍ර ප්‍රසාද් විසින් වන අතර රාජමෞලි සහ විජේන්ද්‍ර ප්‍රසාද් මාස හයක පමණ කාලයක් පුරා මෙහි පිටපත සහ තිරරචනය නිර්මාණය කර තිබෙනවා. රාජමෞලිගේ සෑම චිත්‍රපටයකදීම එකම කණ්ඩායම ඔහු විසින් යොදාගනු ලබන අතර මෙහිදීද එම කණ්ඩායමම RRR චිත්‍රපටය වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණයෙන් M. M. Keeravani, කැමරා අධ්‍යක්ෂණයෙන් K. K. Senthil Kumar, සංස්කරණයෙන් ෂේකර් ප්‍රසාද්, කලා අධ්‍යක්ෂණයෙන් සාබු සිරිල්, VFX අධීක්ෂණයෙන් නිවාස් මෝහන් සහ ඇඳුම් නිර්මාණයෙන් රාමා රාජමෞලි ලෙසින් එක්වනවා.

චිත්‍රපටය 1920 කාලයේ ජීවත් වූ ඉන්දියානු විප්ලවවාදීන් දෙදෙනෙකු වන Alluru Sitarama Raju (Charan) සහ Komaram Bhim (NTR) යන දෙපලගේ චරිත උපයෝග කරගනිමින් තැනු ‘ප්‍රබන්ධ’ කතාවක් වන බව රාජමෞලි විසින් නිවේදනය කරනු ලැබූ අතර, ඔවුන්ගේ සැබෑ ජීවිතයේ සිද්ධි ප්‍රතිනිර්මාණයක් හෝ චරිතාප්‍රදානයක් මෙහි අන්තර්ගත නොවන බව ඔහු පවසා සිටියා. සැබෑ ජීවිතයේදී සීතාරාමරාජු සහ කොමරම් බීම ඉන්දියාවේ පළාත් දෙකක කාලයන් දෙකක වෙන වෙනම බ්‍රිතාන්‍ය රාජ්‍යට එරෙහිව විප්ලව කරනු ලැබූ දෙදෙනෙකු වන අතර, ඔවුන් දෙදෙනා මුණගැසූනා නම්, ඔවුන් දෙදෙනා මිතුරන් වූවානම් කෙසේ වන්නට ඇත්ද යන්න රාජමෞලි තැනු ප්‍රබන්ධ කතාවක් ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කරනු ලැබූ බව ඔහු අවධාරණය කරනු ලැබුවා.

රාම් චරන් සහ Jr NTR ට අමතරව RRR චිත්‍රපටය වෙනුවෙන් බොලිවුඩ් සුරූපී ආලියා බාත්, ශ්‍රියා සරන් සහ බොලිවුඩ් සුපිරි නළු අජේ දේව්ගන්ද ආරාධිත රංගනයෙන් එක් වනවා. ඊට අමතරව විදේශිකන්ගේ චරිත වෙනුවෙන් Ray Stevenson, Edward Sonnenblick, සුරූපී නිලි ඔලිවියා මොරිස් සහ Alison Doody රංගනයෙන් එක් වනවා. එමෙන්ම රාහුල් රාමක්‍රිෂ්ණා සහ රජීව් කනකලාද සුළු චරිත වෙනුවෙන් RRR චිත්‍රපටයට එක්වනවා. 2018 වසරේ නොවැම්බර් 11 දින බාහුබලි චිත්‍රපටයේ නළු ප්‍රබාස්, රානා ඇතුළු තෙලුඟු සිනමාවේ ගෞරවනීය කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මුහුරත් උළෙලෙන් ඇරඹි RRR චිත්‍රපටයේ රූගත කිරීම් ගුජරාටයේ බරෝඩා, හයිද්‍රාබාද් රාමොජී සිනමා ගම්මානය, බල්ගේරියාව, මැඩකොම්මා පන්සල් වනය, විකාරාබාද් වනය, මහබලේශ්වර්, නෙදර්ලන්තය සහ යුක්රේනයේ Kyiv(Ukraine) ඇතුළු ස්ථාන රැසකදී රූගත කරනු ලැබ තිබෙනවා. චිත්‍රපටය වෙනුවෙන් තාක්ෂණ ශිල්පීන් 3000කට අධික පිරිසක් සේවය කර තිබෙන අතර සහය අධ්‍යක්ෂකවරුන් 9 දෙනෙකු යටතේ චිත්‍රපටයේ සම්පූර්ණ වැඩකටයුතු අධීක්ෂණය වී තිබෙනවා. දින 300කට වැඩි ප්‍රමාණයක් චිත්‍රපටය රූගත කිරීම සඳහා වැය කොට තිබෙන අතර එයින් දින 75ක් පමණ තනිකරම ක්‍රියාදාම දර්ශන රූගත කිරීම් සඳහා වැය වී තිබෙනවා. ලොව විවිධ රටවල් වලින් සටන් ශිල්පීන් 40කට අධික පිරිසක් ඒ වෙනුවෙන් දායක වී තිබෙන අතර විදේශ රටවලින් 2500කට අධික පිරිසක් චිත්‍රපටයේ රංගනයට මෙන්ම තාක්ෂණික ශිල්පීන් ලෙස RRR චිත්‍රපටයට දායක වී තිබෙනවා. එමෙන්ම මෙය Arri Alexa LF and Arri Signature Prime කැමරා කාච වලින් රූගත කල පළමු ඉන්දියානු චිත්‍රපටය ලෙස වාර්තා වනවා.

ඉන්දියානු රුපියල් කෝටි 500කට අධික මුදලක පිරිවැයකි නිමවූ RRR චිත්‍රපටය DVV Entertainment ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන අතර එය තෙලුඟු සිනමාවේ වැඩිම පිරිවැයක් දරා නිපදවූ චිත්‍රපට වලින් එකක් වනවා. චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු වලදී ශ්‍රීනිවාස් මෝහන් මහතා VFX ග්‍රැෆික් කටයුතු අධීක්ෂණය කරනු ලැබූ අතර Framestore, Moving Picture Company (MPC) ස්ටුඩියෝවන්ගේ මූලිකත්වයෙන් Alzahra VFX, NY VFXWaala, Redefine, Knack Studios, Makuta VFX, Digital Domain, Rhythm and Hues Studios, Method Studios, Rodeo FX, Technicolor VFX, Legend3D, The Third Floor, Inc, Clear Angle Studios, Halon Entertainment, 4DMax, සහ Cinesite, මෙන්ම ලොවපුරා තවත් VFX ස්ටුඩියෝ රැසකදී මෙහි පසු නිෂ්පාදන කටයුතු සිදුවී තිබෙනවා. VFX වැඩකටයුතු තවත් පහසු කර ගැනීමට චිත්‍රපටය රූගත කිරීමේදී pre-visualization, gammage, lidar scanning, සහ light stage technology වැනි තාක්ෂණ ක්‍රම රැසක් භාවිතා කර තිබෙන අතර සමහර තාක්ෂණික ප්‍රයෝගයන් ඉන්දියානු චිත්‍රපටයක භාවිතා කර තිබෙන්නේ පළමු වතාවට වීම විශේෂත්වයක්. චිත්‍රපටයේ අවසන් පිටපත 2021 නොවැම්බර් මාසයේදී ඉන්දියානු චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය (CBFC) වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී එයට U/A සහතිකය නිකුත් වූයේ මිනිත්තු 187 ක ධාවන කාලයක් සමගින්. එනම් පැය 3 මිනිත්තු 7ක්. මෙය මෑත කාලයේ නිකුත් වූ වැඩිම ධාවන කාලයකින් යුතු චිත්‍රපටයක් ලෙසින් හැඳින්විය හැකියි.

#RRR චිත්‍රපටයේ ට්‍රේලරය 2021 දෙසැම්බර් 8 දින නිකුත් වූ අතර එය පැය 24ක් තුල සියලුම භාෂා වලින් මිලියන 51.13 (51.13 Millions) ක නැරඹුම් ප්‍රමාණයක් සහ ලයික්ස් මිලියන 2.575 (2.575 Mlillions) ක් ලබාගෙන පැය 24ක් තුල වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවකට හිමිකම් කියූ ඉන්දියානු චිත්‍රපට ට්‍රේලරය බවට පත් වූවා. කෙසේ වෙතත් ලයික්ස් අනුව එයට DilBechara චිත්‍රපටයේ 6.6 Million වාර්තාව වෙත ලංවීමට නොහැකි වූවා. පසුම එම නැරඹුම් වාර සංඛ්‍යාවේ වාර්තාව රාධේශ්‍යාම් චිත්‍රපටය විසින් බිඳ දමනු ලැබුවා.

කොවිඩ් වසංගතය මධ්‍යයේ කීප වරක්ම වැඩකටයුතු අතරමග නතර වෙමින්, නිකුත් කිරීමට නියමිතව තිබූ දින කිහිප වරක්ම කල් දැමීමට සිදුවීමෙන්ද පසුව කෙසේ හෝ වසර හතරක දිගු මෙහෙයුමකින් පසු අවසානයේ 2022 වසරේ මාර්තු 25 දින RRR චිත්‍රපටය ලොවපුරා තිරගත කිරීම ආරම්භ කෙරුනා. ඒ සඳහා රාජමෞලි විසින් සැලසුම් කල ප්‍රචාරණ වැඩ පිළිවෙල වඩාත් කතාබහට ලක් වූ අතර RRR කණ්ඩායම මුළු ඉන්දියාවම ආවරණය කරමින් තම චිත්‍රපටය විවිධ ආකාරයෙන් ප්‍රචාරණය කරන්නට වූවා. චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා සුපිරි බොලිවුඩ් නළු අමීර් කාන්, සල්මන් කාන් බිග්බොස් වැඩසටහන හරහා, ඇතුළු ක්ෂේත්‍රයේ ගෞරවනීය කලාකරුවන් රැසකගේ සහයෝගය හිමි වූ අතර RRR චිත්‍රපටය ඉන්දියාවේද, ලොව පුරා ඉන්දියානුවන් වාසය කරන රටවල් වල සහ ඉන්දීය සිනමා රසිකයින් සිටින රටවල් වල වඩාත්ම උනන්දුවක් දක්වන (Most Anticipated) චිත්‍රපටයක් බවට එය නිකුත් වන දිනය වනවිට පත්ව තිබුනා. චිත්‍රපටය භාෂා පහකින් IMAX, 3D, Dolby ATMOS, යන තාක්ෂණයන් වලින්ද නිකුත් වූ අතර එය විදේශීය රට වලදී වැඩිම IMAX සිනමාශාලා ගණනක තිරගත වීම ඇරඹි ඉන්දියානු චිත්‍රපටය වනවා. එමෙන්ම Dolby Cinema සිනමාශාලා වල තිරගත වූ පළමු ඉන්දියානු චිත්‍රපටය වනවා.

ඉන්දියානු සිනමාවේ ආදායම් වාර්තා අලුත් කරමින් පැරණි වාර්තා සුනු විසුනු කරමින් බොක්ස් ඔෆිස් කුණාටුවක් ඇති කරමින් මාර්තු 25 දින ලොවපුරා තිරගතවීම ඇරඹි RRR චිත්‍රපටය ලොවපුරා සිනමාහල්වල රිදීතිර 10 000 කට අධික ප්‍රමාණයක තිරගතවීම ආරම්භ කරනවා. ධනාත්මක විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසක් සමගින් මාර්තු 24 මධ්‍යම රාත්‍රියේ සිටම තිරගත වීම ඇරඹි RRR චිත්‍රපටය පළමු දිනය අවසානයේ ලොවපුරා තිරගත වීමෙන් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 225කට අධික ප්‍රමාණයක් උපයා ගන්නවා. එය එතෙක් මෙතෙක් ඉන්දියානු චිත්‍රපටයක් පළමු දිනයේදී උපයාගත් වැඩිම ආදායම ලෙසින් වාර්තා පොත් අතරට එක් වූයේ වසර 5ක් පැරණි රාජමෞලිගේම බාහුබලි 2 චිත්‍රපටය තබා තිබූ කෝටි 217 වාර්තාව අභිබවමින්.

Highest Opening Day Record (Indan Cinema)

  1. RRR – ₹225Cr,
  2. Baahubali 2 – ₹217Cr
  3. K.G.F Chapter 2 – ₹163Cr
  4. Saaho – ₹130Cr
  5. 2.0 – ₹105Cr

දින දෙකක් අවසානයේ එය ඉන්දියානු රුපියල් කෝටි ₹370ක් ව සටහන්ව තිබුණු අතර පළමු සති අන්තය තුල RRR චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි ₹485ක ආදායමක් උපයාගනු ලැබුවා. බාහුබලි 2 චිත්‍රපටය පළමු සති අන්තයේ ඉපයූ ඉන්දියානු රුපියල් කෝටි ₹545ට පමණක් දෙවැනි වෙමින් පළමු සති අන්තයේ ඉන්දියානු චිත්‍රපටයක් ඉපයූ දෙවන වැඩිම ආදායම ඉපයූ චිත්‍රපටය ලෙසින් RRR චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරනු ලැබුවා. මාර්තු 25-27 කාලය තුල ලෝක සිනමාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය බවටද RRR චිත්‍රපටය පත් වූවා. තිරගත වී පළමු සතිය අවසන් වනවිට RRR චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි ₹710ක ආදායම්ක් ලබාගෙන තිබූ අතර තෙලුඟු සිනමාවේ මව් ප්‍රාන්තය වන ආන්ද්‍රා තෙලන්ගානා ප්‍රාන්ත වල තිරගත වෙමින් පමණක් RRR චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි ₹280ක ආදායමක් උපයාගෙන තිබුනා. චිත්‍රපටය ලොවපුරා තිරගත වීමෙන් ආදායම කෝටි ₹900 සීමාව දින දහයක් ඇතුලත පසු කරන්නට සමත් වූවා. එදින සිට Distributors’ share එක ලෙස ඉන්දියානු රුපියල් කෝටි ₹497 ආදායම පසු කරමින් චිත්‍රපටය ලාභ ලැබීම ආරම්භ වන සීමාව පසු කරනු ලැබුවා. බාහුබලි 2 චිත්‍රපටය පසු කර තෙලුඟු මව් ප්‍රාන්ත වන ආන්ද්‍රා තෙලන්ගානා වලින් වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය බවට RRR චිත්‍රපටය පත් වූයේ ඉන්දියානු රුපියල් කෝටි ₹300 ආදායම් සීමාව පසු කර යමින්. දින 16ක් අවසානයේ RRR චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි ₹1000 සීමාව පසු කර යමින් ලොවපුරා තිරගත වීමෙන් වැඩිම ආදායමක් ලැබූ ඉන්දීය චිත්‍රපට ලයිස්තුවේ තුන්වන තැනට පත් වනවා. නමුත් අද වනවිට එය හතර වන තැනට පත්ව තිබෙන්නේ K.G.F චිත්‍රපටය එම ස්ථානයට පැමිණීමත් සමග. තනි රිදී තිරයකින් වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙසද RRR චිත්‍රපටය වාර්තා පොත් අතරට එක් එක්වනවා. ඒ හයිද්‍රාබාද් සුදර්ශන් 35mm සිනමා ශාලාවේ තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 5ක ආදායමක් ඉපයීමෙන්. ලිපිය ලියන දිනය වනවිට RRR චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි ₹1200 කට ආසන්න මුදලක් උපයා තිබෙන අතර එය වැඩිම ආදායම් ලැබූ ඉන්දීය චිත්‍රපට ලැයිස්තුවේ හතර වන ස්ථානයේ පසු වනවා.

වැඩිම ආදායමක් ලැබූ ඉන්දීය චිත්‍රපට.

  1. Dangal – ₹2025 Cr
  2. Baahubali 2 – ₹1810 Cr
  3. K.G.F. Chapter 2 – ₹1218 Cr*
  4. RRR – ₹1200Cr*

* – Still Running

චිත්‍රපටයේ OTT විකාශන අයිතිය සහ රූපවාහිනී විකාශන අයිතිය ඉන්දියානු රුපියල් කෝටි ₹375 ක දැවැන්ත මුදලකට අලෙවි වනු ලැබුවා. OTT විකාශන අයිතිය Telugu, Tamil, Malayalam සහ Kannada භාෂාවන් වෙනුවෙන් ZEE5 ආයතනය මිලදී ගත් අතර Hindi, English, Portuguese, Korean, Turkish සහ Spanish භාෂාවන් වෙනුවෙන් Netflix ආයතනය මිලදී ගනු ලැබුවා. රූපවාහිනී විකාශන අයිතිය Zee Network ආයතනය හින්දි භාෂාවෙන් විකාශන අයිතිය හිමි කරගත් අතර Star India Nerwork ආයතනය Telugu, Tamil, Malayalam සහ Kannada භාෂාවන් වෙනුවෙන් රූපවාහිනී විකාශන අයිතිය හිමි කරගනු ලැබුවා. චිත්‍රපටයේ සංගීත විකාශන අයිතිය Lahari Music සහ Tseries ආයතන වෙත ඉන්දීය රුපියල් මිලියන 250 ක මුදලටඅලෙවි වූ අතර. එය දකුණු ඉන්දීය ඇල්බමයක් සඳහා වාර්තාගත මිලක් වනවා. Lahari Music සියලුම දකුණු ඉන්දීය භාෂාවලින් සංගීතයවිකාශනය කරන අතර හින්දි භාෂාව වෙනුවෙන් T-Series ආයතනය එම කාර්යය ඉටු කරනු ලබයි. තිරගත කිරීම සඳහා බෙදා හැරීමේ අයිතියද සමගින් RRR චිත්‍රපටය නිකුත් වීමට පෙර එහි Pre-Release ආදායම ඉන්දියානු රුපියල් කෝටි 890ක් වූ අතර එය ඉන්දියානු චිත්‍රපටයක් වෙනුවෙන් එතෙක් මේකෙත් වැඩිම Pre-Release Business එක වනවා. චිත්‍රපටය ලොවපුරා ඩිජිටල් මාධ්‍යය ඔස්සේ මැයි 20 දින ZEE5 සහ Netflix හරහා නිකුත් කරනු ලැබුවා.

  • IMDb ratings – 8.4
  • Rotten Tomatoes – 86%
  • Google users – 94%
  • Facebook – 5/5

ඉතින් 2022 වසරේ සාර්ථකම තෙලුඟු චිත්‍රපටය සහ වැඩිම ආදායමක් ඉපයූ, හොඳ පිටපත් නිකුත් වන තුරු ඔබ මගබලාගෙන සිටි RRR චිත්‍රපටය මෙතැන් සිට නරඹන්නට කියා ඔබට ආරාධනා කර සිටිනවා. පැය තුනක ධාවන කාලයක් පුරා ඔබට කලකට පසු අත්දකින්න ලැබෙන ඉන්දියානු සිනමාවේ Multistarr චිත්‍රපටයක් මෙන්ම වෙනස්ම ගනයේ ඔබ වෙනදා නොදකින චරිත නිරූපණයන් කීපයක් සමග නිර්මාණය වුනු මේ සිනමාපටය තෙලුඟු සිනමා රසිකයෙකු නම් මග හරින්න එපා කියා ඉල්ලා සිටිනවා. එහෙනම් යන්න අවසරයි. බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරන සැමට හෘදයාංගම ස්තුතිය පල කර සිටිනවා. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් කියන්න තියේනම් අදත් පහල තීරුව විවෘතව තිබෙනවා. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. උපසිරැසිය අරගෙන හොරා වගේ යන් නැතුව අදහසක් පලකරගෙන යන්නත් ඉල්ලා සිටින අතර ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්ව සිටින බවත් සඳහන් කරන්න කැමතියි. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් අපි සමුගන්නවා.

ඔබට ජයෙන් ජය…!!!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව

එක තුවක්කුවකට බයේ උන් අඩි කීයක් පස්සට ගියාද?
එහෙව් එකේ මිනිස්සු හැමෝටම තුවක්කු තිබුනනම්,
උන් ඔක්කොම අපේ රටින් පන්නන්න තිබුනා…
බය වෙන්න එපා…!
යුද්ධය හොයාගෙන ආයුධය ඉබේටම ඒවි…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

54,327 downloadsDownload RRR-2022.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

54,327 downloadsDownload Subtitles58 KB

80 comments

  1. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaaaa

  2. Lakindu R

    ඔය ඉන්නේ අපේ තෙලිඟු කොලුවා.. එල තාරක එල.. ❤❤❤

    1. Anonymous

      kgf ekath patta sub eka mekath patta

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    Patta

  5. DecPiKaChU

    Sahenna dawasak balan hitiya hoda copy ekak enakan. Thank you

  6. Naveen

    උපසිරසියට තුති

  7. Chana

    link plz

  8. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  9. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දෙනකල් බලන් උන්නේ. ජයවේවා!

  10. kevin D

    Thanks...

  11. Sanuka

    Broooooo sub eka denakan balan hitiye. Lipiyath patta. Sub ekata thanks. Jaya

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  13. Anonymous

    මේකනම් පිස්සුවක් බන්

  14. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  15. Anonymous

    නියමයි.ස්තුතියි සහෝ

  16. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  17. Samith

    Thanks brother

  18. Prabod

    Godak sthuuthi aiye❤

  19. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  21. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  22. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  23. Anonymous

    Thanks for sub

  24. සරා

    පිං කියන්නේ ආයි ඉතින් අම්මොහ්හ්හ් පිං

  25. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  26. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  27. Anonymous

    ආදරෙයි

  28. S minula

    පැය 3 කටත් වැඩි නිසා 1080 කොපියක් ගන්න වෙයි නේ
    720 කොපිය කොලිටි නැතුව ඇති නේද
    ඩවුන්ලෝඩ් කරපු කෙනෙක් කියනවද

    1. තාරක නුවන් දිල්හාර

      1080p ගන්න තරමට හොදයි.

    2. Tharaka

      PSA 720p akak download kre ME sub aka set neh ne :/ update krnwada ?

    3. Janaka

      Film eka download karanna puluwan da mage bene

  29. S minula

    සබ් එකට තෑන්ක්ස් සහෝ

  30. Anonymous

    ගොබ්බ සබ් කලින් වැටුනත් බයිස්කෝප් සබ දානකන්ම බලන් ඉන්නේ මේ වගේ සුපිරි ෆිලුමක් බලන්නත් ඕන සුපිරි සබකින්ම විතරක් නිසා
    ජය වේවා බයිස්කෝප්

    1. Scrappy

      ඒක නම් සිරා
      පයිරේට් එකනම් කොහොමත් අනුන්ගෙන් උස්සන සක්කිලි සයිට් එකක්නෙ, අර සිනෙරු කියන මගුලේ තනිකර ගූගල් ට්‍රාන්ස්ලේට් එකක් තියෙන්නේ ෆිල්ම් එපාකරනෝ උන්

  31. Anonymous

    අම්මෝ මේක නම් පිස්සුවක්.. ෆිල්ම් නම් බැලුවා මෙහෙම ෆිලුමක් බැලුවේ නෑ..
    අනිවා තාරක නුවන් දිල්හාර මේක දෙයි කියලා බලාගෙන හිටියා..
    ගොබ්බ සයිට් වල සබ වගේ නෙමෙයි.. අම්මෝ වැඩක් නෑ කියලා...

  32. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    1. Anonymous

      thns

  33. Udaya Fdo

    Thank you

  34. Dineth de silva

    Thanks brother

  35. bunny

    Thanks buddy

  36. ගැමියා

    RRR නොබලන දෑස් මක්කටෙයි කිව්වලු ආයුබොවන්

  37. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  38. sheron

    great movie ..superb subtitles ..keep going

  39. Manoj

    උපසිරසියට ස්තුතියි

  40. Anonymous

    Thanks baiscope

  41. lella hutan

    ekenma supiriyak

  42. sahangayantha

    thanks a lot saho sub ekata

  43. Anonymous

    තෑන්ක්ස් මා පුතී

  44. Chami

    උපසිරසියට ස්තුතියි

  45. nisal

    thank you

  46. Anonymous

    Thank you

  47. Tharindu Kapuwatta

    vishishta lipiyak... godak stuti sub ekata... thawa thawah me sathkaraya karanna hakiyawa labewa

  48. Redrux

    Thnkz bro

  49. sahan

    thanks

  50. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි

Load more comments