පියුමාල් දිසානායක සොයුරා විසින් එවන ලද ලිපිය. හිතන්න ඔයාල ඇන්ටාර්ටික් වල කන්න කිසි දෙයක් නැතුව යාළුවො සෙට් එකක් එක්ක තනිවෙනව කියල,ඔයාල මොකද කරන්නේ ආ? පිස්සු හැදෙයි නෙහ්. ඔන්න ඔය වැඩේ වෙනවා හරි අපූරු සෙට් එකකට. ඉතින් මේ කතාව ගෙතෙන්නෙ ඒ සෙට් එක ගැනයි, එයාල කවුද? මොකද වෙන්නේ? කියලා දැනගන්නම ඕනේ නම් ෆි…

පියුමාල් දිසානායක සොයුරා විසින් එවන ලද ලිපිය.
හිතන්න ඔයාල ඇන්ටාර්ටික් වල කන්න කිසි දෙයක් නැතුව යාළුවො සෙට් එකක් එක්ක තනිවෙනව කියල,ඔයාල මොකද කරන්නේ ආ? පිස්සු හැදෙයි නෙහ්. ඔන්න ඔය වැඩේ වෙනවා හරි අපූරු සෙට් එකකට. ඉතින් මේ කතාව ගෙතෙන්නෙ ඒ සෙට් එක ගැනයි, එයාල කවුද? මොකද වෙන්නේ? කියලා දැනගන්නම ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
කලින් අපේ සහෝදරෙයෙක් මේ ගැන ලිපියක් ලියල තිබුනා.ඔයාලට ඒකත් කියවන්න පුළුවන් වෙයි. මේ ෆිල්ම් එකත් මම කලින් කරපු දෙක වගේම ටිකක් පරණයි, හැබැයි ඉතින් මැරෙන්න කලින් අනිවාර්යෙන් බලන්න ඕනේ ෆිල්ම් එකක්,අහල ඇතිනේ old is gold කියල. මේක ඇත්තටම සත්‍ය කතාවක් ආශ්‍රය කරගෙන හදපු ෆිල්ම් එකක්. 1983 දි තමා ඒ සත්‍ය කතාව ෆිල්ම් එකක් විදිහට එලි දකින්නේ. ඒ antartica(Nankyoku Monogatari) නමින්. ඒ කතාව මෙහෙමයි. 1958 ගවේෂක කණ්ඩායමක් විසින් ශකාලින් හස්කි වර්ගයේ සුනඛයින් පහළොවක් ඇන්ටාටිකාවේ දාල එනවා. මේ කණ්ඩායම ආපහු යන්නේ අවුරුද්දකට පස්සේ, ඒ යනකොටත් සුනඛයෝ දෙන්නෙක් ජිවතුන් අතර හිටියලු.
අපි හැමෝම ආදරේ කරන paul walker තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ. ඊට අමතරව අපි falling skies එකේ දැකපු moon bloodgood මේකට රංගනයෙන් දායක වෙනවා. විශේෂම දේ තමයි එයාලගේ රංගනය අභිබවා අපේ ඇස් වලට කදුළු එන තරමට දක්ෂ විදිහට වෙන යාළුවො අට දෙනෙක් මේකේ රගපානවා. ඇත්තටම ගොඩක් හැගීම්බර කතාවක්මේ. ක බලල ඇඩුවේ නැත්තන් වහාම ඇස් පරික්ෂා කරවාගන්න. ඩිස්නි සමාගම තමයි මේක නිෂ්පාදනය කරන්නේ. අධ්‍යක්‍ෂණය the BFG, the sixth sense, jason bourne වගේ ෆිල්ම් කරපු Frank Marshall විසින්. තිර පිටපත David Digilio තමා ලියල තියෙන්නේ. imdb 7.3ක අගයක් තියෙන මේ ෆිල්ම් එක එක දිගට ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක බලල ඔයාලගේ අදහස්කියන්න.
සුභාෂ් ගුණවර්ධන සොහොයුරා පල කර තිබූ ලිපිය.
බල්ලා මිනිසාගේ ඈත අතීතීතයේ සිට පැවතෙන මිතුරෙකැයි කියනු ලැබේ. . .එම මිතුරුදම වෙනුවෙන් මිනිසා විසින් බල්ලාට කොපමන දුරකට කෘතගුන සලකා තිබේද???
වෝල්ට් ඩිස්නි සමාගම බෙදාහරින ලද ඇඩ්වෙන්චර් ගනයේ උනත් බොහෝම සංවේතී කතාවක් අඩංගු චිත්‍රපටයක් ගැනයි මම අද කියන්න හදන්නෙ. . . . !
ඇන්ටාක්ටිකාවේ පර්යේෂන මූලස්තානයක මගපෙන්වන්නෙකු ලෙස සේවය කරන තරුනයෙකුට කාලානුරූපිකව අපහසු රාජකාරියක් පැවරෙනවා. මහාචාර්යවරයෙකු සමග ඈත හිමේට ගොස් බුද ග්‍රහයාගෙන් බිදීවිත් හිමේ පතිතවී ඇතැයි විශ්වාස කරන විශේෂ පාෂානික ග්‍රහ වස්තුවක කොටසක් රැගෙන ඒම තමයි ඒ රාජකාරිය.
ඔහු එය භාරගනු ලබන්නෙත් ඔහුගේ ආයතනයේ අය අයහපත් කාලගුණයක් ගැන අණතුරු ඇගවීම නොසලකා හරිමින්. ඔහුගේ විශේෂන දැනීමට අනුව බල්ලන් විසින් ඇදගෙන යනු ලබන හිම යානයක ගමන සුදුසු යයි තීරය කල පසු එම යානා වෙනුවෙන් විශේෂයෙන් පුහුනු කරන ලද සුනඛයන් රෑනකුත් සමග ඔවුන් පිටත් වෙනවා. . . .
තව දුරටත් විස්තර කරන්න ගියොත් චිත්‍රපටය බලන්න ඉන්න ඔයාලට කරන අසාධාරනයක් වෙනවා. . ඒක නිසා ඉතුරු ටික චිත්‍රපටය බාගෙන බලලම ඉන්නකෝ.
මෙය මුල ඉදන් අගටම ඇගේ මයිල් කෙලින් වෙන ත්‍රාසය කුතුහලය දනවන සහ බාල්දියක් පිරෙනකම් කදුලු හලන්න පුලුවන් වර්ගයේ ඉතාම ලස්සන ෆිල්ම් එකක්. හැමෝම බලල කොහොමද කියල කියන්න්කෝ. . . .!
Due to copyright issues, we do not provide any torrent links.
Eight Below (2006) 720p BrRip x264 – 750MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,118 downloadsDownload Eight.Below_.2006.Baiscopelk.com_.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පියුමාල් දිසානායක
Subtitles
45 comments
රොයිලි
Chamith
sinhala sub koo ?
Uraj Deemantha
යකෝ මටත් තියෙන්නේ සාමාන්‍ය රවුටරේකුයි, යන්තම අමාරුවෙන් අටවගත්ත කොම්පීටර කෑල්ලකුයි..!! :) ඒ ටිකට කෙලවන්න තමා මේ හදන්නේ....... :P
අද රෑටත් ලැප් එකට වැඩ තියෙනවා එහෙනම්...... :)
මම මචන්
එල එල ඔන්න මමත් මේක බාගත වෙන්න දැම්මා. අපේ පොතේගුරු සොහොයුරා මේකෙ දාලා තියෙන චිත්‍රපටි හැම එකක්ම වාගේ මැක්ෂා බඩු නොවැ. ස්තූතියි කොල්ලො. කීප් ඉට් up
gani01
Uraj Deemantha@ ubata una wedema thamai matath wela thiyenne macho.
macho hoda film danna epa ban, mage ADSL modem aka Rath wenawa.සුභාෂ්
රොයිලි සහෝදරයගෙ ඇගේ මයිල් කෙලින් නොවී තියෙයිද, බාල්දියක් පිරෙනකම් තියා නිකමටවත් කදුලු බින්දුවක් වත් නො-එයිද කියල බයත් හිතෙනව. . . hik hik
නෑ නෑ ෆුල් ෂුවර්. . .බොරුනම් බලන්නකෝ. .පොතේ ගුරා
@රොයිලි !හික් හික්..ෆිල්ම් එක බලල කදුලු පොල් කට්ටක් වත් පුරවගන්න බැරි උනොත් අල්ලගන්න සුභාෂ් අයියව!
@Uraj Deemantha!අපිත් මේ අමාරුවෙන් අටවගත්ත පූටර් වලින් ෆිල්ම් බාල බොලාට දෙනව!මූ මෙතන බෙරිහන් දෙනව! කෑ නොගහ බාපන්! ;) හික් හික්.. :))
@මම මචන්!හික් හික්..එළ එළ..මට ගොඩක් අය සහයෝගය දෙනව..ඒ අය නිසා තමයි මෙහෙම හොද ෆිල්ම් එළියට එන්නෙ.. :)
@gani01 ! මගෙත් ADSL modem එකක් තියෙන්නෙ බන්z..දැන් අවුරුදු දෙකක් තිස්සෙ ෆිල්ම් බානව..තාම බඩු වැඩ..බය නැතුව බාපන්!
@සුභාෂ් !හික් හික්..මූ ෆිල්ම් එක බලන අතරෙ කෝල් එකක් දීල බය කරල හරි අඩවන්න වෙනව..නැත්නම් නඩු දායි අපි දෙන්නටම!
kathu
මාර film එක. මම බැලුවා. නියමයි....!! (yanthm sinhalen tikak liya gaththa...Pothe guro meka hari amaruine...!!)
සුභාෂ්
රොයිලි සහෝදරයෝ . . කෝ ඔබතුමා කිව්වෙ නැහැනෙ මයිල් කෙලින් උනාද මොකද කියලා?? හික් හික්. . .
රොයිලි
@ සුභාෂ්
මම මේ බාල්දියක් හොයනවා බං කඳුලු හෙලන්න :D
සුභාෂ්
ela ela
රොයිලි
@ සුරේෂ්
අද තමයි මචං බලලා ඉවර උනේ.
නියම ෆිල්ම් එකක් මචං. ඇත්තටම සංවේදි කතාවක්.ස්තූතියි මචං ලිපියට.
Subhash
රොයිලි සහෝදරරෝ මම ඔබතුමාගේ කමෙන්ට් එක එනකම් මාර නොයිවසිල්ලකින් හිටියේ . .
බොහොම ස්තූත්යි අගය කිරීමට ගැන . .Rizwan
thanx dud, u doing very gud job..
Akila DJ
පට්ට, සිරා, maXXa!
මෙන්න යාළුවෝ!Poshi
thank you oyaala okkotama.......mama me film eka hoya hoya hitiye... eth kohomada sinhala subtitles download karanne???????
Piyumal Dissanayaka
සිංහල උපසිරසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න.සිම්පල්
kala
co sinhala sub
එල්.සී. දමැල්
Sub ekata thanks saho!
Nalaka Dananjaya Rathnayake
pattai saho mama balapu pattama film ekak. sub ekka aye balanawa. bohoma sthuthi..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Shan Weliwatta
machan me film down lode laranne kohomada
Piyumal Dissanayaka
දීල තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරන්න.ඔයාව pirate bay සයිට් එකට connet වෙයි,එකෙන් download කරගන්න
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Ajith Priyantha
මම මේ ෆිලුම බැලුවා එල sub එක්ක තවපාරක් බලනවා
sub එකට ස්තුතියිරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana Rukshan
thnx bro...
අසිත
elama saho thanks
duk wenna hethu godak tyenawa film ekeSanindu Lakkitha
කාලෙකට කලින් බලපු පට්ට ෆිලුමක් මේක..පෝල් රගපානවා කියන්නෙ අයේ ඉතින් ෆිලුම ගැන අහන්න දෙයක් නෑනේ..
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
බුදුසරණයි..ජය වේවා..!Piyumal Dissanayaka
බොහොම ස්තුතියි
Dulanga
Thanks
Udara Damith B/K
සත්තු ඉන්නවනම් බලනවා
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dulitha_Chiran
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla
w a thilak
චිත්‍රපටය බලන්න කලින් trailer එක බලනවා.ඒක නරඹද්දිම ඔබගේ විස්තරයට ගැලපෙන බව තේරුනා..ස්තුතියි සබ් සමගම බලනවා
dk
paul walker danagathe me film ekn thama RIP paul
Mahesh
sub ekata thanx
nimal dissanayake
පියුමාල්,
තෑන්ක්ස්, ස්තුතියි වගේ වචනවලින්ම
හිතට එන හැඟීම් කියාගන්න බැහැ.
ෆිල්ම් එක බලද්දී ඇත්තටම කඳුළින් දෑස තෙමෙන්නේ
දන්නෙම නැතිව.ඔයාලගේ ලිපි දෙකම හරියටම හරි.
සුභාෂ්, ඔයාටත් තෑන්ක්ස්.
මේක රත්තරන් වගේ ෆිල්ම් එකක්!
බාගෙන තියෙන්නේ 2467 යි. කොමෙන්ට්ස් 954 යි.
හොඳටම මදි!
මේක කියවන ඕනෙම කෙනෙකුට
බොහෝම ගව්රවයෙන් ආරාධනා කරනවා
ටක් ගාලා බාගන්න. බාගෙන බලන්න.
හිතක් පපුවක් තියෙනවා නම්
මාත් එක්කයි.පියුමාල් එක්කයි,සුභාෂ් එක්කයි
එකඟ වේවි නිසැකවම!Piyumal Dissanayaka
මට ලැබුන හොදම කමෙන්ට් එක.බොහොම ස්තූතියි සහෝ.හොද ෆිල්ම් හොයාගෙන බලන්නේ බොහොම ටික දෙනයි.ඒ නිසයි කමෙන්ට් අඩු
Deegayu Abeysekera
thank u very much
Shaggy
Thank you very much
Adhikari
File Correpted.
Ravindu Heshan - Admin
FIxed
Advertisement

//ඇගේ මයිල් කෙලින් වෙන ත්‍රාසය කුතුහලය දනවන සහ බාල්දියක් පිරෙනකම් කදුලු හලන්න පුලුවන් වර්ගයේ ඉතාම ලස්සන ෆිල්ම් එකක්//
එහෙමනම් ඉතින් නොබලා ඉන්නේ කොහොමද?
ඔන්න මමත් බාන්න දැම්මා. :)