ඔයා මේ ආත්මේ මෙහෙම මනුස්ස ආත්මයක් ලබලා හිටියට, ඔයා දන්නවද ඔයා හිය ආත්මේ කවුරු වෙලා ඉන්න ඇතිද කියලා? සාස්තර බලලා නම් ඇතැම් දෙනා කියනවා අහවල් කෙනා අහවල් කෙනා වෙලා හිටියා කියලා. ඒත් ඔයාට පුලුවන් නම් මේ ආත්මෙදි ඔයාට එදිනෙදා හමුවෙන හැමදේකම රටාවක් දකින්න. හරියට තරු එකිනෙක හදුනාගෙන තරු පන්ති අදුරගන්නවා ව…

ඔයා මේ ආත්මේ මෙහෙම මනුස්ස ආත්මයක් ලබලා හිටියට, ඔයා දන්නවද ඔයා හිය ආත්මේ කවුරු වෙලා ඉන්න ඇතිද කියලා? සාස්තර බලලා නම් ඇතැම් දෙනා කියනවා අහවල් කෙනා අහවල් කෙනා වෙලා හිටියා කියලා. ඒත් ඔයාට පුලුවන් නම් මේ ආත්මෙදි ඔයාට එදිනෙදා හමුවෙන හැමදේකම රටාවක් දකින්න. හරියට තරු එකිනෙක හදුනාගෙන තරු පන්ති අදුරගන්නවා වගේ. ඒ රටාවන් අදුරගන්න අතරේ ඔයාට පුලුවන් කමක් වෙනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන පොඩි දිවැස් කීමක් කියන්න. මේක නිකන් මොළයෙන් ගහන ගේමක් හොදේ. මේ අතරේම ඔයාට පුළුවන් වෙනවා පෙර ආත්මේ ඔයා මැරිලා ගියපු විදිහ, ඒ තැන, කවුරු අතින්ද එහෙමත් දකින්න. එතනදී ඔයාට ඔයාගේ පෙම්වතියව වගේම ඔයාලා දෙන්නා අතරට ආපු අතරමැදියා නොහොත් තුන්වැනි පාර්ශ්වය දැකගන්න පුලුවන්. මේ ඔක්කොම වෙන අතරේ මේ රටාවන් කිහිපයත් හදුනගෙන ඔයාට පුලුවන් කමක් ලැබෙනවා අන්තිමේදී වෙන්නෙත් පෙර ආත්මයේ වෙච්ච දේමයි කියලා. ඒ කියන්නේ පෙර ආත්මයේ ඔයා මැරිලා ගියපු විදිහට ඔයා ඔයාගේ පෙමව්තිය එක්ක මැරිලා යනවා අර අතරමැදියා අතින්. ඒක නවත්තන්න ඔයාට අවස්ථාවක් ලැබුණොත්? ඔයා ඒක වෙනස් කරනවද නැත්තම් ඒක ඔහේ වෙන්න ඇරලා බලන් ඉන්නවද?
මේ කතාවේ ඩිලන් කියන්නෙත් එහෙම සිද්දියකට මුහුණ දෙන කෙනෙක්. එයා වැඩ කරන්නේ නම් ගුවන් තොටුපලවල් වල තියෙන at&t කුළුනක. ඒ කියන්නේ මෙතන තමයි සියළුම ගුවන් යානා වලට පියාසැරියන් වලට හා ගොඩ බැස්සවීමට අවසර ලැබෙන්නේ වගේම අවශ්‍ය උපදෙස් ලැබෙන්නෙත්. ඩිලන් කියන්නේ අවුරුදු 29 ක තනිකඩ කෙනෙක්. එයා එයා එයාගේ රැකියාවට හුගක් දක්ෂයි. මෙයාට අර පෙර සිද්දීන් දකින එක දිගින් දිගටම වෙලා රැකියාවේ අවුලක් සිද්දවෙනවා. ඒ තමයි නියමිත වෙලාවට ගුවන් යානා දෙකකට අවශ්‍ය උපදෙස් නොදී අරහෙම සිද්දියකට කොටු වෙලා හිටිය. ආහ්හ්, අමතක උනානෙ, මේ සිද්දිය වෙන්නේ 2:22. අනික් වෙලාවටත් වෙනින් දේවල් වෙනවා. හැබැයි 2:22 කියන්නේ හරියට දෛවයේ වෙලාව වගේ. මං නම් හුගක්ම ආසම සිද්දිය තමයි ඩිලන් අන්තිම මොහොතෙදි ගුවන් යානා දෙක ගෑවෙන නොගෑවෙන තරමට එකක් ගොඩබෑමට හා අනික පියසාර කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්න විදිහයි. ඒත් ඉතින් ඒ වෙච්චි වැඩෙ හරි නොගියා නම් එයාගේ අතින් මිනිස්සු 900ක් විතර මැරිලා යනවා. මේ වැඩෙන් එයාට එයාගේ රස්සාව මාසෙකට නැති වෙනවා. අර ගුවන් යානයක ඉදලා තියෙනවා එයාගේ ඉරණම්කාරී. මොකද වෙන්නේ කියලා බලන්නකෝ. තවත් වැඩිය දේවල් කියන්නේ නෑ ඔන්න.
සෑහෙන දවසකට පස්සේ උපසිරැසියක් අරන් ආවා ඔන්න. ඒකත් චිත්‍රපටයකට. ඒකත් ඉතින් හසා අයියා තමයි මේක බාර දුන්නේ. සබ් කරන්න තියෙන කම්මැලි කම නිසා නිකන් ඉන්න හදලත් ට්‍රේලර් එක බලලා පෙරේත කමට කොලා. Paul Currie අතින් අධ්‍යක්ෂණය වන මේ චිත්‍රපටය නිකුත් වුණේ 2017 ජූනි 30 වැනිදා. The Choice (2016) චිත්‍රපටයේ ගැබිගේ චරිතයට වගේම Lights Out (2016) චිත්‍රපටයට රංගනයෙන් දායක වුණු “Teresa Palmer” තමයි මේකේ “සාරාගේ චරිතයට දායක වෙන්නේ. ඒවගේම තමයි Game Of Thrones කතාමාලාවේ හතරවෙනි කතාසමයේ ඉදන් එකතු වුනා මතකද දන්නේ නෑ හිටියා “ඩාරියෝ” කියලා චරිතයක්. අන්න ඒ චරිතයට දායක වුණු “Michiel Huisman” තමයි මේ චිත්‍රපටයේ “ඩිලන්ගේ” චරිතයට දායක වෙන්නේ. ඒ වගේම “Sam Reid” තමයි මේ චිත්‍රපටයේ “ජෝනාස්ගේ” චරිතයට දායක වෙන්නේ. ඔය තමයි ප්‍රධාන නළුනිළි පිරිස. Thriller ගනයට අයත්වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැයකුත් විනාඩි 38 කුත් වෙනවා. IMDb අගය නම් 5.6/10 වගේ අගයක් ලැබිලා තියෙන්නේ. නමුත් අවංකවම මං නම් කියන්නේ මේකට අවම 6+ වත් එන්න ඕන කියලා. මං කියන්නේ බොරු නම් ඔයාලා මුලින් ට්‍රේලර් එක බලලා ඉන්නකෝ.
එහෙනම් හැමෝටම බලන්නයි කියලා ආරාධනා කරන ගමන් මං අදට සමුගන්නවා. ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.
24,234 downloadsDownload 2.22-2017-BR.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitles by
චාමර සම්පත්
Subtitles
61 comments
CAPTAIN jack sparrow
prabodha
Thank broo sub ekata...
Didula sangeeth
sub ekata tnq saho good luck
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.kumara
බොහෝම ස්තූතියි මලයෝ. ඔබේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! ගොඩාක් පිං.
sam
thank you
Praneeth priyadarshana
ස්තූතියි සහෝ
TháRàñga Ñ ÐaRshánà
බොහොම ස්තූතියි සහෝ... දිගටම වැඩේ කරගෙන යමු. ජය!
Dilan
Wenas film ekak wage saho.jaya wewa saho.
Dinusha
mewa download karanna torrent site thiyanawanam kiyannako.
Nuwan Sanjeewa
ස්තුතියි උපසිරසියට..
Chami.S
Thanks..
devinda
Chamara Malli Gdk Pin....
අසිත
elama saho thanka
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Gathsara Umesh Kumara
Mm hithuwe ayy sadahatamgiy kyl.....
Niymyi aye apueknm godak hod deyktbsdarshana
thanks very much
Isuru Malaka
Thanks...
Dilipasiri5
Pttaii mchnnnn
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::sanka
ram charange dhruva film ekatath sub dennako puluwannam ....... thanks sub ekata
KwiZ
Film eka baala suba denkm balagena htye saho...elma..thnkz..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
blackSnow
තැන්ක්ස් සහෝ සබ් එකට. දිගටම කරන්න ශක්තිය ලැබේවා කියල පතනවා
Chalana
thnx bro...
Nishan
ELSA
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
keshan
thanks bro
සුද්ද
meke copy eka mkda
Ravindu Rukshan
thx
Arjuna
Please Update BR
Lushan
YTS Eka awilla!!!. BR walata danna macho...
විමා
තෙරේසගෙ එකක් :o
මිස් වෙලා :-(
සබට තුති කිඩ්ඩො සොරි, කුඩ්ඩෝNirodhauthpala
Mala paninava chamara nice work bro thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Chanuka
ela bro
wasula
lassana kathawak....digatama yamu budu saranai....
Lahiru
Tnx
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
hasith
thankyou sahoo
sanjaya
thank you bro
sumed
sub ekata thanks bro.
Madusanka
Thanks bro
Ayesh
Supiriy sahooo.... tawat sub digatama karanna.... jaya wewaaaa.....!!!!!!!!
oshanda
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Mawan Geethanjana
super sinhala sub thanks. good luck
nimal dissanayake
මේ ටික චාමරට.
ගොඩාරියක් ස්තුතියි.මේ ටික හදිසියකින් හරි
මේක කියවන කෙනෙකුට;
හරියට මං වගේ.ෆිල්ම් එක මසුරං
බලන්නකො බොරු නම්
බලමු කියලා හිතෙනවා නම්
කල් දාන එක තමයි තමයි තහනම්!sasi1111
Tnx macho
Link ekak naddaDeshani
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna 1 mama tnx sub ekta