ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන එන්න තමයි මේ සුදානම. මේක 2008 ලොවම හෙල්ලූ Cloverfield චිත්‍රපටයේ දෙවැනි ගමන ලෙස තමයි නිකුත් වෙන්නේ. නමුත් ලෝකයට එම චිත්‍රපටයේ ඇති වුන සිද්ධිය බලපෑවා වුනත් මේ චරිත නම් නැවුම්. ඔවුන් කලින් චිත්‍රපටයේ හිටියෙත් නැහැ. කලින් එකේ පිරිස මේකේ ඇත්තෙත්…

ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන එන්න තමයි මේ සුදානම. මේක 2008 ලොවම හෙල්ලූ Cloverfield චිත්‍රපටයේ දෙවැනි ගමන ලෙස තමයි නිකුත් වෙන්නේ. නමුත් ලෝකයට එම චිත්‍රපටයේ ඇති වුන සිද්ධිය බලපෑවා වුනත් මේ චරිත නම් නැවුම්. ඔවුන් කලින් චිත්‍රපටයේ හිටියෙත් නැහැ. කලින් එකේ පිරිස මේකේ ඇත්තෙත් නැහැ. හැබැයි අපි මුල් කතාව දීලා තියෙන්නේ කැමති කෙනෙක්ට ගිහින් මේකට කලින් හෝ මේකට පසුව ඒකත් බලන්න ඇහැකි.
මේක මේ J.J. Abrams නිෂ්පාදනයක්. මේ හාදයා මේ ටිකේ අත තියන තියන දෙය රත්රන් වෙනවා නෙව. පිටපත Josh Campbell, Matthew Stuecken හා Damien Chazelle ගෙන්. මතක ඇති නේ අර Whiplash (2014) පොඩි චිත්‍රපටයක් කල හාදයා, අන්න එයා තමයි මේ ඩේමියන්. රංගනයෙන් එක්කාසු වෙන්නේ John Goodman, Mary Elizabeth Winstead, John Gallagher Jr. පමණයි. නමුත් හඬ නළුවෙක් හැටියට සුපිරි නළු Bradley Cooper එක්කාසු වෙනවා. මේක අධ්‍යක්ෂණය Dan Trachtenberg ගෙන්, මේක ඔහුගේ පළමු චිත්‍රපටය….
ලබාගෙන තියන IMDB අගය 7.6ක් ලේසි නැහැ නේද මොකද මේක භයානක චිත්‍රපටයක්, එහෙමයි කිව්වට තවත් ගොඩක් කාණ්ඩ ආක්‍රමණය කරන්න මේක සමත් වෙනවා, කොටින්ම කියනවා නම් Drama, Horror, Mystery, Sci-Fi, Thriller ඔන්න ඔහොමයි IMDB පිටුවේ සඳහන් වෙන්නේ. රෝටන් ටෝමාටෝ අගය 90% ආයේ ඉතින් කියන්න ඕනේ නැහැ නෙව, ඒ වගේමයි මිලියන 15 ක් වියදමෙන් ලෝකය පුරාම මිලියන 107 ක් හොයාන්නත් දැනට සමත් වෙලා තියනවා.
එහෙනම් කතාව පැත්තට හැරෙමු, පිටසක්වල ප්‍රහාරයත් එකක් මිනිස්සු කලබල වෙනවා. හිස හැරුන හැරුන අතේ දුව යනවා. නමුත් මේ කිසිම දෙයක් ගැන හැඟීමක් හෝ අදහසක් නැති මිෂෙල් තමුන්ගේ විවාහ ගිවිස ගැනීමත් අත්හැර දාලා යන අතරේ ඇය අනතුරකට මුහුණ පානවා. නමුත් නැවත සිහිය එනකොට ඇය ඉන්නේ රෝහලක නෙමෙයි යම් කාමරයක, කකුල පයිප්පයකට මාන්චු දාලා හෙලවෙන්න බැහැ…. ටිකකින් ඔන්න කාමරයට එනවා කෙනෙක් ඔහු නමින් හාවර්ඩ්…. ඔහුට අනුව අපේ ලෝකය විනාසයි, පිටත ලෝකය දුෂිතයි වාතය ආග්‍රහණය කිරීමම මියයාමට ප්‍රමාණවත්. නමුත් ඔහුගේ දුර දක්නා වැඩ පිළිවෙල නිසාවෙන් ඔහු භූගත බංකරයක් නිර්මාණය කරලා තියනවා එකේ තමයි මෙයාලා මේ ඉන්නේ. ඔකේ දී ඇයට එමිට් එහෙමත් දැනගන්න ලැබෙනවා ඔහුත් මේකේ හිර වෙලා ඉන්නේ…. හාවර්ඩ් හරිම අමුතුයි…. එක එක විකාර විශ්වාස කරන කෙනෙක්. බොහොම රහසිගතයි, ඉක්මනින් උරණ වෙන කෙනෙක්. ඒ වගේම හැම වේලේම මේගන් කියලා කෙනෙක් ගැන කියවනවා… මිෂෙල් ඇයගේ පින්තුරයක් එහෙමත් දකිනවා, හැබැයි මේක එමිට් දැක්ක ගමන් ඒ බොරුවක් බව එලි වෙනවා ඒ වගේම….
මේක බොහොම අගේ ඇති කතාවක් රේටින්, හොයලා තියන මුදල එහෙම දැක්කම ඒක තේරෙන්න ඕනේ නෙව. මේකේ කතාව විස්තර කරන්න බැහැ, එහෙම කරන්න ගියොත් කතාවේ රසය නැති වෙනවා ඉතින් බලන්න කියලා ආරාධනා කරනවා. ඔක්කොටම කලින් ට්‍රේලර් එක බලන්නකෝ එතකොට හරි අදහසක් ලැබෙයි. විභාග වැඩ එකක් පොඩි නිවාඩුවක් ලැබුනා විතරයි ආව එකේ උණු උණුවෙන් අරගෙන ආවා එහෙනම් බලන්න, ඩොකා ස්තුතියි ආව ගමන් කොපිය එව්වට. නැවත උපසිරසක් එකක් හමුවෙමු ඔබ සැමට ජය වේවා…
පා.ලි.
මෙම චිත්‍රපටයේ ටොරන්ට් පිටපත් දැන් ඔබට අපගේ නවතම බයිස්කෝප් උපසිරැසි සදහා ටොරන්ට් ලින්ක් පිටුවෙන් ලබාගන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links. පහත උපසිරැස සියලුම BR , WEB -DL හා HD පිටපත් සඳහා අදාළ වේ.
9,738 downloadsDownload 10-Cloverfield-Lane-2016.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
54 comments
Mihan
mithun
යකඩෝ මෙන්න මෙක දිලා.. විස්සව කරන එකක් නෑ මම අදත් මෙක search දිල බැලුව blurry ඇවිදින් ද කියල.. මම නොට් කරම්ම උන්නු ෆිල්ම් එකක්.. උපසිරැසි උපසිරැසි ගැන්නුවට බොහොමත්ම ස්තුතියි සමිර බ්‍රෝ.. ෆිල්ම් එක දැක්ක ගමන් බැලුවෙ කවුද සබ් දිල තියෙන්නෙ කියල පිස්සු හැදෙනවනෙ ඉතින් ...
අයෙමත් මෙ වගෙ සුපිරි ෆිල්ම් එකක් අරන් එන්න ඔබට කලය ලැබෙවා බොහොම සතුටුයි, බොහොම ෆිං .Jack
නියමයි මචෝ..
පට්ට කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
pasimal
ස්තූතියි උපසිරසියට සහ හොද ෆිලුමක් හදුන්වා දුන්නට
pasindu
මේ film එක බලන්න cloverfield එක බලලා තියෙන්න ඕනිද?
සමීර කරුණාරත්න
නැහැ...!
pasindu
ස්තූතියි උපසිරසියට..ජය වේවා.
mithun
සබ් එකත් තියෙන එකෙ ඔන්න ඔහෙ තව ටික දවසක් ඉවසල ඉන්නව blurry, web-dl copy වගෙ එනකල්.. මෙකෙ සීඩ්ස් නම් හොදටම හොදයි එත් ඉතින් හිතට හරි නැ blurry වලට හුරු වෙල..
අපිට කලින් දැක්කොත් විගහට අප්ඩෙඩ්ට් එකක් දෙන්න සහොදර.
නැවත පාරක් ස්තුතියි උපසිරැසි ගැන්නුවට .සුපිරි ෆිල්ම් එකක්sanath indika
thx broo
Tharaka
උපසිරැසියට ගොඩක් ස්තූතියි!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
chamil alankara
බොහොම ස්තුතියි
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමෛ නියමයි සමීර අයියේ.
දිගටම මෙ වගෙ එව්වා දෙමු.
මේකේ පලමු එක නම් බැලුවා.
මේකත් සුපිරි ඇති කියලා සිතමි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Sajeevi
Thanks
Arshad Anas
tncx machan sub aketa geration iron movie aketa sub denna puluwandae
Asitha
ela thanks
yeshu
tnx
Hiranhiru
Thanks bro.. onna mamath baanawa ahenam.. :)
තිලින
niyama film1k
Udara Damith B\K
thankssssssssss
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Thanks
Samith
Thanks for the sub.
Prasad Kandamulla
.................සිංහල 'සබ්' එකට බොහොමත්ම ස්තුතියි සහෝ...................
Asiri
මේ ෆිල්ම් එක හිතුවට වඩා හොදයිනේ.මට මුල් Cloverfield ෆිල්ම් එක එච්චර ඇල්ලුවේ නෑ .හැබැයි ඒකට වඩා මේක ගොඩක් හොදයි.sub වලට බොහොම ස්තූතියි.
mithun
Br අප්ලොඩ් ekata බොහොම තුති . සබ් එක දුන්න දාම හිතාගත්තා blurry එනකම් බලන් නෑ කියල . Thx bro
mithun
සතුටුයි
pramuk
thanxxxxxxx
Nipun
Thanks macho.....
Ishan Madusha
Thanks saho sub 1ta.
SB
බොහොම ස්තුයි සහෝදරයා..!
P.K
thank you saho :)
Ysa
තෑන්ක්ස් මචෝ.... :-)
Hasith
thx macho subata
Tharindu Athukorala
ස්තුතියි බ්රෝ
malith
Ela ela
Deshan Udeeptha
Thx sahoo sub ekata
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...!!!
ජයKasun A.
උපසිරැසියට තුති සමීර සහෝ, ජය!
Dhananjaya.Gajanayaka
උපසිරැසියට ගොඩක් ස්තූතියි ජය වේවා!
Nidi
හොඳයි, ලස්සනයි, ස්තුතියි සමීර.
chamith55
thankss .. bro
rasanjan
thanx bro
sanjeewakbg
thanks bro..
Anonymous
Thank you bro..
nilanka
thanks
salamuthu
thank you
Sahan Gayantha
thank you for the subtitle brother
Anonymous
Anee download karaata pennanne naane extract karanna size madi 633 bytes enne mk oone
Ravindu Heshan - Admin
Dan Wada
nirosh
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you !