Watch Trailer

CIA: Comrade in America (2017) With Sinhala Subtitles | සහෘදයෙකුගේ ප්‍රේම චාරිකාව..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කාලයේ ඉහළ වර්ධනයක් පෙන්වපු ශ්‍රී ලංකාවේ මලයාලම් රසිකත්වයේ බොහෝමයක් දෙනෙකුට මලයාලම් චිත්‍රපට නැරඹීම පුරුද්දක්,ඇබ්බැහියක් බවට පත් කරපු ඒ සිනමා චරිතය,DQ-Dulquer Salmaanගේ මේ අවුරුද්දේ පලවෙනි වෙඩිමුරය Jomonte Suvisheshangal (2017) විදියට ජනවාරි මාසයේදී නිකුත් කෙරුනා.ඉන්පස්සේ හැම මලයාලම් රසිකයෙක්…

පසුගිය කාලයේ ඉහළ වර්ධනයක් පෙන්වපු ශ්‍රී ලංකාවේ මලයාලම් රසිකත්වයේ බොහෝමයක් දෙනෙකුට මලයාලම් චිත්‍රපට නැරඹීම පුරුද්දක්,ඇබ්බැහියක් බවට පත් කරපු ඒ සිනමා චරිතය,DQ-Dulquer Salmaanගේ මේ අවුරුද්දේ පලවෙනි වෙඩිමුරය Jomonte Suvisheshangal (2017) විදියට ජනවාරි මාසයේදී නිකුත් කෙරුනා.ඉන්පස්සේ හැම මලයාලම් රසිකයෙක්ම වාගේ මොහුගේ මේ වසරේ දෙවෙනි වෙඩිමුරය වන මේ ෆිලුම එනකල් ඉතාම නොඉවසිල්ලෙන් තමයි හිටියේ.සිනමාශාලාවල මැයි 19 පත්තුවෙන මේ වෙඩිල්ල අන්තර්ජාලයේ පත්තුවෙන්නේ මීට සතියකට ආසන්න කාලයේදී.කොහොමහරි ප්‍රමාදයක් කියන්නම බැරි සුළු ප්‍රමාදයකින් පස්සේ බයිස්කෝප් අඩවියෙන් ඒ වෙඩිල්ල මේ විදියට අද පත්තුවෙනවා! Action, Adventure, Comedy ප්‍රභේද ඔස්සේ වර්ගීකරණය වන මේ ෆිලුම මේ වෙද්දී දහසකට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින් ඉහළම IMDb අගයක් ලබලා තියෙනවා.ඒ වගේම ඉන්දීය කෝටි 35ක බොක්ස් ඔෆිස් ආදායමක් ෆිලුම ලැබුවා කියලා තමයි වාර්තාවෙන්නේ.ඒ වගේම මේක ඉන්දියාවේ,ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ රූපගත කරලා තියෙනවා.

ෆිලුමේ කතාව නම් වැඩිය කියන්න ඕනේ නැති වෙයි කියලා හිතනවා! කොහොමවුනත් පොඩි ඉඟියක් දෙන්නම්.අජී මැතිව් කියන්නේ වාමංශික කොමියුනිස්ට් අදහස් දරන තරුණයෙක්.තමන්ගේ තාත්තා ධනවාදී දේශපාලන පක්ෂයක් වෙනුවෙන් වැඩ කලත් මෙයා වාමාංශිකයෙක් විදියට තමන්ගේ ගමන තනියම ඉදිරියට ගෙනියනවා.දේවල් මේ විදියට සිද්දවෙන අතරේ මෙයාට තමන්ගේ පෙම්වතියව බලන්න ඇමෙරිකාවට යන්න සිද්දවෙනවා.ඒත් ඒ දේ ලේසිවෙන්නේ නම් නෑ .මේ වගේ සිද්දි එක්ක තමයි ෆිලුම ඉදිරියට යන්නේ.

2013 වසරේදී තිරගතවුන DQගේ Neelakasham Pachakadal Chuvanna Bhoomi කියන ෆිලුමේත් තියෙන්නේ එයා කේරලයේ ඉඳලා තමන්ගේ පෙම්වතිය හොයාගෙන නාගලන්ඩ් වලට යන සිද්දියක් ගැන.මේකෙදිත් මෙයා තමන්ගේ පෙම්වතිය හොයගෙන තමයි යන්නේ,හැබැයි ඒ ඇමෙරිකාවට.දෙකේම ඒ සිද්දිය නම් සමානයි.කොහොමවුනත් ෆිලුම් දෙක නම් හාත්පසින්ම වෙනස්.ඒ ෆිලුම නොබලපු අයටත් ඒක බලන්න කියලා මතක් කරනවා.මේ අතර අවසාන වශයෙන් තවත් දෙයක් මතක් කරන්න තියෙනවා.පහුගිය දවස්වල මලයාලම් ෆිලුමකින් අඩවියට නොආවට මලයාලම් ෆිලුම් ගැන අමතක වෙලා නම් නෑ .ඉස්සරහටත් එන හොඳ මලයාලම් ෆිලුම් හැම එකක්ම ඔයාලට බයිස්කෝප් අඩවියේ අපි කාගේ හරි උපසිරැසිකරණයෙන් බලන්න පුළුවන් වෙයි.මලයාලම් ෆිලුම් බොහොමයකට තිබුන පෞද්ගලික කැමැත්ත නිසාමයි ඒවා උපසිරැසි කරන්න ඕනේ කියලා තෝරාගත්තේ.කොහොමවුනත් පස්සේ මගේ කැමැත්ත ගැන හිතන්නෙත් නැතුව ඉඩකඩ තිබුන විදියට ආපු හැම මලයාලම් ෆිලුමකටම වගේ කොහොමහරි උපසිරැසිය අරගෙන ආවා.මොකද මලයාලම් උපසිරසිකරණයට අඩවියේ ඉන්නේ කිහිපදෙනෙක් විතරයි.නමුත් හුඟ දෙනෙක් අලුත් ෆිලුමක් ආවාම ඒකට උපසිරැසි ගේන්න කියලා ඉල්ලුවාම ඒක නොකර ඉන්නත් අමාරුයි.ඒ සමහර ෆිලුම්වලට පෞද්ගලිකව මගේ වැඩි කැමැත්තක් නොතිබුනත් සමහර ඒවගේ නොහිතපු විදියට සෑහෙන බාගත කිරීම් ප්‍රමාණයක් තිබුනා.ඒ කොහොමවුනත් මේ දේවල්වලට ලැබුන අදහස් දැක්වීම් ප්‍රමාණය ගැන හිතේ පොඩි දුකක් තියෙනවා.SPD,අපේ සහෝදරයා එයාගේ කලින් ලිපියක කිව්වා වගේ කමෙන්ට් බලාගෙන උපසිරැසි නොකලත් උපසිරැසියකට ලැබෙන එක හිතට වදින කමෙන්ට් එකක් ඇති තව දහයක් උපසිරැසි කරන්න බලගැන්වීමක් ගන්න.නමුත් උපසිරැසිය බාගන්න එහෙමත් කෙනෙක් තමයි ස්තුතියි කියලා හරි කමෙන්ට් එකක් දාගෙන යන්නේ.ඇත්තටම උපසිරැසියත් නිකන් දීලා කමෙන්ටුත් ඉල්ලගෙන ගන්න අපි කිසිකෙනෙකුට වුවමනාවක් නෑ .නමුත් මේ විදියට ඉස්සරහට ගියොත් මේ උපසිරැසි කරන එක හැමෝම නවත්තලා දායි.ඒ දේ සිද්දවෙනවට අපි කවුරුත් කැමති නැති නිසා මේ කමෙන්ට් අඩු කතාව හැම ලිපියක් අවසානයේම මතක් කරන්න වෙලා තියෙනවා.

ඉතින් ඒ දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්න කියලා උපසිරැසිය බාගෙන යන හැමෝටම මතක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු,එතෙක් ඔබට ජය!

 

 

 

CIA: Comrade in America (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Comrade in America (2017) Malayalam DVDRip x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

21,461 downloadsDownload Comrade-in-America-2017.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු රසාංග

Subtitles

21,461 downloadsDownload Subtitles63 KB

90 comments

  1. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!!

  2. Hemantha De Silva

    ස්තුතියි තරිඳු..
    ස්තුතියි බයිස්කෝප්...

    කරන මෙහෙවරට වගේම කැපවීමටත්.

  3. Gayan

    download krnn ba sub eka 404 error page not found admins please check the url again

  4. yukthi sudheera

    නියමයි යාලු.... ඔහොම කරගෙන යමු ඉදිරියටත් ....

  5. Mithun

    කමෙන්ට් නම් මොකටද සහෝ ඩව්න්ලොර්ඩින් මදැ සතුටු වෙන්නම
    එකෙන්ම පෙනව ගොඩ පිරිසක් ඉන්නව කියල . මගෙ නම් පුද්ගලිකව පුරුද්දක් හොද උපසිරැසියක් බලපුම එ කෙනාව දිරිමත් වෙන්න හරි කමෙන්ට් එකක් දාන එක. මොකද වටින දෙට වටිනව කියන්නම ඔනෙ නැති නම් නෑම තම එකත් එකෙන්ම කියනව..
    ඔයාගෙ චිත්‍රපට මෙතෙක් දුන්න සෙට් එකම නොම්බර එක .
    සුපිරි ෆිල්ම් ටිකක් දුන්නෙ .ඔක්කම 720 ම ඩව්න්ලොර්ඩින් දාල බැලුවෙ.
    කරන වැඩෙට ගොඩක් ස්තුතියි .
    මෙ ෆිල්ම් එකක් ගන්න ඔන කියල හිතෙනව මෙ ඇක්ටර් ගෙ චිත්‍රපට සුපිරි නිස. සබ් එක ගත්ත ඔං ජය ....

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. Naveen Lakshan

    සබ් එක 404 Error එකක් වැටෙනවා Download කරන්න බෑ නේ තරිදු සහෝ

    සබ් එකට බොහොම පින්

  8. රංගික සිනෙත් කාරියවසම්

    තරිදු රසාංග සහෝ බොහොමයක් පිං සහ ⁣හිත පතුලෙන්ම ස්තුතීයි ඔබට.අපට සබි එක මෙි තරමි ඉක්මනට දුන්නට .සියලුම වැඩ පසෙකලා අපි වෙනුවෙන් ඔබ දරපු කැපකිරීමට අපි ගොඩක් ණය ගැතියි. සබි කරන්න කන කටිට පෞද්ගලිකවම මම හොදටම දන්නවා.ඒ නිසාම කියනවා සහෝ ඔබෙි ඉදිරි ජීවිතය වඩා සාර්ථකත්වය පත්වේවා කියලා.

    C.I.A ෂුටි කරන දවස්වල ඉදලා බයිස්කෝප්එක රිලීස් වෙනකම්ම බලන් හිටපු ෆිලුමක් මේ.ඒ තරමි අපි කැමැත්තක් තියෙන්නෙ Dulquer ට.තවත් ඉදිරියට එන්න ති⁣යෙනවා Parava
    Solo
    Mahanati කියන ෆිල්ම් සෙටි එක.ඒවා ඉදිරියට බලමු.

    පෙරේදා ටැමිල්රොකර් එකට ආවා ෆටිටම ෆිලුමක් . Achayans (2017) Malayalam පුලුවන් නමි ඒකටත් සබ දෙන්න සහෝ. ඒකත් බයිස්කෝප් එකේ තියෙන්න ඔිනිම ෆිලුමක් විදියටයි මම දකින්නෙ.
    එහෙනමි ජයවෙිවා ......

  9. rangika Kariyawasam

    තරිදු රසාංග සහෝ බොහොමයක් පිං සහ ⁣හිත පතුලෙන්ම ස්තුතීයි ඔබට.අපට සබි එක මෙි තරමි ඉක්මනට දුන්නට .සියලුම වැඩ පසෙකලා අපි වෙනුවෙන් ඔබ දරපු කැපකිරීමට අපි ගොඩක් ණය ගැතියි. සබි කරන්න කන කටිට පෞද්ගලිකවම මම හොදටම දන්නවා.ඒ නිසාම කියනවා සහෝ ඔබෙි ඉදිරි ජීවිතය වඩා සාර්ථකත්වය පත්වේවා කියලා.

    C.I.A ෂුටි කරන දවස්වල ඉදලා බයිස්කෝප්එක රිලීස් වෙනකම්ම බලන් හිටපු ෆිලුමක් මේ.ඒ තරමි අපි කැමැත්තක් තියෙන්නෙ Dulquer ට.තවත් ඉදිරියට එන්න ති⁣යෙනවා Parava
    Solo
    Mahanati කියන ෆිල්ම් සෙටි එක.ඒවා ඉදිරියට බලමු.

    පෙරේදා ටැමිල්රොකර් එකට ආවා ෆටිටම ෆිලුමක් . Achayans (2017) Malayalam පුලුවන් නමි ඒකටත් සබ දෙන්න සහෝ. ඒකත් බයිස්කෝප් එකේ තියෙන්න ඔිනිම ෆිලුමක් විදියටයි මම දකින්නෙ.
    එහෙනමි ජයවෙිවා ......

  10. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  11. Chathura

    බොහොම ස්තූතියි සබ් එකට..ජය !!

  12. Naveen Lakshan

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  13. Chathura Perera

    supiri bn elama tamai.
    thanks...

  14. rasanga

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.

  15. Lahiru

    Tharindu uba nm ela aaa...filumath baagena balagena hitiye sub denakan...solo kiyala dq ge fulumakuth awa...suba demu...devi pihitai

  16. chathura

    thank you

  17. සිසිල ප්‍රසාද්

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ. තවත් සුපිරිම මලයාලම් චිත්‍රපටයක් විදියට මේක හඳුවන්න පුළුවන්. ලොකු දෙබස් ප්‍රමාණයක් තියෙන මේ වගේ චිත්‍රපටයක් ඉක්මණට අරගෙන ආවට බොහොම ස්තුතියි. කමෙන්ට් ගැන නම් කතා කරලා වැඩක් නැහැ, සහෝ. අන්තිමට මේ ගැන කියන අපි තමයි වැරදි කාරයෝ වෙන්නේ. අන්තිමට අපේ හිත්ම තමයි රිදෙන්නේ. සමහර අය හිතාගෙන ඉන්නවා අපි මේක කරන්න ලියවිලාම ඉන්නවා කියලා. බැනලා දාන කමෙන්ට් දිහා බැලුවාම ඒක හොඳටම පේනවා. තවත් සමහර අයට කමෙන්ට් එකක් දාන්න වෙලාව නැහැලු. අපිට තමයි පැය ගණන් වෙලාව නාස්ති කරගෙන සබ් කරන්න වෙලාව තියෙන්නෙ. අනිත් අයට කමෙන්ට් එකක් දාන්න විනාඩියක් වැයකරන්න බැහැ. හැමදාම කමෙන්ට් එකක් දාන හිත හොඳ කීපදෙනා නොහිටින්න මෙච්චර දුර ගමනක් එන්න වෙන්නේ නැහැ. මේ හැමදෙයක්ම අමතක කරලා මේ වැඩේ දිගටම කරගෙන යමු සහෝ. උපසිරසියක වටිනාකම දන්න, උපසිරසියක් කරන්න කොච්චර මහන්සියක් වෙන්න ඕනෙද කියලා දන්න මිනිස්සු කමෙන්ට් එකක් දාගෙන යාවි. එහෙම දන්නේ නැති අය හිමින් සැරේම ඇවිල්ලා සබ් එකත් අරගෙන යාවි. වැඩේ අතාරින්න එපා. දිගටම කරගෙන යමු. ජය!!!

    1. සෝමපාල

      මූ මෙතනත් කමෙන්ට් හිඟා කාලා.. ලැජ්ජයි යකෝ

    2. සිසිල ප්‍රසාද්

      මෙන්න ආතක් පාතක් නැති එකෙක්ට රිදිලා. හොඳ දෙයක් අගය කරන්න එබෙන්නේ නැති කීබෝර්ඩ් එකේ බොත්තම් මේ වගේ එවුන්ට එබෙන්නේ මේ වගේ දේවල් වලට තමයි. තමන්ගේ හරි නමින් ඇවිල්ලා විවේචනයක් කරන්න බැරි තරමටම කොන්ද පණ නැති එකෙක්. ලොකු මානසික ලෙඩක් තියෙනවා කියලා පෙනුනා තැන් කීපයකම දාලා තියෙන කමෙන්ට් දිහා බැලුවාම. පව් ඉතිං, මේ වගේ එවුන්ට අපි අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නම් නැහැ. තව මොනවහරි මේ වගේ කමෙන්ට් ටිකක් දාලා ඔය අසහනය ටිකක් අඩුකරගන්න බලන්න.

    3. Prabash

      සහතික ඇත්ත සිසිල අයියේ....මමත් ඔයාලාගෙ සබ් වලාන් තමා බලන තරමක් ෆිල්ම් බලන්නේ...ඒත් ඇත්තටම මමත් වැඩිය කමෙන්ට්ස් දනේනෙ නෑ...තරහ වෙන්න එපා......ඔයාලා නිසා අපිට කවදාවත් බලන්නවෙන්නැති ෆිල්ම් බලන්න පුලුවන් දැන්.ඒකට ගොඩක් පින්.එක එක බල්ලො බිරැවට ගනන් ගන්න එපා...ඔයාලගෙ වැඩෙි ඔයාලා කරන්න.අපි ඉන්නවා ඔයාලත් එක්ක.බයිස්කෝපුවට ජය වේවා......

  18. prabath uadayanga

    ඇත්තටම සහෝ ඔයා කරන මේ කටයුත්තට ගොඩක් ස්තුතියි.ඉදිරියටත් තව තවත් අපට මේ ආකාරයෙන් ෆිල්ම් වල උපසිරැසි ලබාදෙන්නට පුලුවන් නම් ඒක අපි හැමෝටම කරන ලොකුම උපකාරයක් වේවි.

  19. shasith sandaruwan

    උපසිරැසියට බොහොම ස්තූතියි තරිඳු. මේක නම් ඔන්න දැන්ම බාගත්තා. අනිවා බලනවා. කමෙන්ට්ස් ගැන නම් කියලා වැඩක් නෑ. 50ට එහා වැටෙන්නෙත් කළාතුරකින්. මොනා වුනත් දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  20. thisal

    ස්තූතියි

  21. sumed

    උපසිරැසියට ස්තූතියි.තව තවත් උපසිරැසි කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා...!!!!

  22. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට.
    ජයෙන් ජය.

  23. udara

    ela mcn thanks sub akata............

  24. widuranga

    elama brooooo
    digatama sub denna

  25. sam

    Thanks...machan meka baiscope 1 danakanmai hitiye....

  26. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. මලයාලම් නං ඉතිං kickම තමා. එල එල.

  27. rangika Kariyawasam

    තරිඳු සහෝ ෆිලුම බැලුවාම අයෙ කමෙන්ටිස් නොකර ඉන්න බැරි උනා.
    ලෙසටම සබ කරලා තියෙනවා ෆටිටයි සහෝ.⁣...එලමා...

    ලාල් සලාම්...........

  28. DILRUK LAHIRU

    elzzz digatama sub demu.....................

  29. sunimal

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට malayalam film එකක් නම් අනිවාර්යෙන් බලනවා හැබැයි ෆිල්ම් එක ගැන ලියන කියන ලිපිය අනුව තමයි බලන්න වෙන්නේ කාර්ය බහුලත්වය නිසා හැම ෆිල්ම් එකක්ම බලන්න අමාරුයි සමහර වෙලාවට ෆිල්ම් එක බැලුවට සබ් එක ඩවුන්ලෝඩ් කලාට කමෙන්ට් එකක් දාන්න අමතක වෙන වෙලාවල් තියෙනවා උපසිරසිරන ඔයාලගේ ආසාව තමයි අපේ කමෙන්ට් එකක් කියවන 1 ඔයාල කරන මේ සේවය ගොඩක් අගය කරනවා දිගටම කමෙන්ට් කරන්න බැරි උනාට ඔයාලත් එක්ක හැම වෙලේම ලොකු ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියලා අමතක කරන්න එපා

  30. chamal

    බොහොම ස්තූතියි සබට..

  31. LaPaT

    ජයවේවා

  32. yohan sewwanda

    ela bro

  33. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  34. Dilshan sanjeewa

    Super bro elaaaaa

  35. Dilshan sanjeewa

    Sub ekata tnxxx

  36. Kulanjana Maduranga

    niayamai…supiri filumak ne bassala thiyenne....thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. Gayan

    sub ekata thank's saho. jayawewaa!

  38. Rimesh DIlshan

    Sub ekata thanx bro....
    Superb........

  39. SPD

    ඔයා කලින් උපසිරසි දුන්නු Ninnu kori(2017) ෆිලුමත් බැලුවා.
    ඒ ලිපියේ මේකටත් උපසිරසි දෙනවා කියල තිබුන නිසා
    මේ සති අන්තේ පුරාවටම මේ පැත්තට ආව වාර නම් අනන්තයි.
    මෑත කාලේ එක ෆිලුමක් Target කරගන බයිස්කෝප් එක පැත්තේ ආව නම්
    වැඩිම වාර ගානක් ආවේ DQගේ CIA ෆිලුම වෙනුවෙන් තමයි.
    මම නම් හිතුවේ තරිඳු සහෝ මේ සති අන්තෙම උපසිරැසිය දෙයි කියල.
    උදේ වැඩට ගියපු ගමන් නිකමට වගේ බයිස්කෝප් එකට ගිහින් බලනකොට
    තමයි මේක දැක්කේ. හෙට දවස නිවාඩු කියල මතක් උනාම මාර හැපී.
    හෙට වෙනකන් ඉවසන්න බෑ දැන්ම බලන්න ගන්න ඕන.
    සිංහල උපසිරසියක් එක්ක අපිට සුපිරි මලයාලම් ෆිලුමක් රස විඳින්න ඉඩ ලබා දුන්නට
    තරිඳු සහෝට ගොඩක් ස්තුතියි. ඉදිරියටත් මෙවැනි අනර්ඝ නිර්මාණ සඳහා උපසිරසි
    කරන්න වැඩි වැඩියෙන් කාලය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඔන්න...
    නැවත වාරයක් සබට බොහොම ස්තුතියි...
    සබ ගන්න එන කට්ටියට කියන්නේ. අරගන නිකන්ම නොයා උපසිරසි කරුවා
    දිරි ගන්වන්න වචන කීපයක් කොටලා යන්න අමතක කරන්න එපා.
    මොකද ඒක මත තමයි තීරණේ වෙන්නේ අපිට ලැබෙන සිංහල උපසිරසි ප්‍රමාණය...
    ජය වේවා....!!!!

  40. Ruwan Kasun Madhuranga

    Sub akata thank you sahooo..Best of Luck...!

  41. Lushan Kuruppu

    Thank you bro! keep it on!

  42. Samitha

    Sub ekata thanku wevaa!

  43. Dinu

    thank you saho

  44. tharuka priyadarshana

    Thanks saho sub ekata.....

  45. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  46. Janaka J

    Niyamai

    Meka enakam balagena hitiyea

    Thank you very much

    1. Kavindu W

      ස්තූතියි !!!!

  47. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  48. gayan Rathnayaka

    elakiri broooo fatta pairi filumakne idiriyata upasiresi karanna broo kawruth kiyana dewal ganan ganna epa mokada oyala karanne loku sewayak mekata padiyak hambenne ne thamai ewnata api hemoma paluwen innakota film ekak hoyala balanne oyala hinda thama.. diirgayusha wewa

  49. Menaka

    ela machan meka enakan maga balan hitiye godak sthuthyi sub ekata a wagema ube hama wadakma sarthaka wenna kiyala prarthana karanawa...

    machan puluwannan Dulquer Salmaange sinhala sub nathi anik film walatath sub dipan

    ubata suba...!!

  50. Udaya Fernando

    Thanks bro

Load more comments