ආදරය ලස්සන වෙන්නේ ගැලපෙනම කෙනා මුණ ගැහුනහම ජීවිතය ලස්සන වෙන්නේ කැමතිම කෙනා එක්ක අසීමිතව ආදරය බෙදා ගත්තහම ප්‍රේමයයි ජීවිතයයි කියන්නේ තරප්පු පෙළක අත්වැල් දෙක වගේ, හැමදාමත් සමපාතව ගලාගෙන යනවා! අතහැරීමක් නැහැ කවුරු කොහොම කිව්වත්, ගැලපෙනම කෙනා අයිතිවුණු ආදර කතා තමයි මේ ලෝකේ සුන්දරම ️ ඉතින්, ඒ කෙනා ලැබෙ…
ආදරය ලස්සන වෙන්නේ ගැලපෙනම කෙනා මුණ ගැහුනහම
ජීවිතය ලස්සන වෙන්නේ කැමතිම කෙනා එක්ක අසීමිතව ආදරය බෙදා ගත්තහම
ප්‍රේමයයි ජීවිතයයි කියන්නේ තරප්පු පෙළක අත්වැල් දෙක වගේ,
හැමදාමත් සමපාතව ගලාගෙන යනවා! අතහැරීමක් නැහැ
කවුරු කොහොම කිව්වත්, ගැලපෙනම කෙනා අයිතිවුණු ආදර කතා තමයි මේ ලෝකේ සුන්දරම ️
ඉතින්, ඒ කෙනා ලැබෙනකන් ඉවසීමෙන් බලන් හිටියට වරදක් නැහැ නේද?
කර්ණාටක ප්‍රාන්තය මුල් කොටගත් කන්නඩ සිනමාව කියන්නේ කාලෙන් කාලෙට හොඳ හොඳ ප්ලොට් එළියට දාන තෝතැන්නක්නේ. Bharaate (2019) කියන්නෙත් අන්න ඒ වගේ පෙරළියක් කරපු සලරුවක්. Best Debut Director විදිහට 2015දී SIMA Awards ගනිපු Chethan Kumarගේ අලුත්ම වැඩේ තමයි මේ! ඩිරෙක්ට් කරලා තියන්නේ වගේම ස්ක්‍රිප්ට් එකත් චේතන්ගේ. කන්නඩයේ ප්‍රධාන ශානරයේ තරුණ නලුවෙක් වන sriimurali ද්විත්ව චරිතයකට පණ පොවන මේ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට සුරුපී නිළි srileela විසින් දායකත්වය සපයනවා. Action Thriller ශානරයට අයත් මෙය තිරගත වීම ඇරඹුණේ පසුගිය ඔක්තෝබර් 18 වනදා සිටයි.
එකපිට ආදායම් අතින් සාර්ථක වුණු චිත්‍රපට 3කට පස්සේ 2018 ජූනි 21 වනදා sriimurali විසින් නිවේදනය කරනවා තමන්ගේ නවතම චිත්‍රපටය සිදු කරන්නේ chethan kumar සමඟින් විත්තිය. KGF උන්මාදයෙන් හිටපු කන්නඩ ෆෑන්ස්ලගේ සතුට දෙගුණ තෙගුණ වුණේ මේ මාස් කොලබරේෂන් එක, තවත් මාස් එන්ටටේනර් එකක පෙරනිමිත්තක් වුණු නිසයි. ඊට මාස දෙකකට පසු අගෝස්තු 15 වනදා නමෝ විත්තියෙන් First Look පෝස්ටරයත් නිකුත් වුණා. ටීසරය එළියට ආවේ දෙසැම්බර් 18 වෙනිදා. ෆිල්ම් 100කට එහා ප්‍රමාණයකට තම දායකත්වය සපයපු Arjun Janya සංගීතමය පැත්ත බලා ගනිද්දී හැම සිංදුවක්ම ලියලා තියන්නෙත් අපේ ඩිරෙක්ටර් උන්නැහේ චේතන්මයි.
අන්තර්ජංජාලේ තියෙන රිවීව්ස් කීපයක් කියෙව්වොත් ඔයාලටත් දැකගන්න ලැබේවි විචාරක ප්‍රතිචාර පැත්ත එහෙම. සෑහෙන්න ධනාත්මකව ඔවුන් සිනමාපටය අගයලා තියෙනවා. මටත් හිතෙන්නේ මේ තමයි srimuraliගේ පීක් ටයිම් එක. ඔහුව නලුවෙක් විදිහට මිනිස්සු අතරේ හිටවලා තිබ්බේ මේ සලරුවෙන්. දැන් කන්නඩයේ ඔහුව ප්‍රසිද්ධ Roaring Star කියන නමෙන්ලු.
තම ප්‍රථම දිනයේදීම ඉන්දියානු කෝටි 1.6ක් සමඟින් 2019 වසරේ කන්නඩ සිනමාපටයක් ලබා ගත් පස්වන වැඩිම පළමු දින ආදායම රැස් කරගත් මෙය තම පළමු සතිඅන්තය අවසාන වනවිට ආසන්න වශයෙන් කෝටි 4.45ක් රැස් කරගත් බවද සඳහන්. Bigil, Housefull 4 වැනි හයි-බජට් චිත්‍රපට සමඟින් කන්නඩයේ කරටකර තරඟයක යෙදුණු මේ ලෝ-බජට් සිනමාපටය තම ගමන අවසාන කළේ කර්ණාටකයේදී පමණක් කෝටි 9.79ක සිනමාශාලා ආදායමක් සමඟින් boxoffice hit ලේබලය ද අලවා ගනිමිනි. බැන්ගලෝරය තුළ අවසාන ආදායම ඉන්දියානු කෝටි 5.90යි. Digital Rights හා Satellite Rights සමඟ ගත්තහම කෝටි 17ත් පහු කරලා. ලෝ බජට් වුණත් අන්තිමට බලපුවාම සෙල්ලම් නෑ… කරටකර හොඳ තරඟයක් දීලා බොක්ස්ඔෆිස් පැත්තෙනුත් සක්සස් වෙලා තියෙනවා.
ඒ වගේම තව සුබ ආරංචියක් තියෙනවා. ලිපියත් කන්නඩයට සම්බන්ධ නිසාම කියන්නම්. කෝටි 250+ අධික ආදායමක් සමඟින් කන්නඩයේ Industry Hit වාර්තාව තැබූ KGF: Chapter 1 මතකයි නේද? එහි දෙවන දිගහැරුම ලබන වසරේ මාර්තු මාසෙදි දැකගන්න පුලුවන් වෙයි. අද(දෙසැම්බර් 14) මාධ්‍යයට නිරාවරණය වුණු විදිහට KGF:Chapter 2 හි First Look Poster එක මෙම 21 වෙනිදා හවස 5.45ට අන්තර්ජාලයට නිකුත් වෙනවා. අප්ඩේට් එකේ ඉන්න හැමෝම!
හැමදාම හින්දි තෙළෙඟු බලන නිසාම අද කන්නඩයක් බලන්ටකෝ එහෙඤං… ජය වේවා!
ලිපිය ලිව්වේ :- කවිණු වීරක්කොඩි
අදත් ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ අළුත්ම කන්නඩ ෆිලුමක උපසිරසිය අරගෙනයි. එහෙනම් වෙනද වගේම ෆිලුමට උපසිරසි ගන්වන්න වෙන් කරල දුන්න ශාන් විමුක්ති (විමා) සොයුරාටත්, බයිස්කෝප් ටීම් එකටයි ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම අධික වැඩ අස්සේ උපසිරසිය කරලා ලිපිය ලියා ගන්න වෙලාවක් නැතුව ඉද්දී ලිපිය දුන්න කවිණු වීරක්කොඩි මලයටත් බොහොම ස්තූති කරනවා.සමාජ සත්කාරය වැඩ සටහනට සහභාගි වුන නිසා උපසිරසිය දෙන්න පොඩ්ඩක් ප‍්‍රමාද වුන එක ගැනනම් සමාව ඉල්ලනවා.
ඉන්දියාවේ ඉතින් ආයූර්වේදය ගැන ගොඩක් ප්‍රාන්ත වල ඉගෙන ගන්නවා. ආයූර්වේද ක්‍රම තියෙනවනේ. ජගන් කියන්නෙත් අවුරුදු ගානක්ම මේ ආයුර්වේදයේ නියැලිලා ඉන්න පවුලක කෙනෙක්.එයාගේ මුතුන් මිත්තන්ගෙන් ලැබුන මේ උරුමයත් එක්ක තමා මෙයා ජීවත්වෙන්නේ.ඒ වගේම එයා සංචාරකයන්ට මාර්ගෝපදේශකයෙක් විදිහටත් වැඩ කරනවා.
වැඩිය ෆිලුම ගැන අද කියන්න යන්නේ නෑ, ජගන්ට හමු වෙන ආදරවන්තිය රාධායි ජගන්ගෙයි මේ ආදර කතාවත් බලන්න කියලා ආරාධනා කරමින් අදට සමු ගන්නවා. තවත් උපසිරසියකින් හමුවෙනකන් සියළු දෙනාටම තෙරුවන් සරණයි.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
- අධ්‍යක්ෂණය : Chethan Kumar
- කාණ්ඩය : Action, Drama
- නිෂ්පාදනය : Suprith
- කථාව රචනය : Chethan Kumar
- රංගන ශිල්පීන් : Sriimurali, Sreeleela
- ධාවන කාලය : 146 minute
- තිරගත කල දිනය : 18 October 2019
- සංගීතය : Arjun Janya
- IMDB අගය : 5.8/10

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper Kannada HD/ True Web-DL පිටපත් සඳහා අදාළ වේ.
9,656 downloadsDownload Bharaate-2019.zip133 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
16 comments
Isuru minipa
malithmadhushan45
උදය සහෝ ගේ වැඩක් නිසා නොබලා කොහොමද. උපසිරසට ස්තුතියි සහෝ
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමන් සහෝ.
ජයෙන් ජයම වේවා!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
arosha_hashini
සබ් වැඩ නෑ බන් මැද හරියට එනකොට.. අපරාදේ.. ආයේ අවසානෙට වැඩ..
arosha_hashini
Gom player ake weda
Udaya Saman
පොඩ්ඩක් ඉන්න බලන්ම් සහෝ.කොම්පියුටර් එකකින් බලනවනම් pot player එකෙන් බලන්න බලන්න. නැත්තම් ෆෝන් එකෙන්නම් mx එකෙන් බලන්න.
MW CD house
kgf 2 january enawa ne
santhusha319
THANKS BRO
Shehan putha
Thanks bro
arawindasunimal
thanks sub ekata jayawewa
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ...
දිගටම සබ් දෙමු ආ... ජය!Arawinda Sunimal
ස්තූතියි උපසිරැසිට උදය සමන් කුමාර
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub puluwannam me Kannada film dekath denna supiri film dekak Aa Karaala Ratri 2018, Anukta 2018