Watch Trailer

Captain Underpants: The First Epic Movie (2017) with Sinhala Subtitle | ටියුබ් ලයිට් දුෂ්ඨයාට එරෙහිව සුපිරි වීර ජංගියා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අමුතු තාලේ වීරයෙක් ගැන කතාවක් අරගෙන ආව, ඇත්තටම මේක මම බාරගත්ත එකක් නෙමේ මේකේ වැඩිපුර කොටසක් කලේ නිර්මානි අක්ක, වෙලාව මදිකම නිසා එකතු වෙලා කරමුද කියල ඇහුවම දෙපාරක් නොහිතම හා කිව්ව වගේ නෙමේ ඉවර කරගන්න කට්ටක් කන්න උනා. ෆිල්ම් එකේ කොපියක් ඇවිල්ල නම් ටික දවසක් වෙනව කොච්චර ඉක්මනට සබ් එක දුන්න…

ඔන්න එහෙනම් අමුතු තාලේ වීරයෙක් ගැන කතාවක් අරගෙන ආව, ඇත්තටම මේක මම බාරගත්ත එකක් නෙමේ මේකේ වැඩිපුර කොටසක් කලේ නිර්මානි අක්ක, වෙලාව මදිකම නිසා එකතු වෙලා කරමුද කියල ඇහුවම දෙපාරක් නොහිතම හා කිව්ව වගේ නෙමේ ඉවර කරගන්න කට්ටක් කන්න උනා. ෆිල්ම් එකේ කොපියක් ඇවිල්ල නම් ටික දවසක් වෙනව කොච්චර ඉක්මනට සබ් එක දුන්නත් වැඩක් නැහැනේ අපේ අයගෙන් කිසි සහයෝගයක් නෑ. Despicable Me 3 එකත් පේනවනේ කිසිම කික් එකක් එන්නේ නෑ ඊළඟ සබ් එක ඉක්මනට ඉවර කරන්න එහෙම උනාම. ෆිල්ම් එක ගැන බලමු එහෙනම්, යුනිවර්සල් පික්චර්ස්ල ඩ්‍රීම්වර්ක්ස් අරගත්තා නිසා මේක තමා ටුවෙන්ටි සෙන්චරි ෆොක්සල බෙදාහරින අවසාන ඩ්‍රීම්වර්ක්ස් ෆිල්ම් එක වෙන්නේ, ඒ වගේම මේක තමා ඩ්‍රීම්වර්ක්ස් විසින් ළමා කතා පොතක් අනුසාරයෙන් නිර්මාණය කරන හයවෙනි ඇනිමේෂන් එක, ඊට කලින් කරපුව ගැන කියනවනම් Shrek (2001), How to Train Your Dragon (2010), Rise of the Guardians (2012), Home (2015), සහThe Boss Baby (2017) කියන්නේ ඩ්‍රීම්වර්ක්ස්ල ළමා කතා පොත් අනුසාරයෙන් නිර්මාණය කරපු ෆිල්ම්. මේ හැම එකක්ම ඉතාම සාර්ථක උනා, මේ වැඩෙත් සාර්ථකයිද කියල ඔයාලම තීරණය කරන්න බලලම. ඒ වගේම ඩ්‍රීම්වර්ක්ස්ල Megamind (2010) ෆිල්ම් එකෙන් පස්සේ කරන දෙවැනි සුපිරි වීර ෆිල්ම් එක මේක. ඒ වගේම මේකේ නම ෆස්ට් එපික් මුවි උනා කියල සෙකන්ඩ් තර්ඩ් එනවද කියල තවම දන්නෙ නැහැ, ෆිල්ම් එක මේ විදියට නම් කරලා තියෙන්නේ පොතේ විදියට. මේකේ අධ්‍යක්ෂක වරයා වෙන්නේ Turbo (2013) ඇනිමේෂන් එකේ අධ්‍යක්ෂක David Soren. ඩොලර් මිලියන 39ක විතර අඩු බජට් එහෙකින් නිපදවපු මේ ෆිල්ම් එකේ අදායම ඩොලර් මිලියන 100ක් වගේ වෙනවා. ඒ වගේම IMDB 6.5කුත් රොට්න් ටොමැටො අඩවියේ 86% ක අගයකුත් මේකට ලැබෙනවා. ඒ වගේම තමා කෙවින් හාට් ගැන අහල ඇතිනේ ඉංග්‍රීසි කොමඩි ෆිල්ම් බලන හැම කෙනෙක්ම වගේ, ඔන්න එයත් මේ ෆිල්ම් එකේ හඬ කැවීම් වලට දායක වෙනවා, ඊට අමතරව එඩ් හෙල්ම්ස් සහ නික් ක්‍රෝල් තමයි අනෙකුත් ප්‍රධාන චරිත සඳහා දායක වෙන්නේ.ඉතාම සීමිත චරිත කිහිපයක් අතරේ තමයි ෆිල්ම් එකේ කතාව දුවන්නේ, විශේෂම කරුණ තමා ප්‍රධාන ගැහැණු චරිතයක් කතාවේ නැහැ, උප ප්‍රධාන චරිතයක් තමා ඉන්නේ ඒ චරිතයත් විනාඩි පහ හයකට වඩා කතාවේ නැහැ, ෆිල්ම් එක ගැන කිව්වා ඇති වගේ. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

අපි හැමෝගෙම සෙට් එහෙක අනිවාර්යෙන්ම ඉන්නවනේ කිසිම ජෝක් එකක් සෙනිකව තේරෙන්නේ නැති ජෝක් එකක් කලාම මුල ඉඳලම ජෝක් එක පැහැදිලි කරල දෙන්න වෙන ඒ පැහැදිලි කලත් පැයකට විතර පස්සේ හිනා වෙන එකෙක්. බයිස්කෝප් සෙට් එකේ නම් ඒ තැන රැකගෙන ඉන්නේ ආදරණිය ටියුබා නොහොත් නිලුපුල් මධුකප්‍රිය මලය. ජෙරොම් හෝවිට්ස් මුලික පාසලේත් ඉන්නවා එහෙම කෙනෙක්, මුළු පාසලම කිසිම විනෝදමත් තැනක් නෙමේ, ඉන්න ප්‍රින්සිපල් නිසා තමා එහෙම වෙලා තියෙන්නේ. මිනිහ මුනේ හිනාවක් නැති නපුරු කෙනෙක්. ඔය පාසලේ ඉන්න විනෝදමත්ම දෙන්න තමා ජෝර්ජ් සහ හැරල්ඩ් කියන්නේ, අපේ යව් ඇගේම ඉහල ඉමජිනේෂන් එකක් තියෙන දෙන්නෙක්, ඉමජිනේෂන් එක වැඩි අයට ඉතින් ඕන තැනක ඕන විදියට ෆැන්ටසියක් මවාගන්න ඇහැකියිනේ මේ දෙන්නත් එහෙම ෆැන්ටසි මවාගෙන හදානවා කොමික් පොතක්, ඒ කියන්නේ චිත්‍ර කථා පොතක් එකේ විරය තමා කැප්ටන් අන්ඩර්පෑන්ට්ස් නොහොත් කැප්ටන් ජංගියා, බැට් මෑන් සුපර් මෑන් වගේ වීරයො කලිසම ඇදල ඊට උඩින් යට කලිසම ඇන්දට මේ කෙනා කෙලින්ම යට කලිසම පිටින් තමයි වීර වැඩට බහින්නේ. හැරල්ඩ් සහ ජෝර්ජ් දෙන්නගේ නොමනා වැඩ වලට ගොදුරු වෙන ප්‍රින්සිපල් ක්‍රප් මේ දෙන්නට දඬුවමක් දෙන්න සාක්කි හම්බෙනකම් තමයි බලං ඉන්නේ, ජොලියේ බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක, එහෙනම් කැමැත්තෝ බලත්වා, අපි කැපුනා.

 

Captain Underpants: The First Epic Movie (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

11,974 downloadsDownload Captain-Underpants-The-First-Epic-Movie-2017-2.zip54 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ශාන් විමුක්ති ” සහෝට සහ “නිර්මාණි විජේසිංහ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,974 downloadsDownload Subtitles54 KB

42 comments

  1. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
    නියමයි ...!
    ෆිල්ම් එක තාම බාගෙට බලව්වේ දැන් සබත් එක්ක ම බලන්න ඕනේ
    හුගක් ස්තුතියි ....!
    තවත් පහර ෆිල්ම් වලට සිංහල සබ් දෙන්න ...
    ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  2. Helili Hemamali

    සුපිරියි.. තවත් උපසිරැසි නිර්මාණයට ශක්තිය ලැබේවා!

  3. C. R. ජයලත්

    Niyamai Shan & Nirmani Jaya Wewa!!!!!

  4. Kavishka Vikum

    mekanam patta

  5. Soori

    නිවාඩු දවසේ බලන්න මේකත් දීලා තියෙන්නේ...
    ශාන් - නිර්මාණි සුසංයෝගයට බොහෝම ස්තුතියි..!!!

  6. prabodha

    Thanks both of u....

  7. Sajith Anthony

    බොහොම ස්තුතියි උපසිරැසියට,
    ජයෙන් ජයම වේවා...!!

  8. nuwan

    thanks !!!!

  9. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  10. ප්‍රභාෂ

    උපසිරැසි ලබා දුන්නාට ස්තූතියි

  11. LSM HUSKAA

    ty brwwwwwww

  12. thisal

    ස්තුතියි උපසිරැසියට,

  13. Kulanjana Maduranga

    niayamai…thanks sis & saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. අසිත

    elama saho thanks

  15. Sanindu Lakkitha

    |•|•|•|°නිර්මාණි අක්කටත් විමා සහෝටත් බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  16. එල්.සී. දමැල්

    දෙපලටම සබ් එකට බොහොම ස්තුතියි....

  17. Sulakshana Thilakarathna

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසියට, මේක බයිස්කෝප් වෙබ් අඩවියෙන් දෙනකම්ම හිටියා!! නියම animation එකක් ජය වේවා!!

  18. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි උපසිරසියට... ජය වේවා....

  19. ඉෂාන් මදුෂ

    දෙන්නටම බොහොම ස්තූතියි
    ජය වේවා!

  20. Pasindu kushan

    Thank u.....

  21. sandun

    maga balan hitapu 1k patta wadak thanx

  22. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  23. Chamara

    thanks bro.......!!!

  24. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි දෙන්නටම.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  27. Supitha

    thank u dennatama

  28. haitha

    animation nm wimaa.,,
    ayee dekak naa.,

  29. සදෙව් බණ්ඩාර

    Thank You..

  30. Sanjaya

    බොහොම ස්තූතියි.. ☺ ☺ ☺
    ජය වේවා..!!

  31. ashan lankanath

    Thanks ...................good luck ...........................

  32. subha

    බොහොම ස්තුතියි. ජයවේවා.

  33. Shadow

    Fatta Saho

  34. Milinda

    වැඩේ සුපිරි ජය වේවා...

  35. shehan weerasinghe

    නියමයි නියමයි ජය වෙිවා !!

  36. Kaushan

    Tnx bro

  37. Niroshani maduka

    Sub ekata thank you dennatama...

  38. yeshu

    tnx

  39. ashanudara

    Love u bro ❤❤❤

  40. wcr

    Thank you!

  41. yasith Maduran

    Wow...wow......

  42. සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!