ආයුබෝවන් හැමෝටම. ඔන්න මං කරපු දෙවනි උපසිරැසියත් අරගෙන ආවා. හැබැයි ඉතින් පළවෙනි උපසිරැසිය ඉවර කරලා දෙවනි එක කරන්න නම් ටික කාලයක් ගියා. පළවෙනි වතාවේ කළේ Jo Jeeta Wohi Sikandar හින්දි චිත්‍රපටයයි. මේ පාරත් මං අරන් ආවේ ඉතාමත්ම ජනප්‍රිය වුණු හින්දි චිත්‍රපටියක්. හරිහරන් ගායනා කරන “තුහි රේ… තුහි රේ…” ජනප…

ආයුබෝවන් හැමෝටම. ඔන්න මං කරපු දෙවනි උපසිරැසියත් අරගෙන ආවා. හැබැයි ඉතින් පළවෙනි උපසිරැසිය ඉවර කරලා දෙවනි එක කරන්න නම් ටික කාලයක් ගියා. පළවෙනි වතාවේ කළේ Jo Jeeta Wohi Sikandar හින්දි චිත්‍රපටයයි.
මේ පාරත් මං අරන් ආවේ ඉතාමත්ම ජනප්‍රිය වුණු හින්දි චිත්‍රපටියක්. හරිහරන් ගායනා කරන “තුහි රේ… තුහි රේ…” ජනප්‍රිය ගීතය අඩංගු වෙන්නේ මේ Bombay ච්ත්‍රපටයෙයි.
1995 වසරේ තිර ගත වුණු බොම්බේ චිත්‍රපටය හින්දි, දමිළ, තෙළිඟු යන භාෂා වලින් තිර ගත වි තිබෙනවා. 1996 වර්ෂයේදී හොඳම චිත්‍රපටයට හිමි National Film Awards සම්මානයත්, එම වසරේදිම හොඳම චිත්‍රපටය හා හොඳම නිළිය යන FilmFare සම්මානත් හිමි කර ගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙනවා.
1992-1993 අතර කාලයේ ඉන්දියාවේ මුම්බායි නුවර සිදු වුණ ආගමික කෝලාහලය පිළිබඳව මේ චිත්‍රපටයේ කතා වස්තුව ගොඩ නැඟී තිබෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මනි රත්නම් කියන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයායි. ඔහු ගැන නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැනේ. Roja, Dil Se, Saathya, Guru යන චිත්‍රපට ඔහුගේ ජනප්‍රිය නිර්මාණ ගොන්නට අයත් වෙනවා.
මෙහි රංගනයෙන් දායක වෙන්නේ අරවින්ද් ස්වාමි, මනීෂා කොයිරාල, නසාර්, තින්නු ආනන්ද් වගේ පිරිසක්. වර්තමානයේ ජනප්‍රිය නළුවෙකු වන ප්‍රකාශ් රාජ් මෙහි ආරාධිත රඟපෑමක නිරත වෙනවා.
චිත්‍රපටයේ සංගීතය ගැන නම් ඔයාලා දන්නවා ඇතිනේ යාළුවනේ. ඒ. ආර්. රහුමාන් මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වනවා. මනි රත්නම් 1992 කරපු රෝජා චිත්‍රපටයෙන් රහුමාන්ව මුළු ලෝකයම අඳුන ගන්නවා. බොම්බේ චිත්‍රපටයේ සංගීත නිර්මාණයෙන් පසුව ඔහුව තවත් ඉහළ තැනකට ඔසවා තැබෙනවා. ඉන් පසුව මනි රත්නම්ගේ බොහෝමයක් නිර්මාණ වලට ඒ. ආර්. රහුමාන් සංගීතයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ එන ජනප්‍රිය ගීත අතර Tu hi re, Kehna hi kya, Hamma hamma යන ගීත හඳුන්වන්න පුළුවන්.
චිත්‍රපටයේ එන කතාව ගැන නම් මං කියන්න යන්නෙ නැහැ යාළුවනේ. මේ චිත්‍රපටයේ ෆයිල් සයිස් එක නම් ටිකක් ලොකුයි යාළුවනේ. ඒත් කොහොමහරි චිත්‍රපටය බාගෙන බලන්න.
මට නැවත වතාවක් අවස්ථාව සලසා දුන් බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගේ හද පිරි ස්තූතිය පිරි නැමෙනවා. එහෙනම් ආයේ අළුත් නිර්මාණයකින් නැවත් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ අනාගතයක්.
ea0bb024c23251496699079fbba015e048281ce1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,122 downloadsDownload Bombay.1995...baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු රන්දිම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු රන්දිම
Subtitles
33 comments
සහෘද
චතුරංග සුරාජ් පෙරේරා
Bombay.DRip.375mb
නලින්
ස්තුතියි පුබුදු සහෝ! මෙක නම් මම සිරසේ එතපාරක් බැලුවා! ආයේ බලන්න ඕනේ..
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Amuthu
niyama film ekak. thaanx sub ekata
Kulanjana Maduranga
niayamai…thanks PUBUDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
එල එල මෙක සුපිරි වගෙ තැන්ක්ස්
Jamson
Thanks mate
kalana
patta machan
sasanka
shaaa niyama film ekak essara baluva aith balanna ona budusaranai
වරුණ රංගජිත් (වරූ)
ලස්සනයි..
සුපිරියි...
හොඳයි...
නියමයි..
එල..
කිරි...
ජය...Indika
නියම ෆිල්ම් එකක්. හැබැයි Trailer එකේ නම් තියෙන්නේ මොකක්දෝ වෙන දෙයක්.
සහෘද
කථාව ඇත්ත ට්‍රෙලර් එකේ නම් තියෙන්නේ වෙන දෙයක් !
Sisira Hegoda
Niyamai Tawa Denna. Thanks.
Ash
meka hoya hoya hitiye..thanks saho
කැලුම් ගුණසේකර
ස්තූතියි සහෝ උපසිරැසියට.
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි පුබුදු සහෝ උපසිරසට
අනිවා බලනව
ෆිල්ම් එක ලග තියන එකේ ඔන්න සබ් එක ගත්තා
මං මේක බැලුවේ සිංදු නිසාමයි :Dසාරංග ලියනගම
ගොඩක් ස්තූතියි මේ වගේ සුපිරි පරණ හින්දි චිත්‍රපට වලට සබ් දෙනවට..
මේකේ කතාවටත් වැඩිය ආස හිතෙන්නේ රහ්මාන්ගේ music වලට.. :)සාරංග ලියනගම
ආහ... පුළුවන්නම් කමල් හසන් ඉන්න Nayakan(1987) චිත්‍රපටයටත් සබ් දෙන්න.. :) :)
sanjeewa
thanks
“චූටී මල්ලි”
පත සයිස් නෙහ්
මේකෙ සින්දුවනම් අහලා තියෙ මචන්
ෆිලුම බලලා නෑ
තව කරන්න
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. බලල තියෙන ලස්සන චිත්‍රපටියක්. හැමෝටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. ජය෴෴ :P :P
sasanka
patta film ekak niyamai podi kale balala thiyanava aith balanna ona jaya vewa budusaranai.
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!buddhima
Ape ammath kiwwa meka pattamafilm ekak kiyala aniwa balanawa thanks saho
Yenu
Thank you very much...............
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Janith Akalanka
maru machan plz dil se.. sinhala sub 1a dannako
wiki
Thanks
Prabuddha Kulatunga
thank u bro.. :D
karolis
lakawatama gahapu film ekak. gon hatha balala igena ganiyaw
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝ ම ස්තූති සහෝ. මේවට තමයි සබ් දෙන්න ඕන. කලින් බලලා තිබ්බත් සබ් එකත් එක්ක ආපහු බලනවා. ඉදිරියටත් මෙවන් සබ් දෙන්නට නිදුක් නිරෝගි සුව ලැබේවා !