Watch Trailer

Dwitiyo Purush (2020) Sinhala Subtitles | අමානුෂික ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ශ්‍රී ලංකාවේ ඉන්දියානු සිනමා රසිකයන් ගැන සලකා බලනකොට, ඉස්සර සමහරු හින්දි ෆිල්ම් විතරක් බැලුවා. සමහරු දෙමළ ෆිල්ම් විතරක් බැලුවා. පස්සේ තෙලුගු වලට හුරු වුනා. මලයාලම් වලට හුරු වුනා. දැන් දැන් කන්නඩ වලට හුරු වීගෙන එනවා. ඒ වගේම තවත් පැසසුම් වලට ලක්වෙන සිනමාවක් තමයි බෙංගාලි සිනමාව කියන්නේ. මේ…

ආයුබෝවේවා! ශ්‍රී ලංකාවේ ඉන්දියානු සිනමා රසිකයන් ගැන සලකා බලනකොට, ඉස්සර සමහරු හින්දි ෆිල්ම් විතරක් බැලුවා. සමහරු දෙමළ ෆිල්ම් විතරක් බැලුවා. පස්සේ තෙලුගු වලට හුරු වුනා. මලයාලම් වලට හුරු වුනා. දැන් දැන් කන්නඩ වලට හුරු වීගෙන එනවා. ඒ වගේම තවත් පැසසුම් වලට ලක්වෙන සිනමාවක් තමයි බෙංගාලි සිනමාව කියන්නේ. මේ බෙංගාලි සිනමාවෙත් අගනා සිනමා නිර්මාණ බිහි වෙනවා. ඉතින් එවන් වූ බෙංගාලි සිනමාවට අදාල චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ.

Drama, Mystery, Thriller කියන කාණ්ඩ වලට අයිති වන සිනමා නිර්මාණයක් වන මෙය නිකුත් වුනේ 2020 ජනවාරි 23 වෙනිදා. Srijit Mukherji ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට Parambrata Chatterjee, Raima Sen, Anirban Bhattacharya සහ Abir Chatterjee රංගණයෙන් දායක වෙනවා.

කතාව ගැන බැලුවොත්, කතාව පටන්ගන්නේ 1993 සිද්ධ වුන සිදුවීමකින්. ඉන්දියාවේ කොල්කටා වලදි අමානුෂික මනුෂ්‍ය ඝාතන තුනක් සිද්ධ වෙනවා. හැබැයි ඒ තුන විශේෂ වෙන්නේ ඒ හැම කෙනෙක්වම මරලා තියෙන්නේ පිහියෙන් ඇනලා, නළලේ “කෝකා” කියලා නමක් පිහියෙන්ම කොටලා ගිහිල්ලා තිබීම නිසයි. කෝකා කියන්නේ අවුරුදු 16ක් විතර වෙන මැර කල්ලියක නායකයෙක් හැබැයි කොහොම හරි මේ කෝකාව දක්ෂ පොලිස් නිළධාරියෙක් වන ඉන්ස්පෙක්ටර් ප්‍රනාබ් රෝයි චෞද්‍රි විසින් අල්ලගන්නවා. පණ නැති වෙන මට්ටමටම පහර දීලා හිරේ දානවා. අවුරුදු 25කට පස්සේ එයා එලියට එනවා. අර විදිහටම මිනී මැරුමක් සිද්ද වෙනවා. ඒ වෙනකොට ඉන්ස්පෙක්ටර් ප්‍රනාබ් නැහැ. ඉතින් මේ වැඩේ බාර දෙන්නේ ඉන්ස්පෙක්ටර් අභිජිත් පක්‍රාශි හට සහ නවක නිළධාරියෙක් වන රාජත් හට.

ඉතින් මේ දෙන්නා මේ අමානුෂික මිනිස් ඝාතනයන් පසු පස හඹා යන විදිහ නරඹන්න කියලා සිනමා ලෝලී ඔබ සැමට ආරාධනා කරනවා. විටෙක ඔබ යම් යම් දේවල් අනුමාන කරාවි. වරදීවි. තවත් දේවල් අනුමාන කරාවි. වරදීවි. පැය දෙකයි මිනිත්තු 08ක් ගෙවී යනවා නොදැනේවි. ත්‍රාසය, භීතිය, කුතුහලය නොඅඩුව පිරුණු සිනමා නිර්මාණයක්. එවන් සිනමා නිර්මාණ රසවිඳින්න කැමති ඔබ සැමට නරඹන්න කියලා ආරාධනා කරනවා. බැලුවට පාඩුවක් නෙවේවි. අවසාන වශයෙන් චිත්‍රපටය ගැන ඔත්තුව දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයාටත් බොහොම ස්තූතියි කියන ගමන් සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා  අදාළ වේ.

5,420 downloadsDownload Dwitiyo-Purush-2020.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,420 downloadsDownload Subtitles56 KB

30 comments

  1. malithmadhushan45

    සදේ අයියේ ඔයාගේ වැඩක් නම් නොබලා ඉන්න බැ. බෙංගාලි සාමාන්‍යයෙන් බලන්නේ නැ මේක බලනවා අනිවා. ස්තුතියි උපසිරසට අයියේ

    1. osama.acm

      Machan....link eka deepanko

  2. Ushan

    Tnx mcn

  3. Isuru minipa

    Thanks broo mekata sub dunnata puluwannam Vinci Da 2019 bengal film eka denna ekath supiri film ekak

  4. PaSindu MaDumal

    සුපිරියට සබ දීලා තියෙන්නේ...නොබල කොහොම..!
    ස්තූතියි සදේ අයියා..!

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    ජය වේවා.!

  6. Prabodha20

    Sthuthi saho

  7. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  8. Kavinu

    ඒ පාර කොල්කටා පැත්තටත් බැහැලා!
    බාන ගමන් එහෙනං

  9. Ramesh Shihan

    Baiscope download eke film eka nane bn

    1. isuru srinath sjs

      දාලා තියෙන්නෙ මචං..

  10. Bandara76

    සදේ... දැන් අපිට උපසිරැසකරුවන් බොහොමයක් සිටින නිසා ඔයා බෙංගාලි සිනමා රසික පිරිසක් සමූහයේ ඇති කිරීම සදහා කටයුතු කලොත් හොදයි වගේ...

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  12. sandalu thiwanka

    Thnx bn ... niymai

  13. යුරාන් ධනුක (දනුවා)

    බොහොම ස්තූතියි සදේ සහෝ
    ඉක්මනටම තවත් එකකින් හමුවෙමු

  14. Hemantha De Silva

    ස්තුතියි ශශිත්....
    50 ට සුභ පැතුම් මෙතනදිත්....
    ජයවේවා...

  15. Prasa

    Thanks bro.....

  16. isuru srinath sjs

    Bengali වලටත් බැහැලා වගේ නේ.. අනිවා සුපිරියක් වෙන්න ඇති.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!

  17. Anonymous

    godak sthuthi .jp !!

  18. Shaggie

    සබට බොහොම ස්තූතියි

  19. saroja lakmali

    thanks sub ekata

  20. ramcharan

    supiri saho,bengali supiri action,thriller film thyanawa
    ewatath sub demu
    thawa miss wunu supiri kannada filmuth thynow
    ewatath sub demu
    jaya wewa

  21. D.Chamara

    bohoma sthuthi

  22. Anonymous

    කොල්ලො නියමයි තවත් මේ වගේ බෙන්ගාලි ෆිල්ම්
    වලට සබ් දෙන්න ජයවේවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. melinda

    thank you

  25. Saranga J. Liyanagama

    Thanks

  26. ගිහාන්

    720p වලට අදාල සබ් 1080p පිටපත ගැලපෙන් නෑනෙ සහෝ සබ් එක යනව ඉක්මනට වේගෙන් ඒඒකට මොකද කරන්නෙ හැම සයිට් එකේම තියෙන්නෙ 720p පිල්ම් එකට සබ්

  27. jc udara

    සබ් එකට ගොඩක් ස්තූතියි...
    Haami 2018කියන බෙංගාලි මුවි එකටත් සබ් දෙන්නකො.ඒකත් හොදම එකක්.Imdbත් 8/10 ක් තියෙනව.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.