ආගම කෙදිනකවත් ගැටළුවක් නොවේ, ගැටලුව බලය ලබාගැනීමට එය ප්‍රයෝජනයට ගන්නා මිනිසුන්ය. ඉහත කියමන ගැන මොකද හිතන්නෙ? අනිවාර්යයෙන්ම ඔබ හැමෝම ඒකට එකග වෙයි. ඉතින් අද මම ඔබ හමුවට ආවේ ඒ වගේ සිනමා සිත්තමක් අරගෙනයි. සම්මාන 15කට නිර්දේශ වී National Board of Review, USA 2021, Women Film Critics Circle Awards 2021 ජ…

ආගම කෙදිනකවත් ගැටළුවක් නොවේ, ගැටලුව බලය ලබාගැනීමට එය ප්‍රයෝජනයට ගන්නා මිනිසුන්ය.
ඉහත කියමන ගැන මොකද හිතන්නෙ? අනිවාර්යයෙන්ම ඔබ හැමෝම ඒකට එකග වෙයි. ඉතින් අද මම ඔබ හමුවට ආවේ ඒ වගේ සිනමා සිත්තමක් අරගෙනයි. සම්මාන 15කට නිර්දේශ වී National Board of Review, USA 2021, Women Film Critics Circle Awards 2021 ජයග්‍රහණය කිරීමට සමත් වූ ප්‍රංශ ජාතික සිනමාපටයක් වන Benedetta චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සුප්‍රසිද්ධ Robocop, Basic Instinct, Total Recall, Starship Troopers වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ Paul Verhoeven අතින් සිදුවෙනවා.
ඉතිහාසඥයෙකු සේම ලේඛිකාවක වන Judith C. Brown විසින් රචිත ඉතිහාසය තුළින් සොයාගන්න ලද කරුණු මත පදනම් වූ Immodest Acts: The Life of a Lesbian Nun in Renaissance Italy නම් කෘතිය පාදක කොටගෙන නිර්මාණය වූ benedetta සිනමාපටයේ ප්‍රධාන චරිතය වන බෙනෙඩෙටාගේ චරිතයට Virginie Efira පණ පොවන අතර සෙසු චරිත සදහා Daphne Patakia, Charlotte Rampling, Lambert Wilson, Olivier Rabourdin යන අය රංගන දායකත්වය සපයා තිබෙනවා.IMDB අගය 6.7ක් සහ කුණු තක්කාලි දර්ශක අගය 86%ක් ලබාගන්නටත් සමත්ව තිබෙනවා.
ආගමට ඇති ලැදියාව නිසාම කුඩා වයසින්ම කන්‍යා සොයුරියක් වීමට කැප වෙන බෙනෙඩෙටා කා(ර්)ලිනි දැඩි ලෙස ආගම කෙරෙහි, තමන්ගෙ දෙවියන් කෙරෙහි විශ්වාසය තබාගෙන සිටින කන්‍යා සොයුරියක්. කුඩා කල සිටම දෙවියන් විවිධාකාරයෙන් තමන් සමග කතා කරනවාය යන විශ්වාසයෙන් උස්මහත් වෙන බෙනෙඩෙටාගේ දිවියේ පෙරළියක් ඇති වෙන්නෙ කන්‍යාරාමය වෙත බාර්තොලමියා නම් තරුණියකගේ පැමිණීමත් සමගයි. බාර්තොලමියා දුටු මොහොතේ සිටම පෙර නොවූවිරූ හැගීම් බෙනෙඩෙටා තුළ පහල වෙනවා.
එසේම මේ සමගාමීවම දෙවියන් තමන්ට දර්ශනය වෙමින් දේව සංකේත, දේව වාක්‍යය ඇය හරහා ප්‍රකාශ කරන්නට පටන් ගැන්මත් සමග සාමාන්‍ය කන්‍යා සොයුරියක ලෙස සිටින බෙනෙඩෙටාට කන්‍යාරාමයෙ ප්‍රධානියා වීමටත් හැමෝගෙම ගෞරවාදරයට පාත්‍ර වීමටත් අවස්ථාව හිමි වෙනවා. නමුත් මේ හා සමගම ඇයගේ ජීවිතය තුළ, කන්‍යාරාමය තුළ, පෙශියා නගරය තුළ මහත් ආන්දෝලනාත්මක සිදුවීම්මාලාවක් ආරම්භ වෙනවා.
එහෙමනම් බෙනෙඩෙටා සැබවින්ම දේව දර්ශනය ලැබු ශාන්තුවරියක්ද? ඇය සැබවින්ම දිවැසිවරියක්ද නැතිනම් ප්‍රෝඩාකාරියකද? බාර්තොලමියා සමගින් ඇය කුමන ආකාරයේ ක්‍රියාවක නිරත වූවාද? යන සිදුවීම්වලට උත්තර 18+ වැඩි කට්ටිය විතරක් බලලා දැනගන්න.
එහෙමනම් යළිත් උපසිරසියකින් හමු වෙන අපේක්‍ෂාවෙන් මා සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
9,442 downloadsDownload Benedetta-2021.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
17 comments
හසිත මධුෂාන්
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kushan
Sub akta thanks
Pulina chamantha
ගොඩක් ලොකු අර්ථයක් තියෙන චිත්‍රපටයක් . මේ සදහා උපසිරැසි නිර්මාණය කල ඔබට ස්තූතී
mindika
Thanks !!!
Rusith Dileepa
Thankz..
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Pramod
තෑන්ක්ස් මචං ජයම වේවා
Anonymous
sinhala sub nemeine thiyenne english ne
සම්පත්
ඩවුන්ලෝඩ් මයිට් එක වැටිලද
Prabhasoft
Thank you..!!! Bro..
Dewadithya
Thanks for Sub!
Madusanka Munasinghe
thanks
viraj
thanks.....
Lahiru Lakshan
thanks machn...
Lahiru Lakshan
thanks machn....
Manu
Godak sthuthi.. Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!