හායි.. ඔන්න ගොඩක් දවසකට පස්සේ මගේ හතරවෙනි උපසිරැසියත් අරන් ආවා. මේ වෙනකම් උපසිරැසි නොකෙරුන පරණ Action Film සොයාගෙන යන ගමනෙදි මට හමුවුණ තවත් සුපිරිම Film එකක් තමයි මේ පාර මං ඔයාලට අරන් ආවෙ. ඒ තමයි 1996 වසරේ නොවැම්බර් මස තිරගත වුණු Black Mask කියන Film එක. මේ Film එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සම්මානලා…

හායි.. ඔන්න ගොඩක් දවසකට පස්සේ මගේ හතරවෙනි උපසිරැසියත් අරන් ආවා. මේ වෙනකම් උපසිරැසි නොකෙරුන පරණ Action Film සොයාගෙන යන ගමනෙදි මට හමුවුණ තවත් සුපිරිම Film එකක් තමයි මේ පාර මං ඔයාලට අරන් ආවෙ. ඒ තමයි 1996 වසරේ නොවැම්බර් මස තිරගත වුණු Black Mask කියන Film එක. මේ Film එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සම්මානලාභී කලා අධ්‍යක්ෂකවරයෙක් වන Daniel Lee කියන අධ්‍යක්ෂවරයා. Time Rider (2016), Dragon Blade (2015), White Vengeance (2011), 14 Blades (2010), Three Kingdoms (2008), Dragon (2005), One-Armed Swordsman (1994) සහ තවත් සටන් චිත්‍රපට මොහු අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය 1997 වසරේ හොඳම රූප රචනය, හොඳම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලබපු චිත්‍රපටයක්, ඒ කාලෙ හැටියට හොංකොං ඩොලර් මිලියන 13.29 ක්, ඒ කියන්නේ එක්සත් ජනපද ඩොලර් මිලියන 1.6 ක් ඉක්මවපු ආදායමක් ලබාගෙන තියෙනවා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, ඒ කියන්නේ මයිකල් කියන චරිතයට පණ පොවන්නේ ඉතාමත් දක්ෂ සටන් නලුවෙක් වෙන ඔයාලා කවුරුත් දන්න Jet Li. ඉතින් මේක සටන් චිත්‍රපට බලන්න ආස කෙනෙක්ට පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකන් පැය එකයි විනාඩි 42 ක් පුරා ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලා බය නැතුව කියන්න පුලුවන්.. ඒ වගේම Ching Wan Lau මේකෙ පරීක්ෂක රොක් ගේ චරිතයටත්, Karen Mok ට්‍රේසි ලී කියන තරුණියගේ චරිතයටත් පණ පොවනවා. සටන් චිත්‍රපට බලන කෙනෙක් නම් මොවුන් ගැන දන්නවා ඇති. බලන්න කලින් මම මේ චිත්‍රපටය තේමාව ටිකක් පැහැදිලි කරන්නම්. හොංකොං වල මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඉතාම දරුණු විදිහට ව්‍යාප්ත වුණු කාලෙක ඒක මැඩලන්න හිතාගෙන රජයෙන් දියත් කරනවා රහසිගත ව්‍යාපෘතියක්, ඒකෙ නම තමයි ”Project 7O1” කියන්නේ. මේකෙ අරමුණ තමයි ජානමය වශයෙන් වැඩිදියුණු කරපු සොල්දාදුවන් නිර්මාණය කිරීම, ඉතාම ශක්තිමත් වගේම දක්ෂ හරියට කිව්වොත් ඔයාලා කවුරුත් දන්න Universal Soldier චිත්‍රපට මාලාවේ නිර්මාණය කරපු සොල්දාදුවන් වගේ ප්‍රතිශක්තියක් සහිත සුපිරි මිනිසෙක්. (Universal Soldier චිත්‍රපට මාලාව බලලා නැත්නම් මේ සයිට් එකේ තියෙනවා සිංහල උපසිරැසි) හරි ඉතින් කොහොමහරි මේ පරීක්ෂණය අසාර්ථක නොවුනත් ඒකෙන් අතුරු විපාක ගොඩක් වෙනවා. පරීක්ෂණයෙදි ගොඩක් සොල්දාදුවන් මියයනවා වගේම තවත් අය මානසික අස්ථායී තත්වයට
පත්වෙනවා. ඒ දේවල් වල ප්‍රතිඵලයක් විදහට ඒ සොල්දාදුවන් විද්‍යාගාරයේ විශාල කලබලයක් ඇති කරනවා. ඒකෙන් වෙද්‍යවරුන් පිරිසක් ඝාතනය වෙනවා. මේකෙන් බියට පත්වෙච්ච රජය තීරණය කරනවා ”Project 7O1” කියන ඒ ව්‍යාපෘතිය නවත්තන්න. ඒ විතරක් නෙවෙයි ඔවුන් අණ කරනවා Project 7O1 න් දැනට ඉතුරුවෙලා ඉන්න සියලුම සුපිරි සොල්දාදුවන් ඝාතනය කරලා විනාශ කරලා දාන්න. ඉතින් ඒ තීරණයට අනුව ගොඩක් අය ඝාතනය වෙනවා වගේම 7O1 සෙට් එකෙන් පිරිසක් ඔවුන්ගේ නායකයා එක්ක ඊට විරුද්ධව සටන් කරනවා. අවසානයෙදි ඔවුන් පිරිස ඝාතකයින් බවට පත්වෙනවා. මෙන්න මේ ටීම් එකේ ඉන්න මයිකල් කියන් පුද්ගලයා ඔවුන්ගෙන් වෙන්වෙලා ගිහින් රැකියාවක් කරමින් තනිව සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා තමන්ගේ සැබෑ අනන්‍යතාවය සඟවමින්.
ඒත් ඔහුට ඒ විදිහට ඉන්න පුලුවන් වෙයිද?
7O1 සොල්දාදුවන් ඔහුව සොයා එයිද?
ඔහුගේ ඉරණම කුමක් වේවිද?
මම මේකට සිංහල නමක් දුන්නේ ”විමුක්තිය සොයා” විදිහට..එ් නම දුන්නේ ඇයි කියලත් ඔයාලට මේක බලද්දි තේරුම් යයි.
ඔයාලම බලන්නකො ඉතුරු ටික. මේක මම කීප වතාවක්ම බැලුවා ඒ තරම් පට්ට Action Film එකක්. ටොරන්ට් සයිට් එකකින් Film එක ගන්න පුලුවන්, එහෙනම් පහළින් සබ් එක බාගෙනම පටන් ගන්න. ආ.. තව දෙයක්, මම මේ වෙනකන් උපසිරැසි නොකෙරුන පරණ වගේම සුපිරි චිත්‍රපට තමයි ඇදල ගත්තේ, ඒ වගේ ඔයාලා කැමති පැරණි චිත්‍රපටයක් තියෙනවා නම් පහළින් Comment කරලා කියන්න.
එහෙනම් ජය වේවා…….!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
2,324 downloadsDownload Black-Mask-1996.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/eranga-thushara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරංග තුෂාර සඳනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-02-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එරංග තුෂාර සඳනුවන්
Subtitles
50 comments
Kulanjana Maduranga
thushara.sandanuwan
ස්තූතියි සහෝ.
තෙරුවන් සරණයි...!
geeganagamage
බොහොම ස්තුතියි මේ වගේ සුපිරි ෆිල්ම් කොච්චර පරන වුනත් අවුලක් නැහැ .
thushara.sandanuwan
ස්තූතියි සහෝ.
තෙරුවන් සරණයි...!
jstar
super brother thanks a lot more
thushara.sandanuwan
ස්තූතියි සහෝ.
තෙරුවන් සරණයි...!
ranga12
thanx machoo.a time to kill (1996) ekatath sub denna puluwan nm
thushara.sandanuwan
හොඳ කොපියක් තියෙයි නම් අනිවා කරන්නම් යාලු.
තෙරුවන් සරණයි...!
thumi
thanks
thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි...!
raviz
Thank you................!
thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
ERANDA MALITH
Supiri mco
Thanksthushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
thilina5312
Thanks bro
thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
kodagoda
tnx bro supiriyakne
thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!thushara.sandanuwan
ස්තූතියි.
තෙරුවන් සරණයි...!
geeganagamage
සහෝ මේකට දීලා තියෙන සබ් එක හරියට ගැලපෙන්නේ නැහැනේ
thushara.sandanuwan
Black.Mask.1996.1080p.BluRay.H264.AAC-RARBG මේකට තමා සබ් එක කළේ. Dvdrip එකට නම් delay එකක් ඇති..... BR එක බාගන්න යාලු........ sorry for that
thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
krishanmadusanka
tom hardige bronson film ekata sub denna saho thanks
thushara.sandanuwan
ස්තූතියි ක්‍රිශාන් සහෝ...!
nalin.kumara0510
Thanks bro good luck
thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
gihan perera
මේක නම් සුපිරි මචෝ....නියමයි...තවත් මේ වගේ උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ....ඉක්මනින් තව සුපිරි එකක් දාමු...ජය වෙිවා මල්ලියේ......
thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
Pasinduchamod
download link ekak dahallako machan
kodagoda
720 br ekata set naa bro baiscope download tina 800mb copiya gatte mn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
AsithaDilruwan
ela saho thanks
thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
malith
ELa ela
thushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxx
elamathushara.sandanuwan
ස්තූතියි අදහස් දැක්වීමට.
තෙරුවන් සරණයි…!
gayanmanjula
Sub eka set naha
gayanmanjula
720p bluray 264 ta sub eka denna please
Haritha245
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
navindumovinda
Blade of Kings (2004) sub diyanko..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Hashan M. Priyadarshana
Thank you bro
Rukshan37
Ela ela
Udaya Fdo
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……