Watch Trailer

Spectral (2016) with Sinhala Subtitles | අදිසි වෙසින් පැමිණි ක්ෂණික මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම චිත්‍රපටයක්. Action, War, Sci-Fi, Thriller යන කාණ්ඩ වල චිත්‍රපට නැරඹීමට රුචිකත්වයක් දක්වන ප්‍රේක්ෂකයන්ට ඉහලින්ම නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක්. මීට අමතරව, සමස්ත චිත්‍රපටය පුරාවටම Supernatural ස්භාවයත් නොඅඩුවම තියෙනවා. ඒ නිසා, කෙ…

Spectral (2016)

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම චිත්‍රපටයක්. Action, War, Sci-Fi, Thriller යන කාණ්ඩ වල චිත්‍රපට නැරඹීමට රුචිකත්වයක් දක්වන ප්‍රේක්ෂකයන්ට ඉහලින්ම නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක්. මීට අමතරව, සමස්ත චිත්‍රපටය පුරාවටම Supernatural ස්භාවයත් නොඅඩුවම තියෙනවා. ඒ නිසා, කෙටියෙන් කියනවා නම් මේ චිත්‍රපටය, සියළුම ගති ලක්ෂණයන් එකට මුසුකොට නිෂ්පාදනය කරන ලද සුපිරිම චිත්‍රපටයක්.

චිත්‍රපටය නිකුත් වෙන්නෙ, මේ වර්ෂයේ දෙසැම්බර් නව වෙනිදා. කොහොමින් කොහොමහරි, දවස කිහිපයක ප්‍රමාදයකින් පස්සේ, චිත්‍රපටය උපසිරැසි ගන්වන්න මට අවස්තාවක් ලැබුණා. අධික කාර්‍යබහුලත්වය මධ්‍යයේ චිත්‍රපට දෙකක් එකවර නිකුත්වීම නිසාත්, චිත්‍රපට දෙකම ඉක්මණටම දෙන්න ඕනේ නිසාත්, මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න ඔයාලා කවුරුත් දන්න කියන කෙනෙක්වත් සහභාගී කරගත්තා. ඒ තමයි, යුශාන් පියුමාල් අයියව. දෙන්නත් එක්ක චිත්‍රපටය දෙකට බෙදාගෙන කළත්, දෙන්නටම තිබුන වැඩ රාජකාරි නිසා, හිතපු තරම් ඉක්මණටම දෙන්න වුණේ නැහැ.වැඩි කතාබහක් අවශ්‍ය නැහැ එහෙනම්. චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්.

චිත්‍රපටය රූගත කිරීම නිළ වශයෙන් ආරම්භ කරන්නෙ, 2014 වර්ෂයේ අගෝස්තු මස 7 වෙනිදා. පුරා වසර දෙකකටත් වැඩි කාලයක් මුළුල්ලේ, ඇමරිකානු ඩොලර් මිලියන හැත්තෑවකට අධික අති විශාල ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිෂ්පාදනය වුණා වූ මෙම චිත්‍රපටය ලොව පුරා බෙදාහරිනු ලබන්නේ, Netflix නාලිකාව මගින්. යුධමය චිත්‍රපට සඳහා විශේෂඥ නළුවන් රැසකගේ දායකත්වයද සමගින්, අතිශය ඉහළ මට්ටමේ තාක්ෂනයකින්ද මුසුවී ඇති මෙම අනගි සිතුවම, මේ වන විටත්, Imdb දර්ශකයේ 6.5 ක අගයකින් සැරසී තිබෙනවා.

ඇමරිකානු හමුදා මගින් ආක්‍රමණය කරන ලද විදෙස් රාජ්‍යයක්… මේ නිසාවෙන්ම, ඇමරිකානු හමුදා සහ දේශීය කැරලිකරුවන් අතර සටන් සුලභව දැකිය හැකිය. එකිනෙකා නොපරදින මෙම ද්වීපාර්ශවික සටන් දීර්ඝ කාලයක් පුරාවට පැවතගෙන පැමිණෙනවා. නමුත්, එක්තරා දිනයකදී මේ සියල්ල වෙනස් ආකාරයක් ගනු ලබනවා. කිසිවෙකුටත් සිතාගත නොහැකි අන්දමට මේ දෙපිරිසටම ප්‍රහාරයන් එල්ල වෙනවා. එනමුත්, පුදුමයට කාරණාව නම්, කිසිඳු සතුරු ප්‍රහාරකයෙකු පියවි ඇසට දැකගත නොහැකි වීමයි. මේ පිළිබඳව සොයා බැලීමට පිටත්කර යවන්නාවූ ඇමරිකානු ඩෙල්ටා ඒකකයේ අති දක්ෂ සෙබළුන් සියළු දෙනාටම අත් වන්නේ එකම එක ඉරණමක් පමණයි. එනම්, නොපෙනෙන, ක්ෂණික මරණයක්. කිසිඳු ආකාරයක වෙඩි උණ්ඩයකින් හානි කල නොහැකි, ඕනෑම ඝන බිත්තියක් හරහා ගමන් කල හැකි මේ අදෘශ්‍යමාන සතුරන් කවුරුන්ද… ඇතැමෙකුගේ නිගමනය වන්නෙ, මෙය ඉදිරි පරම්පරාවේ සුපිරි සොල්දාදුවන්ගේ ආගමනයක් බවයි. තවත් ඇතැමෙකුගේ විශ්වාසය වන්නෙ, යුද්ධය නිසාවෙන් ජීවිතය අහිමිවූවන්ගේ මරණයේ පිබිදීමක් ලෙසයි. සිදුවන්නෙ කුමක්දැයි හරියාකාරව තේරුම් ගැනීම උදෙසා, ඇමරිකානු හමුදාව විසින් එක්තරා විශේෂඥ පුද්ගලයෙකුගේ සහාය අපේක්ෂා කරනවා. තම රටේ හමුදාවට, ආරක්ෂාවට එල්ල වී ඇති දරුණු තර්ජනය හමුවේ මෙම පුද්ගලයා විසින් එම ඉල්ලීමට අවනතව, අදාලා රාජ්‍ය වෙත පිටත්ව යනවා… මින් ඉදිරියට සිදුවන්නෙ කුමක්ද…? ප්‍රේක්ෂක ඔබ සැමට සියල්ල බාරයි.

එහෙනම්, චිත්‍රපටය අරගෙන බලන්න. කාටවත් පසුතැවෙන්න වෙන එකක් නම් නැහැ. පොඩි හරි සැකයක් තියෙනවා නම් පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඉන්නකො.

තවත් චිත්‍රපටයකින් හමුවෙන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

 

Spectral (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Spectral.2016.NF.720p.WEBRiP.950MB.ShAaNiG

ලබා දී ඇති උපසිරසි සියළුම Web පිටපත් සඳහා අදාළ වේ.

40,942 downloadsDownload Spectral.2016.Baiscopelk.com_.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සහ  “යුශාන් පියුමාල්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

40,942 downloadsDownload Subtitles42 KB

103 comments

  1. Chamikara Vidanage

    එල කිරි බ්‍රෝ

  2. Pasindu

    Link එක වැඩ නෑනෙ බ්‍රෝ....

  3. bb

    ela

  4. Rasitha Pradeep Somasiri

    හොද ෆිල්ම් එකක් වගේ සහෝ....
    උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම....
    Blu-ray copy ආපුගමන් update එකක් ඕනෙ සහෝ....

    1. Web-බුවා

      මේ film එකේ BR update එක ගැන විශ්වාසයක් තියා ගන්න එපා. මේක Netfilx කියන web based නාලිකාවේ විතරක් පෙන්නපු movie එකක්. නැතුව තියෙටර්වල පෙන්නපු එකක් නෙමේ. බහුතරයක් netflix movies br පිටපත්වලට update දෙන්නේ නෑ. ඒවා ගොඩක් වෙලාවට web පිටපත්වලට විතරයි එන්නේ, ඒ කියන්නේ film එක air කරන දවසේ capture කරපුවා. ;) මං මේ ටික කියන්නේ, netfilx moviesවල br එනකං බලං ඉඳලා සුපිරියටම කෙලවගත්තු එකෙක් හැටියට. මොකද මුළින් ආපු web copy එක ගන් නැතුව br එනකං බලං හිටියා. br ආවෙත් නෑ. ආපු web එකේ දැන් seed ත් නෑ. ඉතිං ඔබතුමා මේ film එක බලන්න කැමති නම් මං කියනවා ඕක දැන්ම බාගන්න. seed ඉවර වෙන්න කලින්. නැත්නම් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. Lol. ;)

      ජය! :)

    2. Rasitha Pradeep Somasiri

      එල web බුවා. Tnx for the tip....

    3. sanju

      mchng sub ganna vidiyak nedda error msg ekak enawane

    4. Lakshitha Nuwan

      Bro අවුලක් ගන්නෙපා.Netflix සයිට් වල තියන චිත්‍රපටි උනත් හොරාට බලන්න පුලුවන්..ටිකක් google කරලා බලන්ට...වැඩේ ලේසි.Browser1 ට add on 1ක් දාන්න විතරයි ඕන...

    5. Web-බුවා

      සුළු දෙයක් සහෝ. මං reply කරන බුවාලට හෙන කැමතියි. :)

    6. shiyamal

      බොහෝම ස්තුතියි Web බුවා.

    7. nuwan

      yaluwa mata sub aka awannako

    8. Web-බුවා

      සිසිල සහෝ අවුලක් ගන්නේ නැත්නම් සබ් එක එවන්න පුළුවන් සහෝ. email එක දෙන්න. බයිස්කොප් අඩවිය ඒකට විරුද්ධ නම් මං කියනවා මේ comment එක publish කරන්න එපා.

    9. Sisila Prasad

      කිසිම අවුලක් නැහැ.
      කට්ටිය මේ වෙලාවේ පුළුවන් විදියට බෙදා හදාගෙන බලන්න.
      fb එකට msg කරපු ගොඩක් දෙනෙක්ට මං සබ් එක යවලා ඇති.සමහරවිට මගහැරෙනත් ඇති.ඒ ගැන සමාවෙන්න ඕනේ.මොකද එක දවසකට මැසේජ් දෙතුන් සීයක් එනවා.ඒ නිසා, එයින් කීපයක් මගහැරෙන්න පුළුවනි

    10. Web-බුවා

      නියමයි සහෝ. මාත් පුළුවන් විදිහට උදව් කරන්නම්.

    11. Sisila Prasad

      බොහොම ස්තුතියි සහෝ.
      මේ වෙලාවේදී අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු හයියක්.

    12. Web-බුවා

      හරි අපි ඕන වෙලාවක ඔබතුමන්ලා එක්ක ඉන්නවා. මොකද ඔබතුමන්ලා කරන අසීමිත කැපකිරීම නිසා තමයි අපි සිංහලෙන් විත්‍රපටි රස විඳින්නේ, ඉතිං අපිට මෙහෙමවත් උදව්ව්වක් කරන්න බැරි නම් අපෙන් ඇති වැඩේ මොකක්ද?
      ජය! :)

  5. chathura

    niyama wedak meka netfix lage patta film ekak.
    sub tank lot

    shaola mokada me tike site slow

  6. G.Umesh

    Niyama sbakatanee upasiraesiya dila thiyene..bohoma sthuthiybsbata

  7. noizce

    Bro me sub eka dwn krna ba bn

  8. dila

    sub eka banna ba ne bn
    Error establishing a database connection
    kiyala watenawa

  9. SriMkv

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    Download Link හොයා ගන්න අමාරු අයට Srimkvඩොට්com Site එකේ Download ලින්ක් දාල තියෙන්නේ

  10. Obama_SL

    sub eka banna ba ne bn
    Error establishing a database connection
    kiyala watenawa

  11. sanju

    sub ganna bane database error kiyala wetenawa ikmanata help ekak denna yaluwane.

  12. Sashiya

    FILM EKANAO PATA SUB EKA DENAKAN BALA IDALA IDALA BERIMA THENA BELUWA,,, SUB EKA DAGENA AYA BALANAWA THANKS SUB EKATA

  13. Imesh

    Site eke kawru hari ADMIN inna kenek meka balannako... dan tika dawasaka idan baiscope eke sub download karanna hari amarui.. Server error ekak enawa Retry Live Page kiyala.. Dan Database Error ekak enawa.. Poddak meka gana hoyala balanna.. Please. Kalin thibba wage site eka develop karanna errors hadanna.. athakota thamai thawath me site eka popular wenne.

    1. sannju

      download karanna vidiyak aththema nedda bn

  14. Sajeewa

    Final Fantasy: The Spirits Within anime eka wage mekam. THANKS SO MUCH

  15. Obama_SL

    sub download karanna behe.

    "Error establishing a database connection"
    me error eka enawa.

    kawru hari meka hadanna..
    Dan nam me site eke loku awul godak thiyanawa..
    tharahawenna epa mewa kiyanawata.

    puluwannam meete masa 5 kata kalin thibunu vidiyata
    me site eka godadanna kawuruhari.

    --mama me site eka mula sitsma indapu kenek--

  16. Dumi

    "Error establishing a database connection"

    sub download karnna ba.

  17. Sisila Prasad

    සබ් එක ගන්න අමාරු අය මට facebook එක හරහා මැසේජ් එකක් දාන්න.(මේ comment එකේ නම උඩ click කරන්න)
    දැන් ඉතිං මෙහෙම කිව්වා කියලා හැමෝම ඉල්ලන්න එපා හොඳේ...මට උදේ ඉඳලා රෑ වෙනකම් වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැ. :D
    උත්සාහ කරලා, බැරිම නම් විතරක් ඉල්ලන්න.

  18. SHANI

    අතිශය සොයා ගැනීමට නොහැකි ඒනම් කොටින්ම කියතොත් සුපිරිම සුපිරිම සුපිරිම සුපිරිම...............චිත්‍රපටියක් ස්තුතියි මේ ඉතා විශිෂ්ට නිර්මාණ ලබාදීම ගැන

  19. Jack

    නියමයි මචන්ලා.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

    1. Harsha

      Mc kolla ubata sub file eka download unda.. puluwan nam mata ewanawada ..

    2. kasun

      ane machn sub eka ewapan

  20. Rajitha

    Thanks machanla......jayawewa......!

  21. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Sajith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  23. Thanuj

    Sub 1 bapu ekek ewaoallako..

  24. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  25. nilupul

    Thanx For the Sub Bros and mata podi deyak danaganna ona.man BRrip witharai godakma balanne.mat dana ganna ona 720P webrip 1ei 720P BRrip 1ei wenasa.danna waddek kiyanna balanna.

    1. Web-බුවා

      netflix, roku, hulu, amazon fire tv සහ තවත් බොහෝ එවැනි ආයතන වලින් දිනපතා නව චිත්‍රපට, ටෙලි කතාමාලාවල කොටස් විකාශය කරනවා. මේ හැම tv chennel එකකම තියෙන විශේෂත්වය තමා අපි නිකං ගෙදර tv බලනවා වගේ ඒවා බලන්න බෑ. අන්තර්ජාල සම්බන්ධතාවයක් අනිවා ඕන ඒවා වැඩ කරන්න නම්, අන්න ඒක හිංදා තමා ඒවා පොදුවේ ඒවාට online streaming services කියලා කියන්නේ, ඒ වගේම නීත්‍යානුකූලව නරබද්දී මසකට මුදලක් වැය කරන්නත් ඕන. සමහර ඒවා free එකෙත් දෙනවා. ඉතිං ඔය සේවා ලබාගන්න සල්ලි තියෙන බුවාලා ඕවා ඔහොම බලන ගමන් සුපිරි tech එක භාවිතා කරලා capture කරනවා. (උන්ගේ යටි අරමුණු ඇති මං ඒවා දන් නෑ) එහෙම capture කරලා ගන්න මුල් පිටපත ඒ කිව්වේ "source" file එක එයාලා ටොරෙන්ට් අඩවිවලට මුදා හරිනවා. ඒ මුල් source file එක තරමක් ලොකුයි. ඉතිං ඒකටත් විසදුමක් තියෙනවා. ඔයාලා අනිවා encode වරු ගැන අහලා ඇතිනේ, දන් නැත්නම් දැනගන්න "ශානිග්" කියන්නේ එහෙම බුවෙක්. ඉතිං ඒ වගේ බුවාලා හෙනට ඉන්නවා. ඒ අය කරන්නේ, අර ලොකු source file එක අරගෙන video/ audio කොලිටි එක බැලන්ස් කරලා අඩු file size එකක් එන විදිහට ඒක encode කරනවා. පස්සේ ලැබෙන අන්න ඒ file එක තමා ඔය web rip කියලා එකී නොකී nick name එක්ක torrent sites වලට එන්නේ, brrip හැදෙන්නෙත් එහෙම තමා. වෙනස කියන්නේ එකේ දී capture කිරිලි නෑ. මුළින් කඩෙන් disk එක අරං, ඒක crack කරලා තනි .mkv file එකකට හදනවා. මුළිකව bluray source වර්ග 2ක් තියෙනවා. හොඳම එක තමා remux source එක. ඒක 15gb -45gb වගේ වෙන්න පුළුවන්. 1080p විතරයි එන්නේ. අනික තමා SPARKS, GEKOS වගේ කට්ටියගේ source එක. 720p /1080p දෙකම තියෙනවා. remux තරම් ගුණාත්මක නොවුවත්, අපි බලන yify, ශානිග් කොපිවලට වඩා x10 විතර හොඳයි. ගොඩක් encodeවරු ඔය sparks ලගේ source එක අරං කලින් කිව්වා වගේම rip එක හදනවා. ඒක තමා brrip එක. අන්න එහෙම හදපු brrip තමා අපි ගොඩක් වෙලාවට බලන්නේ, මට හොඳටම විශ්වාසයි ලංකාවේ film බලන උන්ගෙන් 10% ක් වත් source file එක බාලා film බලන් නෑ කියලා.

      ඔබතුමා ඇහුවේ, webrip 720p සහ brrip 720p අතර වෙනසනේ, brrip එකේ හැම අතින්ම webrip එකකට වඩා උසස් video/audio quality එක පැහැදිලි බව, දිය සලකුණු නොමැති වීම වගේ ගොඩක් වාසී brrip එකේ තියේ. හැබැයි web rip එක නරකයි කියනවා නෙමේ මේ. webrip ගොඩක්ම සුපිරි hdrip hdts වලට එහෙම වඩා.

      මේ ටික කිව්වේ පොරත්වය පෙන්නන්න නම් නෙමේ හොඳේ. ඒ වගේම මේක දැනගත්තා කියලා කාටවත් අනිවා පොරක් වෙන්නත් බෑ. ඒ වගේම මං නම් අනිවා පොරක් නෙමේ. ඒත් මේ විස්තර ටික කාටහරි උදව් වෙයි කියල හිතනවා. කාට වුනත් මොනවිදිහකින් හරි උදව් කරන්න පුළුවන් නම් ඒක නොකර ඉන්න එක මනුස්සකම නෙමේනේ. කවුරුත් එතුමාගේ ගැටලුවට reply එකක් නොදැම්ම නිසයි මං මේ ටික කියන්න හිතුවේ.

      හැමෝටම ජය! :)

      මේ දවස්ටිකේ සබ් බාන්නත් බැරි නිසා ඒකත් නාකම නෑ ඇඟිලිවල හිරි හරි කඩා ගන්න lol. :D

    2. udayanga

      film eke sub eka neti unata kamak ne... me kiyala dunna padama eeta wada godak watinawa.. mama hitanawa film download kalata brrip, webrip, hdrip gena 50%k wat hariyata danne netuwa athi... obata jaya......

    3. nilupul

      Web-බුවා Ubanam Sira Porak Bro..ada kale minihekuta deyak kiyala denna kamathi ewun na machang.man kalinuth dakka oya godak comments walata reply karala thiyanawa.nodanna deyak ahuwama eka kiyala dena ekka patta wedak.e athin uba nikan buwek newei.supiri buwek.man wish karanawa apita sub dena siyalu denawata wagema bro ubata.jayen jaya..
      thawa podi awulak thiyanawa.me film 1eth sub ganna maara gemak denna onane.anith ewageth ehemai.site eke awulakda??

    4. Tharuth Chiranthana

      තද බුවා තද.

    5. Udara Damith B/K

      එල

    6. Web-බුවා

      නියමයි සහෝලා. මටත් හෙන සතුටුයි riply කරලා ස්තූති කරාට. මං කියපු විස්තර ටිකෙන් කවුරු හරි help එකක් ගත්තනම් අන්න ඒක විතරයි මං ලබන එකම සතුට. :) නිලුපුල් සහෝ මං දන්න තරමින් මේක බයිකොප් අඩවියේ main server එකේ මොකක් හරි data error එකක් හින්දා වෙලා තියෙන දෙයක්. ඒක එයලා ඒක පුළුවන් තරම් ඉක්ක්මනින් හදයි. එතකොට ආයේ ලෙසට වැඩ කරයි :P ඔය ගැන තව දැන ගන්න ඕන නම් නියම බුවා තමා අපේ අසංක සහෝ. මොකෑ මිනිහා පරිගණක ඉන්ජිනේරැවරයෙක් නේ :D

      හැමෝටම ජය! :)

  26. chandima gunathilaka

    subtitle download karanna be 503 error kiyala enawoo..

  27. sujith

    Ei bn den sub download kranna beri wenne.sehenna hirath wenawa

  28. Lakshan Sanjaya

    sub eka ewanna fb msg ekak danna.

  29. Dushmantha

    Machanla meke sub aka download karanna denne naha..error akak anawa..any solution???

  30. Web-බුවා

    සිසිල සහෝ කියපු නිසාම ඔන්න මං මේ සබ් file එක cloud එකකට upload කරා. නිලවශයෙන් බාගන්න බැරි අය එතනින් බාගන්න. ඒ වගේම කියනවා මහත්තයෝ මේක දින 7ක් ගිය තැන බඩුම තමා. :D ඉතිං ඉක්මන් කරපල්ලා.

    මෙන්න link එක :

    http://wikisend.com/download/257292/Spectral.2016.Baiscopel…

    1. Oshadi Dushmantha Palansooriya

      Thanks sub ekata

    2. Binendra

      thanx

    3. kasun

      ubnam maru bn web buwa.THNKYOU machan

    4. Vinoth Ashan

      thx bro

  31. Devaka

    Web buwa ubanam ela macho meke sub eka nathuwa baln nathuwa hitiye.thanks mcn

  32. Achala Ayeshmantha Abeykoon

    thanx bro!!!

  33. nidi

    Web buwa, oyage thorathuruwalata mulinma thanks! greek wage thibunu dewalin deka thunak yanthm denagaththa, oyata pin sidu wenna. me tharam generous weema gena gadak pin! thanks.

  34. sunimal

    Wow niyamai saho..meka mata ba ganna baruwa hitiye..Cloud ekata up karapu eka nam miyama wadak.......

  35. Asanga

    ela........................

  36. dewage

    thank wed buwa meka ganna widihak balagana hitiye

  37. Tharuth Chiranthana

    සබ් ඒකට ස්තූතියි.

  38. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට සහෝ

  39. චමින්ද ප්‍රසාද්

    Error වෙනවා සහෝ. සබ් එක බාන්න ගොඩක් අමාරුයි. මම පැය ගානක් ට්‍රයි කලා මේ සබ් එක බාගන්න. ඒත් තාම බැරි උනා.

    1. Anonymous

      WEda ne
      ne

  40. dimuwa

    Thanks machan sub ekata.. web buva.. uba nam deiyek nemei devalayak bn... mokada danne ne sub eka norman down karanna denne naththe ne?

  41. Shafrin

    මේකේ සබ් එක ඩවුලෝඩ් වෙන්නෙ නැහැනේ බ්‍රෝ.

  42. Udara Damith B/K

    2017 අව්රුද්දේම බලන්ඩ හිටියා .
    සුබ අලුත් අව්රුද්දක් වේවා

  43. 47

    මේ කාණ්ඩයට අයත් වෙන film tikak kiyapnko sub thiyanwa awa plz

  44. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..

  46. Udara Cooray

    සබට ස්තූතියි සහෝ

  47. thisan

    thx saho

  48. deleepa

    this is best ever movie i watched. and i think this is the better st movie in the whole baiscope side. i have no words to tell about how this movie is good. thanks for subtitle us yushan and sisil

    1. යුශාන් පියුමාල්

      thank you bro ]

  49. ravindu prabashwara

    Sub එකට thanks සහෝදරයා

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.