“මට වචනය දෙන්න… මම දන්නේ නෑ ඔයා කොහොම ජීවත් වෙන්න යනවද කියලා, ඒත් ඔයා මැරෙනකොට… ඔයා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන… හුගක් ධනවත් මනුස්සයෙක් හැටියට තමා ඔයා මැරෙන්න ඕන!” “මම හුගක් පොහොසත් මනුස්සයෙක් වෙනවා, අම්මේ…” රොකී එහෙමත් නැත්තම් රාජා ක්‍රිෂ්නාප්පා බේරියා කියන්නේ අන්ත දිළිදු පවුලක ළමයෙක් තාත්තා නැතුව හැ…

“මට වචනය දෙන්න…
මම දන්නේ නෑ ඔයා කොහොම ජීවත් වෙන්න යනවද කියලා,
ඒත් ඔයා මැරෙනකොට…
ඔයා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන…
හුගක් ධනවත් මනුස්සයෙක් හැටියට තමා ඔයා මැරෙන්න ඕන!”
“මම හුගක් පොහොසත් මනුස්සයෙක් වෙනවා, අම්මේ…”
රොකී එහෙමත් නැත්තම් රාජා ක්‍රිෂ්නාප්පා බේරියා කියන්නේ අන්ත දිළිදු පවුලක ළමයෙක් තාත්තා නැතුව හැදුන වැඩුන කෙනෙක් රොකීට අම්මවත් පොඩි කාලේදිම නැති වෙනවා, අම්මා ඒ මැරෙන වෙලාවේ ගත්ත පොරොන්දුව තමයි ඔය උඩ තියෙන්නේ කරන්න. රොකී එදා ඉදලා හැම තප්පරයක්ම ගෙව්වේ එයා අම්මට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කැප කරලා. බොම්බායේ විදීවලින් කොලර් රන් පතල්වලට අපේ වීරයා යන්නේ කොහොමද?
කොලර් රත්තරන් පතල්…..
රත්තරන් පතල් වෙනුවෙන් එකිනෙකා මරාගන්න මැර කල්ලි,
ලේ වැගරීම් හැමතැනම.
කැමතිද 1970, 80 දශකවලට ගිහිල්ලා රවුමක් ගහලා එන්න,
බොම්බාය සහ බැංගලෝරය පුරා මැර කල්ලි එකිනෙකා පරයා ඉහළටම යන්න දත කනවා බලන්න එහෙම
ඒ අතර කොලර් රත්තරන් පතල්වල අයිතිකාරයා ඒ මැර කල්ලිවලට තමන් උපයගත්ත දේ ගන්න බැරි වෙන්න උපායන් යොදවනවා බලන්න. අහිංසක ජනතාව වෙනුවෙන් සටන් කරන මැරයෙක් දැකලා ඇති සුරංගනා කතාවල මේ සුරංගනා කතාවක් නෙමෙයි, ඇත්ත ලෝකයේ වෙලා තිබ්බ කතාවක්.
මැරයෙක් අහිංසක ජනතාව වෙනුවෙන් සටන් කරනවා. මුළු දකුණු ඉන්දියාවේම තම අනසක පතුරන්න මගබලාගෙන ඉන්න මැරයෙක්ගේ කතාවක් බලනන් ආසද? කවුද ආස නැත්තේ නේද……
රොකී කියන නම අහනකොටත් බොම්බායේ විතරක් නෙමෙයි දකුණු පලාතෙම අය හිරිවැටිලා යනවා. අන්ත දිළිදුව ඉදපු මේ කොල්ලා කොහොමද මෙච්චර ලොකු මැරයෙක් වුනේ. ඒ ඇයි කියලා බලන්න ඕනද?
එහෙනම් මෙන්න ඒකට කියාපු බඩුව… ආරම්භයේ ඉදලා ක්‍රියාදාම සපිරි චිත්‍රපටයක බඩගින්නේ හිටපු ඔයාලට කියාපු බඩුව…. අරගෙන පැය දෙක හමාරක් පාතාල ලෝකයේ සැරිසරන්න. ආදර කතාවකුත් ඕනද? එහෙනම් එහෙම එකකුත් හීනියට මේකේ තියෙනවා. හැබැයි අපි කවුරුත් හිතන්නේවත් නැති ආදර කතාවක්, අරන් බලන්න මම කියන්නේ නෑ… මාරි 2 චිත්‍රපටයේ හුගක් ලස්සන දෙබස් කණ්ඩයක් තියෙනවා නේ…
“If you Bad
I’m your Dad” ඒක එහෙම්ම මේකෙත් ඔන්න තියෙනවා. මාරි එකට එහා ගියපු ක්‍රියාදාම , අති සාර්ථක මෙන්ම තාත්වික සටන් ජවනිකා වලින් පිරිච්ච චිත්‍රපටියක් තමා මේ. බලන්න එහෙනම් අනිවාර්‍යයෙන් ඔබේ සිත මොහොතකට හෝ නවතිනවා නිසැකයි.
2018 දෙසැම්බර් 21 කියන්නේ සාමාන්‍ය දවසක් නෙමෙයි සමරන්න ඕන කරපු දවසක් මොකද ලෝකය පුරා 2018 වර්ෂයේ හොදම චිත්‍රපට බොහෝමයක් රිලීස් වුනේ ඒ දිනයේ නිසා. ඒ දිනයට සමගාමීව ඉංග්‍රීසි, හින්දි. දෙමල, තෙලිගු, කන්නඩ, මලයාලම් වගේ හැම භාෂාවකින්ම චිත්‍රපට රිලීස් කලා. ඒත් කවදාවත් හිතුවද එහෙම ඒ දවසෙම රිලීස් කරපු කවුරුත් වැඩිය ආස නැති කන්නඩ චිත්‍රපටයක්ඒ දවසෙම රිලීස් වෙච්ච අනිත් හැම චිත්‍රපටයකටම අභියෝගයක් එල්ල කරන්න පුළුවන් වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි ඒ සමහර බොක්ස් ඔෆිස් හිට් වෙයි කියලා හිතාගෙන හිටපු චිත්‍රපටි වලට මරු පහරක් ගහන්න මම මේ කියන කන්නඩ චිත්‍රපටයට පුළුවන් වෙයි කියලාකවුරුත් හීනෙන්වත් හිතුවද? කවුරුත් වැඩිය හිතුවේ නෑ, කවුරුත් වැඩිය ගනන් ගත්තේ නෑ, හුගක් දෙනෙක් මේ වෙනකොට සමහරවිට දන්නෙවත් නැතුව ඇති මෙහෙම ෆිල්ම් එකක් තියේද කියලා ඒ තරමට කන්නඩ ෆිල්ම් පිළිකුල් කරනවා සමහරු ඒත් කියන්න ඕන ඒ හැම සීමාවක්ම මේ ෆිල්ම් එකෙන් කඩලා ඉවරයි මේක බලපු කෙනෙක් කවදාවත් හිතන එකක් නෑ මේක කන්නඩ ෆිල්ම් එකක්ද කියලවත්….
චිත්‍රපටය රිලීස් වෙන්න කලින් IDMb පිටුවේ Most Anticipated Indian Movies and Shows (හුගක්ම අපේක්ෂා කරන ඉන්දියන් චිත්‍රපට සහ කතා) අතරේ 83% කට වඩා ඉහල අගයක් ලබාගෙන තිබුනේ මේ ෆිල්ම් එක බොක්ස් ඔෆිස් වාර්තා තියන බවට පුර්ව නිගමනයන් දෙමින්මයි. ඒ කිව්වා වගේම අද වෙනකොට බොහෝ වාර්තා බිදහෙලා බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරන්නටමේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියෙනවා. ඔව් මේ වෙන මුකුත් නෙමෙයි KGF Chapter 1 කන්නඩ චිත්‍රපටය. ඉන්දීය සිනමාවට ආශා කරන අය දන්න Rocking Star නමැති අනුවර්ත නාමයෙන් හදුන්වන Yash ගේ අති විශිෂ්ඨ රංගනය නිසාම වෙනම ගතියක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා.
Rocking Star Yash
ඔහුගේ රසිකයෙක් නම් අනිවාරෙන් Mr. and Mrs. Ramachari, Googly, Gajakesari, Masterpiece වගේ ෆිල්ම් ඔබ නරඹලා ඇති අනිවාරෙන්. එහෙම නරඹපු කෙනෙක් නම් දන්නවා කොයිවගේ ඇක්ටර් කෙනෙක්ද කියලා Yash කියන්නේ. ඔබ ඔහුගේ ෆිල්ම් රසවිදලා නැත්තම් මේ ෆිල්ම් එක බැලුවොත් අනිවාරෙන් ඔහුගේ රසිකයෙක් වෙනවා නොඅනුමානයි. ඒ තමයි ඔහුගේ හැකියාව. එහෙනම් බලමු ෆිල්ම් එකේ ඔබ නොදත් කරුණු කිහිපයක්.
- ඉන්දියානු රුපියල් කෝටි 50ත් 80ත් අතර වියදමකින් නිමවුන මේ ෆිල්ම් එක මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට ඉන්දියානු රුපියල් කෝටි 240ක් උපයගෙන තියෙනවා.
- ඒවගේම මේ චිත්‍රපටය මුලින් ලෝකය පුරා සිනමාශාල 1800-2000 අතර ප්‍රමාණයක පමණයි තිරගත කිරීමට යොදාගෙන තිබී ඇත්තේ නමුත් පසුව ලෝකය පුරා මේ චිත්‍රපටය සිනමාශාලා 2460ක තිරගත කරනු ලැබුවා එයට හින්දි භාෂාවෙන් සිනමා ශාලා 1500ක්, කන්නඩ භාෂාවෙන් හා තෙලිගු භාෂාවෙන් 400ක්, දෙමළ භාෂාවෙන් 100ක් සහ මලයාලම් භාෂාවෙන් 60ක්ද ඇතුලත්වයි.
- ඊට අමතරව පකිස්ථානයේ සිනමාශාලා 71කද මේ චිත්‍රපටය තිරගත කරනු ලැබුවා, එය වර්ථා පොත් අතරට යන්නේ පකිස්ථානයේ තිරගත කරනු ලැබු ප්‍රථම කන්නඩ චිත්‍රපටය ලෙසයි. තව ගතහොත් අප්‍රිකාවේ රටවල් කිහිපයක, හොන්ග්-කොන්ග් වල සහ සයිප්‍රසය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකද මේ චිත්‍රපටය තිරගත වී තිබෙනවා. කන්නඩ චිත්‍රපටයක් මෙසේ බොහෝ රටවල් ගණනක තිරගත වූ ප්‍රථම අවස්තාවද මෙයයි.
- තවද KGF චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පොත් අතරට යන්නේ ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව හා 200 සීමාව ඉක්මවූ පලවෙනි කන්නඩ චිත්‍රපටය විදිහටයි.
- චිත්‍රපටයේ වැඩිම කොටසක් රූගත කර ඇත්තේ සයිනයිඩ් කදුමතයි. එනම් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කෝලර් රත්තරන් පතල් ආශ්‍රිතවයි. චිත්‍රපටයේ නමද වන්නේ Kolar Gold Field යන්නයි.
- ඊට අමතරව වාර්ථාවෙන අන්දමට කොලර් රත්තරන් පතල ආශ්‍රිතව රත්තරන් ගැරීමෙදී සයිනයිඩ් අපද්‍රව්‍ය ටොන් මිලියන 32ක් පමණ හමුවෙලා තියෙනවා, එම සයිනයිඩ් අපද්‍රව්‍ය මගින් සැදුම් ලත් කදු පන්ති වල සිට තමා මෙම චිත්‍රපටයේ හුගක් රූපගත කිරීම් කර ඇත්තේ.

කොලර් රත්තරන් පතලේ මුල්ම රත්තරන් සෙවීම ආරම්භ කිරීම සමග ලබාගත් පින්තූරයක්

කොලර් රත්තරන් පතලේ අද තත්වය

කොලර් රත්තරන් පතල ඇතුළත දර්ශනයක්

සයිනයිඩ් අපද්‍රව්‍ය හොදින් දර්ශනය වෙන පින්තූරයක්

කොලර් රත්තරන් පතලේ වැඩ කරමින් සිටින පුද්ගලයින් දෙදෙනෙක්
- තවද චෙන්නායි, තමිල්නාඩු, මුම්බායි සහ බැංගලෝර් වලද රූපගත කිරීම් සිදු කර තිබෙනවා.
- මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු වලට KGF කාර්ය මණ්ඩලය වසර 3 කට වැඩි කාලයක් ගත කර ඇත.
- KGF චිත්‍රපටය වාර්තා වෙන විදිහට ආරංචි වෙන්නේ ඉන්දියාවේ හිංදියෙන් හඩකවපු වැඩිම ආදායම් ලැබු චිත්‍රපට අතර හතරවන ස්ථානය ලබාගෙන ඇති බවයි. ඊට ඉදිරියෙන් සිටින්නේ Bahubali ,Franchise, 2.0 යන චිත්‍රපටයි.
- ඉන්දීය චිත්‍රපට අතර Top Rated Indian Movies අතර 97වැනි ස්ථානයද KGF චිත්‍රපටය උපයගන්නේ එම Top Rated Indian Movies ලයිස්තුවේ පලවෙනි සියය අතරට පැමිණි ප්‍රථම කන්නඩ චිත්‍රපටය වීමේ භාග්‍යද හිමිකරගනිමිනි.
- ඒ වගේම Top Rated Kannada Movies අතර පලවෙනි ස්ථානයත් KGF සතු කරගන්නවා.
- මෙම චිත්‍රපටයේ රගපෑම හේතුවෙන් Yashට Filmibeat සම්මාන උත්සවයේ Best Actor සම්මානයටද නම් වෙලා තියෙනවා.
- භාෂා වැඩිම ප්‍රමාණයකින් එනම් භාෂා 5කින් (හිංදි, මලයාලම්, තෙලිගු, දෙමළ සහ කන්නඩ) රිලීස් වුන ප්‍රථම කන්නඩ චිත්‍රපටයද වන්නේ මෙයයි.
- මෙම චිත්‍රපටය සදහා ආරධිත රංගනයෙන් අප කවුරුත් ආදරය කරන Tamannaah Bhatia සහ Mouni Roy (ශිවන්‍යා) එකතු වෙනවා.


- බොලිවුඩයේ කින්කාන් හෙවත් ෂාරුක් කාන්ගේ අලුත්ම චිත්‍රටය වන Zero චිත්‍රපටයද තිරගත වූයේ මෙම චිත්‍රපටය තිරගත වූ දිනයේමයි නමුත් මෙම චිත්‍රපටයේ ආදයම ආසන්නයටවත් පැමිණීමට Zero චිත්‍රපටයට නොහැකි විය. ඒ අනුව KGF චිත්‍රපටය ලබාගත් කෝටි 240ට සාපේක්ෂව Zero චිත්‍රපටයට ලබාගත හැකිවූයේ මේ වෙනකොට කෝටි 186ක් පමණයි. (ලිපිය ලියන අවස්ථාවේදි චිත්‍රපට දෙකෙහිම ආදයම) Zero කෝටි 200ක වියදමක් දරා නිමවා තිබීමද විශේෂත්වයකි.
- අනික් කරුණ තමයි මේ ෆිල්ම් එකේ දෙවැනි කොටස එනම් KGF Chapter 2 පැමිණීමට නියමිතයි. එය දැනගැනීමට ඇති ආරංචිවල හැටියට මේ අවුරුද්දේ දෙසැම්බර් මස 31 වෙනදා රිලීස් කරනවා. හරියටම කියන්න පුළුවන් කමක් නෑ කල් යන්නත් පුළුවන් සමහරවිට මීට කලින් එන්නත් පුළුවන්.
- IMDb මීටරයේ 15500+ අධික ප්‍රේක්ෂක ඇගයීම මත 8.8/10 ක අගයක් ලබාගෙන තියෙන්නේ පෙර කී ලෙසම වැඩිම රේටින්ග් ලබාගත් කන්නඩ චිත්‍රපට අතර පලමු තැන තමා සතු කරගනිමින්.
මම හිතන්නේ මේ තොරතුරු දැක්කම අනිවාරෙන් ෆිල්ම් එක බලන්න ආසාවක් ඇති වෙන්න ඇති, ඒ වගේම මම හිතනවා අනිවාරෙන් මේ ෆිල්ම් එක ඔබ සැම නරබයි කියලත්. විශේෂයෙන් මතක් කරන්න ඕන මාත් එක්ක මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්න එකතු වුන බේනුක නිම්හාන් මලයාව. අපි දෙන්නා හුගක් මහන්සි වෙලා නිදි මරාගෙන කරපු නිසා තමයි මෙච්චර ඉක්මනට කොපිය ඇවිල්ලා පහු වෙනිදම මේ විදිහට මේ විදිහට උපසිරැසිය ගේන්න පුළුවන් වුනේ. ඉංග්‍රිසි උපසිරැසි පිටපතේ හුගක් අදහස් වල දෝශ තිබුනා, එහෙම නොතිබෙන්න මීට කලින් සබ් එක අරගෙන එන්න තිබ්බා. ඒවාත් අපිට හැකි අයුරින් සකස් කරලා උපරිම සාධාරනක් කලා කියලා හිතනවා. එහෙනම් බේනුක මලයව ආයේත් පාරක් මතක් කරනගමන් මම ගිහිල්ලා එන්නම්. තවත් උපසිරැසියකින් හම්වෙමු. අදහසකුත් දක්වගෙන යන්න එහෙනම්. ජය වේවා……!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Org. HDRip පිටපත සඳහා අදාළ වේ.
236,447 downloadsDownload K.G.F-2018.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට සහ බේනුක නිම්හාන් සේනාධීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
265 comments
Sanjeewa Ruwan
ඔෂද ධනංජය
එල සහො...ස්තුතියි ...පට්ට විස්තරයක්
sashan
Ela thanks bro
nikowthisara
Supiri ah ❤️ ඇගිලි ගැන ගැන හිටියේ බොහොම පිං
vas0303
Thank you very much bro. Super
චානක ඉඳුනිල්
බොහොම ස්තූතියි දෙන්නටම,
සබ් එක මෙච්චර ඉක්මනට දුන්නට,Uddeepa
thankz bro..mn oka apu dawasema cam rip eka baluwe.patta film ekak...subata thankz kollo
VIdura2001
තෑන්ක්ස් සහෝ
spd
enakam maga balagana hitiye ban. thank you sooo much.
SujanBro
Tnx macho balan hitapu akak bn
sathyajith
Thanks for the sub
Anuja wickramasingha
තැන්ක්ස් කොල්ලෝ....එනකම් බලන් හිටිය සබ් එකක්
AK
ඇත්තටම කිව්වොත් මම කමෙන්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ නැහැ .ඒ උනාට තිබ්බ කුතුහලය නිසාම ඊයේ රෑම english subtitle එකත් එක්ක ෆිල්ම් එක බැලුවා .bahubali වගේ පුම්බලා පෙන්නන fights සින්දු නැති වුණාට bahubali ටත් වඩා තාත්වික විදිහට විදිහට fight fight තියෙනවා hollywood style එකට ටිකක් සමාන විදියට.ඇත්තටම මේක කන්නඩ ෆිල්ම් එකක්ද කියලා කියලා හිතාගන්නත් බැරිවුණා. ඒ තරමටම ෆිල්ම් එක quality යි.
Amilperera
පට්ට් බ්‍රෝ ලිපිය .. ඒ වගේම ඉස්තූතියි සබ් එකට
Krishan NiShalya
ඕක එනකන් කොච්චර නම් අද ඊයෙ ඉදන් බයිස් කෝප් එකේමයි..
බොහොම ස්තූතී බ්‍රෝ ❤️
Jumanji
ස්තුතියි දෙන්නටම
PaSindu MaDumal
අම්බෝ ඒක නියමයි...
එසැනින් දුන්නා නෙහ්...එල එල තෑන්ක්ස් සහෝලා උඹලට පිං.Ashanherath
thankz mcn
Kawi Jayasinghe
Tnz sahoooo
Kanchaka
Thanks bro
Eranda Malith 2.0
Thanks mcn sub ekata
DBMadhushan
ammoooo trailer eka ohoma nam film eka kohoma adda thanks brooo
Thanks very muchnadeesh Dilshan
Thank you bro
CKD dass
ඔබ දෙදෙනාටම බොහොම ස්තුති. ඉදිරි කටයුතු සාර්ථක වේවා! බුදු සරණයි!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!
sudumanikakaushika
Elama saho..good luck
Iroshan Kumar
Thanks brothersssssss..............
Tharaka Nuwan Dilhara
නියමයි මල්ලිලා..
ගොඩක් හොද විස්තරාත්මක ලිපියක්..
සංතෝසයි අවංකවම. මෙවන් ලිපි දකිද්දි..
කරන කියන වැඩ සියල්ල සාර්තක වෙලා
දිගටම උපසිරසිකරනයේ යෙදෙන්න හැකියාව ලැබෙන්න කියල පතනවා..!!
ඒ වගේම උපසිරසියට..!!
ජයෙන් ජය..!!ranga11112
thanks bro
Kulanjana Maduranga
subata thanks sahola...
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝලා දෙන්නටම .......
ජයවේවා ......snak
jayawewa supiri
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයAyesh Prashan
Thank You
sooriyapatabadige
Thanks for sub......(mufti 2017) film ekata sub dennako bro please...........
kavindaru
ela bro. godak sthuthi
gihan perera
නියමයි මචෝ....පට්ට හැඳින්වීම...එනකන් බලන් හිටිය ෆිලුමක්....ස්තුතියි වෙිවා මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Koda
බොහොම ස්තුතියි.ඔබට ජය
Priyankara Bandara
Thank you.
Hemal
Thanks bro
Stranger
thanks
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොම ස්තුතියි මල්ලිලා දෙන්නටම සබ දෙනකන් බලා හිටියේ..!
thilz
thank youu
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!!!
malaka88426
Thank you for the subtitle....
ramenabeysingha
Thanx bro
Nuwan-milinda
Thanks saho
Madura Lakshan
Thanks sub ekata Good luck
arunasmunasinghe
ස්තූතියි සහෝදරයා
LaHIRU MV
Nice work
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | මුම්බායි වීදීවලින් කොලර් රන් පතල්වලට…!! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/KGF-1.jpg)
ela bro....