ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහට මේ අරගෙන එන්නේ Bad Boys කතාමාලාවේ දෙවෙනි කොටසේ යාවත්කාලීන කරන ලද නිවැරදි උපසිරැසියයි. පලවෙනි කොටස දීලා යම් කාලයක් ගතවුනේ තියෙන අධික කාර්‍යබුලත්වය නිසා මේකට අතගහන්න බැරි උන හේතුවයි. පැරණි චිත්‍රපට වල අඩුපාඩු මකාදමන්නට අප ගන්නා වෑයමේ තවත් ප්‍රථිපලයක් තමයි මේක. එහෙනම් වැ…

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහට මේ අරගෙන එන්නේ Bad Boys කතාමාලාවේ දෙවෙනි කොටසේ යාවත්කාලීන කරන ලද නිවැරදි උපසිරැසියයි. පලවෙනි කොටස දීලා යම් කාලයක් ගතවුනේ තියෙන අධික කාර්‍යබුලත්වය නිසා මේකට අතගහන්න බැරි උන හේතුවයි. පැරණි චිත්‍රපට වල අඩුපාඩු මකාදමන්නට අප ගන්නා වෑයමේ තවත් ප්‍රථිපලයක් තමයි මේක. එහෙනම් වැඩිය කතා නැතුව කෙටිම කෙටි හැඳින්වීමක් ලබාදෙන්නම්.
හැමෝම පලවෙනි කතාව බලලා ඇති කියල හිතනව. එහෙම නැත්තන් උඩ ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඒක බාගෙන ඉන්න. පලවෙනි කතාවෙදී හැමෝම අඳුරගන්න ඇති මයික් සහ මාර්කස් කියන්නේ මත්ද්‍රව්‍ය වැටලීම් කාර්‍යංශයේ නිලධාරීන් දෙදෙනෙක් කියලා. පලවෙනි කොටස බලපු අයට මතක ඇති මේ දෙන්නා ෆෝශේ කියන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවව අනාවරණය කරගෙන වැටලීම සිදුකල ආකාරය. ඒ මෙහෙයුමෙන් අවුරුදු 8කට පස්සේ තමයි මේ සිදුවීම සිද්ධවෙන්නේ. මෙවර මොවුන්ට ලැබෙන අභියෝගකරුවත් ලේසි පහසු අයෙක් වන්නේ නෑ. ඔහුත් මියාමි නගරයේ මත්ද්‍රව්‍ය අධිපති වෙන්න මාන බලමින් සිටින ජාවාරම්කරුවෙක්.
සුපුරුදු පරිදි සුපිරි අධ්‍යක්ශක මයිකල් බේ ගේ අධ්‍යක්ශනයෙක් හැඩවූ මේ චිත්‍රපටයත් මිලියන 130ක පිරිවැයකින් නිපදවා මිලියන 274කට ආසන්න මුදලක් උපයාගෙන තියෙනව. ඒවගේම 6.6 ක IMDb අගයක් සහ ගූගල් පරිශීලකයින්ගෙ 91%ක මනාප අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනව. ඒක නිසා ඉතින් කතාව ගැන කිසිම දෙයක් නොකියාම මං ලිපිය අවසන් කරන්න හිතුවා. මොකද මං කියනවට වඩා ඔයාලම චිත්‍රපිය බලලා අදහස් කියාගෙන යන එක වටිනවනේ. එහෙනම් මේ කොටස බලල ඉවර වෙලා මතක ඇතුව මෙහි තුන්වන දිගහැරුම වන Bad Boys For Life චිත්‍රපටයත් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මං ලිපිය අවසන් කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
9,450 downloadsDownload Bad-Boys-II-2003.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
19 comments
Dinuka
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Udaya Fdo
Thank you
රොෂාන් ශමීර ජයසිංහ
බොහොම ස්තූතියි...
සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා බලපු චිත්‍රපටියක්. ආයෙත් බලන්න හිතුනා..
~ ජය වේවා ~Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Shaggy
Thank you very much
akalankagayan
thnx ....
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
Nelson
Good work friend, Tanks for the sub
indika75
thanks..
SuMedha Sandun
Supiri
supun
tz sub ekata..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ravidu ishan
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
Vishwa sasanka
Thank you
Anonymous
1080p sub ok [4K walata sub denna barida?]
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Okkoma ewa denwa ko lucifer season 5 eke sub eka