Chandu Champion (2024) Sinhala Subtitles හැමෝටම සුබ දවසක්. ඔන්න මේ වතාවේ මං ඔයාලට අරගෙන ආවේ 2024 ජුනි 14 වැනිදා නිකුත් වුණු සුපිරිම සත්‍ය චරිතාපදාන හින්දි සිනමාපටයක් වන Chandu Champion (2024). මේකේ IMDb Rating අගය 8.1/10යි කිව්වම සුපිරියක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. Chandu Champion (2024) අධ…
Chandu Champion (2024) Sinhala Subtitles
හැමෝටම සුබ දවසක්. ඔන්න මේ වතාවේ මං ඔයාලට අරගෙන ආවේ 2024 ජුනි 14 වැනිදා නිකුත් වුණු සුපිරිම සත්‍ය චරිතාපදාන හින්දි සිනමාපටයක් වන Chandu Champion (2024). මේකේ IMDb Rating අගය 8.1/10යි කිව්වම සුපිරියක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. Chandu Champion (2024) අධ්‍යක්ෂණය කළේ සහ රචනා කළේ කබීර් ඛාන් විසින්. ඒවගේම නිෂ්පාදනය කළේ සජිඩ් නන්දියාඩ්වාලා විසින්. නිදහස් ඉන්දියාවේ පළමු පැරාලිම්පික් රන් පදක්කම්ලාභී ශූරයා වුණු, ඒවගේම බොක්සිං ශුරයෙක් වුණු, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙක් වගේම යුධ වීරයෙක් වුණු මුර්ලිකාන්ත් පේට්කාර්ගේ ජිවන චරිතය වටා ගෙතුණු මේ අපූර්ව සිනමාපටයේ මුර්ලිගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය නළු කාර්තික් ආර්යන් විසින්. 2018 වසරේ ක්‍රීඩා ඉසව්වෙන් ඉන්දියාවේ සිව්වෙනියට ඉහළම සම්මානය වන ‘පද්මශ්‍රී’ සම්මානයෙන් ජනපති අතින්ම පිදුම් ලද මුර්ලිකාන්ත් පේට්කර්ගේ ජීවිත කතාව, ලෝකයේ ඕනෑම අයෙකුට හඬ ගසා කියන පාඩම නම්, ස්ථීර අධිෂ්ඨානය ඇති නම් ඔබට මේ මිහිමත කළ නොහැක්කක් නොමැති බවයි; ඔබට ඔබේ ඉරණමට අභියෝග කළ හැකි බවයි.
2018 දී මුර්ලිකාන්ත් ඉන්දියාවේ එවකට ජනපති රාම් නාත් කොවින්ද් අතින් ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබීම (දකුණේ) සහ එය Chandu Champion සිනමාපටයේ ප්‍රතිනිර්මාණය වුණු අන්දම (වමේ)
මේ සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ප්‍රීතම් චක්‍රබෝර්ති විසින්. රිදී තිරයට නිකුත් වුණු දවසේ ඉඳන්ම Chandu Champion (2024) ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් අතර මුර්ලිකාන්ත් පේට්කාර් ලෙසින් කාර්තික් ආර්යන්ගේ අද්විතීය රංගනය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වුණා. මුර්ලිකාන්ත්ගේ චරිතය තාත්විකව ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු විසින් කළ අසීමිත කැපකිරීම් ඒ සිනමාපටයෙන් අපූරුවට පෙනෙන්නට තිබුණා. අතිශය දුෂ්කර ජිවන ගමනක ගොස්, දෛවයේ සරදම් වලටත්, සමාජයේ උපහාසාත්මක සරදම් වලටත් මුහුණදෙමින් තම කුඩාකාලයේ සිට දුටු සිහිනය සැබෑ කරගන්නට කැප වුණු වීරෝදාර මිනිසෙකුගේ අතිශය හැඟුම්බර, විස්මයජනක, ආදර්ශවත්, කතාවක සිනමාරූපී අනුවර්තනයයි මෙය. ඒ වගේම සමස්ත ඉන්දියාවේම ගෞරවයට පාත්‍ර වියයුතු ජයග්‍රහණයක් ලබා ගත්තත්, එහි කීර්තිය දෛවෝපගත ලෙස කාලයේ වැලිතලාවේ නොදන්නා අන්ධකාරයක සැඟව ගිය නමුත් හුදෙක් කීර්තිය වෙනුවෙන් සටන් නොකරමින් නිහඬව දිවි ගෙවූ අපූර්ව මිනිසෙකුගේ කතන්දරයක් මෙය. මනරම් ගීත කිහිපයක්ද මෙහි අන්තර්ගත වී තිබෙනවා. මුලදී මෙහි ගීත සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මා අදහස් නොකළත්, එම ගීත වල ගැබ්ව ඇති කතාවේ සාරය හුවා දැක්වීම වෙනුවෙන් සහ සමස්ත නිර්මාණයට එම ගීතවල ඇති අනුකූලතාවය නිසා සලකා පසුව මා මෙහි ගීත වලටත් සිංහල උපසිරැසි ගැන්වුවා.
මුර්ලිකාන්ත් පේට්කාර් (දකුණේ) සහ එම චරිතයට පණ පොවන කාර්තික් ආර්යන් (වමේ)
ඔබ දන්නවද මුර්ලිකාන්ත් පේට්කාර්ගේ චරිතය ඇසුරින් සිනමා පටයක් නිර්මාණය කිරීමේ සිහිනය දුටු තවත් කෙනෙක් බොලිවුඩයේ සිටි බව? ඒ වෙන කවුරුවත් නෙවෙයි, Mr. India (1986), Bandit Queen (1994), Masoom (1983) වැනි ජනප්‍රිය සිනමාපට නිර්මාණය කළ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් සහ නළුවෙක් වුණු ශේකර් කපූර්. ඔහු ඒ ව්‍යාපෘතිය සඳහා එවකට යොදා තිබුණු නම, ‘Murli – The Unsung Hero’ නම් වුණා. එහි පිටපත් රචකයා වුණේ ප්‍රශාන්ත් සිං. එහි ප්‍රධාන නළුවා ලෙස තෝරාගෙන තිබුණේ, එවකට ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටි 2020 වසරේ ජුනි 14 වැනිදා ගෝලීය වසංගත තත්වය අතරතුර සිය නවාතැන් කාමරය තුලදී අබිරහස් ලෙස මියගිය සුපිරි තරුව සුශාන්ත් සිං රාජ්පුත්වයි. තිරරචක ප්‍රශාන්ත් අනාවරණය කළ කරුණක් තමයි මේ සිනමා පටයේ ප්‍රධාන චරිතයට සුශාන්ත්ව යෝජනා කළේ මුර්ලිකාන්ත් පේට්කාර් විසින්ම බව. ඒ මුර්ලිකාන්ත්, සුශාන්ත් සිං රාජ්පුත්ගේ ප්‍රබල රසිකයෙක් වුණු නිසා. කෙසේ වෙතත් මේ කතාවේ තිරරචනය ගැන ප්‍රශාන්ත් කියා සිටියේ මේ කතාන්දරය සත්‍ය ලෙස සිදුවුයේ නැති නම්, මෙවැනි කතාවක් ලියන පුද්ගලයෙකු හුදෙක් යථාර්තවාදී නොවන ෆැන්ටසි ලෝකයක ජිවත්වෙන්නෙකු ලෙස උපහාසයට වුවද පාත්‍ර විය හැකි තරමට මෙය විස්මයජනක බවයි. ඒ අපූර්ව කතාන්දරය රිදී තිරයට ගෙන ඒම වෙනුවෙන් සුශාන්ත් කලක් තිස්සේ මුර්ලිකාන්ත් පේට්කාර් හමුවෙමින්, ඔහු සමඟ සුහදව පිළිසඳරේ යෙදෙමින්, ඔහුගේ විස්මයජනක චරිත කතාවට මහත් උනන්දුවෙන් සවන් දෙන්නට පුරුදු වෙලා හිටියා. 2019 අගෝස්තු මාසයේ මුර්ලි සහ සුශාන්ත් අවසන් වරට හමුවුණු මොහොතේ සුශාන්ත් මුර්ලිට පොරොන්දු වුණේ ඔහුගේ විස්මයජනක අභිප්‍රේරණාත්මක ජිවිත කතාව රිදී තිරයට ගෙන ඒමට තමන් කටයුතු කරන බවයි. ඇත්තෙන්ම 2016 නිකුත් වුණු M.S. Dhoni: The Untold Story සිනමාපටයෙන් පසුව සුශාන්ත් ඔහුගේ ඊළඟ චරිතාපදාන සිනමාපටය බවට පත් කරගන්නට ආශාවෙන් හිටියේ මුර්ලිගේ අපූර්ව ජීවිත කතාවයි. සුශාන්ත් මේ නිර්මාණය ගැන තිබුණු අදහස් මාධ්‍යයට මෙහෙම කිව්වා
“මං ගොඩක් පුදුමයට පත් වුණා ඔහුගේ ජිවිත කතාව ඇසීමෙන්. ඒවගේම ක්ෂණිකව තේරුම් ගත්තා මේ සැඟවුණු කතාව කිවයුතු එකක් බව. මොන තරම් ආදර්ශමත් කතාවක්ද! පේට්කාර්ගේ ගමන්මඟ අසාමාන්‍යයි වගේම සෑහෙන ප්‍රබලයි. එයින් බොහෝ ජීවිත වෙනස් කරන්න පුළුවන්, හිතන්නවත් බැරි දේවල් ලඟා කරගැනීමට මිනිස්සුන්ව අභිප්‍රේරණය කිරීම වෙනුවෙන්. මං අතිශය උද්යෝගයෙන් ඉන්නේ මේ ව්‍යාපෘතිය ආරම්භයේදීම එයට සම්බන්ධ වීම ගැන.”
දිවංගත සුශාන්ත් සිං රාජ්පුත් අධ්‍යක්ෂක ශේකර් කපූර් සමඟ (වමේ), මුර්ලිකාන්ත් පේට්කාර් සමඟින් දිවංගත සුශාන්ත් සිං රාජ්පුත් (දකුණේ)
සුශාන්ත් සෑහෙන උනන්දුවෙන් මුර්ලිකාන්ත් ගැන දුටු සිනමා සිහිනය සැබෑ කරගන්නට පියවර ගනිමින් සිටියා. මහේන්ද්‍ර සිං දෝනිගේ චරිත කතාවට පුහුණු වුණා වගේම උනන්දුවෙන්, අතිශය කැපවීමෙන් පිහිණුම්, බොක්සිං සහ මල්ලවපොර ක්‍රීඩා වල නිරත වෙමින් ඔහු ඊට පුහුණු වුණා. අධ්‍යක්ෂක ශේකර් කපූර් පැවසු විධියට සුශාන්ත්ට මේ සිනමාපටය වෙනුවෙන් සූදානම් වීමේ ඇබ්බැහි වීමක් තිබුණා. ඒ වගේම ඔහු ඒ සිනමා පටයේ රූගත කිරීමුත් අරඹා තරමක් දුරට කරගෙන ගොස් තිබුණා. කෙසේ වෙතත් සිව්වසරකට පෙර සිදුවුණු ඔහුගේ අවාසනාවන්ත මරණය එක්ක ඒ ව්‍යාපෘතිය එහෙමම නතර වුණා. මේ අවාසනාවන්ත සිදුවීම ගැන මුර්ලිකාන්ත් පේට්කාර් Indian Express වෙත කියා සිටියේ මෙහෙම කතාවක්.
“කබීර් ඛාන්ට කළින්, සුශාන්ත් සිං රාජ්පුත් මගේ ජිවිත කතාව සහ පැරාලිම්පික් ශූරයෙක් ලෙස මගේ ගමන් මඟ ගැන සිනමාපටයක් නිර්මාණය කරමින් හිටියා. ඔහු ඒ වෙද්දීත් ඒ සිනමාපටයේ 10% – 15%ක් පමණ රූගත කර අවසන් කර තිබුණා. ඔහු දැඩි ආශාවකින් හිටියේ මගේ කතාව කියන්න. ඒ වගේම ඒ වෙනුවෙන් ඔහු මා එක්ක සෑහෙන කාලයක් ගත කළා, සිරුරේ තැන් නවයකට වෙඩි වැදීමෙන් පසුව කෝමා තත්වයට පත්වීම හමුවේ පවා මං මේ රන් පදක්කම් දිනාගත් විධිය තේරුම් ගැනීම වෙනුවෙන්…..
….ඔහුගේ හදිසි අභාවය මට දැඩි කම්පනයක් වුණා. ඒ අහිමිවීම මට පෞද්ගලිකවම දැනෙනවා. ජුනි 14 වැනිදා…. ඒ දවස සිහි කරන්නත් වේදනාකාරියි. Chandu Champion සිනමා පටය මේ දවසේ නිකුත් කිරීමත් හරියට මේ ලෝකය අකාලයේ හැර ගිය සුශාන්ත් වෙනුවෙන් කෙරුණු උපහාරයක් වගෙයි. ඒ තමයි මගේ සැඟවුණු කතාව රිදී තිරයේ කියන්නට සහ මාව තිරයේ නිරූපණය කරන්නට දැඩිව ආශා කළ, එහෙත් තමන්ගේම ජිවිත කතාව අසම්පූර්ණව තබා යන්නට සිදුවුණු, ඒ අතිදක්ෂ තරුණයා වෙනුවෙන් අපට ලබාදිය හැකි සර්වසම්පූර්ණ උත්තමාචාරය!”

මුරලිකාන්ත් ගැන සුශාන්ත් යොදාගනිමින් නිර්මාණය කරන්න ගිය චරිත කතා සිනමාපටය සුශාන්ත්ගේ අවාසනාවන්ත මරණයෙන් නැවතුණත් එතැනින් සියල්ල අවසන් වුණේ නැහැ. දවසක් යම් පුවත්පතක් කියවමින් හිටපු කබීර් ඛාන් නැමැති අධ්‍යක්ෂක වරයාට එහි පළ වුණු මුරලිගේ විස්මයජනක ජීවිත කතාව දකින්නට ලැබෙනවා. මේක කියවන කබීර්ට සිතුණේ මුරලිගේ ජීවිත කතාව සිනමාපටයක් සඳහා බෙහෙවින් සුදුසු එකක් බවයි. ඒ සමඟින් මුරලිගේ ජිවිත කතාව ගැන සිනමාපටයක් කිරීමේ මූලික අදහස ඔහුගේ මනසට එනවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපි මේ දකින Chandu Champion සිනමාපටය නිර්මාණය වීමට අඩිතාලම වැටෙන්නේ. ඔවුන් මෙහි ප්‍රධාන චරිතය සඳහා ගැළපෙන මුහුණක් ගැන තීරණයක් නොගෙන පිටපත රචනා කළේ කථාව ඉදිරිපත් කිරීමට වැඩි අවධානයක් දුන් නිසා බවයි සහය තිර රචක සුමිත් අරෝරා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් කබීර් ඛාන් මේ සඳහා කාර්තික් ආර්යන්ව තෝරාගනු ලබන්නේ කාර්තික් සතු ‘ආකර්ෂණීය ළමා පෙනුම’ (Boyish Charm) නිසා බවයි ඔහු කිව්වේ. ඒ කිව්වේ වයසේ හැටියට වැඩිහිටි පුද්ගලයෙක් වුණත් පොඩි කොල්ලෙක් වගේ ස්වභාවයක් තියෙනවා කියන එක. මේ අනුවයි සුශාන්ත් සිං රාජ්පුත්ගේ බොඳ වුණු මුරලිකාන්ත් සිනමා සිහිනය, කබීර් ඛාන්ගේ සිනමා ඇසින් සැබෑ කරන්නට කාර්තික් ආර්යන්ට අවස්ථාව ලැබෙන්නේ. මෙවැනි චරිතයක් කිරීම සඳහා කාර්තික් දැඩි කැමැත්තකින් පසු වුණා. කෙසේ වෙතත් මේ වෙනුවෙන් ඔහුගේ කණ්ඩායමට දැවැන්ත කැපකිරීමක් කරන්නට සිදුවෙනවා. මේ වෙනුවෙන් ප්‍රධාන චරිතය නිරූපණය කළ කාර්තික් ආර්යන්ට අලුතෙන්ම පිහිනන්නට ඉගෙන ගන්න සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි, චරිතයට ගැළපෙන ලෙස තම ශරීරයේ කැපී පෙනෙන වෙනස්කම් සිදු කරගන්නට ඔහුට සිදුවෙනවා. පුහුණුවීම් සහ රූගත කිරීම් අතරතුර, ඔවුන් මේ වෙනුවෙන් කෙතරම් කැපකිරීම් කළාද කියා සියැසින් දුටු මුරලිකාන්ත් Chandu Champion අධ්‍යක්ෂක කබීර් ඛාන් ගැනත් අතිශය ප්‍රශංසා මුඛයෙන් කතා කළා. ඔහු ඒ ගැන ඉන්ස්ටග්‍රෑම් සටහනක්ද තබා තිබුණා.
” කබීර් ඛාන්ගේ දැක්ම සහ නායකත්වය නැතිව මේ සිනමා ව්‍යාපෘතියම කළ නොහැකි දෙයක් වෙන්න ඉඩ තිබුණා. මේ කතාවට පණ පෙවීමේ ඔහුගේ කැපවීම සුවිශේෂයි, වගේම ඔහුගේ උත්සාහයන්ට මං අතිශය කෘතඥ වෙනවා. චිත්‍රපටය රූගත කිරීම කරගෙන යද්දී, ඇත්තෙන්ම කාර්තික් ආර්යන්ගේ දැවැන්ත කැපවීම සහ මහන්සිවී වැඩ කිරීම දැකීමත් ආදර්ශමත් වුණා. හැම ජවනිකාවකටම තාත්වික බවක් ගෙන ඒම වෙනුවෙන් ඔහුගේ දායකත්වය මනාව ප්‍රත්‍යක්ෂ වුණා, විශේෂයෙන්ම පිහිණුම් තටාක ජවනිකා වලදී. මේ වෙනුවෙන් ඔබ හැමෝගෙම කැපවීමට ස්තුතියි.”
කාර්තික් ආර්යන් සහ කබීර් ඛාන් (වමේ) මුර්ලිකාන්ත් සමඟින් කාර්තික් ආර්යන් රූගත කිරීම් අතර (දකුණේ)
දැන් අපි යොමුවෙමු මේ සිනමාපටයේ කතාව වෙත. 2017 යම් දවසක මුර්ලිකාන්ත් රාජාරාම් පේට්කර් කියලා මනුස්සයෙක් මහාරාෂ්ට්‍රයේ සංග්ලි ගමේ පොලිස් ස්ථානයට එන්නේ තමන්ට පැමිණිල්ලක් කරන්න ඕනෙ බව කියමින්. ඒ වෙනකාටවත් නෙවෙයි. ඉන්දියාවේ ජනාධිපතිවරුන්ට එරෙහිව, තමන්ගේ ජයග්‍රහණයන්ට හිමිවිය යුතුව තිබෙන අර්ජුන සම්මානය තමන්ට නොදීමේ අසාධාරණය වෙනුවෙන්. මෙන්න මෙතැනදී පොලිසියේ නිලධාරීන්ට ඔහු තමන්ගේ කතාව කියනවා. ඒ කතාව 1952 දක්වා අතීතයට දිවෙනවා. ඒ කාලේ මුර්ලි කුඩා දරුවෙක් ලෙස මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පේත් ඉස්ලාම්පූර් කියන කුඩා ගම්මානයේ දිළිඳු පවුලක ජිවත් වෙනවා. ඒ කාලේ කුඩා මුර්ලිගේ අයියා මුර්ලිව එක්ක යනවා 1952 හෙල්න්ස්කි ඔලිම්පික් උළලේදී ඉන්දියාවේ මුල්ම රන් පදක්කම දිනාගෙන ආපසු ඉන්දියාව බලා එමින් සිටි කේ.ඩී. යාදව් නම් මල්ලවපොර ක්‍රීඩකයා පිළිගන්නට කරාඩ් දුම්රියපළේ තිබුණු මහා උත්සවයකට. එහිදී ඔලිම්පික් ශූරයා දකින පුංචි මුර්ලිගේ හිතේ ආශාවක් එනවා ලොකු වෙලා ඔලිම්පික් පදක්කමක් දිනාගන්න. ඒත් මුර්ලිගේ තාත්තා ඔවුන්ගේ පවුලේ දිළිඳු කම නිසා දැඩිව විරුද්ධයි මුර්ලි ක්‍රීඩා අංශයට යොමු වෙනවට. එහෙත් මුර්ලිගේ අයියාගේ ආධාරයෙන් ගමේ මල්ලවපොර ගුරුතුමාගෙන් මල්ලවපොර ඉගෙනගන්න මාර්ගයක් මුරලිට උදා වෙනවා. පොඩි කාලේ ඉඳලම තිබුණු ඔලිම්පික් මේනියාව නිසා ගමේ හැමෝගෙන්ම මුර්ලිට නිර්දය අපහාස උපහාස විඳින්න සිදු වුණා. මේ කුඩා ගමේ මුර්ලිගේ ඉරණම ක්‍රීඩාවෙන් මහා ඉදිරි ගමනක් යන්නට ලියැවී ඇතැයි එදා කිසිවෙක් හිතුවේ නැහැ. මං මේ කතාව ගැන මීට වඩා කියන්නේ නැහැ. ඒක තරමක් සංකීර්ණ කතාවක්.
මේ එක් එවැනි කතාවක්,
ඒ මත විශ්වාසය තැබීම පවා අපහසු වන…
ඒවගේම ඒක මෙවැනි කතාවක්,
එය පැවසීම අනිවාර්යෙන්ම කළ යුතු වන…
මුර්ලිකාන්ත් රාජාරාම් පේට්කර්
මේ ඒ මිනිසාගේ කතාවයි….
නොදන්නා අන්ධකාරයකින් එළියට ඇවිත්…
යළිත් ඒ නොදන්නා අන්ධකාරයේම සැඟව ගියා වූ….
අද ඉන් පනස් වසරකට පසුව…
මේ කතාව අන්ධකාරයෙන් ඉවතට ගන්නට අවශ්‍යයි.
එය ඔබ වෙත ලඟා වීම අත්‍යවශ්‍යයි.
ඔබ දැනගන්නට අවශ්‍යයි…
මුර්ලිකාන්ත් රාජාරාම් පේට්කර් කියන්නේ කවුද කියා…
එහෙනම් අපි මේ චිත්‍රපටය නරඹලා මේ විස්මයජනක ක්‍රීඩකයාගේ කතාව ගැන දැනගනිමු.
ඔබ මේ නිර්මාණය සමඟ ආදරයෙන් බැඳෙන බවට මට කිසිම සැකයක් නැහැ.
මා මෙහි සිංහල උපසිරැසි සපයා ඇත්තේ Chandu Champion (2024) Hindi 720p WEBRip x264 AAC ESub [1.03 GB] පිටපතට වන අතර මෙම නමින් ගූගල් සෙවුමක් කර පිටපතේ ටොරන්ට් එකක් ඔබට සොයාගත හැකිවනු ඇති.
එසේ නම් යළිත් උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!
තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
3,389 downloadsDownload Chandu-Champion-2024-Sinhala-Subtitles.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Chandu Champion (2024) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2024
- #Adonis Kapsalis
- #Al James
- #Alienna Nova
- #Amit Kumar
- #Amitabh Gupta
- #Aniruddh Dave
- #Antti Hakala
- #Ayan Khan
- #Bhagyashree Patwardhan
- #Bhagyashri Borse
- #Bharat Mistri
- #Bhuvan Arora
- #Bogdana Orleanova
- #Bogumila Bubiak
- #Brijendra Kala
- #Chandu Champion
- #Chandu Champion (2024)
- #Chandu Champion (2024) Sinhala Sub
- #Chandu Champion (2024) Sinhala Subtitles
- #Christian PK Reeve
- #Dan A. Sultan
- #Daniel Eghan
- #David Chrisman
- #David Kar Hing Lee
- #Digvijay Rohitdas
- #Dilnaz Irani
- #Ed Robinson
- #Editor's Pick
- #Elena Skryabina
- #Elle Jones
- #Ema Ekaete
- #Florbella Francisco-pedro
- #Ganesh Yadav
- #Gheorghe Schitan
- #Gurpreet Bedi-Sondh
- #Harsha Mistri
- #Hemangi Kavi
- #Hemant Choudhary
- #Himanshu Jaykar
- #Indian Box Office Hits
- #Irina Svecova
- #Jagat Rawat
- #Jean Luc Fontaine
- #John Harpley
- #John Polivka
- #Julius Packiam
- #Jyoti Sharma
- #Kabir Khan
- #Kartik Aaryan
- #Kento Yoshioka
- #Kevin Tran
- #Kristin Jaap
- #Lee River
- #Ludovic Gautherin
- #Manoj Anand
- #MaxxA
- #Michael McKenzie
- #Mike Kelson
- #Mir Nounchi
- #Nitin Bhajan
- #Olga Alexan
- #Pallak Lalwani
- #Preeti Malhotra
- #Pritam Chakraborty
- #Pushkaraj Chirputkar
- #Rahul Mahajan
- #Rajpal Naurang Yadav
- #Ritchi Edwards
- #Roshni Kaur
- #Samyak Shringirishi
- #Sandeep Choudhary
- #Serhat Tosun
- #Shahan Chaudhry
- #Shettigar
- #Shivraj Walvekar
- #Shreyas Talpade
- #Shyamraj Patil
- #Singh Kaurav
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sonali Kulkarni
- #Sonia Goswami
- #Stuart Whelan
- #Subs
- #Sumana Bhattacharyya
- #Usman Mir
- #Valeria Kosmidis
- #Vijay Raaz
- #Vinita Satchit
- #Vinod Chandel
- #Yashpal Sharma
- #You Decide
- #Yuya Sato
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Buddhika laKMal
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ප්‍රබු ...............
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Tharindu
bohoma stuti.. jayen jaya
lakmal
sub ekta godak thanks.
Anonymous
Riverdale series eke sub denna puluwanda
pasindu
Riverdale series eke sub denna puluwanda
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement

ස්තූතියි සහෝ මේ පට්ට මූවි එකට සිංහල සබ් ගෙනාවට......
ඒ වගේම ලිපියත් මරු....
ඒකටත් ස්තූතියි............