Watch Trailer

Avalon (2001) Sinhala Subtitles | විරුවන්ගේ අවසාන සුසානය *ඇවෙලොන්*…. [සිංහල උපසිරැසි සමඟ]

නුදුරු අනාගතයේ දී, සමහර තරුණ පිරිස් ඔවුන්ගේ මුලාවිමට පිලියමක් ලෙස….ඔවුන්ගේම කියා මිත්‍යාවන් පසුපස හඹා යාම ආරම්භ කරනවා…කෘතීම යතාර්ථයක් තුල ගොඩ නැගුණ නීති විරෝධී යුධ ක්‍රීඩාවක. එය මරණයේ ත්‍රාසය මවා පානවා සේම අතිශය ඇබ්බැහිවන සුළුයි. සමහරක් ක්‍රීඩකයන් කටයුතු කරන්නේ කණ්ඩායම් හැටියටයි… ඔවුන් තමුන්ගේ ජීවි…

නුදුරු අනාගතයේ දී, සමහර තරුණ පිරිස් ඔවුන්ගේ මුලාවිමට පිලියමක් ලෙස….ඔවුන්ගේම කියා මිත්‍යාවන් පසුපස හඹා යාම ආරම්භ කරනවා…කෘතීම යතාර්ථයක් තුල ගොඩ නැගුණ නීති විරෝධී යුධ ක්‍රීඩාවක. එය මරණයේ ත්‍රාසය මවා පානවා සේම අතිශය ඇබ්බැහිවන සුළුයි. සමහරක් ක්‍රීඩකයන් කටයුතු කරන්නේ කණ්ඩායම් හැටියටයි… ඔවුන් තමුන්ගේ ජීවිකාව පවා උපයා ගන්නේ ක්‍රීඩාවෙන්. ක්‍රීඩාවේ අනතුරුත් නැතිව නොවෙයි. විටෙක ස්ථිරවම ප්‍රතිකාර මත යැපීමට සිදුවෙන….මොළයෙන් මල තැනැත්තෙකු බවට ක්‍රීඩකයා පත්කිරීමේ හැකියාවක් පවතිනවා. එවැනි ගොදුරු වූ තැනැත්තන් හඳුන්වන්නේ “නොපැමිණි පිරිස්” ලෙසයි. තරගය නම් කර තිබෙන්නේ ඓතිහාසික දුපතක් නමින්…මරණයට පත් වූ විරුවන්ගේ ආත්මයන් අවසන් සැනසුම සොයා එන තැන නමින්…”ඇවෙලොන්“.

ඉතින් එහෙව් ලෝකයක සිටින දක්ෂතම ක්‍රීඩිකාවගේ කතාව තමයි මේ ඔබ වෙත ගෙන එන්නට සුදානම් වෙන්නේ. ඇය නමින් ඈෂ්, ඇය ක්‍රීඩාව කරගෙන යන්නේ තනිවම, නමුත් මීට පෙර “විසර්ඩ්” නම් කණ්ඩායම එකක් තමයි ඇය ක්‍රීඩා කරන්නේ, එකල ඒ කණ්ඩායම තමයි ක්‍රීඩාවේ ඉහලින්ම වැජඹුන අපරාජිතයන් ලෙස කිරුළු පැළද සිටියේ මේ සියල්ල වෙනස් වෙනවා එක සිදුවීමක් නිසාවෙන්… කොහොම නමුත් පුරාන වීරයන් හා සසදමින් ගෙනයන්නට උත්සහ දරණා අනුකල්පිත විශ්වයක ගෙතෙන මේ කතාවේ ඇය ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නේ පෙර තමුන්ගේ කණ්ඩායමේ සගයෙක් වුන මර්ෆි නැමැත්තා නැවතත් ඇයගේ ලෝකයට ගෙන ඒමේ බලාපොරොත්තුව ඇතුව. ඔහු මේ වෙනකොට ක්‍රීඩාවේ ඉහතින් කිව නැවත නොපැමිණි කෙනෙක් හැටියට රෝහලක එක්තැන්ව තමයි කාලය ගත කරන්නේ, ඒ ඔහුගේ මනස තවමත් ක්‍රීඩාව ඇතුලාන්තයේ නිසාවෙන්… ඔහු සොයා යෑමට නම් ඇයට සිදු වෙනවා “විශේෂ A පන්තිය” වෙත යාමට… ඉතින් ඒ සඳහා ඇය ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන “හොල්මන” දඩයම් කල යුතුයි… ඉතින් ඒ ක්‍රීඩාව ඔබට දැකගත හැකි මේ කතාවෙන්…

මේ සියල්ල කිව්ව එකේ කියන්න ඕන මේ කතාව හැමෝටම නෙමෙයි, මෙය Action, Drama, Fantasy, Sci-Fi, Thriller නියෝජනය කරන IMDB මීටරයේ 6.5 ක් වගේ අගයක් ලබාගත්ත, රෝටන් ටෝමාටෝ මීටරය 80% වගේ අගයක් දක්වා කරකවන්නට සමත් වුන පෝලන්ත භාෂාවෙන් දිවෙන අමුතුම නිර්මාණයක්… වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මෙය වෙනස් නිර්මාණය කිවහැකි කට පුරා, අද ලෝකයේ සැබෑවක් වෙමින් යන මේ VR තාක්ෂණය පිලිබඳ වෙනත් මුහුණුවරකින් කෙරෙන මෙම කතිකාවත නිර්මාණය කිරීමට මුලසුන ගෙන තියෙන්නේ Mamoru Oshii ඔහු තමයි අතිවිශිෂ්ට Kôkaku Kidôtai (1995), Kôkaku kidôtai 2.0 (2008), Innocence (2004) වැනි නිර්මාණ අපවෙත ගෙනත් තියෙන්නේ මින් පෙර ( Kôkaku Kidôtai නම දුටු සැනින් ඔබට විකාරයක් වගේ ඇති නමුත්, මේ ඔබ හොඳින් දන්නා නමක් වෙනත් හැටියකට කියනවා නම් “Ghost in the Shell“, හොලිවුඩ් නිර්මාණය වගේ නෙමෙයි ඔහුගේ නිර්මාණ දෙකම අතිශය පැසසුමට ලක්වුණා විශිෂ්ඨ නිර්මාණ). පිටපත Kazunori Itô ඔහු ඉහත සඳහන් කල සියලුම නිර්මාණ හා තවත් නිර්මාණ රැසක වෙනුවෙන් අධ්‍යක්ෂකවරයා හා අත්වැල් බැදගත් කෙනෙක්. තිරයේ දකින මුහුණු වෙන්නේ Malgorzata Foremniak, Wladyslaw Kowalski, Jerzy Gudejko වගේ පිරිසක් සහ තව ඉන්නවා නමුත් නම් කිවූ පමණින් අප බොහොම දෙනෙක් ඔවුන් දන්නේ නැහැ කියන එකයි මගේ අදහස…

ඉතින් මේ වෙනස්ම නිර්මාණය රස විදින්න කියලා ආරාධනා කරනවා, විටෙක ඔබට මේ දුර්වර්ණ ලෝකය පිස්සුවක් වගේ පෙනෙයි නමුත් අවසානයේ “විශේෂ A පන්තිය” වෙත පැමිණි විට සහ ඒ සම්බන්ධ සිදුවීම් ආරම්භ වුන විට ඔබට කුමක් සිදුවුව දැයි සිතාගත නොහැකි වෙයි…මේ සියල්ලටම අද ලෝකය හා බලනකොට ලොකු බැඳීමක් තියන බව ඔබට වැටහෙයි, විශේෂයෙන්ම මෙහි බොහොම දේ පාදක වෙලා තිබෙන්නේ රැකියාවක් නොමැති කල අධ්‍යක්ෂකවරයා නොනවත්වා ක්‍රීඩා කල “Wizardry” ක්‍රීඩා ලෝකයෙන්… World of Warcraft, Halo, Call of Duty, Battlefield, Grand Theft Auto වැනි ක්‍රීඩා රජයන ලෝකයක අවසානය මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…!!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

18 comments

  1. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. AsithaDilruwan

    ane manda amutuma kathwak wage
    thanks saho

  3. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.......!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  6. gihan perera

    Thanks bro....good job and well done...keep continue it...god bless you and good luck....

  7. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  8. Udara Damith Dissanayaka

    ............බොහොම ස්තූතියි ................

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. sachintha

    පුලුවන්නම් Lost in Space එකේ තව කොටස් කිහිපයක් කරලා විමා සහෝට පොඩි සප් එකක් දෙන්න පුලුවන්ද
    අයියේ දැන් ටික දවසක් වෙනවා සබ් නැතුව...

  12. malith

    Ela ela

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර කරුණාරත්න සහෝ.
    ජයෙන් ජය.

  14. Kanchaka

    Thanks bro........

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. LimeGreenSoda

    ThanksBrother

  17. jagath55

    thanks

  18. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!