Watch Trailer

Flee (2021) AKA Flugt Sinhala Subtitles | නිවස තරම් තැනක් මේ ලෝකෙ කොහෙවත් නැහැ… [සිංහල උපසිරසි]

මං හිතනවා උඩ අහපු ප්‍රශ්නෙට හැමෝම ළඟ එක උත්තරයක් තියෙයි කියලා. ඔන්න එහෙනම් ”The Summit Of The God” චිත්‍රපයෙන් පසුව නැවත ඔබ හමුවට එන්නෙ මෙවර ඇනිමේෂන් වලින් ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ වීමට ලොකු හැකියාවක් තියෙන චිත්‍රපටයක් සමඟයි. එය ඉංග්‍රීසි නමින් ”Flee’‘ ලෙස හඳුන්වනවා. ඩෙන්මාක් භාෂාවෙන් එය ”Flugt…

මං හිතනවා උඩ අහපු ප්‍රශ්නෙට හැමෝම ළඟ එක උත්තරයක් තියෙයි කියලා. ඔන්න එහෙනම් ”The Summit Of The God” චිත්‍රපයෙන් පසුව නැවත ඔබ හමුවට එන්නෙ මෙවර ඇනිමේෂන් වලින් ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ වීමට ලොකු හැකියාවක් තියෙන චිත්‍රපටයක් සමඟයි. එය ඉංග්‍රීසි නමින් ”Flee’‘ ලෙස හඳුන්වනවා. ඩෙන්මාක් භාෂාවෙන් එය ”Flugt” නමින්ද හඳුන්වනවා. චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2021 වර්ෂයෙ දෙසැම්බර් මස 3 වෙනිදා. ඒ නිකුත් වෙන්නෙ ගොඩක් නිර්දේශ නාම සහ සම්මාන ලබාගනිමින්. කොහොමහරි Flee සම්මාන 34 ක් ලබාගැනීමට සමත් වෙනවා. ඒවගේම තමයි මේ වෙද්දී IMDb අගය 8.1 ක් සහ කුණු තක්කාලි අගය 99% ක් අරගැනීමටද සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ ”Jonas Poher Rasmussen” විසින්. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

අපෙ කතාවේ ප්‍රධාන කතා නායකයා වෙන්නෙ ආර්මින්. ඔහු කුඩා කළ සිටම හුඟක් භයානක දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මොකද ඔහු ඉපදෙන්නෙ ඇෆ්ගනිස්ථානය කාබුන් අගනුවර. ඔහුගෙ පියා වෘත්තියෙන් ගුවන් හමුදාවේ සේවය කරන්නෙක්. කාලයක් එක්ක යුද්ධය හුඟක් දරුණු වෙනවා. ආර්මින්ට එමගින් තම පියාද නැති වෙනවා. පියා නැති වුණු ඔහු ජීවත් වෙන්නෙ තමන්ගෙ අම්මයි/අක්කල දෙන්නයි/අයිය සමඟයි. මෙයාලා ඒ ජීවත් වෙන්නෙ හුඟක් බයෙන්. මොකද නරක දෙයක් කොයි වෙලේ සිද්ධ වෙයිද කියන්න දන්නේ නැහැ. කොහොමහරි යුද්ධය නැවත දරුණු වෙනවා. තරුණ ළමයි පවා යුද්ධය අරං යනවා. ඒ කියන්නෙ අපෙ ආර්මින්ගේ අයියල වගේ අයව. ඔහු සැඟවිල මේ යුද්ධයෙන් බේරිලා ඉන්නවා. ඉන්පසුව ආර්මින්ට සහ ඔහුගෙ පවුලෙ අයට මේ නපුරු දේශයෙන් පිටවෙලා යන්න සිද්ධ වෙනවා. අලුත් ආරම්භයක් සොයමින්. හැබැයි ඒ ආරම්භය සොයාගෙන යන චාරිකාවත් ලේසි නැහැ. ඔහුට නොයෙකුත් දේවල් වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. එහෙනම් අපි බලමුකො ආර්මින්ගෙ මේ අලුත් ”නිවහනක්” සොයාගෙන යන චාරිකාව කොහොම වෙයිද කියලා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,853 downloadsDownload Flee.2021.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,853 downloadsDownload Subtitles35 KB

6 comments

  1. Anonymous

    බොහොම ස්තූතියි සහෝ❤️

  2. Daham

    Screem 2022 eka sub onee

  3. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.