Watch Trailer

Asterix & Obelix Take On Caesar (1999) aka Astérix & Obélix contre César with Sinhala Subtitles | සූර පප්පා සහ සීසර් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් වෙත, මේක මගේ දෙවැනි පරිවර්තනය, කලින් සැරේ පොරොන්දු උනානෙ “සූර පප්පා” චිත්‍රපට පෙළේ ඉතුරු චිත්‍රපටත් ඉදිරිපත් කරනව කියල. ඉතින් මේක තමයි “සූර පප්පා”(Astérix) ප්‍රංශ චිත්‍රපට මාළාවේ පළමුවැන්න. මේක ඉංග්‍රීසියෙන් “Asterix & Obelix Take On Caesar” ලෙසත් , ප්‍රංශ භාෂාවෙන් “Astérix et Ob…

බයිස්කෝප් හිතවතුන් වෙත, මේක මගේ දෙවැනි පරිවර්තනය, කලින් සැරේ පොරොන්දු උනානෙ “සූර පප්පා” චිත්‍රපට පෙළේ ඉතුරු චිත්‍රපටත් ඉදිරිපත් කරනව කියල. ඉතින් මේක තමයි “සූර පප්පා”(Astérix) ප්‍රංශ චිත්‍රපට මාළාවේ පළමුවැන්න. මේක ඉංග්‍රීසියෙන් “Asterix & Obelix Take On Caesar” ලෙසත් , ප්‍රංශ භාෂාවෙන් “Astérix et Obélix contre César” ලෙසත් නම් කරල තියෙනවා.

මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙනවා “සූර පප්පා” කාටූන් කතා මාලාවෙ කතා කීපයක්ම. කාටූන් එක බලපු අය දන්නවනෙ “සාස්තර ගුරුන්නාන්සෙ ඉන්න කතාව”, “වළිමුනි ඉන්න කතාව” එතකොට “මල්කුමාරී ඉන්න කතාව” වගේ කතා කීපයක් එකතු කරල තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ.

මේක හාස්‍යයෝත්පාදක චිත්‍රපටයක්. IMDb දර්ශකයෙ 5.5/10 ක අගයක් ලබාගෙන තියෙනව. ටික පරණ උනාට ආසාවෙන් හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටියක්.

කතාව කෙටියෙන් කිව්වොත්; සූර පප්පලා බොහොම සාමකාමීව කම්මැලි කමින් කාලය ගත කරද්දි කපටි සාත්තර කාරයෙක් ගමට එනවා. මිනිහ ගමේ මිනිස්සුන්ව පොළඹවලා සීසර්ගෙ සල්ලි කොල්ලකනව. ඒක එහෙම සිද්ධවෙද්දි සීසර්ගෙන් බලය අල්ලගන්න හිතන රෝමන් නිළධාරියෙක් “මැජික් අරිෂ්ටෙ” ගැන දැනගෙන “වෙද පප්පාව” (වෙද මහත්තයා) පැහැරගෙන යනව. ඊට පස්සෙ “සූර පප්පයි, ජිම් පප්පයි” (Asterix & Obelix) එයාව බේරගන්න යනව. මේ අතරෙ ජිම් පප්පා(Obelix) ගෑනු ලමයෙකුට ආදරේ කරන්නත් පටන් ගන්නව. චිත්‍රපටිය බලලම ඉතුරුටික දැනගන්න.

මේ චිත්‍රපටිය ගැන කියනව නම් මේ චිත්‍රපටිය තමයි විසිවෙනි සියවසේ ප්‍රංශ සිනමාවේ වැඩිම වියදමක් දරල හදපු චිත්‍රපටිය, ආසන්න වශයෙන් යූරෝ මිලියන 42ක් (€42,000,000) විතර වියදම් වෙලා තියෙනවා. වැඩිපුරම වියදම් කරල තියෙන්නෙ පැරණි විධියට පසුතල හදන්නයි, ඇඳුම්-පැළඳුම් වලටයි. ඒ වගේම ඒ වැඩේ ඉතාම ලස්සනට කරල තියෙනව. මේකෙ රඟපාන නළුවො ගැන කියනව නම් “ජිම් පප්පා”(Obelix) ලෙස රඟපාන්නේ ජාත්‍යාන්තර සම්මානනීය ප්‍රංශ නළු Gérard Depardieu යි. “සූර පප්පා”(Asterix) ලෙස රඟපාන්නේ තවත් ප්‍රංශ ජාතික සම්මානනීය නළුවෙකුවන Christian Clavier යි. ඒ වගේම “ඩෙට්‍රිටස්” හෙවත් ද්‍රෝහී රෝමන් නිලධාරිය ලෙස රඟපානනෙ සම්මානනීය ඉතාලි ජාතික නළුවෙකු වගේම අධ්‍යක්ෂක වරයෙක් වන Roberto Remigio Benigni යි. සීසර් ලෙස රඟපාන්නෙ සම්මානනීය ජර්මන් ජාතික නළු Gottfried John යි.

ඉතින් කලින් එක වගේම කට්ටිය මේකත් බලල රසවිඳී කියල බලාපොරොත්තු වෙනවා. එහෙනම් බාගෙන බලල කොමෙන්ට් එකකුත් දාන්න.

[මේ දීල තියෙන 700 MB ටොරන්ට් එක ගැන කියනව නම් මේකෙ අන්තිමට චිත්‍රපටිය හදපු හැටිත් පෙන්නනව. Video Quality එකේ සුළු අඩුවක් තියෙනව වගේ පෙනුනත් බලන්න පුළුවන් හොඳ තත්වෙක තියෙනව.]

සැමටම ජයවේවා…!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

11,246 downloadsDownload asterix-et-obelix-contre-césar.zip199 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත අලහකෝන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/12/28

Subtitles by

හසිත අලහකෝන්

Subtitles

11,246 downloadsDownload Subtitles199 KB

64 comments

  1. Danushka

    thanx.denma gannawa.

  2. ys madhusanka

    thanks hasitha macho

  3. ys madhusanka

    menna angammana sumanata passe mata thawath honda kollek hambuna

  4. විකියා

    එළනේ ....මේක දෙනකම් උන්නේ....අනිවා අදම බලන්න ඕනි...
    බොහොමත්ම තුති
    ජයෙන් ජය~!

  5. chamila

    chaa....

  6. $uvin

    ela ela.. onna maath baanawa.....

  7. Madushanka Gamage

    THankz kollo..... :) :)

  8. kantha

    thanks for sinhala sub..........

  9. කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි සහෝ.....
    දිගටම මේ වැඩේ කරමු.
    370mb කොපියක් දුන්න එකත් ලොකු දෙයක්.

  10. Suneth

    Pls seed guys

  11. D_DASH

    elama ela kiri.. thanks.. machan sub walata... 370mb akath thiyana nisa fatta.... thanks....

  12. Nimal

    thanks saho......

  13. රාම් රාජ්

    thanks

  14. යසිරු මධුක

    බොහොම ස්තුතියි සහෝ. ඔයාට ජය වේවා! දිගටම කරගෙන යන්න මම ඔයාට සුබ පතනවා.

  15. වා.මු. නිලන්ත පියසිරි

    බයිස්කෝපයට සිංහල උප සිරැසි දැමීම ගැන බොහොම පිං. වෙහෙස සහ මහන්සිය පල දැරුවා කියලා හිතා ගන්න. ඔන්න අපිත් බාන්න දැම්මා. ජයෙන් ජයම වේවා.

  16. AMBARELLA

    macho The.Adventures.of.Tintin eke sinhala sub diyanko... original copy 1 awith thiyenne.

    me film 1tath thank
    jayawewa

  17. හසිත අලහකෝන්

    කොමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. මේක දෙන්න ටිකක් කල් ගියෙ අනික් වැඩත් ගොඩක් තිබුන හින්ද.
    700MB torrent එක බාද්දි speed එක අඩුයි වගේ නම්, මේ සයිට් එකේ torrent seeds වැඩි කරගන්න උපදෙස් බලල trackers add කරගන්න.
    370MB කොපිය "වාසල" සහෝදරයාගෙ යෝජනාවක් අනුව දාල තියෙන්නෙ. Unlimited Internet නැති අයට ප්‍රයෝජනවත් වෙයි.
    බාගෙන බලන්න. ගුණ-දොස් කියන්න.

  18. uditha

    නියමයි.

  19. Dina

    පට්ටයිනේ........අපිට මෙහෙම සබ් දෙනවට ඔබට බොහොම පිo.. :)

  20. Sha

    Ela ela Onna danawa banna :)

    Thankzzzzzzzzzzzzzz :)

    Jayawewaaaaaaaaaaaaaaaaa :D

  21. mihiran

    ela ela thanx sahooooo.sinhala sub walata godak thanx.

  22. අමීර

    Thanks dear.........

  23. Jayan Chamal

    ela 1st ekanam mam atv balapu hinda download kale na meka banava aniva thanks machan meke thava katha nadda me 2 k vitharada ave ?

  24. Namal udugama

    ela malli thanx

  25. Dinuk

    thanx sahoo. jaya wewa..

  26. හේමාල්

    ONNA MATH BANAWA.MEKA BALALA THIYENAWA.ETH SUB EKKA AYE BALANAWA.THANK YOU !!!

  27. Anusha

    හසිත අය්යෙ,
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට, film එකත් ලස්සනයි. ජයෙන් ජය..........

  28. kkg

    දැන් බානවා ස්තුතියි තව සටහනක් දානවා හොදනම් එල ජය වේවා

  29. dileepa

    thanks machan aththatama niyama film akak

  30. mudiya

    ඔය තියෙන්නෙ.හසිත බොක්ක නියමයි වැඩේ.තව තව සබ් දෙන්ඩ ඕනි එහෙනම්.බොහෝ..........ම ස්තූතියි...!

  31. charith danushka

    බොහොම ස්තුතියි සහො.....මේකේ කලින් දුන්න එකත් බැලුවා....මේ මුවි එකත් සිංහල සබ් එකත් එක්ක දුන්නාට ස්තුතියි.....තව තව සිංහල සබ් එක්ක මුවි දෙන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා....!!! ජය ශ්‍රී..........

  32. Mahesh Silva

    එළ එළ දැන්ම බානවා Thank you වේවා

  33. upul hewagamage

    thnx sahoo.. onna banna demmaaa... sub akkama nisaa maru... thnx mahansi wenawata... jaya weawa......

  34. අබා

    ස්තූතියි සසිත...මන් ගොඩාක් ආසාවෙන් බලන චිත්තර පට මාලාවක් මේක..පොරොන්දු ඉටු කිරිම ගැන ඔබට තුති෴෴෴෴

  35. Budditha Fernando

    බොහොම ස්තිතී කවුද අකමැති සුර පප්පා බලන්න
    …

  36. sameera

    ස්තුති කරන්න වචන නැත ගොඩක් පින්

  37. සාරංග ලියනගම

    මේකේ කලින් එකත් බැලුවා.ගොඩාක් ස්තූතියි ෆිල්ම්ස් දෙකම සිංහල සබ් එක්ක දුන්නට...

  38. sanka

    thank you very much. sub ekath hodai.

  39. හසී

    තැන්කු වේවා...

  40. රාම් රාජ්

    බා ගත්තා බලන්න තමා යන්නේ.

  41. banda

    sub wada naha. zip file eka open wenne naha.. damage wela kiyla watenawa.. udau karahallako yaaluwe..
    sthuthii biscope eka sub ekka dunnata, jaya..
    piliyandalin banda..

  42. Ranga

    Thank macooo,, shirlock homes ge films nedda???

  43. Uraj Deemantha

    ඔන්න මමත් බාන්න දැම්මා.......:) සිංහල සබ් වලට බොහෝමත්ම ස්තූතියි :)

  44. DAMER

    ෆිල්ම් එක පරණ උනත් පට්ට... 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  45. roshan

    thanks v much!!!!!

  46. Dilshan

    Oyalage me wade godak hodai digatama karagena yanna mata oyalagen udauwak one mata
    "The legend of william tell Sinhala subtitles"laba ganna widiyak kiyanawada???

  47. Ranuka

    sinhala sub walata thanks macho...

  48. Ravi

    ගොඩාක් ස්තූතියි

  49. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :) :)

  50. Dilun

    Niyama Kathawak sahodaraya...... Sthuthi....

Load more comments