Watch Trailer

Annabelle: Creation (2017) with Sinhala Subtitles | සොදුරැ බෝනික්කෙකු තුල සිරවූ වියරැ යක්ෂණියකගේ ආත්මය [සිංහල උපසිරැසි සමඟ] (50)

ඔන්න එහෙනම් 2015දි නොවැම්බරයේ Redeemer 2014 චිත්‍රපටියෙන් ආරම්භ කරපු මගේ උපසිරසි ගමනේ පළවෙනි කඩයිම පහුකරන්නයි මේ සූදනම් වෙන්නේ.මගේ උපසිරසි වලින් 13ක් චිත්‍රපටි, ඉතිරි ටික ටීවී සීරිස් එපි . ඉතින් මේ වගේ කඩයිමකට එන්න හීනෙකින් වත් හිතුවේ නැහැ. මේකෙදි මම මුලින්ම ස්තූති කරන්න ඔනි අශාන් විමුක්ති අයියට.…

 

ඔන්න එහෙනම් 2015දි නොවැම්බරයේ Redeemer 2014 චිත්‍රපටියෙන් ආරම්භ කරපු මගේ උපසිරසි ගමනේ පළවෙනි කඩයිම පහුකරන්නයි මේ සූදනම් වෙන්නේ.මගේ උපසිරසි වලින් 13ක් චිත්‍රපටි, ඉතිරි ටික ටීවී සීරිස් එපි . ඉතින් මේ වගේ කඩයිමකට එන්න හීනෙකින් වත් හිතුවේ නැහැ. මේකෙදි මම මුලින්ම ස්තූති කරන්න ඔනි අශාන් විමුක්ති අයියට. මොකද එයා නැත්තම් මම අද මෙතන නැහැ. එයා තමයි මට පළවෙනි සබ් එක හදන්න ෆිල්ම් එක හොයලා දීලා, ඒකට ගැලපෙන සබ් ෆයිල් එක හොයලා දීලා, හදලා ඉවරවුනාට පස්සේ ඒක පෞද්ගලිකවම එයොගේ මේල් එකට එවන්න කියලා සයිට් එකේ පෝස්ට් කලේ. ඉතින් එදා ඒ ලැබුන තල්ලුවෙන් තමයි මම අද වෙනකොට මෙච්චර දුරක් ඇවිත් තියෙන්නේ. ඒ වගේම ඉසිර අයියා, රොයිලි අයියා, සමීර අයියා, චතුරංග අයියා, ප්‍රනීත් අයියා, නිර්මාණි අක්කා,සමන් අයියා, යශෝද අයියා,වාසල අයියා, අසංක අයියා, හසන්ත අයියා ඒ වගේම ඔනම ප්‍රෂ්නයකදි නොකා නොබි හරි බොක්කෙන්ම සප් එක දෙන හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත අයියා. තව මට මෙතන්ට එන්න හුගක්ම උදව් කරපු බයිස්කෝප් එකේ අළුත්ම ඇඩ්මින් සිසිල ප්‍රසාද් අයිය ඇතුළු ඇඩ්මින් මංඩලයේ හැම කෙනෙක්ටම මම ස්තූති කරන්නවා.

ඊට අමතරව බයිස්කෝප් එකේ ජේෂ්ඨ සාමාජිකයන් වන සදුන් අයියා, කවිදු අයියා, පියුමාල් අයියා, දිනිදු අයියා, ගයාන් අයියා, දසන් අයියා, නලින් අයියා, අංජන අයියා, කාලිංග අයියා, සුදීර අයියා, කිනා අයියා, විජිත අයියා, නුලුපුල්, ඉසුරැ දිල්ෂාන්, චාමර, MDG, නුවන්ත, අනුරැද්ධ, කලිදු, යසිරැ, රවිදු තේනබදු, අචින්ත, කසුන් උපේක්ෂ, තිසර අයියා, පැතුම් චතුරංග, මයුර, අදිත, තාරක නුවන්, යශ්මික, වගේම උශාන් පියුමාල් අයියාවත් ආදරයෙන් මතක්කරනවා. මේයාලගේ උපසිරසි වලින් මම හුගාක් දේවල් මගේ නිර්මාණ වලට අරගත්තා.

ඒ වගේම බයිස්කෝප් එකට පිංසිද්ද වෙන්න දැන් මට ලංකාව වටේ හැම තැනම යාළුවෝ ඉන්නවා… ඒ අතරින් විෂේශ කීපදෙනෙක්ම මතක් කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. මුල්ම කෙනා තමයි හැම වෙලාවකම, හැම දේකදිම මගෙත් එක්ක ඉන්න, ඕනම උදව්වක් නෑ බෑ නොකිය කරලා දෙන. සොහාන් ජයසූරිය මලයා.. මේ සබ් එකටත් එයා හුගක් උදව් කලා. ඒ වගේම රවිදු රැක්ෂාන්, රශීන් මන්සිල්, සචිත් ලක්ෂාන්, ප්‍රනීත් මධූ, රසිත ප්‍රදිප්, දේවක අයියා, ලහිරැ චානක අයියා, සමිත රමේෂ්, රඛිත රණතුංග, ඉන්ද්‍රජිත් කුමාර, තරිදු රැක්ෂාන්, තරිදු රසාංග, චමල් පෙරේරා, චමල් කැළුම්, ලහිරැ ප්‍රසාද්, ප්‍රසාද් එම් ජයකොඩි, සිරාජ් ප්‍රියන්ත, C.R.ජයලත්, චාමිකර, ඉමේෂ්, ශසිත්, කාවින්ද බුද්ධික, ඉසුරැ සම්පත්, කල්හාර ප්‍රසාද්, උදාර රාජපක්ෂ, සුරෙනි අක්කි, පූර්ණි අක්කි, ගයේශා අක්කි, හෙලිලි අක්කි. වගේම අපේ අනෙක් හැම උපසිරසි කරැවෙක්වම මේ වෙලාවේ ආදරයෙන් මතක් කර සිටිනවා.

ඉතින් වැඩි දුරටත් කියන්න තියෙන්නේ මම බයිස්කෝප් එකත් එක්ක හුගක් දුර ගමනක් ආවා One Night Stand 2016,  Ballerina 2016, High Strung 2016, Don’t Knock Twice 2016, කියන චිත්‍රපටි වගේම The Secret Circle සීරීස් එක මගේ උපසිරසි දිවියේ වටිනාම සන්දිස්ථාන වලින් කීපයක්., ඉතින් මෙතනින් ඉදිරියට යන්න නම් බලාපොරොත්තුවක් නැහැ, මෙතනින් බොහෝවිට මගේ උපසිරසි ගමන නතර වේවී. ඉතින් බයිස්කෝප් එකත් එක්ක මේ වගේ දුරක් ආව එක ගැන හුගක් සතුටු වෙනවා. එහෙනම් හැමෝම පහලින් තියන ලිපියත් කියවගෙන අදහසකුත් දක්වගෙනම යන්න.

හොදයි එහෙනම් කතාව පැත්තට යමු.. ඇමරිකාවේ පිටිසර ගම්පියසක “මූලින්ස්” නමින් පව්ලක් ජීවත් වෙනවා. බෝනික්කෝ හදලා විකුනලා තමයි මෙයාලා ජිවිතය ගැටගහ ගන්නේ. ඉතින් මේ මූලින්ස් නෝනටයි මහත්තයටයි පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ නම “ඇනබෙල්”. ඒත් ඔවුන් ඇයට ආදරේට කතා කලේ “බී” කියලා, ඉතින් බී කියන්නේ හුගක් හුරතල්, ලස්සන, අහින්සක කෙලි පැටික්කියක්. ඉතින් මෙයාලා හරිම සතුටින් තමයි කාලය ගත කරන්නේ. එත් එක දවසකින් මේ සතුටින් හිටිය පව්ල කදුළු උල්පතක් කරමින් අවාසනාවන්ත විදිහට අඩු වයසින්ම බී මේ ලෝකේ දාලා යනවා. මූලින්ස් නෝනයි මහත්තයයි හැමදාම ප්‍රාර්ථනා කරනවා තමන් ආදරේ කරපු ඒ කෙලි පැටික්කියව ආපහු වතාවක් දකින්න ලැබෙන්න කියලා.

දේවල් ටිකෙන් ටික වෙනස් වෙනවා. බී ගේ ආත්මය නිවස පුරා සැරි සරන්න ගන්නවා. ඒක පටන් ගන්නේ පොඩි පොඩි ශබ්ද වලින්. එත් ටිකෙන් ටික ඒක වර්ධනය වෙනවා. දවස් එකින් එක ගතවෙනවා. එක පාරටම බී තම දෙමව්පියන්ගෙන් බෝනික්කෙකුට ආවේස වෙන්න අවසර ඉල්ලනවා. එහෙම වුනොත් ඇයට දෙමව්පියන් ඉදිරියට එන්න පුළුවන් කියලා ඇය කියනවා. බීව දැකීමට තියන අසීමිත ආසාව නිසා මූලින්ස් යුවල ඒකට කැමති වෙනවා. අවසානයේ ඔවුන්ට ඔනිවුන දේ ලැබෙනවා එත් ටිකෙන් ටික තත්වය දරැණු වෙන්න ගන්නවා.ඇනබෙල් නපුරැ දේවල් කරන්න ගන්නවා. මුලින්ස් යුවලට තේරැම් යනවා ඒ ඉන්නේ පරණ හුරතල් ඇනබෙල්ම නෙමෙයි කියලා. තත්වය හුගාක් භයානක වෙනවත් එක්කම. මූලින්ස් යුවල.පල්ලියේ පූජකයන්ගේ උපකාරයෙන් ඒ වියරැ වැටුනු බෝනික්කව ඇනබෙල්ගේ ආත්මයත් එක්කම දැඩි රැකවරණය යටතේ රහස් කුටියක සදහටම හංගලා දානවා.වසර 12ක් නිහඩව ගතවෙනවා. මූලින්ස් පව්ල තීරනය කරනවා. ගෙදර තියන තනිකම පාළුව මැකිලා යන්නත් එක්ක කන්න්‍යා රාමයක හැදී වැඩුනු අනාථවුන ළමයි පිරිසකට නවාතැන් දෙන්න. ඔවුන් සමග කන්‍යා සොයුරියක්ද මූලින්ස් නිවසට පැමිනෙනවා. පළවෙනි දවස ඔවුන් සතුටින් ගත කරනවා. මේ පිරිස අතර ඉන්නවා එක විශේෂිත ළමයෙක්. ඒ තමයි ජේනිස්. ජේනිස්ට පුංචිකාලෙදිම වැලදුන රෝගයක් නිසා එක කකුලක් පණ නැති වෙලා තියෙන්නේ. ඉතින් කාටවත් නොදැනෙන්න මේ ළමයව පාවිච්චි කරලා ඇනබෙල් අර රහස් කුටියෙන් එළියට එනවා. එතනින් තමයි හැම දෙයක්ම පටන් ගන්නේ මෙතනින් එහාට මම මොකුත් කියන්න යන්නේ නැහැ. ඔයාලම බලන්න.

තවමත් වාර්ථාපිට වාර්ථා තබමින් මේ චිත්‍රපටිය ලොව පුරා තිරගත වෙනවා. ඒ වගේම මේකේ මුලින් ආව චිත්‍රපටියට සබ් එක කලේ අපේ “දිනිදු සම්පත්” අයියා. ඉතින් කව්රැ හරි මේකේ මුලින් ආව චිත්‍රපටිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් මේක බලලා ඉවර වෙලා ඒක බලන්න. මොකද මේක අවසන් වෙන්නේ ඒක පටන්ගන්න තැනින්. ඉතින් මේකේ ත්‍රාසය, භීතිය, කුතුහලය. උපරිමයෙන්ම තියනවා කියලා ආයේ අමුතුවෙන් කියන්න ඔනි නැහැනේ. මේකේ ඉස්සරසට තව චිත්‍රපටියක් එන්න නියමිතයි. ඒක “ඇනබෙල් 3” නමින් එයිද “කොන්ජූරීන් 3” නමින් එයිද කියලා හරියටම කියන්න බැහැ මොකද ඒ දෙකම ඊලග චිත්‍රපටියෙදි සම්බන්ද වෙනවා. එත් මට අවස්ථාව ලැබුනොත් ඒ චිත්‍රපටියත් මගේ අතින්ම උපසිරසි ගන්වලා ඔයාලට අරන් එන පොරොන්දුව පිට මම නවතිනවා, මේ වෙනකල් මට වචනෙකින් හරි උදව් කරපු, මාව දිරිගන්වපු හැම කෙනෙකුටම ස්තූතියි…

හැමෝටම බුදු සරණයි.!

Annabelle: Creation (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා යාවත්කාලීන කරන ලදී.

46,526 downloadsDownload AnnabelleCreation-2017-BR.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

46,526 downloadsDownload Subtitles73 KB

110 comments

  1. ashan lankanath

    Thanks ...................good luck .......................

  2. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    50 වෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම් සහෝ.. දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න! සහෝලා නැති උනොත් අපි ෆිල්ම් බලලා ඉවරයි.. ජිව්තේ හැම වැඩකටයුතුක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ! තවත් උපසිරැසියකින් හමුවෙමු!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  3. C. R. ජයලත්

    නියමයි සචියා ජය වේවා!!!!!!

  4. Sajith Anthony

    50 වෙනි උපසිරැසට සුබ පැතුම් සහෝ,
    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  5. කැළුම්

    කොලිටි එකක්වත් නැ තාම කැම් ාකාපි වල

    1. Praveen

      Meka cam copiyakda

  6. prabodha

    Wow thank bro sub ekata....

  7. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  8. KAVINDA GAMAGE

    තියෙන පට්ටම චිත්රනපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා.
    බොහෝමත්ම ස්තූතියි තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…

  9. Ravindu Rukshan

    50වෙනි උපසිරැසයට සුභ පැතුම්

  10. Sohan Jayasooriya

    හම්මේ ඉතිම් උඹත් 50 ගැහුවා එහෙනම්... බොක්කෙන්ම සුබ පතනව මචෝ... ලිපියත් ලෙසටම තියෙනවා සබ් එකත් ලෙසටම තියෙනවා.. ස්තූතියි මාවත් මතක් කලාට.. අනිවා ඉතින් ඕනි දේකට ඉන්නවා.. මේ මේ පිස්සු නම් කෙලින්න හදන්නෙපා කොහෙ යන්නද කොටි වලිගෙ අතෑරලා...වෙලාව තියෙන තියෙන විදියට සබ් දාමු.. ඊලඟ කඩඉමත් ඉක්මනින්ම පහු කරමු මේ ගැම්මෙන්ම.. මම නම් ෆිලුම කලින්ම බැලුවා නොවැ ඉතිම් ජය වේවා සහෝ!

    1. Ravindu Rukshan

      ඔව්...ඕකට බේරිලා යන්න දෙන්න හොද නෑ...200ම ගහල පලයන්!!පුලුවනනම් ඊට වඩා ගහපන් පුතෝ

    2. Sl Gamerz

      අනිවා අනිවා අල්ලලා බැඳලා තියාගමු :) :)

  11. shasith sandaruwan

    පළමු කඩඉමට සුභපැතුම් දිල්ශාන් කොලුවෝ...
    මාවත් මතක් කරලා තියෙන්නේ...
    ඔය කිව්වට නවත්වන්න වෙන්නේ නෑ බං. පනහක් ගැහුවා කියන්නේ අනිවා මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. :p
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  12. Kulanjana Maduranga

    Hat off Respect Bro….Great work & Lot of thanks DILSHAN saho.wish u’r great future..

  13. kumara

    බොහෝම ස්තූතියි ස⁣සහෝ සබ් එකට.

  14. Kalinga Bro

    දිල්ශාන් මල්ලි කලින් හිටියේ වෙන උපසිරසි අඩවියක නේද? පොඩි මතකයක් තියෙනවා මට!
    50 ට ජය! 100 ත් ගහමු!

  15. Pradeep Anuruddha Dissanayake

    Congratulations machan.shathakayak gahanna shakthiya lAbewaa.....

  16. Udara Damith B/K

    50 වෙනි උපසිරැසට සුබ පැතුම්
    බොහෝම ස්තූතියි

  17. ලහිරු චානක

    සුබ පැතුම් මල්ලි.. ජය වේවා....!!!

  18. Thisara Neo

    හදවතින්ම සුබ පැතුම් මලේ පලවෙනි කඩයිමට...දිගින් දිගටම උපසිරැසි ගන්නවන්නට සුබ පතනවා...මෙතනින් නතර වෙන්නේ නැතුව පුළු පුළුවන් විදියට හරි සබ් කරන්න...මාවත් මතක් කරාට තුති... මග බලන් හිටිය ෆිල්ම් එකක් මේක..හොඳ කොපියක් ආවවම බලනවා මේක... . උපසිරසියට තුති...
    ඊලඟ 51 වෙනි උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  19. පැතුම් චතුරංග

    අඩේ හදවතින්ම සුබ පැතුම් මචෝ.
    සුපිරිම ෆිලුමකටනේ සබ දීල තියෙන්නේ ආ..තවත් එක් ආස කරන ෆිල්ම් එකක් තමයි මේක.
    ඉතින් ඒවගේම කියන්න ඕනේ නවතින්නනම් එපා කෝමහරි 100ථ් ගහමු..
    ඒවගේම මාව මතක් කරාට ස්තුතියි..
    සබ් ගමන නවත්තන්න එපා මාසෙකට එකක් හරි දෙමු.මාත් එහෙමනේ.. :)

    ජය වේවා!!!!

  20. daminda

    pattai macho enakan hitiye
    thanks

  21. Naveen Randika

    50 වෙනි සිංහල උපසිරැසියට සුභ පැතුම් !
    ජයවේවා !

  22. Kasun Widusha

    50ta suba pethum mcn

  23. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! 50වෙනි උපසිරැසියටත් සුබ පැතුම්!
    ජය වේවා!
    බුදු සරණයි!

  24. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට,
    50ට උණුසුම් සුභ පැතුම්,
    ඔහොමම 100 කඩඉමටත් යමු,
    ජය සහෝ!

  25. sumed

    උපසිරැසියට ස්තුතියි මචෝ.50 වෙනි සබ් එකට සුබ පැතුම්...!!!

  26. praveen

    saho meka cam copyakda ?

  27. ලක්ෂාන් පියුමන්ත

    50 වෙනි සබ් ඒකට සුභ පැතුම්..ඒවගේම සබ් ඒකට ස්තුතියි.......

  28. සිසිල ප්‍රසාද්

    පනස් වෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා, සහෝ.
    සබ් පනහක් කරනවා කියන්නේ ලේසි පහසු කර්තව්‍යයක් නෙමෙයි. එක සබ් එකක් හරි කරපු කෙනා ඒක හොඳටම දන්නවා.
    මෙතනින් නොනැවතී ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින්ම යෑමට ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා!

  29. Jack

    50 වෙනි කඩයිමට හදවතින්ම සුබ ප්තනවා මචෝ...
    නවතින් නැතුව ඔහොම්ම ඉස්සරහට යමු මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  30. සචිත් ලක්ෂාන්(සචී)

    හම්බෝ ඒනං ඔන්න සචී අයියත්..(මොකක්.. මාත් සචී. මේක මගේ නම හොරකම් කොරල) අර්ධ ශතකෙ ගැහුව.
    මුලින්ම හදවතින්ම සුභ පැතුම් හොදේ 50 වෙනි උපසිරසියට.
    සුපිරි ෆිලුමකින්ම තමා 50 ගහල තියෙන්නෙ.
    අහ් මාවත් මතක් කරාට ස්තුති වේවා.
    ඒ වගේම මේ ලිපියෙ තියන 'ඉතින් මෙතනින් ඉදිරියට යන්න නම් බලාපොරොත්තුවක් නැහැ, මෙතනින් බොහෝවිට මගේ උපසිරසි ගමන නතර වේවී.' මේ කොටස වහාම ඉල්ලා අස්කරගත්තොත් හොදයි.
    ඒනං ඉතින් ඔය ගැම්මටම 1000ත් ගහමු.
    ජයින් ජයිම වීවා..!

  31. රොයිලි

    උණුසුම් සුබ පැතුම් සචින්ත මලේ. මීට වඩා ඉක්මනින් ඊලඟ කඩ ඉමට යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  32. madusara

    බොහොම ස්තුතියි...

  33. athula

    Thanks ...

  34. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
    50 වැනි උපසිරැසියට සුබ පැතුම් සහෝ…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය… :) ;)

  35. ලහිරු ප්‍රසාද්

    හදවතින්ම සුබ පතනව මචෝ 50 වෙනි උපසිරැසියට.
    තව තවත් ඉදිරියට උපසිරැසි කරන්න අවැසි කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ජය වේවා!!

  36. Saman Prasad

    සුභ පතනවා කොල්ලෝ පළවෙනි කඩයිමට...!!!
    සයිට් එකේ හොඳට කැපවීමෙන් සබ් කරන එකෙක් කියලා බය නැතුව කියන්න පුළුවන්.
    එහෙනම් ඊළඟ කඩයිමටත් යන්න ශක්තිය, වෙලාව, ඩේටා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න...!!!
    ජය වේවා...!!!
    ආ... මාවත් මතක් කළාට තුති ඔන්න...

  37. Chämàrá Sâmpáth

    50'වැනි කඩයිමට සුභපැතුම් දිල්ශාන් මල්ලි.
    Horror එකක් නම් නොබලා ඉන්නවා බොරු. මේක අනිවා බලන්න ඕන බ්ලුරේ කොපියක් ආවහම.
    මෙතනින් නොනැවතී ඊලග කඩයිමටයන්න ලැබේවා!
    ජය!

  38. Nimal

    Niyamai bro

  39. භාෂිත් උඩවත්ත

    පනහට සුබපැතුම්.... ;)

    ස්තූතියි සබ් එකට... :P

    ජය වේවා... :!:

  40. ashan

    thanx bro... carry on.good job..

  41. Mahesh

    Sub ekata thanx

  42. Dilan Rashmika

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට ගොඩක් පින්...

  43. praneeth madu

    ටසිරි 50 ගහලා කියහන්කෝ හදවතින්ම සුභ පතනවා මචෝ ස්තූතියි මාවත් මතක් කරාට ජය වේවා

  44. හසන්ත

    50 වෙනි උපසිරසට සුබපැතුම් මල්ලි!

  45. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    ඉගලග කඩයිමත් ඉක්මනටම පාස් කරනන්..
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  46. viraj

    Sub eka download karanna baa ne

  47. sameera prasanna

    niyamai

  48. ඩොක් අයියා

    ඔන්න මල්ලියෝ මගෙනුත් උණුසුම් සුභපැතුම්. තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා ජේසු පිහිටයි

    1. Anonymous

      Ko machan download karanna bane

  49. isuru

    50වෙනි උපසිරැසියට සුභ පැතුම් ඈ දිල්ශානයෝ!!
    පුලු පුලුවන් වෙලාවට සබක් දෙකක් කරගෙන ඉදහන් ඈ!! හොරර් ජෙනර් එක අතෑරලා දැම්මා බන් රෑට බයවෙන හින්දා..:-)දිගටම සබ් කොරහන් ඈ..ජයවේවා!!

  50. Yasiru Hasaranga

    50 වෙනි කඩයිමට ජය සහෝ..
    ඔහොමම 100ත් පහුකරමු.

Load more comments