Watch Trailer

Batman Ninja (2018) Sinhala Subtitles | ඉතිහාසයේ ආරක්ෂකයා බැට්මෑන් [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් සුපිරිම බැට්මෑන් චිත්‍රපටයක් තමයි මේ ඔබ වෙත ගෙන එන්නට සුදානම, මෙය සැබවින්ම ජපන් ආරත් එකක් ලොව සුප්‍රසිද්ධම කොමික් චරිතයක් පාදක කොටගෙන නිර්මාණය වූ විශිෂ්ඨ ක්‍රියාදාම චිත්‍රපටයක් කියන එක මගේ හැඟීම….අපි හැමෝම දන්නවා MCU කියන්නේ ඉතාම සාර්ථක සිනමා විශ්වයක් නමුත් DCEU ඒ අතින් බලනකොට අසාර්ථක අතදර…

කාලෙකින් සුපිරිම බැට්මෑන් චිත්‍රපටයක් තමයි මේ ඔබ වෙත ගෙන එන්නට සුදානම, මෙය සැබවින්ම ජපන් ආරත් එකක් ලොව සුප්‍රසිද්ධම කොමික් චරිතයක් පාදක කොටගෙන නිර්මාණය වූ විශිෂ්ඨ ක්‍රියාදාම චිත්‍රපටයක් කියන එක මගේ හැඟීම….අපි හැමෝම දන්නවා MCU කියන්නේ ඉතාම සාර්ථක සිනමා විශ්වයක් නමුත් DCEU ඒ අතින් බලනකොට අසාර්ථක අතදරුවෙක් (දැන් මේ මොහොතේ හසන්ත, චාමර වගේ අපේ DC පිරිසක් අපේ ගෙදර හොයාගෙන එන ගමන ආරම්භ කරලා ඇති මගේ අතපය කපා දාන්න 😛 ). නමුත් දත්ත විග්‍රහ කරලා බැලුවම ඇත්ත ඒකයි, හැබැයි අනික් අතින් DC ග්‍රැෆික් යුනිවර්ස් එක නම් අති සාර්ථකයි, ඔබම බලන්නකෝ අපේ උපසිරසකරුවන් අවසානයට අරගෙන ආව මාර්වල් කාටුන් චිත්‍රපටය මොකද්ද කියල… මට නම් ඇත්තටම මතක නැහැ කියන්නට හැකි, නමුත් DC සැකයක් නැහැ අපේ චාමර සහෝ ගෙනාව දිවිනසා ගැනීමේ බලකායේ අර සෙල්ලම…

ඔහොම තත්වයක් තියනකොට අර මාර්වල් ආයතනය තමුන්ගේ වැඩි ප්‍රසිද්ධියක් නැති නමුත් වැදගත් කියන්නට හැකි චරිත නෙට්ෆ්ලික්ස් කතා මාලා ලෙස අපි වෙත ගෙනාවා වගේ, DC තමුන්ගේ සුපිරිම හා සුප්‍රසිද්ධම චරිතය විශිෂ්ඨ ජපන් මන්ගා චරිත නිර්මාපකයෙක් වන Takashi Okazaki අත තිබන්නේ වෙනස් යමක් අපි වෙත ගෙන ඒමේ අරමුණෙන්. Takashi Okazaki ගැන කතා කරනවා නම් ඔහු තමයි සුප්‍රසිද්ධ Afro Samurai චරිතයේ නිර්මාපකයා වෙන්නේ. ඔවුන්ගේ චරිත නිර්මාණය හා සිත්තම් අතිඋත්කර්ෂවත් කිව හැකි, හුදෙක්ම සිතුවමකින් කතාවක් කියනවා වෙනුවට ඔවුන් වර්ණ සංකලනය හා එලිය අඳුර කතාවේ අපේ චරිත ඒ මොහොතේ ඉන්නා තැන මොනවට පෙන්වා දෙන්නට සමත් කම් දක්වන බව ඔබට දැකගත හැකි වේවි….

IMDB මීටරයේ 8.2 ක වගේ විශිෂ්ඨ අගයක් ලබාගෙන රෝටන් ටෝමාටෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරය 100% වගේ අගයක් ලබාගෙන ඇති පැය එකකතුත් මිනිත්තු 25 ඇතුලත දිවයන මේ Animation, Action කාණ්ඩයන් නියෝජනය කරනවා නිර්මාණය අද දිනයේ (අප්‍රේල් 24 වැනිදා) තමයි ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ. නිර්මාණය කරල තියෙන්නේ ජපානයේ වුනත් මේක ඉංග්‍රීසියෙන් බලන්න හැකි හොඳේ…ට හැරෙමු…

වර්තමානයේ ගෝතම් නරගයේ ආරක්ෂාව වෙනුවෙන් මේ වෙනකොට බැට්මෑන් ගොරිල්ලා ග්‍රෝඩ් හා ද්වන්ත සටනක නිරත වෙලයි ඉන්නේ, ග්‍රෝඩ්ගේ අරමුණ වෙලා තියෙන්නේ හඳුනා නොගත් යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම, ඉතින් මේ කිසිවක් නොදැන නගරයේ ආරක්ෂාවට සටන් කරනා බැට්මෑන් එක්වරම නතර වෙන්නේ වැඩවසම් යුගයේ ජපානයේ… ඔව් ඔහු කාල තරණය කරලා ඔහුගේ අනුදැනුමක් නොමැතිවම… වික්ෂිප්ත බැට්මෑන් වැවත් වික්ෂිප්ත වන්නේ සමුරායි ප්‍රහාරයක් නිසාවෙන්… ඔවුන්හට බොහොම ලේසියෙන් මුහුණ දෙන බැට්මෑන් බොහොම දන්නා හඳුනන කෙනෙක් හමුවෙන්නට තරම් වාසනාවන්ත වෙනවා, ඇය නමින් කැට්වුමන්. බැට්මෑන් මේ මොහොතේ මේ කාලයට පැමිණුනා වුනත් සෙලීනා මේ කාලයට ඇවිදින් අවුරුදු දෙකක් බව තමයි ඔහුට දැනගන්නට ලැබෙන්නේ, ඒ විතරක් නෙමෙයි මේ මොහොතේ ඔහුට වැටහෙනවා තමුන්ගේ ආම්පන්න ක්‍රියාවිරහිත බව… ඒ අවාසනාවන්ත ආරංචි ගොන්නට තවත් අවසානාවක් එක්කාසු වෙන්නේ සෙලීනා වර්තමාන තත්වය ඔහුට පැවසීමට ආරම්භ කිරීමත් එකක්….

මේ වෙනකොට බැට්මෑන්ගේ සතුරු බලකායේ ප්‍රධානින් සියල්ල මේ කාලයේ වැඩවසම් පාලකයන්ව අවසන් ඔවුන් අතර, ඩෙඩ්ස්ට්‍රෝක්, පොයිසන් අයිවී, ටූ ෆේස්, පෙන්ගුයින් වගේම ඔහුගේ පරම සතුරා වන ජෝකර් හා ඔහුගේ සහයිකාව හාර්ලි ක්වින් ද වෙනවා.

මොවුන්ගේ අරමුණ මුළු ජපානයේම පාලනය තමුන් සන්තකයට නතුකර ගැනීම හා ඉතිහාසය වෙනස් කිරීම බවයි ඔහුට දැනගැනීමට ලැබෙන්නේ… ඒ විතරක්මේ නෙමෙයි ඔවුන් රෝබෝ මාලිගා හදාගෙන තමයි මේ පළාත් පාලනය කරගෙන යන්නේ. සියල්ල එකක් ඔහුගේ සිතට යම් සතුටක් ලැබෙන්නේ තමුන්ගේ මිතුරු බැට් පවුලත් මේ කාලයට පැමිණ ඇති බව දැනගැනීමත් එක්කයි…. ඒ නයිට්වින්ග්, රෙඩ් රොබින්, රොබින් වගේම ඇල්ෆ්‍රඩ් එහෙමත් දැන් වැඩවසම් යුගයේ තමයි මේ ඒකාධිපතිවාදය එරෙහිව සටන් කිරීමට නියමිත… නමුත් එතකින් අවසාන නැහැ…

බැට්මෑන්මි සහ මිතුරු බලකාය

පුරාණ පජන් පුරාවෘත්තයක් මෙහෙම කියන්නේ, 

රට පරිහානියට පත් වෙලා තිබෙනවිට වවුල් වෙස් මුහුණක් පලදී විදෙස් රටකින් පැමිණි නින්ජාවරයෙකු අපේ දේශය නැවත යතා තත්වයට පත් කරනු ඇති.

ආගමනයට පෙරම ඔහු වෙනුවෙන් නින්ජා රෑනක් නිර්මාණය කරමින්… ඉතින් බැට්මෑන් සිද්ධ වෙනවා ඔහුගේ පවුලේ උදවිය හා එක්ව කිසිදු නවීන ආයුධයක් නොමැතිව, ඔහුට සිදුවෙනවා නින්ජාවරයෙකු වීමට…

රොබෝ මාලිගාවලින් හා මහා හමුදාවලින් සන්නද්ධ ගෝතම නගරයේ කුප්‍රකටම අපරාධකරුවන් හා සටන් වදින්නට.. ඔවුන්ගෙන් ඉතිහාසය බේරා ගැනීමට… මේ සියල්ල එකක්ම මම සිතාමතාම ගොරිල්ලා ග්‍රෝඩ් අමතක කර ඇති බව ඔබට පෙනේවි… ඔහුගේ විශිෂ්ඨ ඥානය එක්කත් බැට්මෑන්ට ලෙහෙසි වෙන එකක් නැහැ… ඉතින් මේ සියල්ලෙන් දිවිගලවා ගෙන සියල්ලන්ම රැගෙන නැවතත් වර්තමානයට ඔහුට ඒමට හැකිවේවි ද? මේ සියල්ල හතුරන්එ මිතුරන්ය වෙන, මිතුරන් හතුරන් වෙන සියල්ල කණපිට පෙරලෙන පුරණ ජපානයේ දී  ඔබට බාරයි දැනගැනීමට හැකි වේවි….

ඔබ බැට්මෑන් රසිකයෙක් නම්, විශිෂ්ඨ ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නෙක් නම්, Pacific Rim, Power Rangers වැනි රෝබෝ සටන් රසිකයෙකු නම්, කාලතරණය ගැන කියවෙන චිත්‍රපට රසිකයෙක් නම් හෝ ඔබ ජපන් මංගා රසිකයෙක් නම් මේ විශිෂ්ඨ සලරුව ඔබ වෙනුවෙන්මයි… එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු එතෙක් ඔබ සැමට ජය වේවා…!!!

පා.ලි. ලිපිය බලා දුන් අපේ නේවාසික DC ප්‍රේක්ෂක චාමර හා නැවත නැවත මගේ කරදර කිරීම් විද දාගෙන පින්තුරය කිහිප සැරයක් වෙනස් කල සිසිල් දෙපළටත් බොහොම ස්තුතියි. 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

58 comments

  1. Ayesh Prashan

    ekenma batman fan kenek..saub ekata godaak sthuthie

  2. geeganagamage

    බොහොම ස්තුතියි මේ වගේ සුපිරි කාටුන් අරගෙන එනවට .

  3. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  4. Samila Udayantha

    thanks bro...... relese karanakan iwasillak nathuwa idiye

  5. Jaime Lannister

    thnx bro sub ekta.....

  6. thanula D

    හම්මට සිරි මේක එනකන් බලන් හිටියේ. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.........

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  8. Ravindu Harsha

    ELa saho

  9. දමිත් රත්නායක

    සුපිරි ඇනිමේෂන් එකක්ට සබ් දුන්නට බොහොම ස්තුතියි සහෝ.
    ඒ වගේම සුපිරි ලිපියටත්...
    ජයෙන් ජය.

  10. subodha

    Thanks bro…

  11. Fanta

    Thanxxx broo sub akata...digatama sub demu.....

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. Jumanji

    Thanks saho ikmanatama sub eka dunnata

  14. sapra

    sub download wen na

  15. nirodha uthpala

    Meka eanakan kochhara kal balan hitiyada thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  16. Vimukthi2001

    ඔන්න මමත් ගත්ත.sub එකට ස්තුතියි.හැබැයි MARVEL තමයි සුපිරිම😁

  17. Vimukthi2001

    ඔන්න මමත් ගත්ත.sub එකට ස්තුතියි.හැබැයි MARVEL තමයි සුපිරිම

  18. Amalka Himeshan

    තැන්ක්ස් තැන්ක්ස් ඕක එනකන් තමා මෙච්චර කල් බලන් හීටියෙ තැන්ක්ස් සබ් එකට

  19. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ජපන් උනත් බැට් මෑන් නේ...
    ඇනිමේ වලින්නම් DC ඉස්සරහින් ඉන්නවා....
    Live Action වලින්නම් Marvel අල්ලන්න බෑ...

  20. Lakshan

    Thanks Bro.

  21. subodha

    Thanks Bro

  22. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...

  23. kalugalla

    Tnqq bro

  24. Udara Damith Dissanayaka

    බොහෝම ස්තුතියි
    නරක හොද අය සෙට් එකක්ම ඉන්න නිසා නියමට ඇති නේ

  25. raviz

    Wait for a long time......Thank you very much.........!

  26. Kavi_madushan

    Hammo supiri supiri,,,,,
    Ayedda kiyala supiriyak,sub ekata bohoma sthuthii,,,,,

  27. oditha senevirathne

    thank you saho enakal balagena hitiye. mama dc fan kenek eth dc film gana katawanam attha. eth jl eka ain karapu parts tika tibunanam hoda film ekak balaganna tibuna mcu films wagema.

  28. ASKiller

    early man 2018 ekata sub oneee

  29. Kulanjana Maduranga

    niayamai… .thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. randunu

    Thanks bro

  31. hemanthaherath

    Thanks bro

  32. Denuwanjay

    තෑම්ස්

  33. sayuru_tharanga

    GOdak stutu broo

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  36. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.................ජය වේවා..........!!!!!!!!!!!!!!!!!

  37. durox

    ftt bro

  38. Nilupul Madukapriya Perera

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට!

  39. MRT97

    Thnx mcn

  40. smith

    Thanks a lot for the great explanation and subtitle.

  41. akashadhithya

    thanks...........!!!!!!!!!!!

  42. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  43. aks

    thanks...

  44. TharakaWAS

    subata Thanks bro..

  45. Sajithlakshan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  46. Haashan Dhanushka

    thnxxxxxxx

  47. Jayawikrama

    Thanks bro .....

  48. Thusithamax

    Baiscop.lk pattttaaahhhh.....

  49. RanganaD

    Very valuable entertainment site in my country

  50. AsithaDilruwan

    ela ela saho thanks

Load more comments