ඔබ රහස් පරීක්ෂක නවකතා රසිකයෙක්නම් මලොවාන් ආර්‍යාව හෙවත් අගතා මේරී ක්ලැරිසා මිලර් පිළිබඳ අසා ඇති බවට සැකයක් නෑ. එහෙම දන්නෙත් නැත්තම් අගතා ක්‍රිස්ටි යන නාමය නම් ඔබ අනිවාර්යෙන්ම අසා ඇති බව මම දන්නවා. ප්‍රබන්ධ රහස් පරීක්ෂක කතා චරිත අතර යුරෝපයේ මෙන්ම මුළු ලෝකයෙන්ම දෙවෙනියට ප්‍රසිද්ධම රහස් පරීක්ෂකවරයා නි…

ඔබ රහස් පරීක්ෂක නවකතා රසිකයෙක්නම් මලොවාන් ආර්‍යාව හෙවත් අගතා මේරී ක්ලැරිසා මිලර් පිළිබඳ අසා ඇති බවට සැකයක් නෑ. එහෙම දන්නෙත් නැත්තම් අගතා ක්‍රිස්ටි යන නාමය නම් ඔබ අනිවාර්යෙන්ම අසා ඇති බව මම දන්නවා. ප්‍රබන්ධ රහස් පරීක්ෂක කතා චරිත අතර යුරෝපයේ මෙන්ම මුළු ලෝකයෙන්ම දෙවෙනියට ප්‍රසිද්ධම රහස් පරීක්ෂකවරයා නිර්මාණය උනේ මේ අගතා ක්‍රිස්ටි මහත්මියගේ හෙළි තුඩින් තමයි. මේ ලැයිස්තුවේ පළවෙනියට ඉන්නේ සර් ආතර් කොනන් ඩොයිල් මහතා විසින් නිර්මාණය කරපු “ෂර්ලොක් හෝම්ස්” කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ෂර්ලොක් හෝම්ස්ට පමණක් දෙවෙනි උන යුරෝපයේ සිටි ඒ අති දක්ෂ රහස් පරීක්ෂකයා තමයි “හර්කියුල් පොයිරෝ” කියන්නේ. ඔයාලා එයා ගැන දැනගන්න කැමතිනම් Death on the Nile (2022) උපසිරසිය එක්ක මම පොයිරෝ ගැන සංක්ෂිප්ත ලිපියක් දීලා තියෙනවා කැමති අයට බලන්න පුළුවන්.

ඇගතා ක්‍රිස්ටි මහත්මියගේ හර්කියුල් පොයිරෝ චරිතය ලබාගත් ජනපියත්වයත් එක්ක මේ චරිතය පළමු වරට රිදී තිරයට පැමිනෙන්නේ Alibi (1931) කියන චිත්‍රපටයෙන්. එහිදී “හර්කියුල් පොයිරෝ” ලෙස පළමු වරට රංගනයෙන් දායක වෙලා තිබෙන්නේ Austin Trevor නම් රංගන ශිල්පියා. ඊට පසු කාලයෙත් විවිධ නිර්මාණ ඔස්සේ බොහෝ නළුවන් විසින් මේ හර්කියුල් පොයිරෝ චරිතය රඟ දක්වලා තිබෙනවා. 2017 වසරෙදී හොලිවුඩ් නළු Kenneth Brangh විසින් Murder on the Orient Express (2017) චිත්‍රපටය හරහා නැවත වරක් හර්කියුල් පොයිරෝ චරිතය රීදී තිරයට අරගෙන එන්නේ මේ අතරේ තමයි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම එහි පොයිරෝගේ චරිතය නිරූපනය කලෙත් Kenneth Brangh විසින්මයි. Ridley Scott නිෂ්පාදනයෙන් දායක උන මේ නිර්මාණයට Johnny Depp, Penelope Cruz, Williem Dafoe, Judi Dench, Michelle Pfeiffer, Daisy Ridley වගේ දැවැන්ත තරු රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම නොසීතූ විදියට යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගන්න මේ සලරුව මිලියන 300කට අධික දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමකුත් හිමි කරගන්න සමත් වෙනවා. එම නිර්මාණය ලැබූ සාර්ථකත්වයත් එක්ක පසුගිය වසරේදී ඇගතා ක්‍රිස්ටිගේ Death on the Nile නවකතාව ඇසුරෙන් එනමින්ම තවත් චිත්‍රපටයක් නිර්මාණය උනා. 2022 පෙබරවාරි මාසයේ මහජන ප්‍රදර්ශනය ආරම්භ කරමින් ඩොලර් මිලියන 134.6 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටයෙත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ චරිතය Kenneth Brangh විසින්ම රඟ දැක්වූ අතර ඊට අමතරව Gal Gadot, Armie Hammer, Letitia Wright, Tom Bateman, Ali Fazal, Rose Leslie වැනි නළු නිළියන් රැසක් සම්බන්ධ උනා.


ඉතිං මේ වසරෙ නිකුත් උන A Haunting in Venice චිත්‍රපටයෙන් අපිට නැවත වතාවක් හර්කියුල් පොයිරෝ දකින්න පුළුවන්. සුපුරුදු විදියටම මේකේත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ විදියට ඉන්නේ Kenneth Brangh තමයි. 1969දී ඇගතා ක්‍රිස්ටි විසින් රචිත Hallowe’en Party නවකතාව ඇසුරෙන් නිර්මාණය උන මේ සලරුව Mystery | Horror කාණ්ඩය යටතේ වර්ගීකරණය කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙද්දි යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ IMDb 6.8ක අගයකුත්, කුණු තක්කාලි 75%ක් සහ 86% ගූගල් මනාප ලබා ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය ලොවපුරා තිරගත කිරීමෙන් මිලියන 118ක බොක්ස් ආදායමක් ලබාගෙන තියෙනවා කියලත් මතක් කරන්න ඕන.


A Haunting in Venice හි ඩිජිටල් පිටපත් හැලෝවීන් දිනයට සමගාමීව ඊයේ (30) නිකුත් කෙරුනා. මේක මම කලින් වෙන් කරගෙන තිබුන සිනමාපටයක් නිසා ඔන්න ඉක්මනටම ඔයාලට උපසිරසිය ගෙනාවා. ඒ වගේම මට මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න විමා සහෝටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්නත් ඕන. චිත්‍රපටයේ කතාව ගැන කියලා ඔයාලගේ රස වින්දනයට බාධා කරන්නේ නෑ. මොකද කලින් චිත්‍රපට නරඹපු අය දන්නවනේ මේ අපරාධ රහස් පරීක්ෂන චිත්‍රපටවල තියෙන ත්‍රිලර් ගතිය. තවත් කියන්න ඕන දෙයක් තමයි Kenneth Brangh යටතේ හර්කියුල් පොයිරෝ නැවත වතාවක් පැමිණෙයි කියලා දැනටමත් ඉඟි පලවෙලා තියෙනවා. ඒ නිසා හතරවෙනි චිත්‍රපටයකුත් එයි කියලා ඔයාලා බලාපොරොත්තු තියාගත්තට කමක් නෑ. ඉතිං එහෙනම් මෙදාපාර සුන්දර වැනීසියේ හැලෝවීන් සාදයක සිදුවුන අභිරහස් ඝාතන විසඳන්න ඔයාලත් හර්කියුල් පොයිරෝ එක්ක එකතු වෙන්න. හැමෝටම සුබ හැලෝවීන් දිනයක් වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා පමණක් අදාළ වේ.

18,097 downloadsDownload A-Haunting-in-Venice-2023-1.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

18,097 downloadsDownload Subtitles50 KB

31 comments

  1. chathupa

    Elama kollo

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ධනු .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. vilana

    mn asama category eka Mystery. Thank you for subtitle

  4. ravi shankha

    Thanks

  5. Bhathiya

    Thankss....macho...sub ekata

  6. ඔලිව

    සබ දෙනකම්මයි හිටියේ. බොහොම ස්තූතියි සහෝ

  7. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  8. Nuwan Asela

    Sub ekata thanks brother

  9. මයුර

    සබ දෙනකල් නිච්චි නැතුව හිටියේ. සබට තෑන්ක්ස් බ්‍රෝ. ජය

  10. Kesara Withanage

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි. ඉක්මණින් ලබාදීම අගය කරනවා.

  11. kavindu

    thanks sgo sub ekata

  12. LaHIRU

    උපසිරසියට බොහොම ස්තූතියි!!!

  13. Hashan

    Thanx for the sub...!!!!

  14. Nishakya

    Thank you brother

  15. viraj

    thanks.......

  16. Malith samarawickrama

    Thanks bro sub ekata

  17. Udara Damith

    කොර හොදේ

  18. Ruchira

    Thanks for the sub!

  19. lakmal

    thnx

  20. Damith Ravindra

    ela bo

  21. mindika

    Thanks !!!

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

    1. Bhathiya

      Bluray update karanna...

  23. Sahan Gayantha

    thanks a lot Yuran saho sub ekata

  24. Danushka

    Thank U so much.

  25. lakshan

    thanks ...........................

  26. Nishan

    Thanx bro

  27. Dewadithya

    Thanks for Sub!

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Samitha

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට !!! මේක BLURAY වලටත් වැඩ.

  30. Thisara Prabhath Senarathne

    Thanks bro