මනුෂ්‍යයා….ලොව විස්මිතම නිපැයුම. කවදා, කොහේදී, කෙසේ නිර්මාණය වීම ආරම්භ වුයේද යන්න සඳහා තවමත් හරියාකාර පිළිතුරක් නොමැත. එමෙන්ම, තාක්ෂණය කෙතරම් දියුණු මට්ටමක තිබුණද, තවමත් මනුෂ්‍ය ශරීරයේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් හරියාකාරව පැහැදිලි කිරීමට තරම් හැකියාවක් නොමැත. එය තමයි මනුෂ්‍ය ශරීරයේ ඇති අපූර්වත්වය… සුන…

මනුෂ්‍යයා….ලොව විස්මිතම නිපැයුම. කවදා, කොහේදී, කෙසේ නිර්මාණය වීම ආරම්භ වුයේද යන්න සඳහා තවමත් හරියාකාර පිළිතුරක් නොමැත. එමෙන්ම, තාක්ෂණය කෙතරම් දියුණු මට්ටමක තිබුණද, තවමත් මනුෂ්‍ය ශරීරයේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් හරියාකාරව පැහැදිලි කිරීමට තරම් හැකියාවක් නොමැත. එය තමයි මනුෂ්‍ය ශරීරයේ ඇති අපූර්වත්වය… සුන්දරත්වය… කෙනෙකු උපතින්ම අබාධිත්ව උප්පත්තිය ලබද්දී, තවත් අයෙකු විශ්මිත වූ හැකියාවන්ගෙන් සමන්විතව මෙලොව එළිය දකිනවා. මෙසේ වන්නේ කෙලෙසකද… එකිනෙකා අදහන්නා වූ ආගම් අනුව එකිනෙකට වෙනස් ආකාරයන්ගෙන් පැහැදිලි කළ හැකි මුත්, නූතන විද්‍යාවට අනුව මෙය පැහැදිලි කිරීම තවමත් සිහිනයක්ම පමණයි. මේ සිහිනය කවදා හෝ සැබෑ වන සිහිනයක් වේද… තාක්ෂණයේ මහිමයෙන් මනුෂ්‍යත්වයේ අබිරහස කෙදිනක හෝ විසඳේවිද…?
බුධියා සිං….කුමන හෝ හේතුවක් මත, දිනකට අවම වශයෙන් එකඳු හෝ දරුවෙකු මිය යන, ඉන්දීය අර්ධද්වීපයේ පිහිටියාවූ ඔරිස්සා රජයට අයත් වූ ප්‍රදේශයේ පිහිටි මුඩුක්කු පැල්පතක් තුල මෙළොව එලිය දුටු බුධියා සිං, වැඩි කාලයක් නොගොස්ම ලොවක් කළඹවන පුද්ගලයෙකු වෙතැයි, එදා නම් කිසිවකු හෝ නොසිතන්නට ඇත. යන්තම් වයස අවුරුදු පහක් වන විට, සිය මවගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසාවෙන් වහලෙකු බවට පත්වීමට ගොස්, ඔහු සතු කුමන හෝ වාසනා බල මහිමයක් නිසා හෝ යළිඳු යහපත් දෑතක සෙවණ යට හැදී වැඩීමට භාග්‍යය උරුම කොටගත් නමුදු, අවාසනාවෙන් ගැලවීමක් නොලද දරුවා…. වයස අවුරුදු පහේදී, සෙල්සියස් අංශක 50ක උෂ්ණත්වයක් සහිත පරිසරයක, වතුර බිඳක් හෝ පානය නොකර, පැය හතක් නොනවත්වා ධාවනයේ යෙදිමින්, කිලෝමීටර් 65ක දුරක් තරණය කරමින්, ලොව ලාබාලතම මැරතන් ධාවන ශුරයා යන විරුදාවලියද සහිතව, ගිනස් ලෝක වාර්තාවක් තමා සතුකොට ගත් අසහාය ධාවන ශුරයා…. එළඹෙන ඔලිම්පික් තරඟාවලියේදී ලොවක් කළඹවමින්, භාරත මාතාව රනින් සැරැසවීමට පෙරුම් පුරමින් සිටි මෙම ඇදහිය නොහැකි තුරඟයාට සිදුවූයේ කුමක්ද… උපතින්ම තමන් ලද ඒ අපූර්ව වූ හැකියාවෙන්, ලොවක් වශී කළ වයස අවුරුදු පහේ ධාවන ශුරයාගේ ඉරණම අදටත් හෙළිදරව් නොවූ අභිරහසක් වන්නෙ මන්ද…
Bhaag Milkha Bhaag (2013) සහ Mary Kom (2014) යන චිත්‍රපට බෙදාහැරි Viacom18 Motion Pictures චිත්‍රපට ආයතනයේ තවත් සාඩම්බර බෙදාහැරීමක්…. Traffi (2016) චිත්‍රපටයේ හරි අපූර්ව වූ රංගනයකින් සමස්ත චිත්‍රපටයම ඒකාලෝක කළ ප්‍රතිභා පූර්ණ නළු, Manoj Bajpayee ගේ, ඒ හා නොදෙවෙනි තවත් අපූර්ව වූ රංගනයකින් හැඩ වැඩ ගැන්වී, IMDB දර්ශකයේ 8.5ක දැවැන්ත අගයකින් සමන්විත වන මෙම අනගි සලරුව, සිය තිරගත වීම ආරම්භ කරනුයේ, මෙම වර්ෂයේ අගෝස්තු මස 5 වන දිනයි.
බොහෝ දෙනෙක් ප්‍රියකරන්නේ ක්‍රියාදාම සහිත කුතුහලය මුසු කතා මාලාවන් වලට. එනමුදු, ක්‍රියාදාම චිත්‍රපටයකින් කවදාවත් ලබාගත නොහැකි අන්දමේ නැවුම් අරුතක්, ජිවිතයට යම් ආදර්ශයක් මෙවැනි චිත්‍රපටයකින් ලබාගත හැකි බව දන්නෙ, මෙවැනි චිත්‍රපට නරඹන්නා වූ අතලොස්සක් වූ පිරිස පමණයි. ජීවිතය කෙතරම් අපූර්වද… මෙතරම් මිහිරිද…එමෙන්ම, කෙතරම් අමිහිරිද… ජිවත් වන ස්වල්ප කාලයේ මේ ජිවිත පණ නළ කෙසේ නම් ගැටගසා ගන්නද… මේ ආදී දහසක් වූ සිතුවිලි දාමයක් ඔබගේ මනසේ රැව් පිලි රැව් නංවන්නට සමත් වේ නම්, ඒ මේ ආකාරයේ සිනමා පටයක් පමණයි.සහතික කොට පවසනවා, චිත්‍රපටයේ අවසානය නම්, කිසිවෙකු සිහිනෙන් හෝ නොසිතන ආකාරයේ කණපිට ගැසූ ඉතාමත් සංවේදී අවසානයක් වේවි. එමෙන්ම, සිනමා පටය නරඹන ඔබ සියළු දෙනාටම, ඔබගේ කාලය, දත්ත ප්‍රමාණය පිළිබඳව කිසිවිටෙකත් පසුතැවිල්ලක් ඇති නොවේවි… ඒ බවට මා සහතික වෙන්නම්.
තවත් නැවුම් වූ චිත්‍රපටයකින් හමුවන තුරාවට, සෑම දෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Budhia Singh Born to Run (2016) Hindi 1CD DVDRip x264 AAC ESubs – Downloadhub
ලබා දී ඇති උපසිරසි සියලුම DVDRip පිටපත් සඳහා අදාළ වේ.
4,202 downloadsDownload Budhia-Singh-Born-to-Run-2016.Baiscopelk.com_.rar38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
16 comments
යුශාන් පියුමාල්
Krishan NiShalya
niyamai
Thanks sub ekata
☺☺☺☺sajith thilakarathne
thanks sub ekata
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......wooobox
27 වන උපසිරසියට ස්තුතියි. අලුත් චිත්‍රපටි තෝරා ගැනීම ගැනත්, සබ් වල පැහැදිලි බව පිලිබදවත් විශේෂයෙන් ස්තුතියි... :)
buddhika
niyamai bro..thanx sub ekata..
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ.bluray ආපුවාම update පාරක් දෙන්න
ජය වේවා!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා! බුදු සරණයි!
Wgk Chathuranga
නියමයි සහෝ. මේ වගේ ඒවටත් සබ් දෙන්න, ඔන්න බෑවා.
ස්තුතියි සබට. ජයම වේවා.!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
thisal
බොහොම ස්තුතියි සහෝ
sammika
720p hd ekak wath awama sub dunnanam watinawa. thanx
Amil
Thanks Saho sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thilina madu vitharana
Thank you very much.
Do lafzon ki kahani movie එකයි
M.s. doni movie එකයි ඉක්මනට දෙන්න සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai macho ............