Watch Trailer

Catch me if you can (2002) Sinhala Subtitles | හදුනාගත්තොත් ඔබ මා [සිංහල උපසිරැසි සමඟ]

[box]මතකද බයිස්කෝප් 1000 වැනි සිංහල උපසිරැස නිකුතුව දවසෙ අප විසින් ඔබට ඉඩක් වෙන්කලා හොලිවුඩ් සිනමාවේ ඇගයීම් නොලද අවාසනාවන්ත පෙම් කිඳුරා “Leonardo DiCaprio” රඟපෑ සිනමාපට කිහිපයක් සදහා ඔබේ මනාපය පලකරන්න. කෝ.. මතක නැද්ද බොලාලට ආහ්? (මූට විකාර, එහෙම අමතක වෙනවැයි එව්වා Hikz 😀 ) ඔන්න අපි එහෙනම් දැන් මනාප…

Catch me if you can (2002)මතකද බයිස්කෝප් 1000 වැනි සිංහල උපසිරැස නිකුතුව දවසෙ අප විසින් ඔබට ඉඩක් වෙන්කලා හොලිවුඩ් සිනමාවේ ඇගයීම් නොලද අවාසනාවන්ත පෙම් කිඳුරා “Leonardo DiCaprio” රඟපෑ සිනමාපට කිහිපයක් සදහා ඔබේ මනාපය පලකරන්න. කෝ.. මතක නැද්ද බොලාලට ආහ්? (මූට විකාර, එහෙම අමතක වෙනවැයි එව්වා Hikz 😀 ) ඔන්න අපි එහෙනම් දැන් මනාප ගැන අවසානයි. මේ තමයි ඔබේ වැඩිම මනාපය ලද සලරුව. ඔබේ මනාපයෙන් විශිෂ්ට ජයග්‍රහනයක් හිමිකරගත් මේ “සත්‍ය කතාව” ‍රැගත් සලරුව 2002 වසරේ නත්තල්දා ජනතාව වෙතට අරගෙන ආවෙ අපි කවුරුත් දන්න, අධ්‍යක්ෂක “Steven Spielberg” විසිනුයි. රංගනය, ඉහත කී පරිදි ලොවක් වසග කල පෙම් කිඳුරා “Leonardo DiCaprio” සමගින් Tom Hanks, Christopher Walken . IMDB දර්ශකයේ 7.9 ඉහළ අගයක් මේ සිනමා සිත්තම සතුයි. ඒ වගේම 2003 වසරේ පැවැත්වුන ඔස්කා සම්මාන රාත්‍රියේ සම්මාන ද්විත්වයක් සඳහා නාම යෝජනා ලබන්න තරම් මේ නිර්මාණය විශිෂ්ටයි.. පඳුර තැලුව මැදෑ, පඳුරට පයින් ගහන්නයි මේ සූජානම 😉

මේ වෙනකොට මට වයස අවුරුදු 20ක් වෙනව. නමුත් මම ගුවන් නියමුවෙක්, ඉගැන්වීම සහයකයෙක්, වෛද්‍ය වරයෙක් හා නීති වේදියෙක් කියල කිව්වොත් මේ මිනිහ පිස්සෙක් කියල දෙස් තියන්න ඔබ දෙවරක් හිතන්නෙ නැහැ. ඉහත කියාපෑ වෘත්තීන් ලොව ඉහළ පිළිගැනීමක් තිබෙන වගේම බොහොම කාලයක් මිඩංගුකර විශාල වෙහෙසක් දරා තමයි එවැනි තත්වයකට මිනිසෙකුට ලගාවෙන්න හැකි වෙන්නෙ. නමුත් කෙනෙක්ට පුලුවන් නම් වයස අවුරුදු 19 වෙන්නත් ඉස්සර මේ ඔක්කොම වෘත්තින් තුල නිරත වෙන බව විටින් විට මිනිසුන්ට පෙන්වා ඔවුන් මුලා කරන්න….! සැබවුන්ම ඔහු ඔස්කා සම්මානයට පාත්‍රවිය යුතු නළුවෙක් විය යුතුයි. ඒ ඔහුගේ හැකියාව. 1948 අප්‍රේල් 27 වැනිදා නිව්යෝක් නගරයේ උපන් ඔහු නමින්, ෆ්රෑන්ක් විලියම් ඇබ්ග්නේල්. ඔහුට වයස 14 පිරෙනකොට දෙමව්පියන් නීතියෙන් වෙන් වෙනව. කරදර ඇතුව කුඩා කල සිටන්ම ඇති දැඩි වුන කොලුවෙක්. ඔහු සමත් වෙනව වයස අවුරුදු 19ක් වෙන්න කලින් අර ඉහත කිව් වෘත්තීන්වල යෙදෙන්නාක් මෙන් ලොවට පෙන්වා ඩොලර් මිලියන ගණනක මුදල් වංචාකරන්න. එපමණක් නොව තමා හඹා එන FBI නිළධාරියා සමග ඔට්ටු වෙමින් රටවල් 26ක් පුරා පැන දුවන්න ඔහු සමත් වෙනව. මේ සියල්ල අතර වාරයේ වයස 21 වන්නට මත්තෙන් දෙවරක් පොලිස් අත්අඩංගුවෙන් පැනයන්න තරම් මේ කොලුව හපනෙක් වෙනව. එලෙස ලොව පහල වු සටකපට ඇබ්ග්නේල් අද FBI ආරක්ෂක උපදේශක වරයෙක්. මෙලෙස වංචාවෙන් ඇමරිකා එක්සත් ජනපදය සෙලවූ මිනිසා අද එහි ආරක්ෂාවට කැපවෙන තවත් පුද්ගලයෙක් වී අවසානයි. ජීවිතය කෙතරම් අරුම පුදුමද? නමුත් මෙවන් මිනිසුන් තවමත් මේ මහ පොලවේ පය ගසා ජීවත්වනවා…..!

මෙන්න එහෙනම් ලොකුම දේ..
මේ උපසිරසියෙ හරියටම පේලි (line) “2532” ක් තියෙනව. වෙලාවක් හොයාගන්න කොයි තරම් අමාරු උනත් කිසිම පේලියක් හැලුවෙ නෑ. නිදිමරාගෙන හැම පේලියක්ම සිංහලට අනුවර්තනය කරල අද දවසෙදි මේ විදිහට ඔයාලට අරගෙන ආව, කරගෙන යනකොට ඇඬුන හොදේ 🙁 පේලි 2532ක් කියන්නෙ මම වගේ අළුතින් මේ ක්ෂේත්‍රයට පය ගහපු කෙනෙක්ට මාරම අභියෝගයක්, විකියගෙන් අවුරුද්දක විතර නිවාඩුවක් ඉල්ලගන්න ඕන 😉 ඒ වගේම කොහෙත්ම අමතක කරන්න බෑ මම අමාරුවෙ වැටිල හිරවෙලා ඉන්න මොහොතක ලිපිය “ලියාගන්න උදව් කරහන් මචං” කිව්වම කාර්යය බහුල තත්වයක් යටතේ ඉදගෙනත් ලිපියට ඕන කරන කරුනු හොයල සටහන් කරල දීල “ඔන්න මම තුන-පහ දැම්මා උබ ඕකට ලුණු ඇඹුල් දාගනින් මචං” කියල ඔයා මට කරපු උදව්ව. ඒක සෑහෙන වටිනව, නම දාන්න එපා කියල කියාපු ඔහුගේ උපකාරය නොවන්න අදත් ඔයාලට මේක අරන් එන්න වෙන්නෙ නෑ, එපා කිව්වට බෑනෙ බන් කොහොම නම නොකිය ඉන්ටද ගොඩක් ස්තූතියි සමීර කරුණාරත්න සහෝ 😀

එහෙමනම්, කවදාවත් මුනගැහිලවත් නැති ඔයාලගෙම මනාපය අනුව තේරුනු මේ සිනමා සිත්තම ඔයාලට අරන් එන්න මේ තරම් මහන්සියක් වෙලත් ඔයාලගෙන් පුංචි ඇගයීමක් නොලැබෙන තත්වයක්නම් තියෙන්නෙ හිතට දුකයි හොදේ. මොන තරම් දේ කලත් අන්තිමට මට ලැබෙන අහිංසක සතුට වෙන්නෙ ඔයාලගෙන් ලැබෙන පුංචි කොමෙන්‍ටුවක් විතරයි. අපි ඔයාලගෙන් අහිංසක විදිහට ඉල්ලන්නෙ ඔයාලගෙ ඒ වටිනා කොමෙන්ට් එක විතරයිනෙ යාළුවනේ! ඔබේ මනාපය පරිදි අපි ෆ්රෑන්ක් විලියම් ඇබනේල් ජීවිතය මෙලෙස සිංහලෙන් ඔබට බාර කරනව, එහෙනම් ඔබට බාරයි ඇමරිකා එක්සත් ජනපදය අල්ලේ නැටවූ මෙ අරුම පුදුම මිනිහාගේ ශූර බුද්ධිමය හැකියාව මහා රංගදරයෙකුගේ දායකත්වයෙන් නරඹන්න. තවත් අනර්ඝවූත් වෙනස්ම සලරුවක් ඔබට මෙලෙසින් බාරකරමින්, සැමට ජයෙන් ජය පතමි!

IT'S YOUR CHOICE
මීට පෙර පළකල ලිපිය

මම මිට කලිනුත් සත්‍ය කතාවක් ‍රැගත් The haunting in Connecticut චිත්‍රපටිය දුන්නා මතක ඇතිනේ. ඒත් ඒක horror ‍ෆිල්ම් එකක්නේ. මේ පාර ලොව වැඩිම මුදලක් වංචා කල frank නැමති තරුණයකු ගේ ජීවිත කතාව ‍රැගත් මේ චිත්‍රපටිය ඔබට දිමට මම තීරණය කලෙ මේක ඔයාලටත් වෙන්න පුලුවන් දෙයක් නිසයි. අනික මේ වගේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක් බයිස්කෝප් එකේ නොගිය එකත් අඩුවක් කියලා හිතෙන නිසයි. Steven Spielberg කියන දක්ෂම අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ මෙම චිත්‍රපටය පාඨක ඡන්ද 131,504 ලබා IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.8/10 ලැබුවා කිව්වහම මේකෙ ජනප්‍රියතාවය ගැන සැකයක් තියෙන අයට ඒක දුරුකරගන්න උදව්වක් වෙයි. අනික මේකෙ Leonardo DiCaprio, Tom Hanks, Christopher Walken, Jennifer Garner වගේ දක්ෂම නළු නිලියන්ගේ රංගන දායකත්වයෙන් හැඩවූවක්.

නව තාක්ෂනය යටතෙ වංචා කල නොහැකි වුවත් අප සමාජයෙ වංචාකරුවන් ඕනැ තරම්. නමුත් මෙ චිත්‍රපටිය නැරඹු විට ඔබට වැටහෙයි අප මනසිකව දුර්වල වි තනි වු විට අපව නොදැනුවත්වම වෙනස් පුද්ගලයකු කරන බව. මගෙ චිත්‍රපටි ලැයිස්තුවෙ අමතක නොවන චිත්‍රපටි වලින් එකක් මේක.

මෙහි කතාව කෙටියෙන් කියනවනම් Frank Abagnale යනු අප වැනි තරුණයෙක්. කතාව ආරම්භය බොහොම සාමකාමිව ආදරනියව ගලා ගියත් හදිසියෙ මෙය වෙනස් වන්නෙ Frank ගෙවල් මාරු කිරිමත් සමගයි. ඒ එක්කම තම මව තම පියාගෙන් වෙන්විමට යන බව දැනගත් Frank තම නිවස අත හැර පලායයි. මින් පසු සියල්ල වෙනස් වෙයි. සමාජයට වින කරන්නෙක් බිහිවෙයි. මම නම් කියන්නේ කතාව දැනගන්නවට වඩා නැරඹිමම වඩා හොඳයි කියලයි.

විශේෂ අවවාදයයි,
1. මෙහි හොද දේ පමනක් ජිවිතයට ගන්න.
2.මොන ප්‍රශ්නය අවත් හොදින් ජිවත් වන්න පුරුදු වෙන්න.
3.මෙය එක දිගට නැරඹියය යුතු චිත්‍රපටියකි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KoK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Catch Me If You Can (2002) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Catch Me if You Can 2002-720p-BRrip-x264-Xitz

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,214 downloadsDownload Catch.Me_.If_.You_.Can_.2002.zip251 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

7,214 downloadsDownload Subtitles251 KB

297 comments

  1. Dhanuka Pathinayake

    මමයි අද 1 ඉතින් නොබා කොහොමද,
    ස්තුතියි සහෝ.

  2. chamath

    bami bami.mona unat mat 2nd hode

  3. ෂෙලින්ක - කටාර්

    මමත් බානවෝ.....

  4. paul

    this film is really awesome.i have watched this and i recommend this for every one....

  5. Sujan wasala

    bohoma sthuthiy sahodaraya....math me banna kiyala...ko thawama ara denawa kiwwa film tika ne ne???? api me Iron man 2 ehema enakal balagena inne... Iron man 1 ekatath subs dala dunna eke 2 ekatath subs lebenawa nam kochchara deyak da?? anyway... hemadama mokak hari honda film ekak deela apiwa films gena denuwath karana ekama loku deyak... kohoma ekata sthuthi karannada kiyala therenne ne...all the best..

  6. Indika Ariyadasa

    Meeka Pattama Patta film 1k. I have watch this. Thanks for sharing it for every one.

  7. සෑම්

    එල

  8. suranga rasika

    අම්මට සිරි බාන්නෙ නැතිව කොහොම්ද?

  9. $uvin

    Wow.. Wt A movie......

  10. මනියා (මනිෂ කසුන් ගමගේ)

    පට්ට ෆිල්ම් එකක්.. අනිවා බලන්න....

  11. akiyoshi

    lagadi beluwa.maxxa.aka nisa ada wena akak banawa...thanks....

    1. Bhashith

      .සුප.

  12. Udaya

    thanks ..........

  13. jeewithemal

    this is one of my all time favorite.... what a wonderful movie.. i usually watch it again and again ..... wow.. its a wonderful movie.....

  14. තිසර

    Leonardo DiCaprio ගේ රගපෑම උපරිමයි. දෙසැරයක් කැත නැතිව බලන්න පුළුවන්. "හිත ඇත්නම් පත කුඩාද" කියලා කියන්නේ මේවාට තමයි.

    "පුළුවන්නම් මාව අල්ලගන්න"

    තෑන්ක්ස්...

  15. DjAT

    Leonardo DiCaprio Mama danne naa ai kiala maa naluwata loke agayeem tikak madi.miniha ragapana films loke godak wadagath wageema minissunge jeewithe amathaka nowana wargayee charithai.podi wayasata athi wishishta ganayee nirmanathmaka charitha gananawakma apita genawa.e godak ewa amuthuma akaraye charitha.ohugee hakiyawa athi wishistai.wayasata yanakota niyama naluwek wai mama hitanee

    anyway mama Leonardo DiCaprio ge maa film 1ka balala naa.thanks macho apiwa danuwath kalata.danma banna damma :D godak pin..keep it up

  16. පොඩි මෑන්

    අනේ අම්මෝ ටිකක් විතර බයයි වගේ විශේෂ අවවාදයයි කියලත් දාලා තියෙනවා. :D
    කරන්නම බැරි වැඩේ තමයි එක දිගට බලන එක
    එක දිගට බැලුවෙ නෑ කියලා අව්ලක් නෑනේ.
    මමත් බාන්න දැම්මා හැබැයි එක දිගට බලන්න වෙන්නේ නෑ.
    බොහොම ස්තූතී.... :D

  17. විදුර ඉමේෂ්

    පට්ට පට්ට , ඔන්න මමත් බානවෝ!!!!!

  18. h

    ඔන්න ස්පිල්බර්ග්, ටොම් හෑන්ක්ස් දෙන්නගෙම වැඩ තියෙන තවත් එල චිත්තරපටියක්. මමත් කීප වරක්ම බලල තියෙනවා. රසවත් තැන් ගොඩක් තියෙන නියම කතාවක්...

  19. Asitha

    තෑන්ක්ස් .... මම මෙක බලන්න ගොඩක් ආසාවෙන් හිටීයෙ
    අනිවා බානවා.....
    පරණ උනාට මෙවගෙ එව්ව තව තියනවනම් දන්න...

  20. Enri

    අම්මා පට්ට පතුරු ෆිල්ම් එක! හැමෝම අනිවා බාගන්න. මම මේක බෑවොත් බාන 87 වෙනි ෆිල්ම් එක! ඒත් හාඩ් එකේ ඉඩ නෑ. මේ ෆිල්ම් එකට ආස මටම මේක බලන්න නෑනේ.

  21. Ruwan

    thanks bro................

  22. AL1717

    Maxxa Movie Ekak Meka Mama Meka 2002 dima Beluwa..
    Eda Wagema Adath hodata Mathakai Meke Story Eka.
    Balapu Nethi Aya Tak Gala bala Balanna..

    Jaya Wewaaaaa...

  23. අකිල ප්‍රනාන්දු

    මේක 4පාරක් බැලුවා එත් එපා වෙන්නේ නෑ...තැන්කූ වේවා සහෝ............. :)ඔන්න ආයෙත් බාන්න දැම්මා

  24. banuka banda

    මමත් බානවෝ…..
    තැන්කූ වේවා සහෝ…………. (^^^)

  25. banuka banda

    තැන්කූ වේවා සහෝ…………. :O

  26. achila

    machan balala naththam balapan patta film eka opapatika 2007. puluwannam sinhala sub ekka dapan.... thanks,,,,

  27. Nirmal

    mama meka beluwa meka awilla patta paturu movie ekak hemooma aniwama balanna...

  28. Shan

    mekanam baluwa ayeth balanna asssahinda baanawaa...

    Ane pothe gura ayyataii me lipiya liyana ayyalataii puluwnnamm
    Iron Man 2 honda ekak hoyala denna puluwannda?
    thanx

  29. KoK(මංගල)

    ප්‍රතිචාර වලට කස්ටියටම ස්තුතියි

  30. KoK(මංගල)

    අලුත් ‍ෆිල්ම් දෙන නිසා මම කට්ටිය නොබලපු පරන ‍ෆිල්ම් දෙන්නෙ,තව තියෙනවා දෙන්න ලියන්න වෙලා බොහොම අඩුයි. ඒත් කොහොමහරි හොද තාම site එකෙ ගියනැති ටික දෙන්නම්.

  31. Asitha

    තෑන්ක්ස් මචන්......
    elama kiri.....

  32. suranga rasika

    එල එල මං කලින් මේක බැලුවා,එත් ආයි බලනව,එ තරමට සිරා... :P

  33. mewi

    meka godak kalekata kalin baluwa, meka man eye ahamben dakka mokakhari channel ekaka yanawa.. mata ewela mathak una meka thama baiskope eke giye naththe ai kaiyala.. ada ude balanakota menna thiyenawa...

    Anyway one of the great movie i have watched..anivaryen ai balanawa.. hamotama balala rasa windinna puluwan wei..

  34. Uraj Deemantha

    මේක කලින් බැලුවද නැද්ද මතක නැහැනේ .....!!

  35. rohan

    Thanks machan mamath banawa

  36. Sandun Suranga

    Tank you macho..........

  37. Kaniya

    maka siraa. Mamath act kala

  38. Sahan

    එල එල

  39. Ramraj

    මේක මට බාගන් බැරි උන එකක්. ලිස්ටි එකට දාගන්න ඕන.

  40. sajith

    niyama film ekak vagee needaa.... dicaprio innava needaa... niyamata aithi ehenam.... balama balamukooo

  41. sujja

    guys meeke torrent eka aul da? however, thank you

  42. ФилÑ.мÑ.

    С НовÑ.м Ð.одом Ð.ас !
    Ð.Ñ.сÑ.Ñ. пÑ.инесеÑ. Ñ.даÑ.и и сÑ.асÑ.Ñ.я !!!

  43. Uraj Deemantha

    පට්ටම පට්ට ෆිල්ම් එක...... :D

  44. Kasun

    mekata sinhala sub ekak nedda?

  45. amilatk

    thanks

    1. ශාන් විමුක්ති [වීමා] 〠

      බොහොම ස්තූතියි සහෝ අදහසට
      ජය

  46. tharanga

    පට්ට පට්ට මේකට සබ් ඉල්ලුවා මමත් ... ජය

    1. ශාන් විමුක්ති [වීමා] 〠

      අනිවා ඔයාලගෙ කැමත්ත නිසාම තමා මේක අරන් ආවෙ සහෝ ;)
      බොහොම ස්තූතියි අදහසට
      ජය

  47. naleen

    patta patta math meyka denakm unne :D jaya!

    1. ශාන් විමුක්ති [වීමා] 〠

      බොහොම ස්තූතියි අදහසට
      ජය

  48. wow

    wow... maru :D

    1. ශාන් විමුක්ති [වීමා] 〠

      වාව් එල ;)
      ජයෙන් ජය!

  49. chami

    thnxxxxxxxxxxxxx

    1. ශාන් විමුක්ති [වීමා] 〠

      Welcome

  50. kalinga

    සුපිරි ෆිල්ම් එකක්නේ මේක. දිගටම සබ් දෙන්න හොදේ..

    ජය!!!!

    1. ශාන් විමුක්ති [වීමා] 〠

      අනිවා සහෝ ;)
      බොහොම ස්තූතියි අදහසට
      ජය

Load more comments