Watch Trailer

Fanney Khan (2018) with Sinhala Subtitles | ප්‍රේමිය, මට ආදරය කරනු මැන! [සිංහල උපසිරසි සමඟ]

තරුවක් කියන්නේ තරුවක්! තරුවක් වෙන්න කවුද අකැමැති? යන යන තැන රසිකයෝ… බලන බලන අත සමරු සටහන්… ඕනේ වෙලාවක බැලුවොත් සෙල්ෆි පොදි… තරුවක් කියන්නේ වීරයෙක්! මිනිස්සු තමන්ගේ ජීවිතවලට පරමාදර්ශ කරගන්නේ තරු!! එහෙ බැලුවත් තරු.. මෙහේ බැලුවත් තරු… තරුවක් වුණත් දිදුළන්නේ වරුවක් විතරයි! නඟින කාලයක් වගේම බහින කාලෙකුත…

තරුවක් කියන්නේ තරුවක්!
තරුවක් වෙන්න කවුද අකැමැති?
යන යන තැන රසිකයෝ…
බලන බලන අත සමරු සටහන්…
ඕනේ වෙලාවක බැලුවොත් සෙල්ෆි පොදි…
තරුවක් කියන්නේ වීරයෙක්!
මිනිස්සු තමන්ගේ ජීවිතවලට පරමාදර්ශ කරගන්නේ තරු!!
එහෙ බැලුවත් තරු..
මෙහේ බැලුවත් තරු…
තරුවක් වුණත් දිදුළන්නේ වරුවක් විතරයි!
නඟින කාලයක් වගේම බහින කාලෙකුත් තියෙනවා…
රියැලිටි තරඟවලින් එසවෙන තරු මාස ගාණෙන් ආයෙමත් බැහැලා යනවා…
සිංදු දෙකතුනකට පස්සේ ඉබාගාතේ අතරමං වෙනවා…
තරුවක් ඉන්න ඕනේ තරුවක් වගේ!
ආඩම්බරයෙන්…
අඩි ගාණක් උඩින්…
තරුවක් වෙන්න ලේසි නැහැ.
හැකියාව විතරක් මදි!
ඇඳුම් ස්ටයිල් එක…
කොණ්ඩා මෝස්තරය…
මේක්-අප් එක…
සැරෙන් සැරේ නෙතඟින් දාන ඇස්බැන්දුම්…

2018 අගෝස්තු 03 වන දින තිරගත වුණු Fanney Khan සිනමා නිර්මාණය මේ වෙද්දී 78%ක ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට හිමිකම් කියන සලරුවක්. නිකම් බොරුවට දිග හෑලි කියෝලා ඔයාලව වෙහෙසට පත් කරන්න ඕනේ නැහැනේ. මේ සිනමා රසිකයෝ සිංහල උපසිරැසියක් එනකම් බලාපොරොත්තුවෙන් හිටපු නිර්මාණයක්. එනිසා පොඩි විස්තරයක් විතරක් කරන්නම්. (පහළ ඕපදූප වගයක් තියනවා. කියවන්න කම්මැලී නම් කෙලින්ම උපසිරැසිය බාගන්න.)

ඵෙශ්වර්යා රායි,අනිල් කපූර් සහ රාජ්කුමාර් රාඕගේ ප්‍රධාන චරිතයන්ගෙන් හැඩවුණු මේ නිර්මාණයට Divya Dutta, Girish Kurkrni, Barbie Rajput වැනි කොයි කවුරුත් දන්න නිලු නිළියන් පිරිසක් තමා සහාය රංගනයෙන් දායක වෙන්නේ. මේ වෙද්දී ඉන්දියානු රුපියල් මිලියන 165.5 Box Office ආදායමකට හිමිකම් කියනවා. Atul Manjrekar ගේ අධ්‍යක්ෂණයට තිර පිටපත ලියැවෙන්නේ Hussain Dalal සහ Abbas Dalal අතිනුයි. නිෂ්පාදකයන් නව දෙනෙක් එකතු වෙලා කරපු අති දැවැන්ත නිර්මාණයක් වුණු මේ චිත්‍රපටය ආදායම අතින් සාර්ථක නොවුණු එක නම් පුදුම ගැටළුවක්. ඒත් ආදායමෙන් මොකද අපිට?! කෝකටත් නිෂ්පාදකයන් නවදෙනාවත් පහළින් දාන්නම්.
Bhushan Kumar
Krishan Kumar
Anil Kapoor
B.S. Bharathi
Rajiv Tandon
Kusum Arora
Rakesh Omprakash
Nishanth Pitti
Virrendra Arora
විත්‍රපටය සංගීතමය පැත්ත ගැන කතා කළොත් Bhavesh Joshi Superhero, Manmarziyan වැනි චිත්‍රපටවලට දායක වුණු Amit Thrivedi සහ Gold, Raid වැනි බොක්ස්ඔෆිස් හිට් තුළින් අපේ මතකයේ රැඳුණු Tanishk Bagti විසින් ගායනා කරන අපූරු ගීත 7ක් ඇතුළත් වෙලා තියෙනවා. මේ දවස්වල Pewdiepie සමඟ Youtube Subcriptions වෙනුවෙන් ද්වන්ධ සටනක යෙදිලා ඉන්න T-series ආයතනයත් මෙහි නිෂ්පාදන කටයුතුවලට එක්වෙලා ඉන්නවා. මේ නිර්මාණය ඉන්දියාව තුළ තිරගත වීම ඇරඹුණේ අගෝස්තු 03වනදා වුණත් UAE හි අගෝස්තු 02වනදා තිරගත කෙරුණා. Fanney Khan කියන්නේ Everybody’s Famous නැමැති බෙල්ජියම් චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණයක්.

“ ජීවිතය තියන්නේ විඳින්න…
විඳවන්න නෙමෙයි!
පොලිතීන් කවරෙකින් වහපු කූඩාරමක ඉන්න කෙනා වගේම
තරු පහේ හෝටලයක සුර සැප විඳින කෙනාත් ජීවිතය විඳිනවා…
තරුවක් වුණත් ජීවිතය විඳින්න ඕනේ.
ඒ විඳීම අස්සෙයි ජීවිතය තියන්නේ… “

චිත්‍රපටයේ රාජ්කුමාර් රාඕ රඟපාන චරිතයට මුලින්ම ගන්න ඉදලා තියන්නේ R.Madhavan ව. නමුත් දින ප්‍රශනයක් සහ මාධවන්ගේ ඉහළ ගාස්තු නිසා ඔහු වෙනුවට රාජ්කුමාර්ව යොදාගෙන. චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ප්‍රධාන චරිතය රඟපාන්නේ ප්‍රියන්කා චොප්රා බවට කටකතාවක් ගියත් Perna Arora ගේ මැදිහත්වීමෙන් කත්‍රිනා කායිෆ්,ප්‍රියන්කා චොප්රා සහ ඵෙශ්වර්යා රායි යන තෝරාගැනීම් තුනෙන් රායිට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ රායි සහ අනිල් කපූර් එකට රඟපාන තුන්වන අවස්ථාව. මීට කලින් Taal (1999) සහ Hamara Dil Apke Paas Hain (2000) යන නිර්මාණ තුළින් ඔවුන් එකට මුණගැහිලා තියෙනවාලු. අනිල් මුලින් මේ සඳහා එච්චර උන්නදුවක් දැක්වුවේ නැතත් ඔහුගේ පුතා ලවා නිෂ්පාදකයන් මේ නිර්මාණයට ඔහුගේ කැමැත්ත අරගෙන. චිත්‍රපටයේ දර්ශන කිහිපයකදී අනිල් කපූර් රැජිනිකාන්ත්ගේ වෙස්මූණක් පැළඳගෙන ඉන්නවා. මේ නිසා මුල්කාලයේ රසිකයන් අතර සුලු මතබේදයක් පවා ඇතිවුණාලු.

අපොයි දෙයියනේ! ලිපිය පොඩියට ලියලා ඉවර කරන්න හැදුවත් මේ ඕපදූප වගයක් අහුවුණායින් ලිපියත් දික් වුණා. හැබැයි සවිස්තරාත්මක ලිපියක් ලිව්වා කියලා හිතනවා. හොඳ කොපියක් ඇවිත් ටික කාලයක් වුණත් කාගෙවත් ඇහැ ගැටිලා නොතිබුණු නිසා මයුරයියාත් එක්ක එකතු වෙලා උපසිරැසිය ගෙනාවා. කතා කළා මදෑ. මෙච්චර කල් ඉවසගෙන හිටපු ආදරණිය බයිස්කෝප් හිතමිතුරන්ට බොහොම ස්තූතියි. දැන් ඉතින් ලොකු හුරේ පාරක් දාලා ෆිලුම බලන්න පටන් ගන්න. පොඩ්ඩක් පරක්කු වුණු අවුරුදු තෑග්ගක් කියලා හිතාගෙන කමෙන්ටුවක් දාගෙනම යන්න.

ප්‍රවේශමෙන්, ඇබ්බැහි වන සුලුයි.

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HD RIP පිටපත් සඳහා ගැළපේ.

6,866 downloadsDownload Fanney-Khan-2018.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට හා “කවිනු වීරක්කොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,866 downloadsDownload Subtitles57 KB

30 comments

  1. priyankara_aponso

    Download as 1st, hope good one.
    Thanks for subtiltle and your effort.

  2. pradeep hashan

    thanks sub ekata

  3. MR

    Sub 1 දෙනකල් බලන් හිටියේ. බොහොම ස්තූතියි! දිගටම sub දෙන්න.

  4. Ayesh Prashan

    Thank You

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. gihan perera

    ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

    1. Aac3

      සබ් එකට ගොඩාරියක් ස්තූති බ්‍රෝ... දිගටම මේ වගේ සබ් දෙන්න... පුලුවන් නම් The villain (2018) , nela ticket එකටයි සබ් එක දෙන්නකෝ... ජය වේවා.. !

  7. kelumchathuranga

    thanks

  8. Kanchaka

    Thanks bro

  9. Kulanjana Maduranga

    niyamai...subata thanks thanks sahola....

  10. gayan215

    bohoma shuthi oba depalata....

  11. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  12. ශසිත් සඳරුවන්

    දෙන්නටම බොහොම තුති කිව්වා සබට...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  13. Aac3

    සබ් එකට ගොඩාරියක් ස්තූති බ්‍රෝ... දිගටම මේ වගේ සබ් දෙන්න... The Villain (2018) එකටයි , nela ticket එකටත් සබ් එක දෙන්නකෝ... ජය වේවා !!!

  14. Priyadarshani

    Very very thank you...bro..

  15. damith_janaranjana

    thanks....

  16. chamen_kkckc

    thank you very much bro .zero th genna

  17. Lalani Maduwanthi

    TX bro

  18. Asitha B Upathissa

    Thank you

  19. prasakr

    thanks for sub

  20. sampath n perera

    thanks

  21. D.Chamara

    bohoma sthuthi sahoooo

  22. shiranga

    හැමෝම ස්තුතියි බුදු සරනයි කිවිවට ෆිල්මි එක ගැන මුකුත්ම කියලා නැ, මුලදි ටිකක් මෙලො වැඩක් නැති විදිහට යන්නේ , නමුත් අන්තිමට දුක හිතෙන ඇඩෙන විදිහට අනිල් කපුර් ඉන්න ලස්සන සිංදුවක් එක්ක සුපිරිම ෆිල්මි එකක් විදිහට අවසාන වෙනවා, thanks .

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Pramukmili

    thanxx bros......

  25. mindika

    Thanks!!!

  26. hmj

    Thanks for the sub guys...great work...best of luck!

  27. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  28. MAALnath

    Thanks ......................................................good luck ...............................

  29. Anuradha Palinda

    "ප්‍රවේශමෙන් ඇබ්බැහි වෙනසුලුයි"
    කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක්
    සබ්ටයිටල් එකට ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.