Watch Trailer

Blink (2024) Sinhala Subtitles | ඇසි පිය නොසලන්න [සිංහල උපසිරැසි]

Blink (2024) Sinhala Subtitles ආයුබෝවන් දිගින් දිගටම මලයාලි. හින්දි උපසිරැසි රැසක් ගෙන ආවා මේ මාසයේදි.පොඩි වෙනසක් කරන්න හිතුවා. ඇත්තෙන්ම රසිකයින් කිහිප දෙනක් ඉල්ලා සිටි චිත්‍රපට කිහිපයක් අතරින් වැඩි දෙනෙක් ඉල්ලපු චිත්‍රපටයක් තෝරා ගත්තා. මේ මගේ පළවෙනි කන්නඩ චිත්‍රපටය. ඇත්තෙන්ම මම කන්නඩ චිත්‍රපට බලල…

Blink (2024) Sinhala Subtitles

ආයුබෝවන් දිගින් දිගටම මලයාලි. හින්දි උපසිරැසි රැසක් ගෙන ආවා මේ මාසයේදි.පොඩි වෙනසක් කරන්න හිතුවා. ඇත්තෙන්ම රසිකයින් කිහිප දෙනක් ඉල්ලා සිටි චිත්‍රපට කිහිපයක් අතරින් වැඩි දෙනෙක් ඉල්ලපු චිත්‍රපටයක් තෝරා ගත්තා. මේ මගේ පළවෙනි කන්නඩ චිත්‍රපටය. ඇත්තෙන්ම මම කන්නඩ චිත්‍රපට බලල තියෙන්නෙ ඉතා අතලොස්සක්.KGF, KANTARA වගේ කිහිපයක්. ඒ නිසා කන්නඩ සිනමාව ගැන ලොකු දැනුමක් නෑ. ඒත් දිගින් දිගටම මේකට උප සිරැසියක් කරන්න ආපු ඉල්ලීම් නිසා මුළින් මේ චිත්‍රපටය බැලුවා. මාරයිනෙ. ඒකට උපසිරැසියක් නොආවොත් ඒක පාඩුවක්. නිතරම මට රිමයින්ඩර් ගහපු කසුන් විදූෂ සොයුරාට ස්තූතියි මේක බලන්න සැලැස්සුවාට. ඉතින් මේක බලල මොළයට වැටුන සමනල් ගැටේ තවම ලිහන ගමන් උප සිරැසිය ගහල එවනවා. අර කිව්ව වගේම පොඩ්ඩක් මොළේ ටිකක් ඇඹරෙයි. ඒවට කැමති කට්ටිය ඇතිනෙ. මේක  science fiction thriller film එකක්.

කතාවට මුල පුරනව නම් මේක කාල තරණය පිළිබඳ කතා පුවතක්.ඒ නිසා මුල මැද අග හොයා ගන්න අමාරු වෙයි. ඒත් ක්‍රමයෙන් කතාව දිග හැරෙන කොට අපූර්වා නම් තරුණයාගේ අත් දැකීම් සමග අපූරු කතන්දරයක් ඔබට නරඹන්න පුළුවන්.

ශ්‍රීනිධි බෙන්ගලුරු විසින් තිර රචනය කර ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙස  ලද තිළිණ කරන  ලද මේ චිත්‍රපටයේ ධීක්ෂිත් ශෙට්ටි, මන්දාරා තමයි ප්‍රධාන චරිත රඟපාන්නෙ. ලස්සන ගීත රැසකුත් මේ චිත්‍රපටයෙ අන්තර් ගතයි. එහෙනම් මටත් මේ චිත්‍රපටය එක්ක සැන්ඩල්වුඩ් සිනමාවෙ සුවඳ දැනෙන්න පටන් අරන්. පහු ගිය මග හැරුනු චිත්‍රපට කිහිපයක්ම හොයාගෙන බලන්න ඕනෙ. ඔයාලත් ඇසි පිය නොහෙළා මේක බලන්න. ඇසි පිය නොහෙළීම කාලතරණයට සුදුසු කමක්ලු.

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

5,460 downloadsDownload Blink-2024.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Blink (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

5,460 downloadsDownload Subtitles57 KB

9 comments

  1. Isuru

    Thank you mekata Sub dunnata puluwannam Shakhahaari (2024) Kannada film ekatath sub denna ekath supiri film ekak

    1. Ranga

      Puluwan ikmanata genna balanna sahoo...

  2. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහොම ස්තූතියි අයියේ
    කන්නඩ සිනමාව පැත්තටත් බැස්ස එකටනම් ගොඩක් සතුටුයි
    ජයවේවා!

  3. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Keshara Pradeep

    කෝ අනේ වීඩියෝ එක නෑනේ..ටාම සයිට් එකේ

    1. විමා - Admin

      බයිස්කෝප් ඩව්න්ලෝඩ් වෙබ් එකෙන්.

  6. Anonymous

    Thalaivan 2024 akatath sub 1 dala dennako... pls

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤