ඒයි කුලීකාරයා..! ඩේවිඩ් ධවාන්ගේ 45 වෙනි චිත්‍රපටය තමයි කූලි Coolie No:1 ලෙස සැළකෙන්නේ. වරුන් ධවන් සහ සාරා අලි ඛාන් රඟපාන රොමෑන්ස් හා කොමඩියක් විදියට තමයි මේක වෙන් වෙලා තියෙන්නේ. මේකේ පළමුවන වන චිත්‍රපටය නිෂ්පාදක ඩේවිඩ් විසින් 1995 දී තිරගත කරන ලද ඔහුගේ මුල් චිත්‍රපටයට ප්‍රධාන චරිත විදියට ගෝවින්දාත්…

ඒයි කුලීකාරයා..! ඩේවිඩ් ධවාන්ගේ 45 වෙනි චිත්‍රපටය තමයි කූලි Coolie No:1 ලෙස සැළකෙන්නේ. වරුන් ධවන් සහ සාරා අලි ඛාන් රඟපාන රොමෑන්ස් හා කොමඩියක් විදියට තමයි මේක වෙන් වෙලා තියෙන්නේ. මේකේ පළමුවන වන චිත්‍රපටය නිෂ්පාදක ඩේවිඩ් විසින් 1995 දී තිරගත කරන ලද ඔහුගේ මුල් චිත්‍රපටයට ප්‍රධාන චරිත විදියට ගෝවින්දාත් කරීශ්මා කපූරුත් පණ පොවා ඇත. නව Coolie No:1 චිත්‍රපටයේ ඩේවිඩ්ගේ පුත් වරුන් ගෝවින්දගේ චරිතය තුළට මහත් සේ අධ්‍යනය කරල තියෙනව කියල චිත්‍රපටය නරඹන ඔයාලට බලන්න පුළුවන්. පළමු චිත්‍රපටය සේම කතාව දෝලනය යන අතර සමහරක් සිද්ධීන් වර්තමාන සිනමාවට අදාළ කොට ගෙන නිමවා ඇත. නත්තල් දවසට නිකුත් වුණ මේ චිත්‍රපටයෙන් ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒක දැන්ම හිතින් අයින් කරගන්න. මොකද මේක රීමේක් එකක් වගේම අපිට Main Tera Hero, Judwaa 2 වගේ චිත්‍රපට වලින් දැක්ක සේම් ඕල්ඩ් වරුන්ගේ කොමඩි සයිඩ් එක මේකෙදිත් ඔයාලට දැක බලාගන්න පුළුවන්. නත්තල් දවසට ගොඩක් චිත්‍රපට ටිකක් ඇවිල්ලා තිබුණනේ, පොඩ්ඩක් හිනා වෙන්න එහෙම බලන්න ආස නම් හොද චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්.
අපි එහෙනම් කතාවට පොඩ්ඩක් එමු. මේකෙදී වෙන්නේ එක අහංකාර තාත්තා කෙනෙක් ඉන්නවා එයාගේ නම රොසාරියෝ. දූලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් වන සල්ලිවලට කෑදර කෙනෙක් තමයි ඔය රොසාරියෝ කියන්නේ. දවසක් ජයි කිශන් නම් පණ්ඩිත්තුමා ඒ ගෙදරට සම්බන්ධයක් අරන් ගියාම එයාට දුප්පත් අයව එක්කන් එනවා කියල ලැජ්ජ කළා. ඒ කරපු දේට පළිගන්න පණ්ඩිත්තුමා එයාගේ ලොකුකම යන්නත් එක්ක අහම්බෙම් හම්බවුණු කුලීකාරයෙක්ව මේකට එකතු කරගන්නවා. මේ කුලීකාරයට එයාගේ දුවට ආදරේ කරනවා. කොහොමහරි එයත් එයාගේ යාලුවත් එකතු වෙලා දුලා දෙන්නම යාලු කරගන්නවාවා. ඒ අතරේ ඉතින් එක එක අකරතැබ්බයන්ට හැමෝම මුහුණ දෙනවා. ඉස්සරහට මොකක්ද වෙන්නේ කියල කියන්න යන්නේ නෑ. ඔයාලම බලලා ඉන්නකෝ මොකක්ද වෙන්නේ කියල.
2020 මැයි මස 01වන දින සිනමාහල්වල මෙම චිත්‍රපටය නිකුත් වීමට තිබුණ් නමුදු, කොවිඩ් 19 වෛරසය නිසා මේක OTT ජාලයක් වන Amazon Prime Video ආයතනය විසින් දෙසැම්බර් මස 25වෙනි දින ලෝකවාසී සියලු දෙනාට නරඹන්න පුළුවන් විදියට මග සකසලා දුන්නා. මේ චිත්‍රපටය රූගත කරන්න ආරම්භ කරල තියෙන්නේ 2019 අගෝස්තු මාසයේදී බැංකොක් නුවර. ඉන්දියාවේ වැඩි හරියක්ම රූ ගත් කරල තියෙන්නේ ගෝව වල. සින්දු ගැන කතා කළොත් අලුත් මතකාවර්ජනයක් විදියට පරණ සිංදු රීමේක් කරල තියෙනවා. සිංදු ටික ලස්සනයි ඇත්තටම. ඒ වගේම තමයි මේක කරමු කිව්වම බෑ නොකිය ආව මයුර අයියට ස්තුතියි කියන ගමන් තවත් උපසිරැසියකින් හම්බෙන්නම්. එතකම් ගිහින් එන්නම් බුදුසරණයි දෙවිපිහිටයි..! ❤️

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
16,984 downloadsDownload Coolie-No.-1-2020.zip76 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට සහ මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
23 comments
Shamal manojan
geeganagamage
මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හැකිනම් මේකේ මුල් ෆිල්ම් එකත් දෙන්නකෝ .
Anonymous
Thanks for sub bro...
Ak vs Ak hindi movie ekatath sub demu ikmnta
Jaya wewaindika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
yohan
thanks meka dunnata..thawa hindi film tikakata sub demu...jaya wewa.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Korean thriller series tikak awith thynow
Puluwn nm ewatath sub demuUdaya Fdo
Thank you
amila
me film eka nam gon part wikarayak, don't downlaod. aparade data
yohan
oya ithin holywood film beluwata apita karanna deyak ne bro..oya beluwe nethuwata api balanawa.oya kauda balanna epa kiyanna. apita one nan balanawa nethnan nikan innawa eka api thiranaya karannam.
Bhanuka
මම ඩව්න්ලෝඩ් කරනව . මේකෙ කැටගරිම තියෙන්නෙ කොමඩි කියල. කොමඩි යනකොට බොළද ගතියක් තියන්න ඕන නැත්නම් කොහෙද ඒකෙ කොමඩි තියෙන්නෙ. ඒ ටිකවත් තේරෙන්නැද්ද ඔයා වගෙ අයට අනෙ මන්ද මේ දේ වත් තේරුම්ගන්න බැරිව සමාජෙ ඉස්සරහ ඔයා වගෙ රැඩිකල් පොරවල් වෙන්න හදන අයගැන නම් ඉතින් කණගාටුයි. කෝමත් මේ වගෙ නිදහස් මනසක් එක්ක නරඹන්න පුළුවන් චිත්‍රපට වලට මමනම් ගොඩක් කැමතී.
සබ් එකට ස්තුතියි බයිස්කෝප්..
Lakshan
Ai saho wonder woman ehem denne naththaulae?mokakda aula? Parana ewa wtrine danne
Pramukmili
Thanxxxx bro................
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Shamal manojan
90s Hindi movies ටිකකටත් උපසිරැසි දෙන්න බැරිද?
Tezaab - 1988
Ram Lakhan - 1989
Baaghi - 1990
Love - 1991
Raja - 1995
Coolie No. 1 - 1995
Hero No. 1 - 1997වගේ ෆිල්ම් ටිකකට
Lasantharathnasirirox
ඔවු වටිනා කියමනක්..දෙන්න පුළුවන්නම් ගොඩාක් හොඳයි.
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Sudharaka Jayanath Fernando
Thank you saho
Sahan Gayantha
thanks a lot sahola sub ekata..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි...
Coolie No. 1 - 1995 ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්නකෝ.