Watch Trailer

Bullet Proof (2022) AKA Death Pursuit Sinhala Subtitles | සල්ලිද වටින්නේ ජීවිතේද… [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවෝ හැමෝටම.. ඉතින් ඔන්න අදත් අරන් ආවා තවත් එක ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසිය. ඇක්ෂන් ෆිල්ම් කියලා දැක්කම ඉතින් නොබලත් බෑ. ඒක නිසාම බලලා ඔයාලත් එක්ක බෙදාහදාගන්න ඔන්න සිංහල උපසිරසියත් අරගෙනම ආවා. චිත්‍රපටය වෙන් කරගත්තේ දමැල් සහෝදරයට කියලා. Death Wish 1 සහ 2 චිත්‍රපට වලට උපසිරසි ගෙන…

ආයුබෝවන් යාළුවෝ හැමෝටම..

ඉතින් ඔන්න අදත් අරන් ආවා තවත් එක ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසිය. ඇක්ෂන් ෆිල්ම් කියලා දැක්කම ඉතින් නොබලත් බෑ. ඒක නිසාම බලලා ඔයාලත් එක්ක බෙදාහදාගන්න ඔන්න සිංහල උපසිරසියත් අරගෙනම ආවා. චිත්‍රපටය වෙන් කරගත්තේ දමැල් සහෝදරයට කියලා. Death Wish 1 සහ 2 චිත්‍රපට වලට උපසිරසි ගෙනල්ලා 3වෙනි චිත්‍රපටියට උපසිරසි වෙන්කරගන්න හදනකොට දමැල් සහෝදරයා තමයි කිව්වේ චිත්‍රපට මාලාවම මට වෙන් කරලා තියෙන්නේ කියලා. ඉතින් දමැල් සහෝදරයා බොහොම ස්තූතියි.

අපි චිත්‍රපටය දිහාට හැරෙමු.. 

Bullet Proof 2022

එක පුද්ගලයෙක් කාලයක් කට්ට කාලා හම්බකරලා අවසානයේ මොනවත් නැතුව විශ්‍රාම යනවට වඩා ප්ලෑනක් ගහලා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර රජෙක්ගෙන් මිලියන ගානක් හොරකම් කරගෙන පලා යනවා. ඒ යන අතරෙයි දැන ගන්නේ ටෙම්පල් කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මැරයගේ ගැබිණි බිරිඳත් ඉන්නේ ඒ වාහනේමයි කියලා.. තමන්ගේ සල්ලියි බිරිඳයි පැහැරගත්තා කිව්වම, ඒකත් තම පුතා හම්බවෙන්න ඉන්න බිරිඳ…

චිත්‍රපටය මුදාහැරලා තියෙන්නේ මේ වසරේ අප්‍රේල් 08 වෙනිදා. තාම IMDb දර්ශකේ නම් 4.1 ක් වගේ තමයි තියෙන්නේ. ලොකු ගැඹුරු කතාවක් නැතිවුනත් පැය එකහාමාරක් කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන් චිත්‍රපටයක්.

චිත්‍රපටයේ රංගනයෙන් Vinnie Jones, James Clayton, Janvier Katabarwa, Lina Lecompte, Lori Ann Triolo, Philip Granger රංගනයෙන් දායක වන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂණයත් James Clayton විසිනි.

ඇත්තටම මේ මනුස්සයගේ නම මොකක්ද? දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

5,984 downloadsDownload Bullet-Proof-2022-AKA-Death-Pursuit.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

5,984 downloadsDownload Subtitles24 KB

15 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

    1. Kantha_DLA

      Request :
      In Our Prime 2022 [KOREAN]
      (Action / Drama /yts.mx)

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  5. Priyantha Dayakeerthi

    සබ් එකට ස්තුතියි, සොයුර!

  6. රුක්ෂාන් ඛාන් (රුකා)

    Thor: Love and Thunder blu-rayත් ඇවිල්ලා තියෙන එකේ සබ් එක දෙමුකෝ ඉක්මනට.

  7. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  8. Dewadithya

    Thanks for Sub!

  9. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Nishan

    Thanx bro