Watch Trailer

Before I Go to Sleep (2014) | මට නින්ද යන්න කලින්… [සිංහල උපසිරසි සමඟ]

පළමුවෙන්ම මම ස්තූතිවන්ත වෙනවා හසන්ත වික්‍රමරත්න සොහොයුරාට මගේ පස්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට මේ සිනමා සිත්තමට, උපසිරැසි යෙදීමට මට භාරදීමට තීරණය කිරීම ගැන. ඇත්තටම මේක වෙනස්ම විදිහක හොඳ කතාවක්. මට නම් හොඳටම හිතට ඇල්ලුව. අභිරහස් හා ත්‍රාසජනක කියන වර්ගීකරණයට අයත් මේ සිනමා සිත්තම 2014 ඔක්තොම්බර් 31 වෙ…

Before I Go To Sleep 2014

පළමුවෙන්ම මම ස්තූතිවන්ත වෙනවා හසන්ත වික්‍රමරත්න සොහොයුරාට මගේ පස්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට මේ සිනමා සිත්තමට, උපසිරැසි යෙදීමට මට භාරදීමට තීරණය කිරීම ගැන. ඇත්තටම මේක වෙනස්ම විදිහක හොඳ කතාවක්. මට නම් හොඳටම හිතට ඇල්ලුව. අභිරහස් හා ත්‍රාසජනක කියන වර්ගීකරණයට අයත් මේ සිනමා සිත්තම 2014 ඔක්තොම්බර් 31 වෙනිද තමයි නිකුත් කරල තියෙන්නෙ. Before I Go to Sleep කියන්නෙ S. J. Watson කියන බ්‍රිතාන්‍ය කතුවරයා විසින් 2011දී ප්‍රකාශිත පළමු නවකතාව වන අතර එය භාෂා 40 කට පරිවර්තනය කරනු ලැබුවා. ප්‍රංශය, කැනඩාව, බල්ගේරියාව සහ නෙදර්ලන්තය යන රටවල වැඩියෙන්ම අලෙවි වූ නවකතාව වන්නේද මේයයි. ඔන්න ඔහොමයි කතාව, අපි චිත්‍රපටය දිහාවට හැරුණොත්,

මිනිත්තු 92 ක් පුරා දිවෙන මේ සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Brighton Rock (2010), Last Resort (2000) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල Rowan Joffe කියන අධ්‍යක්ෂකවරයා විසින්. මෙහි ප්‍රධාන නිලියගේ චරිතයට Eyes Wide Shut (1999), The Others (2001), The Golden Compass (2007) වැනි චිත්‍රපට වල රංගනයෙන් දායක වූ Nicole Kidman විසින් පණ පොවන අතර ප්‍රධාන නළුවා ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ Love Actually (2003), Girl with a Pearl Earring (2003), A Single Man (2009), The King’s Speech (2010) වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක වූ Colin Firth විසිනි. 6.2/10 වැනි හොඳ IMDb අගයකුත් මේ සිනමා සිත්තමට ලැබිල තියෙනව කියල කියන්න ඕනි. වටාපිටාව ඔය ඇතිනෙ. ඉතිං අපි කතාව දෙසට හැරුණොත්,

ක්‍රිස්ටීන් ලූකස්, ඇගේ හිසට වැදුණු දරුණු දුෂ්ට ප්‍රහාරයක් හේතුවෙන් නව මතකයන් පිහිටුවා ගැනීමට නොහැකි වීමෙන් පූර්වක්‍රමික අවසිහිය (anterograde amnesia) කියන රෝගී තත්වයෙන් පීඩා විඳිනවා. පැහැදිලිව කියනව නම් ඇයට ඕනම දෙයක් මතක තියෙන්නෙ පැය 24යි. ඇගේ සැමියා තමයි බෙන් කියන්නෙ. හැම උදෑසනකම ඇය ඇගේ සැමියාව සහ ඇගේ ජීවිතයේ අනිත් දේවල් අලුතෙන් නැවත හඳුනාගන්නවා. ඇගේ මානසික වෛද්‍යවරයා වන ස්නායු මනෝවිද්‍යාඥ වෛද්‍ය නෑෂ් ගේ උපදේශ මත ඇය වීඩියෝ දිනපොතක් පවත්වාගෙන යනවා. සෑම උදෑසනකම ඇයට ඔහු විසින් මේ බව මතක් කරන අතර ඇය ඇයට මේ අපරාධය කල අපරාධකරු ව මතකයට නගා ගැනීමට මේ මගින් උත්සාහ කරනවා. ක්‍රිස්ටීන් ඇගේ අතීතය ගැන භයංකර සත්‍යයන් අනාවරණය කරගැනීමට පටන් ගන්නා අතර ඇය සෑම දෙයක් ගැනම සහ ඇය වටා සිටිනා සෑම කෙනෙක් ගැනම ප්‍රශ්න කිරීමට පටන්ගන්නවා. ඉතිං ඇයට මෙම අපරාධය කල අපරාධ කරුවා මතක් වේවිද?දොස්තර නෑෂ් ඇත්තටම ඇයට උදව් කරනවාද? , බෙන් (ඇගේ සැමියා) ලෙස පෙනී සිටිනා පුද්ගලයා ඇත්තටම ඇගේ සැමියාද? ඇයට මේ කරුණු අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවිද යන්න දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙයි.

ඇත්තටම මේ සිනමා සිත්තම කිසිම කම්මැලි කමක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් වෙනස් ආකාරයක හොඳ සිනමා සිත්තමක්. ඉතිං හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් හැමෝටම සුබ දවසක් 😀 😀

Before I Go to Sleep (2014) on IMDb

 

 

450 MB (HD)කොපිය මෙතනින් බාගන්න

807520FB577FDEB08307657B5B8096F95BF6C931

527 MB (BD)කොපිය මෙතනින් බාගන්න

9BCC4D7063FE77E7B0F4FEBAE3BB18561DA4BDE2

754 MB (BR)කොපිය මෙතනින් බාගන්න

B36E64290B66D5646DBD1F9D346E481949480778 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,036 downloadsDownload Before.I.Go_.To_.Sleep_.2014.baiscopelk.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

3,036 downloadsDownload Subtitles84 KB

44 comments

  1. Gayashan

    සබට ගොඩා...ක් ස්තූතියි...

  2. SaDuN dAnUsHkA (ධනූ)

    බොහොම ස්තුතියි
    උපසිරැසියට............

  3. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මේකත් බලමු එහෙනම්.
    ජය වේවා. !

  4. ns

    බොහොම ස්තුතියි…
    the musketeers සීසන් 2 එකට සබ් දෙන්නකෝ…

  5. asiri

    palamu sub akata jaya

    dan alut kollo kello godak anwane maru maru

    txz

  6. නලින්

    ස්තුතියි මාලිංග සහෝ...

    මෙක ආපු ගමන් බා ගත්තා.. දැන් සබත් තියෙන එකෙ නියෙමට බලතැහැකි.

    ජය වේවා!

  7. සමීර චතුරංග

    නියමයි සහෝ.
    වෙලාවක් ලැබුණු ගමන් බලනවා.
    ස්තුතියි..!!

  8. Denuke

    Ela ela sahooo
    thankz 4 the sub!!!!1

  9. Kulanjana Maduranga

    niayamai…aragenama balamu.thanks MALINAGA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. me

    Thanks

  11. Ama

    I'll download this movie before I go to sleep.

  12. Chami.S

    Thanks....

  13. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  14. සාරංග

    හොඳ පිලුමක් වගේ.
    මේක තෝරගෙන සිංහල උපසිරැසි යෙදීම වෙනුවෙන් ස්තුතියි !

    - සාරංග -

  15. danu

    thanks sub ekata... me film ekata sub eka deida kiyala balan innakota thamai ada ude msg eka awe magic ekak wage. anyway, thanks sub ekata. gud luck.

  16. Jack

    පට්ට කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  17. රවිඳු නිපුන්

    එල එල සහෝ...
    දිගටම සබ් කරමු..
    ජය!!

  18. දමිත්

    ස්තුතියි හසන්ත සහෝ සබට..
    ජයෙන් ජය

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri film ekak bawa danagaththaa trailer eka balapu sanin..
    onna a nisaa baanawa..
    baanawa newi, baanna daalaa iwarai,,,
    jaya wewaaa...

  20. prabhath

    thanks

  21. pamuditha

    thank U වේවා!
    පේන විදිහට ගජිනි එකේ English female version 1 වගේ හරි list 1ට දාගත්තා ;)

  22. Nelson

    Good Work Friend, Thanks!

  23. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්...

  24. Chami

    Thanks...

  25. Sanjaya

    Thanks Saho....

  26. dhananjaya

    yee....

  27. කැලුම් ගුණසේකර

    කතාව හොදයි වගේ. අරන් බලන්න ඕන. ස්තූතියි උපසිරැසියට.

  28. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  29. සුපුන් ප්‍රමෝද්

    මේ වගේ අභිරහස් ෆිල්ම් වලට මාත් ගොඩාක් කැමතියි.
    එහෙනම් සබට ගොඩාක් තුති.
    ජය වේවා.!

  30. sanjeewa

    thanks

  31. sanjayamanodara

    Thanks. .for sub

  32. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  33. “චූටී මල්ලි”

    එල මචෝ
    සෙට් උනොත් බලනවා මේකත්
    හොද එකක් වගෙයි
    සබට තුති
    ඔබට ජය.......

  34. රොයිලි

    බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Imankar

    thanx

  36. Nandana

    Thank U Hasantha.

  37. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  38. indika

    thnq :)

  39. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  40. nidi

    ස්තුතියි හසන්ත, ගොඩාරියක්. විනාඩි පහෙන් පහට වගේ කතාව වෙනස් වෙනවා! ඊළඟට කොහාටද, වෙන්නේ මොනවද, නිකමටවත් අනුමාන කරගන්න බැහැ. සැකය උපරිමව රඳවාගන්න විදියට, බොහොම පරිස්සමින් සබ්ස් දෙන්නත් ඔයා මහන්සි වෙලා. තෑන්ක්ස්!

  41. nish47

    ස්තූතියි සහෝ

    1. Nishantha

      Love actually 2003, contracted phase 2 2015, the english teacher 2013 movies walata sub denna

  42. Ruchira

    Thanks for the sub!!!