Watch Trailer

Joker (2019) Sinhala Subtitles | කවටයෙකු නොවූ කවටයා! [සිංහල උපසිරැසි සමඟ] *450

අවවාදයයි! දැඩි ලෙස මනස අවුල් වියවුල් වෙන සුළුයි, නැරඹීමෙන් වළකින්න. ඉතින් අද දවස මගේ උපසිරසි ජීවිතයේ විශේෂ දවසක්, මන්ද යත් අද මම 450වැනි උපසිරැසිය මගින් තවත් කඩයිමක් පසු කරන නිසා. ඉතින් වෙනදා වගේම මාගේ කඩයිම් පසු වූ ආකාරය සදහන් කළොත් 01වන උපසිරැසිය 2015.04.19 50වන උපසිරැසිය 2015.10.23 100වන උපසිරැස…

අවවාදයයි! දැඩි ලෙස මනස අවුල් වියවුල් වෙන සුළුයි, නැරඹීමෙන් වළකින්න.

ඉතින් අද දවස මගේ උපසිරසි ජීවිතයේ විශේෂ දවසක්, මන්ද යත් අද මම 450වැනි උපසිරැසිය මගින් තවත් කඩයිමක් පසු කරන නිසා. ඉතින් වෙනදා වගේම මාගේ කඩයිම් පසු වූ ආකාරය සදහන් කළොත්

  • 01වන උපසිරැසිය 2015.04.19
  • 50වන උපසිරැසිය 2015.10.23
  • 100වන උපසිරැසිය 2016.03.10
  • 150වන උපසිරැසිය 2016.09.13
  • 200වන උපසිරැසිය 2017.02.23
  • 250වන උපසිරැසිය 2017.09.11
  • 300වන උපසිරැසිය 2018.04.23
  • 350වන උපසිරැසිය 2018.11.11
  • 400වන උපසිරැසිය 2019.07.10 යන දිනයන්හිදී සනිටුහන් වෙනවා.

ඉතින් හැමදාමත් වගේ මේ මොහොතෙත් බයිස්කෝප් අඩවියෙන් සමස්ත ඇඩ්මින් මඩුල්ල, බයිස්කෝප් උපසිරසිකරුවන් ගෘපයෙන් දැන හදුනාගත් පිරිස මෙන්ම වැඩක් වෙන තැන ගෘපයේ සිටින සියලු දෙනාවම මතක් කර සිටිනවා. නම් වශයෙන් කියන්න ගියොත් ඉතින් වෙනම ලිස්ට් එකක් දාන්න එපැයි. ඒ වගේම මේ චිත්‍රපටිය ගැන මාව දැනුවත් කරමින් වසරකට පෙර සිටම මා හට මෙය ලබාදීමට කටයුතු කළ අපේ හසන්ත අයියට විශේෂ ස්තුතිය පිරි නමන්න ඕන. ඉතින් ඒ වගේම තමා හැමදාමත් වගේ අපේ වටිනාම සම්පත, ඒ කියන්නෙ ප්‍රේක්‍ෂක බයිස්කෝප් රසික රසිකාවියන්වත් සාදරයෙන් මතක් කර සිටිනවා. මොකද ඔබේ වටිනා අදහසකින් ලද ආත්ම තෘප්තියේ පන්නරය නොවන්නට මෙවන් දිගු ගමනක් කිසිසේත්ම පැමිණෙන්නට නොලැබෙන බව මා දන්නවා.

ඉතින් ඇතැම් අවස්ථාවල විවිධ ගල්මුල් ප්‍රහාර එහෙමත් එල්ල නොවුනාම නොවේ, නමුත් ඒ සෑම අවස්ථාවකම නොසැලී එදා පටන් බයිස්කෝප් අඩවිය සමගින්, සමස්ත උපසිරසිකරුවන් සමගින් සිටිමින් අප සැමට ශක්තියක් වූ ඒ අල්පයක් තරම් වන පිරිසට විශේෂ ස්තුතිය. ඉතින් හැමදාමත් කියනවා වගේ ඔබේ වටිනා අදහස හැරෙන්නට අප හට මෙයින් ලැබෙනා ලාභයක් නොමැත. එහෙනම් මගේ කයිවාරුව මෙතනින් නවත්තගන්නම්. මොකද කියවන්න දිග ලිපියක් තියෙනවා.

ඔබ DC Comic රසිකයෙක්නම් කිසිදු සැකයක් නෑ ඔබ දන්නවා ජෝකර් ගැන. මන්ද එදා මෙදාතුර DC විශ්වයේ මෙන්ම ගෝතම් නගරයේ නයිට්වරයාට සිටින ප්‍රබලතම සතුරා, දුෂ්ඨයා ජෝකර් බවට අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් මේ 2019 වර්ෂයේ කොමික් ලොව තුළ පැතිර ගිය JOKER භීතිකාව ගැන විමසන්නට මත්තෙන් ජෝකර් ගැන දැනුවත් වෙමු!

JOKER නම් චරිතය ප්‍රථමයෙන් DC COMIC තුළ නිර්මාණය වන්නෙ වර්ෂ 1940 අප්‍රියෙල් 25 දින Batman #1 කලාපය සමගින්. JOKER චරිතයේ නිර්මාතෘවරුන් වන්නෙ BILL FINGER සහ JERRY ROBINSON යන දෙපළයි.

JOKER යන චරිතය එදා පටන් ජනප්‍රියත්වය අතින් කිසිදු අඩුවක් නොමැතිව කාගෙත් සිත්සතන් තුළ රෝපණය වූ බැට්මෑන්ගේ පරම සතුරා ලෙස හදුන්වන්නට පුළුවන්. JOKER හට ප්‍රභවයන් කීපයක් දක්නට ලැබෙන අතර නිසි අනන්‍යතාවයක් දක්නට ලැබෙන්නෙත් නෑ. පළමු කලාපය තුළ JOKER යනු JACK NAPIER යන නාමයෙන් හදුන්වා තිබෙනවා. එසේම JOKERගෙ වෙනත් අනන්‍යතාවයන් ලෙස Red Hood One, Eric Border, Gelos, The Pale Man, Clown Prince of Crime, Detective Joker, Laughing Man හදුන්වන්නට පුළුවන්. අපරාධ පිළිබද සුපිරි මොළයක්, එමෙන්ම JOKER VENOM හෙවත් සතුටු ගෑස් එක මෙන්ම දරාගැනීමේ ශක්තිය, ගැජට් නිපදවීමේ හැකියාව ආත්මාරක්‍ෂක සටන් කලාවන් ප්‍රගුණ කළ අයෙක් ලෙස JOKER සැලකෙනවා.

කෙසේ වෙතත් JOKER චරිතය සදහා දක්නට ඇති ORIGIN STORY පිළිබදව පවසනවානම්,

“THE MAN BEHIND THE RED HOOD,” BATMAN VOL. 1 #168 (1951)

JOKER පළමු එළිදැක්වීමෙන් වසර 11කට පසුව බැට්මැන් විසින් කලකට පෙර මුණගැසුණු RED HOOD නම් අපරාධකාරයෙක් ගැන අපරාධ විද්‍යා පන්තියක සදහන් කරලා තියෙනවා. නමුත් ඔහුව ACE CHEMICAL වැටලීමකදි අතුරුදන්ව ඇති බව පවසා තිබෙනවා. එයින් පැහැදිලි වී තිබෙනවා JOKER සැබවින්ම කවුරුන්ද යන්න, ඒ ඔහු විසින්ම ඒ බව පැවසීමෙන්:

ඔහු විද්‍යාගාර සේවකයෙක්, ඒ ඔහු ඩොලර් 1,000,000ක් සොරකම් කර විශ්‍රාම යාමට තීරණය කරන තෙක් දිනක් ඔහු මුදල් සොරකම් කරගෙන රසායනික අපද්‍රවය ටැංකියකට බැහැලා ඔක්සිජන් බටයක ආධාරයෙන් බේරී ගොස් තිබෙනවා. නමුත් එහි බලපෑම නිසා ඔහුගේ හම සුදුමැලි වී, කොණ්ඩය කොළ පැහැ ගැන්වී තොල් රතු පැහැ ගැන්වී තිබෙනවා.

BATMAN: THE KILLING JOKE (1988)

මෙහි සදහන් වන්නෙ joker ප්‍රහසන ශිල්පියෙක් වීම සදහා ACE CHEMICALහි සේවය කරමින් සිට එයින් ඉවත්ව ගිය පුද්ගලයෙකු බවයි. මෙහි සදහන් වෙන ආකාරයට ජෝකර් සොරකමක් කිරීමට කණ්ඩායමකට උදව් කර ඇති එහිදී ඔහු බැට්මෑන්ගේ බේරීම සදහා අසල ඇති ජලාශයකට පැන තිබෙනවා, නමුත් එම ජලාශයට මිශ්‍රව තිබු රසායනික අමුද්‍රව්‍ය හේතුවෙන් ඔහුව විකටයෙකුගේ ස්වරූපයට වෙනස්ව තිබෙනවා. එසේම ඒ හා සමගම ඔහුට ඔහුගේ පරණ ජීවිතය අමතක වී ගිහින්.

“LOVERS AND MADMEN,” BATMAN CONFIDENTIAL #7-12 (2007-2008)

මේ කතාවට අනුව ජැක් කියලා බර්ලන්ටි අපරාධ පවුලට වැඩ කළ, ඒ කියන්නෙ හොර මැරකම් කළ හාදයෙක් ඉදලා තියෙනවා. ඉතින් වෙනදා වයේම බැට්මෑන්ගේ මැදිහත් වීමක් නිසා මේ පුද්ගලයාව රසායනික ද්‍රව්‍යවලට අහුවෙලා තියෙනවා. හැබැයි ඒක වෙන්නෙ බැට්මෑන්ගේ අතින්නම් නෙවෙයි ඔහු වැඩ කළ මැර කල්ලියේ අතින් කියලයි සදහන් වෙලා තියෙන්නෙ. ඊට පස්සේ තමයි අදාළ පුද්ගලයා JOKER බවට පරිවර්තනය වෙන්නෙ.

ඉතින් මෙන්න මේ ආකාරයට JOKER චරිතයට විවිධාකාර වූ origin story මෙන්ම වෙනස් වෙනස් ආකාරයේ චරිත ස්වභාවයන් දකින්නට ලැබෙනවා. ඒ බව එදා මෙදාතුර බිහි වූ බැට්මෑන් සිනමාපටවල සිටි ජෝකර් චරිත තුළින් මනාවට දැකගන්න පුළුවන්.

2019 වර්ෂයේ JOKER සදහාම වෙන් වූ සිනමාපටයක් නිපදවෙන්නෙ TODD PHILLIPSගේ අධ්‍යක්‍ෂණයෙන්. ටොඩ් පිලිප්ස් කියන්නෙ THE HANGOVER, WAR DOGS, A STAR IS BORN චිත්‍රපටවලින් ඔබ කවුරුත් දන්නා කියනා අධ්‍යක්ෂකවරයෙක්. IMDB දර්ශකයේ 8.8ක් වැනි ඉහළ අගයකුත්, කුණු තක්කාලි දර්ශකයේ 69%ක අගයකුත් ලබාගැනීමට සමත් වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, එනම් JOKERගෙ චරිතයට පණ පොවෙන්නෙ Joaquin Phoenix රංගධරයා විසින්. ඔහු මීට පෙර සිනමාපට රැසක රගපා ඇති මුත් මෙය ඔහුගේ ජිවිතයේ අග්‍රගන්‍ය සන්ධිස්ථානයක් වනවාට කිසිදු සැකයක් නෑ. එසේම චරිතය රගදැක්විම අතින් ඔහු JOKER චරිතයට උපරිම සාධාරණයක් කර ඇති බව නොරහසක්.

ඉතින් මේ වන විට JOKER සිනමාපටය ආදායම් අතින් අති සාර්ථකත්වයට පත්ව තිබෙන්නේ  ඩොලර් මිලියන  $984,691,507 ලබාගනිමින්. ඉතින් බිලියනය පසු කර යාමට තව පොඩි ගාණයි. එසේම 2019 වර්ෂයේ වැඩිම ආදායම් ලද සිනමාපට අතර 7වැන්න බවට පත්වෙමින්ද එතෙක් මෙතෙක් බිහි වූ R-rated සිනමාපට අතර පළමු ස්ථානයට පත් වන්නටද හැකියාව ලැබී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වයනම් ඉතා අඩු වියදමකින් නිෂ්පාදනය වූ JOKER සිනමාපටය එනම් $ මිලියන 62.5ක් වැනි අඩු මුදලකින් නිපදවුණු මෙම සිනමාපටය වැඩිම ලාභයක් ලද COMIC සිනමාපටය බවටද පත් වෙනවා.

JOKER සිනමාපටය නිකුත් වීමට පෙර සිටම විවිධ සම්මාන උදෙසා පවා නිර්දේශ වීමට සමත් වෙනවා. VANICE සිනමා උළෙලේදි හොදම චිත්‍රපටය උදෙසා GOLDEN LION සම්මානය දිනාගන්නට සමත් වෙනවා. ඊට අමතරව තවත් සම්මාන රැසකට නිර්දේශ වී හමාරයි.

එසේම JOKER සිනමාපටය තිරගත වීමේදී විවිධ ගැටළු මතු වී තිබෙනවා. මන්ද යත් ජෝකර් චිත්‍රපටිය තුළින් වැපිරූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන්. ඒවානම්

  • සිනමාපටය විකාශය වීමේදී සිනමාශාලා අසළට වෙනම පොලිස් ආරක්‍ෂාව යෙදවීම
  • සිනමාපටය නැරඹීමට පැමිණෙන අයගේ තත්වය ගැන අවධානය සදහා රහස් පොලිස් නිළධාරින් සිනමා ශාලා අභ්‍යන්තරයේ යෙදවීම
  • එසේම කුඩා ළමුන්ට නැරඹීමට වාරණ පැනවීම
  • The Dark Knight සිනමාපටය අතරතුර AURORA සිනමාශාලාවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය අයගේ ඥාතින් විසින් JOKER සිනමාපටයට විරෝධය දැක්වීම
  • ඒ හේතුවෙන් AURORA සිනමාශාලාවේ JOKER තිරගත නොකිරීම

වැනි විවිධ කරුණු කාරනා මතුව තිබෙනවා.

අපේ කතාවේ ප්‍රධාන චරිතය ඒ කියන්නෙ ජෝකර් එහෙමත් නැත්නම් ආතර් ෆ්ලෙක් කියන්නෙ සමාජයේ කොන් වීමට ලක් වෙච්ච ඒ නිසාම මානසික රෝගයකට පවා ගොදුරු වෙච්ච අසරණයෙක්. යන යන තැන තැලෙන යකඩයක් මෙන් දුක් විදින්නට, අනෙකාගේ විහිළුවට සමච්චලයට ලක් වෙන්නට ආතර්ට සිද්ධ වෙනවා. ඉතින් තැලෙන යකඩෙ මුවහත් වෙන්නාක් මෙන් ඒ නිසාම ඔහුගෙ සිතෙහි තිබු ඒ ක්‍රෝධය පිට වෙන්නෙ තමන්ට සමච්චල් කළ තරුණයින් තිදෙනෙකු ඝාතනය කර දැමීමෙන්. ඉතින් මේ සිද්ධිය ආතර්ගෙ ජීවිතයේ විතරක් නෙවෙයි සමස්ත ගෝතම් නගරයෙ විශාල පෙරළියක් ඇති කරන්නට සමත් වෙනවා. ඉතින් ආතර්ගෙ මේ කතාව ඇතුලෙ අපිට කුඩා බෘෘස්වත් දැකගන්නට ලැබෙනවා. ඉතින් සමාජ අසාධාරණයන්ට ලක්වන පුද්ගලයෙකු ලෙස විටෙක ආතර් ගැන අනුකම්පාවත් විටෙක භීතියත් මනාව ඉස්මතු කරන්නට සමත් වෙනවා. එහෙමනම් බලමු ජෝකර් නිර්මාණය වූ ආකාරය ගැන දිවෙන තවත් එක් කතාවක්.

එහෙනම් පැය දෙකකට ආසන්න කාලයක් දිවෙන ගෝතම් නගරයෙ පෙරළියක් සනිටුහන් කළ ඒ විකටයාගෙ කතාව නරඹන්නයැයි සැමට ආරාධනා කරමින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

ප.ලි – මෙහි භාෂා භාවිතය, ප්‍රචණ්ඩත්වය වැනි කරුණු හේතුවෙන් වයස් කාණ්ඩය 15න් ඉහළ අයට පමණක් නැරඹීමට නිර්දේශිත වී ඇත.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HC-HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

86,414 downloadsDownload Joker-2019-Blu-Ray.zip220 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

86,414 downloadsDownload Subtitles220 KB

275 comments

  1. Vishwa saumya

    tnx

  2. තාරක නුවන් දිල්හාර

    සුභ පැතුම් මිත්‍රයා...
    වැඩ්ඩෙක් තමා ඉතින්.
    ඒ වගේම එලම කොල්ලෙක්..
    දශකයේ බිහිවූ සුපිරිම චිත්‍රපටය එක්කලයි ඇවිල්ල තියෙන්නෙ.
    ඊලඟ කඩයිමෙන් හමුවෙමු.
    ආදරෙයි.. ජයෙන් ජය!!✌

  3. PaSindu MaDumal

    සුබපැතුම් මධුකප්‍රිය අයියේ...බයිස්කෝප් එකේ ලෙජනඩ් එකක් කිව්වොත් මම හරි...කතා මාලා ෆිල්ම්ස් ඩිජිටල් පට ආපු ගමන් හෝ ඊටපස්සේ දවසේ හරි අනිවාර්යයෙන්ම දෙන බව දන්නවා...ආරංචිය ලැබුණා අයියා සබ් එක කරන්නේ කියල..ෆිල්ම් එක බාලා හිටියේ සබයි ලිපියයි එනකම් හිටියේ...එල දෙකම හොදට තියෙනවා...සුබ පැතුම් 450*ට 500ත් ගහමු ඔහොම්ම.

    1. Sandun-0001

      Thank saho

  4. RumalDemintha

    Tthnxzzz bro

  5. PramothC

    බොහොම ස්තූතියි අයියේ..
    ඒ වගේම කඩයිමටත් සුභ පතනවා..
    450 ගැහුවෙ සුපිරිම ෆිලුමකින්..
    පෞද්ගලිකව කියනවනම් බයිස්කෝප් එකේ ගුණාත්මක අතින් ඉහළම සබ් හදන්නෙ ඔයා අයියෙ..
    Anyway ඉස්සරහටත් මේ වගේ සුපිරි ෆිල්ම් , සීරීස් වලට උපසිරැසි ගේන්න..
    ජයවේවා..! තෙරුවන් සරණයි..

  6. Praneeth priyadarshana

    Tks bokka congrtzzz

  7. Dulan Randika

    උණුසුම් සුභපැතුම් මධුකප්‍රිය අයියේ. 450 කඩයිමට.අපහාස චෝදනා මැද මඩේම හැදිලා මඩේම උඩට ඇවිල්ලා මඩේ නොගැවී තියෙන නෙලුම් මලක් වගේ මේ ආපු ගමන 1000 කඩයිමෙන්වත් නවත්තන්න එපා කියලායි. මහේ අදහස.ඉස්සරහට ත් නේ වගේ ගුණාත්ව සබ් ගේන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජය..

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    450 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  9. Ayesh Prashan

    Thank You blu-ray ekakma balano subha pathum

  10. Ayesh Prashan

    Thank You

  11. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (මධුකප්‍රිය පෙරේරා) 450 වෙනි උපසිරසියට සුභ පතනවා - ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

  12. කවිශල් රසින්ත (කවී)

    මුලින්ම 450* උපසිරසියට උණුසුම් සුභ පැතුම් අයියේ...400 ගහලා මාස තුනක් යන්න කලින් 450ත් ගැහුවා එහෙනම්. කියන්න දෙයක් නෑ සයිට් එකේ ඉන්න වේගවත්ම උපසිරසි කරුවන් අතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි. අනික ටීවී සීර්සී විශාල ප්‍රමානයකට දායකත්වය සපයල තියෙනවා. සයිට් එකේ දෙවැනියට වැඩිම උපසිරැසි හිමිකරු වශයෙන් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. අයියගේ සබ් වල ගුණාත්මක බව ගැන කියන්න දෙයක් නෑ ඉතින්, එහෙනම් ඔය ගැම්මටම 500ත් ගහලා දාමු. ජෝකර් එනකල් බලාන හිටපු ෆිල්ම් එකක්, සබ් එකට බොහොම ස්තූතියි අයියේ. එහෙනම් ඉදිරි සියළු කටයුතු සර්වප්‍රාකාරෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ජය වේවා...!!!

  13. Pasindu16022

    Thanks aiye. Congratz........

  14. Anjana ariyasingha

    ammo enakan balan hitye…...…………… thanks for sub

  15. Kantha_DLA

    450 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. gihan perera

      ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහ 450ට උණුසුම් සුභ පැතුම් සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  16. prageeth

    thanks

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 450 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  18. janinduj44

    මේක එනකන් බලන් හිටියෙ මම.thanx sub ekataia film ekatai dekatama

  19. Sudeepapwijesekara

    450 වෙනි උපසිරැසියට සුභ පැතුම්❤❤❤

  20. dsdkavishka

    Congratulations bro , thenks for the sub

    1. rumesh402

      450 වැනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් සහෝ..! ඉදිරියටත් වැඩි වැඩියෙන් උපසිරැසි ලබාදෙන්න ශක්තිය ධෙර්‍යය ලැබේවා.

  21. සසිඳු කවීශ ගමපතිරණ

    50 වෙනි සිංහල උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුභ පැතුම් සහෝ!
    දිගටම සිංහල උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!

    1. nalin83dhanus

      මගෙන් 450 වන උපසිරැසියට සුබ පැතුම්

  22. darshana100

    unusum suba patum sahodaraya budusaranai jaya wewa

  23. Nandana_kumara

    TU bro

  24. Shehan putha

    සුභ පැතුම් සහෝ 450* ....500ත් කරමු ඉක්මනින් ම.
    ජය වෙිවා !

  25. bgayanfernando

    niyamai bro... danma Br eka ena ekak na neda

  26. Baba

    තැන්කු සබ් එකට

  27. amilagihan12

    congrats.. thanks machan

  28. Ra randika

    thanks bro...wish you all the best
    rambo 05 film ekatath sub dennako..gdk aya balan innawa sub enkm..thnaks again...

  29. YasasPerera

    thank you bro.. me wage supiri film ekak oya wage sub karana eke wagema comic katha gena hodata danna kenek karapu eka godak watinawa

  30. geeganagamage

    450 සුබ පැතුම් මේක එනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

  31. smasher

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ.. ඉදිරියටත් සබ දාන්න කියලා සුබපතනවා.. එනකල් බලාන් හිටියේ මේක... ජයි හෝ බයිස්කෝප්

  32. Udara Damith Dissanayaka

    maath pissek wath weyida danne nee

  33. Lakshan madusha

    Thanks saho

  34. Sadeep_Dilshan97

    tnx brother

  35. Sudeshyadi

    thanks

  36. Udaya Tharanga

    thanks a lottttttt

  37. Madushanka

    Thanks bro. BR enakam idalama balanawa

  38. ෂෙරින් ද සිල්වා

    450 කඩඉම වෙනුවෙන් සුභ පැතුම් සහෝදරයා !!!

  39. Ish822

    joker ෆිල්ම් එකේ හොද කොපි එකක් තියෙනව ද ඩවුන්ලොඩ් කර ගන්න?
    450 කඩඉම වේනුවේන් සුබ පැතුම්!!

  40. pitcher bro

    නියමයි බ්‍රෝ එල.සබ් එකත් පට්ට

  41. Gathsara Umesh

    450ට හදවතින්ම සුබපැතුම් අයියේ..500ත් ඔය විදිහටම කරමු අයියේ..
    උපසිරැසියට..බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

  42. දහරා මුතු අමා

    450ට උනුසුම් සුබ පැතුම් මල්ලි.
    ඒ වගේම දිගටම උපසිරැසි කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.

  43. යුරාන් ධනුක (දනුවා)

    සුභ පැතුම් සහෝදරයා
    ගුණාත්මක උපසිරැසි ලබාදෙන තවත් වැඩ්ඩෙක් තමයි
    මමත් සබ් කරද්දි ගොඩක් දේවල් ඔයාගේ උපසිරැසි බලලා ඉගෙනගන්නවා
    450* වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා !!!
    උපසිරැසියට ගොඩක් ස්තූතියි, ජයවේවා !!!!

  44. rangika Kariyawasam

    සුබ පැතුම් සහෝ.ෆට්ටම ෆිලුම.ජය

  45. Shehan Madhusanka

    thanxx bro.
    congrats...
    450 sub

  46. Asix_boi

    thnq brooo
    congratz

  47. Kavishka Ransara

    ela

  48. සනිඳු ලක්ඛිත

    450 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ...සෑහෙන්න දිග ගමනක්. ඒ වගේම මගේ නම් ආසම උපසිරසකරුවෙක්. මොකද කිව්වොත් උපසිරසයක කවදාවත් අඩුපාඩුවක් දැකලා නෑ.ඒ වගේම කලට වෙලාවට් උපසිරස දෙන්නත් දක්ශයෙක්. එකම ඉල්ලීම තමා මෙතැනින් නොනැවතී ඉදිරියටත් උපසිරස කරන්න කියන එකයි. ඒ වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ෆිල්ම් එක ගැනනම් කතා කරන්නේ නෑ සහෝ. මේක බලලා දවස් දෙකක් විතර තෝන්දු මාන්දු වෙලා හිටියේ. යාලුවෝ,ගෙදර අය එක්ක එහෙම කතා බහ කරලා තමා ආයේ යතාතත්වෙට ආවේ. BR එකක් ආවාම සබ් එකත් එක්ක ආයේ එක පාරක් බලනවා..
    ජය වේවා..බුදුසරණයි..!

  49. praneeth01

    Best wishes for your 450 Sub. Keep it up.

  50. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    450 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
    බයිස්කෝප් එකේ ඉන්න සුපිරිම සබ් කරන කෙනෙක්...
    දිගටම සබ් ගේමු..
    500ත් ගහමු ඉක්මනටම....
    ෆිල්ම් එකත් සුපිරියක්...Bluray ආවහමම බලනව ඉවසන් ඉදල....

Load more comments