Berserk: The Golden Age Arc III – The Advent (2013) Sinhala Subtitles Berserk විශ්වය අරන් එන චිත්‍රපට ත්‍රිත්වයේ පළමුවැන්න වෙන Berserk: The Golden Age Arc 1-The Egg of the King (2012) සහ දෙවැන්න වෙන Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey (2012) චිත්‍රපට දෙකෙන් පසුව එහි මීළඟ අදියර එහෙම…
Berserk: The Golden Age Arc III – The Advent (2013) Sinhala Subtitles
Berserk විශ්වය අරන් එන චිත්‍රපට ත්‍රිත්වයේ පළමුවැන්න වෙන Berserk: The Golden Age Arc 1-The Egg of the King (2012) සහ දෙවැන්න වෙන Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey (2012) චිත්‍රපට දෙකෙන් පසුව එහි මීළඟ අදියර එහෙමත් නැතිනම් තුන්වන හෙවත් අවසාන අදියර දිග හරින්නයි මේ සූදානම් වෙන්නෙ. Berserk (1997) කතා මාලාවේම කතාව රැගත්, නමුත් ඇතැම් සිදුවීම් වෙනස් කරමින් ඒ රසයම තවත් වැඩි කරමින් Remastered Version එකක් විදිහට අරන් එන මේ Movie Trilogy එක ප්‍රචණ්ඩකාරී බවින් වගේම ලිංගිකත්වය අතින් ඉදිරියෙන් ඉන්න බවක් මම ඉහත කී පළමු සහ දෙවන චිත්‍රපට නරඹපු කෙනෙක් නම් ඔබට වැටහෙන්නට ඇති. ඒ අනුව මේ තුන්වෙනි චිත්‍රපටයත් ඒ රසයන්ම සමගින් අරන් එන්නේ අතිශයින් වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය සහිතව බව මම මුලින්ම මතක් කරනවා.

1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවට පදනම් වුනු Kentaro Miura අතින් ලියවුනු Berserk මන්ගා මාලාවේම The Golden Age නම් Arc එක ඇසුරෙන් තමයි මුල් චිත්‍රපට දෙක සේම මේ අවසාන චිත්‍රපටයත් නිර්මාණය වෙන්නේ. 2013 වසරේදී නිකුත් වුනු Berserk: The Golden Age Arc 1-The Egg of the King චිත්‍රපටයේ සහ Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey චිත්‍රපටයේ Sequel එක වෙන මෙය සුපුරුදු පරිදි Studio 4°C අතින් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ Music වෙනුවෙන් පෙර Berserk කතා මාලාවේ සහ මුල් චිත්‍රපට දෙකේ වගේම Susumu Hirasawa තමන්ගේ දායකත්වය ලබා දෙනවා. IMDB දර්ශකයේ 7.8 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.2 ක අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 47 ක් පුරා දිවෙනවා. ඒ වගේම සුපුරුදු විදිහට Action, Adventure, Drama, Fantasy, Horror, Gore, Military, Seinen යන Genre වලට අයත් වෙමින් R+ Mild Nudity යටතේ Rate වෙලා තිබෙනවා.
මම මුලදී සඳහන් කළා වගේම 1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවේම Remastered Movie Series එකේ තුන්වැන්න කියල මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. ඒ කියන්නෙ ඒ කතා මාලාව Animation අතින් නවීකරණය කරල නිකුත් කරපු චිත්‍රපටය කියල හඳුන්වන්න පුලුවන්. කතා මාලාවේ සෑම සිදුවීමක්ම මේ චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ නෑ. හැබැයි එහෙමයි කියලා වැදගත් සිදුවීම්වල කප්පාදුවක් කරලා ගොඩනගපු චිත්‍රපටයක් කියල හඳුන්වන්නෙත් නෑ. ඒ වගේම කතා මාලාවේ දකින්න ලැබුනාට වඩා මේ චිත්‍රපටයේ දකින්න ලැබෙන සටන් ජවනිකා Violated සහ Brutal කියල කියන්න පුලුවන්. ඒ වගේම කතාව Sexual පැත්තට පෙරට වඩා වැඩි නැඹුරුවක් කරල තිබෙනවා කියල කියන්න පුලුවන්.
අවුරුදු සියයක් තිස්සේ අත්කරගැනීමට නොහැකි වුනු ඩොල්ඩ්‍රි ජයග්‍රහණය ග්‍රිෆිත් ප්‍රමුඛ උකුස්සාගේ කල්ලිය හිමි කරගනිද්දී, ඔවුන්ට තම මිඩ්ලන්ඩ් රාජ්‍යයේ ඉහළම තැනට යන්නට මඟ පෑදෙනවා. එහෙත් හැමදෙයක්ම අවසානයේ ග්‍රිෆිත්ගේ වගේම උකුස්සාගේ කල්ලියේ කොඳු නාරටිය බඳු වුනු ගට්ස්ගේ උකුසු කල්ලිය හැරයාමේ තීරණය නිසාවෙන් ග්‍රිෆිත් වගේම උකුසු කල්ලියත් නොසිතූ ආගාධයකට ඇද වැටෙනවා. අවසානයේදී ග්‍රිෆිත්ගේ එක්තරා වැරදි ක්‍රියාවක් නිසා ඔහු රාජද්‍රෝහියෙක් බවට හංවඩු ගැසී උකුසු කල්ලියත් රාජ්‍යයේ ද්‍රෝහීන් විදිහට නම් කෙරෙනවා. ග්‍රිෆිත් මිඩ්ලන්ඩ් දේශයේ සිරකරුවෙකු වෙද්දී අනිත් පැත්තෙන් ගට්ස් තමන්ගේම හීනය සොයා නික්මෙන තැනින් Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey චිත්‍රපටය අවසාන වෙනවා. සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ යම් කිසි පෙර නියම කිරීමකට අනුවයි. සෑම දෙයක්ම ගලා යන්නේ හේතුඵල වාදයට අනුවයි. ඔවුනොවුන්ගේ දෛවය ඔවුනොවුන්ගේම ලේ වැගිරීමකට තුඩු දේවි නම්? මේ හැම දෙයක්ම සත්‍යයක් යැයි කියන්නට පුලුවනිද? තම පරම සිහිනය සොයන ග්‍රිෆිත් සහ ගට්ස්ගේ හමුවීම ලියවී තිබෙන්නේ කෙසේද?
ආදරය, වෛරය, ඊර්ෂ්‍යාව, ජීවිතය සහ මරණය කියන කාරණා අධිස්වාභාවිකත්වයත් සමඟින් මුසු කර අරන් ආපු මේ Berserk Movie Trilogy එක Berserk (1997) කතා මාලාවට වඩා දරුණු අවසානයක් ලබා දෙන බවයි මගේ හැඟීම වෙන්නේ. එහෙනම් නරඹල හොයාගන්න ඒ හැඟීම මොන වගේද කියලා. ඒ වගේම චිත්‍රපටය කතා මාලාවම නොවන බවත් ඔබ දන්නවා. මේ චිත්‍රපට මාලාව ආරම්භයේදීත් මම සඳහන් කළා වගේම මෙහිත් වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු වචනත් ඇතැම් තැන්වල ඇතුළත් වෙනවා. ඒ වගේම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය නිර්මාණය කරල තිබෙන්නේ ජපන් භාෂාවට අනුකූල විදිහටයි. එහෙනම් නරඹන්න මේ අවසාන චිත්‍රපටය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් comment කරන්න අමතක කරන්න එපා. Berserk චිත්‍රපට ත්‍රිත්වයේ අවසානය එක්ක Berserk (2016) කතා මාලාව තුළින් මීළඟට මුණ ගැසෙමු.
Berserk: The Golden Age Arc III – The Advent (2013) Sinhala Subtitlesලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,097 downloadsDownload Berserk-The-Golden-Age-Arc-III-The-Advent-2013-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Berserk: The Golden Age Arc III – The Advent (2013) Sinhala SubtitlesSubtitles by
ලංකන් Weebs
Subtitles
- #2013
- #Aki Toyosaki
- #Akio Ôtsuka
- #Atsushi Morota
- #Atsushi Yamazaki
- #Ayako Takeuchi
- #Ayana Taketatsu
- #Barbara Goodson
- #Berserk
- #Berserk: The Golden Age Arc III
- #Berserk: The Golden Age Arc III - The Advent
- #Berserk: The Golden Age Arc III - The Advent (2013)
- #Berserk: The Golden Age Arc III - The Advent (2013) Sinhala Sub
- #Berserk: The Golden Age Arc III - The Advent (2013) Sinhala Subtitles
- #Box Office Hits
- #Carrie Keranen
- #Chafûrin
- #Christopher Kromer
- #Doug Erholtz
- #Editor's Pick
- #Eiji Mat
- #G.K. Bowes
- #Guin Poon Chaw
- #Hiroaki Iwanaga
- #Hiroki Yamada
- #Hiroshi Tsunemichi
- #Hiroyuki Yasoshima
- #Ichirô Ôkouchi
- #J. David Brimmer
- #Jamieson Price
- #Jamison Boaz
- #JB Blanc
- #Jon Avner
- #Junya Watanabe
- #Kazuhiro Soga
- #Kazuki Yao
- #Kenta Miyake
- #Kentaro Miura
- #Kevin T. Collins
- #Liam O'Brien
- #Lisa Ortiz
- #Marc Diraison
- #Marie Ôi
- #Masaaki Ishida
- #Max Nishi
- #MaxxA
- #Michelle Medlin
- #Michelle Newman
- #Minako Kotobuki
- #Mitsuhiro Kunori
- #Miyuki Sawashiro
- #Must Watch
- #Naoki Tezuka
- #Naoto Iwasaki
- #Naoto Nakamura
- #Nariaki Miyata
- #Noa Yamanaka
- #Nobuyuki Katsube
- #Patrick Seitz
- #Rikiya Koyama
- #Ryô Kawakami
- #Ryo Okada
- #Ryota Haruno
- #Sean Schemmel
- #Seiji Kato
- #Shinji Ogawa
- #Shinya Nakakubo
- #Shogo Akitaya
- #Shohei Osada
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Tadashi Sato
- #Takahiro Fujiwara
- #Takahiro Sakurai
- #Takashi Maeda
- #Takayuki Ono
- #The Golden Age Arc III - The Advent
- #Toa Yukinari
- #Tomohiro Sato
- #Tomoya Furukawa
- #Toshiyuki Kubooka
- #Toshiyuki Sakai
- #Umi Ohara
- #Wayne Grayson
- #Yasuaki Iida
- #Yoshiro Matsumoto
- #Yûichi Nakamura
- #Yuki Fujino
- #Yûki Kaji
- #Yusuke Aratake
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika laKMal
Kavindu Nethmina
Sub ekata thanks bro
Supun
අනේ මේකෙන් පස්සේ vinland saga ගේන්න බැරිදෝ
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Shakila Randika
මේකේ 2016 ආපු සිරීස් එක ඉක්මනට ඕනී.....❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි සහෝල උපසිරැසියට