ඔයාල The Mummy චිත්‍රපට මාලාව බලන්න අතිනේ. චිත්‍රපටි වුනත් රූපවාහිනී කතා මාලාවක් වගේ එකකට එකක් සම්බන්ධවන චිත්‍රපට 5කට උපසිරසි හැදුවා. තවත් කීපයක් තියනවා. ඉදිරියේදී ඔයාලට ඒවත් බලන්න පුළුවන්. ඉස්සර මං DVD එකතු කරනවා. මේ වෙනකොට මං ලඟ DVD ලොකු ප්‍රමාණයක් තියනවා. කාලයක් Gold DVD කියලා ආවා. සාමාන්‍ය ඒවට…

ඔයාල The Mummy චිත්‍රපට මාලාව බලන්න අතිනේ. චිත්‍රපටි වුනත් රූපවාහිනී කතා මාලාවක් වගේ එකකට එකක් සම්බන්ධවන චිත්‍රපට 5කට උපසිරසි හැදුවා. තවත් කීපයක් තියනවා. ඉදිරියේදී ඔයාලට ඒවත් බලන්න පුළුවන්.
ඉස්සර මං DVD එකතු කරනවා. මේ වෙනකොට මං ලඟ DVD ලොකු ප්‍රමාණයක් තියනවා. කාලයක් Gold DVD කියලා ආවා. සාමාන්‍ය ඒවට වඩා ටිකක් මිල වැඩියි. හොඳක් තියෙන්නේ ඒවයේ හොඳ Sound track වගේම English sub තියනවා. පස්සේ පස්සේ ඒවා ආවේ නෑ. ඒ එකතුවේ තිබ්බ එක DVD එකක චිත්‍රපටි තුනක් තිබ්බා. Dreamer Inspired By A True Story / Breakdown සහ Sky High. ඒ Kurt Russell ගේ චිත්‍රපටි එකතුවක්. මීට කලින් මං පළවෙනි චිත්‍රපටයට උපසිරසි දුන්නා. තුන්වෙනි එක ඒ වෙනකොටත් අඩවියේ තිබුණා. මේ ඉතිරි එක.
Breakdown (1997)
මිල මුදල් අතින් යමක් කමක් ඇති ජෙෆ් එයාගේ බිරිඳ එමී එක්ක බොස්ටන් ඉඳන් සැන් ඩියෑගෝ වලට රට හරහා යන්නේ එයාලගේ ජීප් ග්‍රෑන්ඩ් චෙරෝකි නම් මධ්‍යම ප්‍රමාණයේ SUV අළුත්ම වාහනේ. නොසිතූ ලෙස අතර මගදී කාර්මික දෝෂයකට ලක්වන වාහනය ළඟට උදව්වට එන්නේ ට්‍රක් රථ රියදුරෙක්. වාහනය ඇදගෙන යන්න උදව් ඉල්ලගන්න එමී ට්‍රක් රථ රියදුරත් එක්ක ළඟම තියන නැවතුම්පලකට යනවා ජෙෆ් වාහනයත් එක්ක ඉඳිද්දි. ටික වෙලාවකින් ජෙෆ් හොයාගන්නවා වාහනේ දෝෂයක් නෑ, වෙලා තියෙන්නේ බැටරියේ වයර් කීපයක් බුරුල් වෙලා කියලා. වාහනය හදාගන්න ජෙෆ් තම බිරිඳ එමී සිටිය යුතු නැවතුම් පළට එන්නේ නැවතත් දෙදෙනාම ගමන යන්නයි. ජෙෆ් පුදුමයට පත්වෙන්නේ ඒ වෙනකොටත් එමී නැවතුම්පලට ඇවිත් නැති නිසයි. උදව් බලාපොරොත්තුවෙන් හා එමී හොයාගෙන යන ජෙෆ්ට ට්‍රක් රථය හමුවුනත් ට්‍රක් රථ රියදුරා කියන දෙයින් ජෙෆ් පුදුමයෙනුත් පුදුමයට පත්වෙනවා. ඒ රියදුරා ජීවිතේට ජෙෆ්ව දැකලා නෑ කියලා කියන දෙයින්… එහෙනම් මෙච්චර දුර ආපු තම බිරිඳ එමී කෝ…
මේ 1997 තිරගතවුන ත්‍රාසජනක චිත්‍රපටියක්. කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය Jonathan Mostow විසිනි. නිෂ්පාදනය Dino De Laurentiis සහ Martha De Laurentiis විසිනි. චිත්‍රපටයේ ජෙෆ් ටේලර් ලෙස Kurt Russell, එමී ටේලර් ලෙස Kathleen Quinlan සහ වොරන් බර් ලෙස James Thomas Patrick Walsh ප්‍රධාන චරිත රඟනවා. චිත්‍රපටයේ බොහෝමයක් කැලිෆෝනියා අවට රූගත කර ඇත. ඊට අමතරව ඇරිසෝනා සහ ටස්මේනියානු අධිවේගී මාර්ග වලද රූගත කර ඇත.
Paramount Pictures සමාගම බෙදාහැරි මෙම චිත්‍රපටය 1997 මැයි 02 වන දා මුලින්ම තිරගත වී ඇත. මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ. ඩොලර් මිලියන 36ක් වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ. ඩොලර් මිලියන 50.2 කි. විනාඩි 93 ක ධාවන කාලයකින් යුත් Breakdown චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.9ක්, Rotten Tomatoes 81%ක් සහ Metacritic 73% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 89%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,934 downloadsDownload Breakdown-1997.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
12 comments
maduka
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ මාර වටිනවා මෙහෙම පරණ ෆිල්ම්වලට සබ් කරන එක නම් ඈ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
bandara
90 දශකය කියන්නෙ සිනමා වීරයන් බිහිවූ යුගය.එම යුගයේ චිත්‍රපට වලට සබ් ලබාදීම ගැන බොහොම ස්තූතියි රොෂාන්
Priyantha Dayakeerthi
රොෂාන් ජයසිංහ සොයුර,
අහලා තිබෙන සිනමාපටයක්.
සිංහල උපසිරැසිය ලබා දුන්නට ඔබට ස්තුතියි,
මේ කරනා මහඟු සේවයට මාගේ ස්තුතිය පුද කරමි!indika75
thanks..
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Chanuka Nimesh
kepa wela mahansiyen krpu sub ekta Thankyou bro
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madusanka
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
machan jackie chan ge mekata sub nodapu fim set eka sub dapanko. sub ekata thanx