සුභ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාට. ටික දවසකට පස්සේ අද ඔන්න වසරේ තවත් ජනප්‍රිය චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම. මේකට හොඳ පිටපත් නිකුත් වුනේ මීට ටික දවසකට කලින්. අරගෙන එන්න සෑහෙන්න පරක්කු උනා. ප්‍රමාදය පිලිබඳ සමාව ඉල්ලන ගමන් වැඩ රාජකාරි අස්සේ කරගන්න බැරුව හිරවෙලා ඉද්දි උදව් කරපු දහරා අක…

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාට. ටික දවසකට පස්සේ අද ඔන්න වසරේ තවත් ජනප්‍රිය චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම. මේකට හොඳ පිටපත් නිකුත් වුනේ මීට ටික දවසකට කලින්. අරගෙන එන්න සෑහෙන්න පරක්කු උනා. ප්‍රමාදය පිලිබඳ සමාව ඉල්ලන ගමන් වැඩ රාජකාරි අස්සේ කරගන්න බැරුව හිරවෙලා ඉද්දි උදව් කරපු දහරා අක්කටත් ගොඩක් ස්තුතියි.
අයුශ්මාන් කුරානා ගැන ඉන්දියානු සිනමාව ගැන දැනුමක් තියෙන කෙනෙක් බොහොම හොඳින් දන්නවා ඇති. සාමාන්‍ය සිනමා රටාවෙන් වෙනස් වුනු අවදානම් සහගත සිනමා නිර්මාණයන් වලට අත තියල සිනමාව පැත්තෙන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් කෙනෙක් තමා අයුශ්මාන් කියන්නේ. ඉතාමත් දක්ෂ ගායකයෙක්, නිවේදකයෙක් මෙන්ම අතිදක්ෂ නළුවෙක් වන අයුශ්මාන් බොලිවුඩ් සිනමාවේ පහුගිය කාලයේ ලොකු පෙරලියක් ඇති කරන්නට සමත් වූවා. පහුගිය වසර කිහිපයේම ඉතාමත් උසස් තත්වයේ තාත්වික සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙමින් ඉහල විචාරක ප්‍රසාදයන් වලට බඳුන් වුනු නළුවෙක් තමයි ඔහු. එමෙන්ම තිරපිටපත් තෝරා ගැනීම අතින් මාගේ පෞද්ගලික අදහස අනුව අමිර්කාන්ට පසු හොඳම තිරපිටපත් තෝරා ගැනීමක් තියෙන නළුවෙක් විදිහට තමයි මා ඔහුව දකින්නේ. අමීර්කාන්, නානි, අයුශ්මාන් යනු එවන් තිරපිටපත් තෝරාගැනීම් අතින් හොඳ නමක් දිනාගත් නළුවන් තිදෙනෙක්.
අයුශ්මාන් පහුගිය වසරේ රඟපෑ අන්ධාධුන් සහ බදායි හෝ සහ මීට ටික කලකට පෙර පැමිණි ආටිකල් 15 චිත්‍රපටිය ඉතාමත් ඉහල ප්‍රේක්ෂක ප්‍රසාදයක් සහ දිනාගන්නට සමත් වුවා. එම චිත්‍රපට තුනම IMDB 8/10 පසු කරන්නට සමත් වූවා. එමෙන්ම සම්මාන උළෙලවල් රැසකදීම හොඳම නළුවාට හිමි සම්මානයද ඔහු දිනාගනු ලැබුවා. ඉතිං ඉන් පසු මේ වසරේ අයුශ්මාන්ගේ මීළඟ චිත්‍රපටය වූයේ Dream Girl චිත්‍රපටයයි. ගෑණු කටහඬක් සහිතව කතා කල හැකි උපතින්ම ආ හැකියාවක් සහිත පුද්ගලයෙකු වටා ගෙතන මේ කතාව අයුශ්මාන්ගේ රංගන හැකියාවේ තවත් පැත්තක් පෙන්නුම් කරන්නට සමත් වනවා. අයුශ්මාන් සමගින් මෙහි Nushrat Bharucha, Annu Kapoor, Manjot Singh, Vijay Raaz ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයේ නිරත වනවා. Raaj Shaandilyaa ගේ අධ්‍යක්ෂණයෙන් සහ Ekta Kapoor සහ Shobha Kapoor දෙපලගේ නිෂ්පාදනයෙන් හැඩවන මේ චිත්‍රපටය පහුගිය සැප්තැම්බර් 13 වනදා තිරගතවීම ආරම්භ කරමින් ඉන්දියානු රුපියල් කෝටි 200කට අධික ආදායම් මුදලක් ඉපයීමට සමත් වුවා.
වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ, මගහැරගන්නේ නැතුව නරඹන්න කියා ආරාධනා කර සිටිනවා. සාමාන්‍ය සිනමා රටාවෙන් වෙනස් වුනු සිනමා නිර්මාණයක් නිසාවෙන් ඔබට අලුත් අද්දැකීමක් එකතු කරනු ඇති. ලස්සන සින්දු දෙක තුනක් එහෙමත් චිත්‍රපටයේ තියෙනවා. සිද්ධ වුනු ප්‍රමාදයට නැවතත් සමාව ඉල්ලා සිටින අතර බාගයක් කරල දුන්නු දහරා අක්කට නැවතත් ස්තුතිය පල කර සිටිනවා. එමෙන්ම එදා සිට අද දක්වා අපහා එක්ව සිටින ප්‍රේක්ෂක ඔබ සැමවත් මේ මොහොතේ මත කර සිටින අතර ඉදිරියටත් බයිස්කෝප් අඩවිය සමගින් රැඳී සිටින්න ආරාධනා කර සිටිමින් අපි විසි වෙනවා.. ජයෙන් ජය.!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HD පිටපත් සඳහා ගැලපේ.
18,957 downloadsDownload Dream-Girl-2019.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්හාර” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
51 comments
Shashika mendis
Deshkulathunga
Thxxx niyamai
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gihan perera
ස්තුතියි ගොඩාරියක්......මේක මමත් ඉල්ලපු ෆිලුමක්....ස්තුතියි ස්තුතියි ස්තුතියි.සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි......ජය වෙිවා......මුතු නංගිට ත් ජය වෙිවා....
danuka1977
any link
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
Shamal manojan
උපසිරැසයට ස්තූතියි. 90s හින්දි ෆිල්ම් දෙන්නකෝ දහරා.
Raja 1995
Ram Lakhan 1989
වගේ ඒ කාලේ ටිකක් දෙන්නකෝ.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
M.W. Dilhani
බොහොම ස්තූතියි විශේෂයෙන් අනවශ්‍ය වර්ණනා නැති ලිපියට
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obalata sub eka baladunnata...
darshana56
Denakan baln hitapu film ekak,
Dennatama ස්තූතියි!!!Sanjeewa2010
Thnxxxxxxxxx
lakmal chathuranga
tank you sub akata jayawewa !!!
Ayesh Prashan
Thank You
arawindasunimal
thanks sub ekata jayawewa........
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Asitha.pramoth
බොහොම ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
anushka5800
trailer eka denna kyla req kala dunna thnkzz..... trailer eka balapu dawase idala sub ena kam hitiyeee thnkzz.. lee tika pirisidu karaganna puluwan mekennn...
instant
Thanks saho...
Prageeth77
සුපිරි ආතල් FILM එකක්
mindika
Thanks !!!!!!!!!!!!!!!!
Shabi & Pavi
ගොඩක් ස්තූතියි .. ඔබ හැම දෙනාම කරන මේ වැඩේට ජය වේවා..
indika75
thanks..
isuru srinath sjs
දෙන්නටම බොහොම ස්තුතියි !!
Harshi111
thank you for the sub. housefull 4 movie ekatath ikmanatama sub dennako
D.Chamara
bohoma sthuthi jaya ..
ac_boyz
TnQ Bro
klj
sub ekata godak thanks machn...
chathurangi93
godak thank you .... balanna aasawen htpu film1k
Kanchaka
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yeshu
tnx
aks
Thanks...
MAALnath
Thanks .....................good luck .........................
DimuthU6899
Thanks dear
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
mindika
Thanks !!!!!!!!!
Stranger
thanks
SangeethRox
Thank you
DHRajinda
Thank...
Tharaka
Thanx bro
Uthpala123
thnks bro
Uthpala123
thnks bro .......
ශසිත් සඳරුවන්
සබට තුති වේවා දෙන්නටම!
බාලා තියෙන්නේ. ඉක්මනින් බලන්න ඕන...
දිගටම සබ් දෙමු ආ...
ජය!සාරංග ජේ. ලියනගම
Thanks
Manohari
Bohoma sthuthi.. Jaya wewa!
sahangayantha
Thanks a lot saho sub ekata
Anonymous
pls dream girl 2 sub releess
Waruna
Dream girl 2 eke sub dennako!
baiscopelk ishu
sub ekata thx
Advertisement
hammo thnakyoo :-*