ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේ නත්තල් දිනයට සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම දෙනව..පළමුවන එක හොදට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක්,අනික් චිත්‍රපටය ඔයාලගෙ නංගිල මල්ලිලා එක්ක එකතු වෙලා බලන්න වටින ලස්සන නිර්මාණයක්.. මේ පුංචි නත්තල් තෑග්ග ඔයාලටමයි! ELf (2003) | නත්තල් සීයගෙ ගෝලය…! [සිංහල උපසිර…

ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේ නත්තල් දිනයට සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම දෙනව..පළමුවන එක හොදට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක්,අනික් චිත්‍රපටය ඔයාලගෙ නංගිල මල්ලිලා එක්ක එකතු වෙලා බලන්න වටින ලස්සන නිර්මාණයක්..
මේ පුංචි නත්තල් තෑග්ග ඔයාලටමයි!
ELf (2003) | නත්තල් සීයගෙ ගෝලය…! [සිංහල උපසිරැසි සහිතව]
ඔන්න ඔක්කෝටම කලියෙන් අපේ බයිස්කෝප් පිරිවර වෙනුවෙන් අපේ සියලුම පාඨකයින්ට සහ ලෝක වාසී සියලුම දෙනාට “සුභ නත්තලක් වේවා” කියල පතනව! අද අපි දෙන්නෙ නත්තල වෙනුවෙන් හදපු සුපිරි චිත්‍රපටියක්. මේක පවුලේ සැමට හොඳට හිනාවෙවී බලන්න පුළුවන් ලස්සන කථාවක්. අපේ පුංචි නංගිල මල්ලිලටත් නිවාඩු කාලෙදි බලන්න කියාපු චිත්‍රපටියක්.
අපේ කථාවෙ කථා නායකය වෙන්නෙ “බඩී”( Will Ferrell) කියන අපූරු චරිතය. එයා අනාථ නිවාසයක තමයි පුංචි කාලෙ ඉන්නෙ. නමුත් එක නත්තලකදි නත්තල් සීය තෑගි අරං අනාථ නිවාසයට ආපු වෙලාවෙ පුංචි බඩී නත්තල් සීයගෙ මල්ලට රිංගනව සෙල්ලමට. නමුත් නත්තල් සීය ඒ බවක් දන්නෙ නැහැ. උත්තර-ධ්‍රැවයට ඇවිල්ල තමන්ගෙ ගෝලයොත් එක්ක ඉන්නකොට තමයි දැනගන්නෙ මේ පුංචි බබා මල්ල ඇතුලෙ ඉඳල කියල. එතන ඉඳල බඩී හැදෙන්නෙ වැඩෙන්නෙ එහෙ පරිසරයට අනුව. ඔහුව එහෙදි හදාගන්නෙ ‘පප්ප’ කියන තවත් මහළු නත්තල් සීයගෙ ගෝලයෙක්. නමුත් කොහොමෙන් කොහොමහරි බඩී ඔහු මෙහෙට අයිති නැති බව තේරුම් ගත්තට පස්සෙ, ඔහු ඔහුගෙ සැබෑ පියා වන වෝල්ටර් හොබ්ස් හොයාගෙන නිව්යෝර්ක් නගරයට එනව. නමුත් ඔහුගේ සැබෑ පියා තමාට මෙහෙම පුතෙක් ඉන්න බවක් ගැන දන්නෙ නැහැ. ඉතින් ඔහු තාත්ත හොයා ගන්න පුදුම කට්ටක් තමයි කන්නෙ. ඒ වගේම බඩී කවදාවත් මීට කලින් මිනිස්සු ජීවත් වෙච්ච පරිසරයක ඉඳල නැති හින්ද හරි හරි වැඩ තමයි ඔහුට එහෙදි සිද්ද වෙන්නෙ. බඩී තමන් ආපු කාරණේ ඉෂ්ඨකරගෙන නත්තලේ සැබෑ අරුත මිනිස්සුන්ට ඒත්තුගන්වන හැටි දැකගන්න හැමෝම මේක බාගෙන බලන්න.
මෙහි ප්‍රධාන නළුව හැටියට රඟපාන්නෙ The Other Guys, Land of the Lost, Step Brothers චිත්‍රපටිවවල ප්‍රධාන විකට චරිත රඟපාපු අපි කවුරුත් දන්න Will Ferrell. හැමෝම මේක රසවිඳීවි කියල බලාපොරොත්තු වෙනව. සැමට සුභ නත්තලක්!
(කොමෙන්ටුවකුත් කොටල යන්න අමතක කරන්න එපා ඕං :-D)
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොබින් හුඩ් (ලහිරු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
The Flight Before Christmas (2008) | නත්තලට පියාසැරියක්…! [සිංහල උපසිරැසි සමඟ]
නීකෝ කියන්නේ පුංචි පිණිමුව පොව්වෙක්. එයාගෙ තාත්තා නෑ. අම්ම විතරයි ඉන්නේ, ඇයි හොඳ යාළුවෙක් වගේම ආරක්ෂකයෙක් විදිහට එයා ගාවම ඉන්න තවත් එක්කෙනෙක් ඉන්නවා. ඒ තමා ජුලියස්! හම්බාවෙක්! නිකෝට දුකට සැපට ඉන්නේ මෙයා තමයි. නීකෝගේ අම්ම කියන කතාවෙ හැටියට නීකෝගෙ තාත්තා නත්තල්-සීයගේ පියාඹන පිණිමුව පංතියේ සාමාජිකයෙක්. ඉතිං නීකෝත් හිතනවා එයාටත් දවසක තාත්ත වගේ පියාඹන්න හැකි වෙයි කියලා. නීකෝගේ එකම හීනය පියාසරණ පිනිමුවෙක් වෙන එක. නීකෝගේ මේ හිතුවක්කාර වැඩ නිසා එයා අයිති පිණිමුව රැලත් කරදරේ වැටෙනවා.
කොච්චර උත්සහ කළත් හරියන්නේ නැති තැන නීකෝ යනවා තාත්තා හොයාගෙන, පියාඹන්න ඉගෙනගන්න. ඉතිං මේ අතරේ නපුරෝ කට්ටියක් කරන භයානක කුමන්ත්‍රණයක් ගැනත් එයාට දැනගන්න ලැබෙනවා. එයාලා අර-අඳින්නේ නත්තලේ සතුට විනාශ කරන්න.
නිකෝට පුළුවන් වේවිද නත්තල් සීයව බේරගන්න? එතකොට එයාගෙ හීනෙ හැබෑ කරගන්න? ම්ම්ම්.. තාත්තව හොයාගන්න? මේ ඔක්කෝම දේවල් එයා කරනවා. කරන හැටි බලන්න ඕනෙද?
මෙන්න මේ නත්තල් තෑග්ග ඔයාලටමයි! මගහරින්නෙපා!!.
හැමෝටම සුබ නත්තලක් උදාවේවා!!!!!

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
6,248 downloadsDownload Elf-2003-The.Flight.Before.Christmas-2008.zip87 KB
Subtitles
85 comments
Waruna WSMC
Waruna WSMC
Nice නත්තල් තෑග්ග Thanks Baiscope
Lakshitha
නියම නත්තල් තෑග්ගක් වගේ... බොහොම ස්තුතියි... සුබ නත්තලක් වේවා හැමෝටම.......!!!!
Suwanda
උනු උනු බඩු, ස්තුත්යි සහෝ !!!
Derange Hermit
හැමෝටම සුබ නත්තල් !!
බොහොම ස්තුතියි රොබින්හුඩ්(ලහිරු)ට හා උදා සොහොයුරන්ටවිකියා
මෙන්න නත්තල් තෑගි....මැක්සා ආ.....රොබින් සහෝටත් උදා සහෝටත් ඉස්තූතියි නියම බයිස්කෝප් දෙකක්ම සිංහල උපසිරසත් එක්කම දුන්නට....
~අපේ මිතුරු මිතුරියන් හැමටම සුභම සුභ නත්තලක් ප්‍රාර්ථනා කරන්නම් ~
♪♫•*¨*•.¸¸❤¸¸.•*¨*•♫♪
Danuka
elaaa
Iresh
Maru Maru, me sere 2kma thiyanawa... Thank you "Robbin" and "Uda". Apith Banna demma.
Katathma "Subama Suba Naththalam Wewa "...
sameera S.rajapaksha
හැමෝටම “සුභ නත්තලක් වේවා” !!!
ස්තුත්යි ....AKILA
නියමයි රොබිහුඩ් එල ෆිල්ම් 2 අක්
Ranesh
ela eal thanks sahoo merry christmas
thush
සුභ නත්තලක් වේවා.............!
Anonymous
හැමටම සුභම සුභ නත්තලක්
කෙමා
බයිස්කොප් අයියලට සුභම සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා.. නත්තල් බයිස්කෝප් දෙකටම ස්තූතියි...!
gwsk
thanks very much..merry christmas..sinhala sub walata thanks ..jayaweewa... Roily nidida..
Ramraj
සුභම සුභ නත්තලක් හැමෝටම. අද දවසම ඉතිං බාන්න තමා වෙන්නේ.
Tharindu Sasalanka
හැමෝටම සුබ නත්තල් !!
Mamath banna dammoooooooooooooමද්දු
බොහොම ස්තුතියි.
අද නන් දෙගුනයක් කොමෙන්ට් වැටෙයි.gayan
ela ela .. nice movies.. Merry Christmas!!!
lakmal
සුබ නත්තලක් ...!
බොහෝම ස්තූතියි !KriSh
සුබ නත්තලක් වේවා!! සුබ නත්තලක් වේවා බයිස්කෝප් සැමටම!!!බොහෝම ස්තූතියි ෙම් ෆිල්ම් 2ටම.
Tharindudoo
බොහෝම ස්තූතියි බයිස්කෝප්,,
film 2ම බානවා,,
හෑමෝටම සුභ නත්තලක් වේවා!handa
hureeeeeeeeeeee
uda
මාරයි බයිස්කෝප්!
මේකනම් නියම තෑග්ගක්ම තමා. කිසිකෙනෙක් නොහිතපු දෙයක්!
ඉතිං රොබින්හුඩ් සහෝ නත්තල වෙනුවෙන් අපට සිංහල සබ් එක්ක මූවී එකක් තෑගි කරන්න ඔයා ගත්ත මහන්සියට බොහෝමත්ම ස්තූතියි.නත්තලේ සතුට බෙදාගන්න අපේ බයිස්කෝප් යාළුවන්ටත් මේක හැබෑම පුදුමයක් වේවි.
ඉතිං බයිස්කෝප්; ඔයාලට ස්තූතියි.
ඒවගේම කොමෙන්‍ටුවක් දාන-නොදාන හැමෝටමත් ස්තූතියි!
ඉතිං මේ නත්තල සතුටින් ගතකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.සියලු දෙනාටම අසිරිබර නත්තලක් උදා වේවා!!!
බයිස්කෝප් වෙබ් අඩවිය දින දින වැජඹේවා!!!(මමනම් ක්‍රිස්තියානි ආගමිකයෙක් නෙවෙයි. ඉතිං මම නත්තල් ගන්නේ නැතිවුණත් මේක තමා මම ගෙවන සතුටුම නත්තල)
Roshan
Naththal siyagen wath thaggak nolabuna eke meka maxxama thaggak thama thanx biscope.....
NmL
Ela ela
Bohoma sthuthi.
Onna banna patan gaththachanaka
සුබ නත්තලක් වේවා............
නත්තල් තෑගි 2ම දුන්නට ස්තූතියි.....රොබින්හුඩ්
නත්තලට අපෙන් තෑග්ගක්!!!
එකම දවසෙ සිංහල උපසිරැසි දෙකක් :-D මේක නම් සැබෑම නත්තල් තෑග්ගක් තමයි. මටත් පුදුමයි :-O ජය වේවා බයිස්කෝප්
අපේ උදා සහෝටත් බොහෝම ස්තූතියි !!! ජය වේවා සහෝ...
මමත් කිතුනුවෙක් නොවුනට උදා වූ මේ නත්තල
සැමට සුභ නත්තලක් වේවා කියල පතනව!!!ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි !
AL1717
Thanks Wewa Film Dekatath Sub Dekatah
Api Wenuwen Mahansi Wela Karapu SUb Walata Bohoma Sthuti Kiyana Gaman Onna mamath Ba Gannawa
Jaya Wewaaa ...!!!
Happy Christmas All!!!!
Kasun.D
ෆිල්ම් දෙක නම් නියමයි!
මම කිතුනුවෙක් නොවුනට උදා වූ මේ නත්තල
සැමට සුභ නත්තලක් වේවා කියල පතනව!!!nayana
Thanks for 2 movies.
Udaya
සුබ නත්තලක් වේවා හැමෝටම……! thanks film 2katama saho.......
javinda lakshan
film aka baghanna damma. film aka lassni keyala hethanava. oyatah suba nathalak veva. biscope team akath subama suba nathalk veva. film aka balala. thava comment 1k dannam. jaya veva.
sandaru
happy christmas! baiscope set ekata.film 2 nam elakiri.thanks.
රනා
සුබ නත්තලක් වේවා.....
Akalanka Yapa
ෂා... දැන් බයිස්කෝප් එක මාරයි නේ.. දවසට දෙක ගානෙ දෙනවා.. රොබින් හුඩ් සහෝටත් උදා සහෝටත් බොහෝම ස්තුතියි අපිට සිංහල සබ් එක්කම ෆිල්ම් දෙක දුන්නට....
ඔයාලා ඔක්කොටම සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා! :)විජය
සුභ නත්තලක් වේවා!අද බයිස්කොප් 2ක්ම දිලනෙ. elf නම් tv එකෙ ගියා වගෙ මතකයි.අනෙක නම් බාගෙන බලන්න ඔනි.
navo
“සුභ නත්තලක් වේවා"!
Tnx 4 nice two films.suranga
මචන් උබට ගොඩක් පින් සින්හලෙන් සබ් එක්ක ෆිල්ම්ස් දෙනවට....උබගෙ සයිට් එක සුපිරියි ආ....
manoj
Thanks machan patta mama hoyahoya hitiye meka sub ekka
matath asai sinhala sub movie ekakata danna mama try kala habai hari giye nae help ekak denna puluwannam loku udawwak......
Anonymous
Thnx.......Merry chrismas for all....................!!!!!!!!!!!
Kasun
Thnx.......Merry chrismas for all....................!!!!!!!!!!!
dedu
th'x 4,bro,
Anuradha
thanks.wish you all for merry chrismas.i also hope to add sinhala sub for movie and work is ongoing hope to add it very soon
Anuradha
manoj i can help you if you like add another comment to this
Prasanna
Thku wewa niyama gift ekak
wappula
thank you oyala okkotama.
රොබින්හුඩ්
@Waruna WSMC අද මුලින්ම කොමෙන්ට් දෙකක්ම දාල තියෙන්නෙ.බොහොම ස්තූතියි සහෝ. ජය වේවා
@Lakshitha සුභ නත්තලක් වේවා සහෝ...බොහොම ස්තූතියි!
@Suwanda ඔන්න අත එහෙම පුච්චගන්න එපා උණු හින්ද:-D බොහොම ස්තූතියි!
@Derange Hermit හම්මේ! තැන්කූ වේවා...සුභ නත්තලක්
Ravinrosh
බයිස්කෝප් කණ්ඩායමට සුබ නත්තලක් වේවා..!!!!
තැන්කු රොබින් තැන්කූ උදා..රොබින්හුඩ්
@විකියා ඒකනෙ කියන්නෙ සහෝ.. උදා සහොයි මායි දෙන්නගෙන්ම තෑගී දෙකයි! :-D බොහොම ස්තූතියි සහෝ!
සුභ නත්තලක්!@Danuka බොහොම ස්තූතියි සහෝ...
@Iresh බාගෙන බලන්න සහෝ. ලස්සන කතා දෙකක්ම දීල තියෙන්නෙ අද!!!
@sameera S.rajapaksha බොහොම ස්තූතියි සහෝ. සුභ නත්තලක්!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ela Movie1ka Thanks