Watch Trailer

Baahubali: The Beginning (2015) Sinhala Subtitle | ශක්තිවන්තයා… [සිංහල උපසිරසි සමඟ]

බාහුබලි කියන එකේ තේරුම ගත්තොත් ශක්තිමත් දෑත් සහිත කෙනා වගේ තේරුමක් තමා එන්නේ, ඉතින් මේ චිත්‍රපටිය ලොව පුරා සිනමාහල් හාරදහසක තිරගතවීම ආරම්භ කරන්නේ ජූලි 10 වෙනිදා. පළමු දිනයේම බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින් පළමු දිනයේ වැඩිම ආදායමක් ඉපයූ ඉන්දියානු චිත්‍රපටිය වෙමින් එක රැයකින් මුළු ලෝකයේම අවධානය දිනාගන්…

Bahubali 2015

බාහුබලි කියන එකේ තේරුම ගත්තොත් ශක්තිමත් දෑත් සහිත කෙනා වගේ තේරුමක් තමා එන්නේ, ඉතින් මේ චිත්‍රපටිය ලොව පුරා සිනමාහල් හාරදහසක තිරගතවීම ආරම්භ කරන්නේ ජූලි 10 වෙනිදා. පළමු දිනයේම බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින් පළමු දිනයේ වැඩිම ආදායමක් ඉපයූ ඉන්දියානු චිත්‍රපටිය වෙමින් එක රැයකින් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට මේ චිත්‍රපටිය සමත් වෙනවා. මොකද කියනවනම් තෙලුගු චිත්‍රපටියක් කොහොමද ශාරුක්, අමීර්, සල්මන්, ඉන්න හින්දි චිත්‍රපටි පරදා මෙතරම් දෙයක් කරන්නේ කියන ප්‍රශ්නය නිසා. පළමු දිනයේ බාහුබලි චිත්‍රපටිය ලැබූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 60ක්. ඒ ශාරුක් කාන්ගේ Happy New Year චිත්‍රපටිය(කෝටි 45ක්) තබා තිබූ වාර්තාව අභිබවා යමින්. තවද දින දෙකක් යාමට ප්‍රථම(පැය 35කින්) කෝටි 100ක ආදායම සම්පූර්ණ කරමින් අඩුම කාලයකින් කෝටි සීයක ආදායමක් ලැබූ චිත්‍රපටිය බවට මේ චිත්‍රපටිය පත් වුනා. මේ ලිපිය ලියන මොහොත වන විට දින පහක් පමණ ගතවී ඇති අතර මේ වනවිට කෝටි 250 ආදායම පසු කිරීම‍ට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.

මෙම චිත්‍රපටය 2009 සහ 2012 වසර වලදී ලොව වටා ඉමහත් ප්‍රසිද්ධියට පත් වුන චිත්‍රපටයන් වන Magadheera සහ Eega චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු  S. S. Rajamouli විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකි. ඔහුගේ මෙම චිත්‍රපටයත් ඉන්දියාවම හැරිලා බලන තරම් ප්‍රසිද්ධ විය, මෙය ඉන්දියානු සිනමාවේ කඩ ඉමක් කිව්වා නම් නිවැරදි,, Hollywood Quality movie එකක් විදියටම ගහලා තියෙනවා. මේකේ Imdb Rating එක 9.4/10 ක් අරගෙන තියෙනවා. තේරෙනවා ඇතිනේ සුප්පා චිත්‍රපටයක් කියලා. Hollywood චිත්‍රපට විතරක් නරඹන අය මේ චිත්‍රපටය අනිවා අරගෙන බලන්න, මොකද මේක මඟ හැර ගත්තා කියන්නේ, ලොකු පාඩුවක්.

මෙහි නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වනවා, මෙහි ප්‍රධාන නළු නිලි දේපල වන්නේ Prabhas(සිවුදු ) සහ  Tamannaah (අවන්තිකා ) ය. මෙහි සහයක නළු නිලියන් වන්නේ, Rana Daggubati(බහල්ලලා දේවා ), Anushka Shetty(දෙවසේනා ), Ramya Krishnan(සිවගාමි ) Sathyaraj(කට්ටප්පා නාඩර්), Sudeep(cameo)(අස්ලාම් කාන් ), Adivi Sesh(බහත්රුදු ), Nassar(බිජ්ජාලදේවා )  වැනි රංගන ශිල්පින් දායක වෙනවා.

ඒ වගේම චිත්‍රපටිය ගැන තවත් සිත්ගන්නාසුළු කතන්දර කීපයක් මෙතන සඳහන් වෙනවා. ඒවායින් කීපයක් මම ඔබ හමුවේ තබන්නම්.

1. චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා වන S. S. Rajamouli මේ චිත්‍රපටියේ මත්පැන් වෙළද සැලක හිමිකරුවෙක් විදිහට විශේෂ රංගනයක නිරත වෙනවා.

2. ඒ වගේම අපේ ප්‍රධාන නළුවා ප්‍රබාස් තමන්ගේ ඇඟ හදාගන්න රෙස්ලිං(WWE) සටන්කරුවෙක්ගේ උපදෙස් ලබාගෙන තියෙනවා. ඒ වගේම ඔහුගේ ඇඟ නඩත්තුවට ඉන්දියානු රුපියල් කෝටි 1.5ක් වියදම් වුනා කියලත් ආරංචියි

3. එමෙන්ම VFX ඇනිමේෂන් සඳහා ඉන්දියාවේ ප්‍රථම වතාවට  AMD processors භාවිතා කර තිබීමත් විශේෂත්වයක්.

4. රානා දගුපති මේ චිත්‍රපටිය සඳහා තමන්ගේ සිරුරේ බර කිලෝ 32කින් වැඩි කරගෙන තිබෙනවා.

5. ඒ වගේම මේ චිත්‍රපටිය වෙනුවෙන් කොචි වල තිබූ ප්‍රවර්ධන වැඩසටහනේදී නිකුත් කර තිබූ පෝස්ටරය ලෝකයේ චිත්‍රපටියක් වෙනුවෙන් නිමවූ ලොකුම පෝස්ටරය ලෙස ගිනෙස් වාර්තා පොතට එකතු වෙනවා.

6. මේ චිත්‍රපටියේ පෙර නිෂ්පාදන කටයුතු සඳහා වසරක කාලයක් ගතවී තිබෙනවා. එය ඕනෑම ඉන්දියානු චිත්‍රපටියක් ගත් වැඩිම කාලය ලෙස සඳහන් වෙනවා

7. විශාල මාලිගා, සහ බිඳහෙලා නොහැකි බලකොටු නිර්මාණය සඳහා සාමාන්‍යයෙන් අඩි 24ක උපරිම උස ප්‍රමාණයක් තමා යොදාගන්නේ.. ඒත් මේ චිත්‍රපටිය සඳහා අඩි 45ක් උසට ඒවා අටවන්න මොවුන් කටයුතු කර තිබෙනවා.

8. මෙහි වැඩ කටයුතු අවසන් කිරීමය වසර තුනක කාලයක් ගත වනවා

9. ඒ වගේම චිත්‍රපටියේ එන කාලකෙයියා ගෝත්‍රය වෙනුවෙන් මොවුන් කිලිකිල් නම් අලුත් භාෂාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා වචන 750ක් සහ ව්‍යාකරණ නීති 40ක් අලුතෙන් නිර්මාණය කර තිබෙනවා.

10. එමෙන්ම චිත්‍රපටියේ සත්ව හිංසා සිදු කරන සෑම අවස්ථාවකටම තාක්ෂණික ප්‍රයෝග යොදාගෙන ඇති අතර චිත්‍රපටියේ කිසිම අවස්ථාවක සැබෑවට සතුන්ට හිංසා කිරීමක් සිදුවී නොමැති බව සඳහන් වෙනවා.

11. එමෙන්ම මේ චිත්‍රපටිය තෙලුගු සහ දෙමල භාෂාවෙන් වෙන වෙනම රූගත කර තිබෙනවා.

12. එමෙන්ම දිය ඇලි ආශ්‍රිත දර්ශන කේරල වල පිහිටි Athirappilly දිය අල්ල ආශ්‍රිතව රූගත කර තිබෙන අතර එයට VFX පසුව එකතු කර තිබේ.

13. ඒ වගේම ප්‍රධාන චරිතය වන සිවුදු දිය ඇලි තරණය කරනා දර්ශන සැබෑලෙස රූගත කර ඇති අතර ඒ සඳහා ප්‍රබාස් දින ගණනාවක් එය තරණය කර පෙර සූදානමක නිරතවී ඇති බව සඳහන් වෙනවා.

14. යුධ දර්ශනයේ මුල් කොටස සඳහා 5000කට අධික ශිලීපීන් පිරිසක් දින 200කටත් වැඩි කාලයක්  සේවය කර තිබෙනවා

15. එමෙන්ම ප්‍රධාන නළු ප්‍රභාස්ට බාහුබලි චරිතය රූගත කර අවසන්ව සිවුදු චරිතය රූගත සඳහා කෝටි 1.5ක් වියදම් කර සකස් කරපු තමන්ගේ මාංශ පේශී අඩුකරගැනීමට සිදුවී තිබේවා

16. ආයුධ විසිදහසක් මේ චිත්‍රපටිය සඳහා නිපදවා තිබෙනවා.

17. චිත්‍රපටියේ දර්ශන වලින් 90%ක්ම තෙලන්ගානා වල පිහිටි රාමෝජී සිනමා ගම්මානයේ(Ramoji Film City in Hyderabad)හිදී සිදු කර තිබෙනවා.

18.මේ දිනවල සාර්ථක ලෙස තිරගතවන Jurassic World(2015) චිත්‍රපටියේ  VFX නිර්මාණය කර කණ්ඩායමම මේ චිත්‍රපටියේ VFX සඳහා දායක වෙලා තියෙන්නේ.

19. චිත්‍රපටියේ Visual effects සඳහා ස්ටූඩි 17ක සේවකයින් 800ක් සේවය කර තිබෙනවා.

20. ඒ වගේම බහුබලි චිත්‍රපටියේ  VFX සඳහා වියදම විතරක් ඉන්දියන් රු. කෝටි 85ක් එහෙමත් නැත්නම් ඇ.ඩො. මිලියන 13.42 ක් බව සඳහන් වෙනවා.

21. මිනිත්තු 158ක් පුරා දිවෙන මේ පලමුවැන්න කෝටි 100ක් වියදම් කර නිර්මාණය කර තනා මෙසේ දිගහැරුණු අතර මේ චිත්‍රපටියේ දෙවන කොටස Baahubali: The Conclusion ලෙසින් කෝටි 250ක වියදමින් ලබන වසරේ ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරන බව සඳහන් වෙනවා.

මෙහි කතාව කියනවා නම්, චිත්‍රපටය පටන් ගනිද්දිම සිවගාමි තම ජීවිතය පරදුවට තබාගෙන ඇයව මරන්න ආපු කට්ටියවත් මරලා ළමයාව බේරා ගන්නවා, ඊට පස්සේ එතනින් බේරිලා ගඟක පා වෙලා ඇය මේ ළමයාව දිය උඩින් තබාගෙන ඇය හුස්ම හිරකරගෙන අමාරුවෙන් ඉන්නා අතරතුර අසල්වැසි ගමක කට්ටියක් මේක දැකලා ළමයාව ඇයගේ අතින් ගන්නකොට ඇය ඇඟිල්ල දිග් කරලා පෙන්නනවා කන්දක මුදුනක්, ඉතින් ඒ ළමයාව ඇය එතනට ගෙනියන්න කියලා තමයි කියන්නේ. එතකොට කට්ටියක් හොයා ගන්නවා රහස් උමඟක් කන්ද උඩට යන. කෙනෙක් කියනවා අපි මෙතනින් උඩට ගිහිල්ලා ළමයාව දීලා එමු කියලා, සිවගාමිට ගොඩ කාලයක ඉඳලා ළමයෙක් නැහැ. ඉතින් අය කියනවා මම මේ දරුවාව හදාගන්නවා, ඒ නිසා උඩට යන්න අවශ්‍ය නැහැ කියලා, අර උමඟ වහලා දාන්න කියනවා. ඉතින් මේ ළමයා ටිකින් ටික ලොකු මහත් වෙන කොට කියනවා මට අර උස කන්ද නැඟලා ඒකෙ එහා පැත්තේ මොනවාද තියෙන්නේ කියලා බලන්න ආසයි කියලා. ඉතින් අම්මා මේකට තදින්ම විරුද්ධයි, මොකද එහෙම කන්දෙන් එහාට ගියොත් තම ළමයාව නැති කරගන්න සිදු වේවි කියලා. ඒ ළමයාගේ නම තමයි සිවුදු. සිවුදු කියන කෙනා කොයි වෙලේත් අර කන්ද නඟින්නමයි බලන්නේ. නමුත් ඒ හැම උත්සාහයකදීම ඔහු අසාර්ථක වෙනවා. ඇත්තටම මොකක්ද ඒ කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ, සිවගාමි මොනවටද ඒ ළමයාව කන්ද උඩට ගෙනියන්න කිව්වේ? මේවාට උත්තර දැන ගන්නම ඕනේ නම්, චිත්‍රපටය බලන්නම වෙනවා. අප ලබා දී ඇත්තේ DVDSCR පිටපතක් වේ. 1, 2, 3.

මේ චිත්‍රපටයේ සින්දු වලට උපසිරසි සහ මේ පොස්ට් එක ලියන්න තොරතුරු එකතු කරලා දුන්න තාරක නුවන් සහෝටත්, මේක කරමු කරමු කියලා Push කරපු සමීර අයියාටත් ඒ වගේම මගේ 10 වෙනි උපසිරසි නිර්මාණයට මේ වගේ නිර්මාණයක් දුන්න එයාට බොහොම ස්තුතියි වන්ත වන අතර මාගේ සබ් නරඹන ඔයාලටත්, අදහස් දක්වපු නොදක්වපු සැමෝටමත් ගොඩාක් ස්තුතියි කරනවා, දිගටම මාත් එක්ක රැඳී සිටින්න තව තවත් සුපිරි නිර්මාණ මගේ අතින් ලැබෙනවා කියලා මම අදට සමු දෙනවා, ස්තූතියි. එහෙනම් මම ගියා. ජයෙන් ජය…!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD /WEB /BR පිටපත් සඳහා ලබා දි ඇත.

77,852 downloadsDownload Baahubali-The-Beginning-2015.zip161 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට සහ තා‍ර‍ක ‍නු‍වන්‍” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

77,852 downloadsDownload Subtitles161 KB

211 comments

  1. Pradeep Iresh

    niyamaymachan...

    1. HivE

      Machn Hive Link expired wenawa.

    2. Duminda Jayanath

      me mokakda mee

    3. kavindu

      meka wada nane

  2. Kasun Widusha

    ela machooo denakal hitiye tnx sub ekata.................

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. Dila

    ඔන්න සහෝ මාත් බාන්න දැම්මා....
    ජය වේවා......
    සුපිරි..

  5. darshana

    ade dvd scr ekakne.ay e gena meke kiyala naththe.

    1. Ravindu Sandeepa

      මේක dvd scr එකක් කියලා උඩ පොස්ට් එකේ තියෙනවා සහෝ. "අප ලබා දී ඇත්තේ DVDSCR පිටපතක් වේ. 1, 2, 3."

    2. darshana

      eka passe dapu ekak ban .mulin thibbe na .kina edit kala eka mama danna widiyata

  6. #ChalinduDeshan (කිනා)

    කැත පිලුමක්නේ යකෝ.
    උදෙන්ම බෑවෙන්ට දැම්ම.
    ජය!

  7. එල්.සී. දමැල්

    අනිවා දැම්මම බානවා ස්තූතියි රවිඳු සහෝ...
    දිගටම සබ් ගේමු!
    ජය...

  8. Ysa

    මචන්ල මේකෙ qualitya කොහොමද?

    1. Ravindu Sandeepa

      dvd scr කොලිටි එක තියෙන්න සහෝ.

    2. sameera

      macan film eka down load karanna be kohomada karaganne

  9. kamal

    maxxxaaa

  10. Kasun Widusha

    me film eka 720p copy ekak apugaman sub update karanda plzzz

  11. තාරක නුවන් දිල්හාර

    නියමයි සහෝ නියමයි....
    වචනෙකින් හරි මටත් දායකවෙන්න ලැබුන එක ගොඩක් සතුටුයි..
    තෙලුගු සිංදු ටික සබ් කරන්න ලේසි වුනේ නෑ..
    සිංදු ටිකම විතරක් මම දවස් දෙකක් තිස්සේ කරා...
    ඒ වගේම අපේ රවිදු සහෝත් උදේ පහ වෙනකන් කරලා තම මේක අවසන් කරේ...
    මෙතරම් කට්ටක් කෑවේ බලන අයට වැඩේ එලටම දෙන්න ඕන නිසා...
    ලෝකයෙන අවධානය දිනු ඒ චිත්‍රපටිය අපි අරගෙන ආවා...
    බොක්ස් ඔෆිස් වගේම බයිස්කෝප් වාර්තාවනුත් බිඳ හෙලන්න වාසනාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..
    දිගටම ගුණාත්මක සබ් කරන්න වාසනාව ලැබේවා කියමින් මාත් පම්පෝරිය නතර කරනවා
    ආ..මගේ නමත් මතක් කරාට ස්තුතියි..
    ජයෙන් ජය......!!!!!!!!

    1. Chin

      Elaz

    2. Ravindu Sandeepa

      උඹත් මේක මට කරන්න ෆුල් සප් එකක් දුන්නා සහෝ, ඔයයි සමීර අය්යයි හිටියේ නැත්නම් මෙච්චර ඉක්මනට චිත්‍රපටය ගේන්න බැරි වෙන්න තිබුනා.

    3. Ushanthi

      Hi, Puluwan nam Thelingu film ekak thiyanawa RAMA RAMA KRISHNA KRISHNA kiyala sinhala sub ekka eeka upload karannako lassana film ekak eeka

  12. “චූටී මල්ලි”

    meikanm hodha copyak ekka balanna oni mcn mata,
    nattan aragollo koti ganan wiydam karla krapu VFX
    wala niyama sprit eka ganna hambawenne na
    anyway henakl yayida danne na enna
    HDRIP ekakath awoth hodaa
    aniwaa sub update karanna
    tnx bro

  13. චාමික දිල්හාර (දිලා)

    අනිවා දැම්මම බානවා ස්තූතියි රවිඳු සහෝ…
    දිගටම සබ් ගේමු......
    අපේ තාරත් පට්ට කට්ටක් කෑවෙ සිංදු ටික කරන්න......
    දෙන්නටම ස්තූතියි මේක ගෙනාවට......

  14. prasha

    niyamai

  15. achi

    නියම වැඩක් සහෝ!!! ස්තුති!!!

  16. janith dulanjana

    niyama wadak...sub ekata thankz

  17. අසිත

    දෙමල නම් බලන්නේ නෑ.ඒත් මේක නොබලා කොහොමද?
    මේක "300" එකේ කොපියක් කියලත් කියනවා.කොහොම උනත් ෆිල්ම් ඒක හොද ඇති.
    මේ වගේම තවත් පට්ට ෆිල්ම් එකක් එන්න Puli කියල.ඒකෙ ඉන්නේ කවුරුත් දන්න Vijay.
    ජය වේවා!!!!

    1. sanka

      300 ෆිල්ම් එකට මචන් මේක ලගටවත් එන්න බෑ මේක ඒ තරම් සුපිරි

  18. නලින්

    ස්තුතියි රිවිදු සහො!

    ජය වේවා!

  19. Madusanaka Jayasooriya

    නියම වැඩක් සහො. හොද කොපියක් ආවම බලමු. ජය වේවා

  20. sameer

    Well done saho. good

  21. Chin

    Well done and Gud Luck !

  22. Ruwan

    බලන්නම ඉන්න ෆිලුමක්.ස්තූතියි සබට මචං. හොඳ කොපියක් ආව ගමන් බලනවා.ජය!!

  23. SaDuN dAnUsHkA

    අැත්තම කිව්වොත් මේ තරම් ඉක්මනින් කරන්න පුළුවන් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ.
    උඹ නම් සබ් මැෂින් එකක් බන්.
    සිංදුත් එකක් බලන්න පුළුවන්.
    නියමයි කියන්න වචන නැහැ.
    කලින් දුන්නත් වැඩක් නැහැ සිංදු නැතිව නියමයි මචං.....

  24. kavinda

    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  25. tiron

    මං කලින් කවදාවත් තෙලිගු,දෙමල චිත්‍රපටියක් බලල නෑ.ඒත් මේක නං බලනවාමයි.ගොඩක්ම ස්තුතියි.

  26. Amalka

    සබට තුති සහෝ නියම වැඩක් ලස්සනට ලිපියත් ලියල තියනව DVD Rip ආවම බලනව

  27. සච්ත උදාර

    මේක සුපිරිම ෆිල්ම් එකක්, ඉවසන් ඉන්න බැරි නිසා බැලුවට මොකද පුලුවන් අයට මම කියන්නෙ මේක හොද කොපියකින්ම බලන්න කියලා
    එළ සහෝ, උපසිරැසිට ස්තූතියි.

  28. Isitha Prasad

    Sub Ekata Thankz
    DVDRip Aka Apuwahama Balanawa

  29. pcvenom

    thanks bro supiri film ekak prabash nisa aniwa balanawa. thanks keep up the good work

  30. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. අනිවා බානවා මේක.

  31. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ !
    දෙනකම් බලාගෙන හිටියේ.
    ප්‍රභාස් නිසාම නොබලා බැහැ.
    බොහොම ස්තුතියි සබට .

  32. ranjith

    niyami yaluwa

  33. Nelson

    Good Work Friend, Thanks!

  34. tharindu

    maka 3d malorahak na

  35. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමා....................යි
    ඇඩෙනවා, මෙච්චර ඉක්මනින් දුන්නාට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ.
    ලිපියටත් ගොඩාක් ස්තූතියි !
    ලිපියෙන් ගොඩාක් කරුණු දැන ගත්තා
    සිංදු වලට උපසිරැසි ගැන්වූ තාරක සහෝට ත් ස්තූතියි !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා

  36. Sashi S. Warnakulasuriya

    digatama sub karanna. meka denakal balan hitiye... sthuthiiyiii...

  37. Suu

    Thank you
    mn meka balanna godak asawen hitiye :) :)

  38. Kulanjana Maduranga

    Ammo kawada dedo kyla agili gana gana unnu filumak....mewata thama thagi kynne...mcn uba nm deiyek nemei dewalayak....menn banawa...hoda copyak enakm inna ba.hoda copyak awama update parak dn..subata thanks RAVINDU saho.....digatama sub demu.jaya wewa......

    1. Kulanjana Maduranga

      THARAKA & SAMEERA sahola dennatath thanks..........

  39. jagath

    ස්තුතියි උපසිරසියට.

  40. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa

  41. සඳුන් තාරක

    මේක නොබලා කොහොමෙයි.බොහොම ස්තූතියි සහෝ මේ තරක් ඉක්නට සබ් දීපු එකට.හොඳ කොපියක් ආවමත් ඉක්මනට සබ අප්ඩේට් කරන්න කියලත් ඉල්ලනවා .

  42. සඳුන් තාරක

    මේක නොබලා කොහොමෙයි.බොහොම ස්තූතියි සහෝ මේ තරම් ඉක්නට සබ් දීපු එකට.හොඳ කොපියක් ආවමත් ඉක්මනට සබ අප්ඩේට් කරන්න කියලත් ඉල්ලනවා .

  43. shanperera

    thanks machan

  44. thisal

    ස්තුතියි උපසිරසියට.wait for dvd

  45. Kalhara

    Patta.....Bohama sthuthi saho........

  46. Jack

    ස්තුතියි මචන්.

  47. හේමන්ත

    තෑන්ක්ස් මල්ලි.

  48. vikum

    thanks shoo..(Köszönöm)

  49. ranga

    pls bro dont use cam copies...so many movie fans hate that

  50. ALPHA

    thnkxx machan!! apith bawa ehenam

Load more comments