ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සෙ කොරියානු චිත්‍රපටියක් අරගෙන ඔයාල ලගට ආව. මේක නම් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රියකරන ඔබ සැම නැරඹිය යුතුම චිත්‍රපටියක්. ඇයි මම එහෙම කියන්නෙ ? මොකද මෙම චිත්‍රපටිය තුල අන්තර්ගත වන සටන් ජවනිකා එහෙමත් නැතිනම් පිහි යොදාගෙන සිදුකරන සටන් ජවනිකා ඉතාම තාත්වික අයුරින් රූගත කිරීමට මෙම…

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සෙ කොරියානු චිත්‍රපටියක් අරගෙන ඔයාල ලගට ආව. මේක නම් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රියකරන ඔබ සැම නැරඹිය යුතුම චිත්‍රපටියක්. ඇයි මම එහෙම කියන්නෙ ? මොකද මෙම චිත්‍රපටිය තුල අන්තර්ගත වන සටන් ජවනිකා එහෙමත් නැතිනම් පිහි යොදාගෙන සිදුකරන සටන් ජවනිකා ඉතාම තාත්වික අයුරින් රූගත කිරීමට මෙම චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමට හා එහි නළුවන්ට හැකිවී තිබෙනවා. ඒවායෙ තාත්වික බව කොතෙක්ද කියතොත් මෙය රූගත කල වියට්නාමයේ පවා ” දරුණු සටන් ඇතුලත් චිත්‍රපටියක් ” ලෙස සළකා මෙය ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබෙනවා. ඉතින් මෙම හේතු නිසාම දරුණු සටන්, කැපුම් කෙටුම් වලට මෙන්ම ලේ දැකීමට බියවන පුද්ගලයින්, ගර්භනී කන්තාවන් හා චිත්‍රපටිය තුල භාවිතාවන දරුණු භාෂා විලාසය නිසා කුඩා ළමුන්ද මෙය නැරඹීමෙන් වළකිනවා නම් හොදයි.
2022 වර්ෂයේදී අතිශය සාර්ථක ලෙස ලොව වටා තිරගත වූ The Roundup 2022 චිත්‍රපටය මෙහි පලමු කොටස වන The outlaws 2017 චිත්‍රපටයටත් වඩා අතිශය සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටයක් ලෙස නම් කල හැකියි. IMDB අගය 7 ක් ලෙස ඉහල අගයක රදවාගෙන තිබෙන මෙම චිත්‍රපටය කොරියානු බොක්ස් ඔෆීස් වාර්තා බිද හෙලීමට සමත් වී තිබෙනවා. මේ සාර්ථකත්වය නිසාම මෙම වසරේදී The Roundup :No Way Out ලෙස මෙහි තෙවැන්න නිකුත් කිරීමට නියමිතයි. Action/ Crime/ Thriller ගණයට අයත්වන The Roundup 2022 චිත්‍රපටය මුල සිට අග දක්වාම කුතුහලය, ත්‍රාසය, සිනහව මැනවින් කැටිකර ගත් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන ප්‍රේක්ෂකයන්ට අමතක නොවන අත්දැකීමක් එකතු කරන චිත්‍රපටයක් ලෙස අර්ථ දැක්විය හැකියි. ඒ වගේම විශේෂයෙන් සදහන් කල යුතුයි, මෙහි පලමුවැන්න වන The outlaws 2017 චිත්‍රපටිය නරඹා නොමැති අයකුට වුවත් රසවින්දනයට කිසිදු බාධාවක් නොවී මෙම චිත්‍රපටය නැරබීමේ හැකියාවක් තිබෙනවා.
මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන පොලිස් පරීක්ෂක “මා සුක් දෝ” ලෙස, අපි කවුරුත් දන්න Don Lee එහෙමත් නැතිනම් Ma Dong Seok රංගනයෙන් දායක වන අතර මෙහි ප්‍රධාන සතුරා වන “කන්ග් හේ සන්ග්” ලෙස Sukku Son විශිෂ්ඨ චරිත නිරූපණයක යෙදෙනවා. මෙහි අධ්‍යක්ෂනය Sang Yong lee විසින් සිදුකරන අතර අතර Ma Dong Seok මෙහි නිෂ්පාදනය සදහා හවුල් වී තිබෙනවා.
ගුම්චියොන් පොලීසියේ පොලිස් පරීක්ෂකයකු ලෙස සේවය නියුතු මා සුක් දෝ හා කැප්ටන් ජියොන් රත්තරන් මංකොල්ලයක් සම්බන්ධයෙන් වරදකරු වී රටින් පැනගොස් වියට්නාමයේ දී වරද පිලිගත් ජොන්ග් හු නම් අපරාධකරුව නැවත කොරියාවට රැගෙන ඒම සදහා වියට්නාමයට පිටත්ව යනවා. මා සුක් දෝ විසින් වියට්නාමයේදී සිදු කරන දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ කිසිදු හෙලිදරව්වක් කිරීමට අකමැත්තෙන් සිටි ජොන්ග් හු සියල්ල වැමෑරීමට පටන් ගන්නවා. එහිදී වියට්නාමයට පැමිනෙන කොරියානු සංචාරකයින් හා ව්‍යාපාරිකයින් පැහැර ගන්නා මැර කල්ලියක් පිලිබද අනාවරණය වන අතර මොවුන් විසින් කොරියානු සංචාරකයින් හා ව්‍යාපාරිකයින් පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලා මරාදමන බවටයි හෙලිවන්නේ.
මෙහි මහ මොළකරු ලෙස දරුණු අපරාධකරුවකු වන “කන්ග් හේ සන්ග්” කටයුතු කරන බවව අනාවරනය වන අතර ඔහුව වියට්නාමයේදී සොයා ගොස් අත්අඩංගුවට ගැනීමට මා සුක් දෝ හා කැප්ටන් ජියොන් තීරනය කරනු ලබනවා. ඉතින් මොවුන් දෙදෙනාගේ මේ ගමන කෙසේ නම් විසදේද? කන්ග් අවසානයේදී හසුවෙයිද? කන්ග්ව මරා දැමීමට මාන බලන “චෝයි” කවුද? ඉතින් මේ සියල්ලටම පිලිතුරු දැනගැනීමට The Roundup 2022 චිත්‍රපටය නැරඹිය යුතු වනවා.
දැඩි රාජකාරි මධ්‍යයේ සතියකට ආසන්න කාලයක් දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස ඔබ වෙත පිරිනමන මෙම උපසිරසියට ඉතා හොද ප්‍රතිචාර හිමිවේ යැයි බලාපොරොත්තු වෙමි. එසේ නම් තවත් අපූරු චිත්‍රපටයකින් අප හමුවන තුරු ඔබ සැමට බුදුසරනයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
19,351 downloadsDownload the-roundup-2022.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
18 comments
Anonymous
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. අලුත් ෆිල්ම් එකත් ආවහම ඒකටත් සබ් දෙමු. ජයවේවා!
Anonymous
thanqqqqq
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Baiscopedownloads සයිට් එකට මොකද වෙලා තියෙන්නෙ? ඒකට යන්න බෑනෙ
nirosh sandaruwan
tanks machan sub ekata jaya wewa
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
Thank you
Anonymous
Thnx bro
Dewadithya
Thanks for Sub!
බණ්ඩා
සබට ස්කොතුයි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thank you bro
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Anonymous
supiri bro
Anonymous
thnx and good luck
Advertisement
Thanks jayawewa......!