Watch Trailer

A Turtle’s Tale: Sammy’s Adventures (2010) with Sinhala Subtitles | සැමීගේ අභියෝග. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මේකට මම ටික දවසක් මහන්සි වුණා. මම සබ් ෆයිල් එකක් හැදුවා කියලා මටම පුදුමයි. තවත් ගොඩක් ෆිල්ම්වලට සබ් දාන්න මම බලාපොරොත්තු වෙනවා. මේක 2010 වර්ෂයේදී ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරපු චිත්‍රපටියක්. IMDB රේටිංග්ස්වල 6.1 ක අගයක් අරගෙන තියෙනවා. Yuri Lowenthel මෙහි සැමීට හඩකවනව…


මේක මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මේකට මම ටික දවසක් මහන්සි වුණා. මම සබ් ෆයිල් එකක් හැදුවා කියලා මටම පුදුමයි. තවත් ගොඩක් ෆිල්ම්වලට සබ් දාන්න මම බලාපොරොත්තු වෙනවා. මේක 2010 වර්ෂයේදී ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරපු චිත්‍රපටියක්. IMDB රේටිංග්ස්වල 6.1 ක අගයක් අරගෙන තියෙනවා. Yuri Lowenthel මෙහි සැමීට හඩකවනවා. ෂෙලීට හඩකවන්නේ Gemma Arterton ය. මම මේකෙ කතාව පොඩ්ඩක් කියන්නම්.

සෑමීගෙ ජීවිත කතාව තමයි ෆිල්ම් එක පුරාවටම ගලාගෙන යන්නෙ. සැමී කියන්නෙ පුංචි කැස්බෑවෙක්. ඔහු බිත්තරෙන් එළියට ආවට පස්සෙ ඉදන් ජීවිතය පුරාවට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සෑමීව මිනිසුන් අතට පත්වෙනවා. එහිදී ඔහුට මොකද වෙන්නෙ? ඔහු මිනිසුන් සමග ගනුදෙනු කරන්නේ කොහොමද? සැමීට ඔහුගෙ ආදරියවන ෂෙලීව හමුවෙයිද? මේ ආකාරයට කුතුහලය දනවන සිද්ධි ගණනාවක් ෆිල්ම් එක පුරාවට අත්විදින්න පුළුවන්. මේවා ඔක්කොම බලන්න ඕන නම් ෆිල්ම් එක බාගෙන සබ් එකත් බාගන්නම වෙනවා.

එහෙනම් තවත් හොද ෆිල්ම් එකක සබ් එක්ක ආයෙත් හම්බ වෙමු. මතක ඇතුව ෆිල්ම් එක බාගන්න ගමන් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. ස්තූතියි!

2011 සැප්තැම්බර් 15 දනුක යසුරන්ද බෙන්තරවිතාන සොහොයුරා විසින් පල කළ ලිපිය.

මේක මගේ තෙවෙනි ලිපිය. මගේ පලවෙනි ලිපිය විදියට මම ඔය ගොල්ලොන්ට ගෙනාවේ Insidious කියන හොල්මන් ෆිල්ම් එක. දෙවනි ලිපිය විදියට ගෙනාවේ Bedazzled කියන සුපිරි කොමඩිය. ඒ ලිපි දෙකටම වඩා වෙනස් ලිපියක්, මගේ තෙවනි ලිපිය විදියට දෙන්න මම තීරණය කලා. මේ ෆිල්ම් එක ඇත්තටම කියනවනම් පොඩි කට්ටිය පණ ඇරගෙන බලාවී කියලා මට හොදටම විශ්වාසයි.

මේ කතාව මම Finding Nemo කියන ෆිල්ම් එකට පස්සේ බලපු ලස්සනම කතාව කියලා කියන්න පුලුවන්. හැබැයි මේකේ තියෙන ග්‍රැෆික් තාක්ෂණය Finding Nemo එකේ ග්‍රැෆික් තාක්ෂණයට වඩා බොහෝම ඉහළයි. මේක මම බලපු ඇනිමේශන් තාක්ෂණය අතින් ඉහලම ෆිල්ම් එකක්. ආහ්! මේක ඇත්තටම කියනවනම් තනිකරම හොඳ ගේම් එකක් වගේ. ඔය ගොල්ලොන්ට තේරේවී ඔය ගොල්ලෝ කොම්පුටර් ගේම් එකක් ගහනවා වගේ. 🙂 හෝව් හෝව් පුරාජේරු ගැහුවා ඇති, දැන් ඉතින් කතාවට බහිමු. 🙂

මේකේ කතාව යන්නේ කැස්බෑවෙක් ගැන. ඇත්තටම මේ කැස්බෑවා එසේ මෙසේ කැස්බෑවෙක් නෙමෙයි. මෙයා ලෝකේ වටේම සංචාරය කරපු කැස්බෑවෙක්. මේක ආරම්භයේ ඉදන්ම පුදුම ලස්සන විදියට කතාව ගලාගෙන යනවා. මේක බාගෙනම බලන්න, ඔය ගොල්ලොන්ට හරි ඔයගොල්ලොන්ගේ පවුල් වල පොඩි ලමයිට මේක අල්ලලා ගියෙ නැත්තම් මම ආපහු බයිස්කෝප් එකට ලිපි දෙන්නේ නෑ. 🙂 මේක imdb රේටින්ග්වල 6.1/10 අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ඇනිමේශන් ෆිල්ම් එකක් මෙච්චර රේටින්ග් ගන්නේ නෑ.

මම ඔයගොල්ලොන්ට මේ කතාවේ විස්තර වැඩිය කියන්න යන්නේ නෑ. මොකද මේ කතාවේ එහෙම විස්තර කිව්වොත් මේ කතාවේ තියෙන රසය නැති වෙනවා. ආයිත් බය නැතුව කියනවා බාගෙන බලන්න. මම ඩවුන්ලෝඩ් කරද්දී පටස් ගාලා බාගත්තා. සීඩර්ස්ල නැති වෙන්න ඉන්නවා. ඒකෙන්ම පේනවනේ ෆිල්ම් එක කොච්චර අය බාගෙන බලලා තියෙනවද කියලා. ලිපිය කියවලා ෆිල්ම් එක බාගෙනම යනකොට, කම්මැලි වෙන්නේ නැතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ! 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

1,689 downloadsDownload A-Turtles-Tale-Sammys-Adventures-2010.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල චාමර ගුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-12-27

Subtitles

1,689 downloadsDownload Subtitles40 KB

27 comments

  1. indika

    thnq sahooo

  2. සමීර චතුරංග

    නියමයි නොවැ...දෙවෙනි එකත් ඉක්මණටම ගේමු...

  3. vee

    maxxxa 1st wadeyta all the best

  4. asiri

    palamu sub akata jaya!

  5. නිරෝෂ්

    සුබ පැතුම් දිගු ගමනකට

  6. Thisara NEO

    ජයවේවා සහෝ.. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.... ඉදිරියටත් හොඳ ෆිල්ම් වලට සබ් දෙමු... comment, downloads අඩු උනාට සැලෙන්න එපා... වටිනවා ඔයා කරන නිර්මාණ

  7. lk

    digatama subs denna jaya!

  8. ositha

    animation nam aniwa balanooooo

  9. harsha

    txxxx bro

  10. tharindu

    Niyamai sahooo..palamuu vadetaaa jaya......digatama damuu ehenamm thava film valata....

  11. rusuru | රුසිරු

    බොහොම තුති!

  12. Wayantha

    ela kiri thanx

  13. Dhanuka

    මේක මං බලල තියන හොඳම, ලස්සනම 3D Animation එකක්. කලින් බලුවෙ සිංහල උපසි‍රැසි නැතුව. දැන් උපසි‍රැසිත් එක්කම රස විඳින්න පුළුවන්. මේ වගේ ලස්සනම නිර්මාණවලට උපසි‍රැසි දීම ගොඩාක් වටිනවා. ගොඩාක් ස්තුතියි උපසි‍රැසි දුන්නට.

    සදා ජය සතුට පිරි සුභ 2014 අවුරුද්දක් වේවා!

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි අමිල සහො
    තවත් පට්ට ෆිල්ම් එකකට සබ් දෙමු :P ජය

  15. “චූටී මල්ලි”

    එල එල
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය.....

  16. supun

    දිගින් දිගටම සබ් දෙන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.

  17. shani

    thanks

  18. Nuwan

    Superr..niyamai ayya....thanks....

  19. ශලින් හර්ෂාන්

    ජය වේවා සහෝ

  20. Nisal Lakshan

    patta thawa sub hadanna thanks

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.දිගටම සබ් දෙන්න.

  22. රොයිලි

    බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  23. mudiya / මුදියා

    සුපිරි ඇනිමේෂන් එකක්.දෙපාරක්ම බලල තියෙනව.
    ආයෙත් බලනව සිංහලෙන්ම.
    නියමයි අමිල.
    පළවෙනි එකට උණසුම් සුභ පැතුම්.
    ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!

  24. කේ.යූ.ජී. උදාර

    මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ...........
    දිගට ම මේක කරගෙන යමු.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  25. chamara buddhika

    jayen jaya macho....

  26. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  27. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.